17/05/2022
සියලුම තරුණ වැඩිහිටි සහ ශ්‍රී ලාංකිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නෙ පාට පක්ෂ කුල මල ආගම් බේද උස් මිටි වත් පොහොසත්කම් යන පටු මානසිකත්වය ඉවතලා මෙතැන් සිටවත් පටු දේශපාලනය සහ වහල් මානසිකත්වයෙන් නිදහස්ව අප සියලු දෙනාම එක අරමුණක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකා මෙන් තම තමන්ට හැකි අයුරෙන් කැපවී අපේ ලස්සන පුංචි දූපත ආර්ථික වශයෙන් සාමාජීය වශයෙන් සියළුම පාර්ශව වලින් ඉදිරියටම නැගී එන දිරිය මිනිසුන් ඉතිහාසය වෙනස් කලා කියලා ලෝකයටම දවසක කියන අපි මොනවද මේ ගෙවන තත්පරෙත් කරමින් ඉන්නෙ හිතලා බලන්න ඉන්දියානු ජාතිකයෙක්වත් චීන ජාතිකයෙක්වත් දූශිත දේශපාලුවා කියන එකෙක්වත් අපිට රටක් හදලා දෙනකන් කියලා අපි අපේ අනාගතය තවත් පාර්ශවයකට භාර දීලා බලන් ඉන්නෙ ඇයි?
මේ ලෝකේ සර්ව සම්පූර්ණ කිසිම දෙයක් නෑ කියනවා අපිත් සාමාන්‍ය ජීවිකාවක් ලබාපු මිනිස්සු අපි සියලු දෙනාම රටක් විදියට අද ගොඩාක් අපහසුතා ගොඩකට මුහුණ දෙනවා. දැන් ඉදන් හිතන සෑම පුරවැසියෙක්ම නායකයෙක්. ඔබ ඔබේ නායකයා වන්න කිසිම කෙනෙක් ලෝකයට උපදිනකොට ජනාධිපති වෙනවා අගමැති වෙනවා කියලා ලේබල් අරගෙන ආවේ නෑ. අපි විසින්ම අපගේ නොදැනුවත්කම අනාවබෝධය නිසා ඇති කරගත් සිද්ධීන් වල විපාක අපි ගෙවනවා. හරි ලැජ්ජ වෙන්න ඕනේ නෑ අපි හැමෝටම වැරදුන එක අපි පිලිගන්න හැමෝම නිහතමානී වෙමු. ඒක අපේ අනාගතේට ආයෙ කිසිම දවසම නොවෙන්න ලංකාවට විතරක් නෙමෙයි ලෝකෙටම ආදර්ශයක් වෙන්න අපි එක අරමුණකින් වැඩ කරමු. සිස්ටම් එක චේන්ජ් කරන්න පුලුවන් සියලු දෙනාගෙම සහයෝගය තියෙනකම් TV එකේ media වල නැත්තම් ගෝල්ෆේස් එකේ හිටපු අය විතරක් නෙමෙයි ලෝකේ කොතනක හරි ඉදන් එක අරමුණක් ජය ගන්න වචනෙකින් හරි අපි හැමෝම එකතුවෙන එකයි අපේ ශක්තිය.කවුරුත් කියන්න ඕනේ නෑ ඔයා තමයි මෙහෙම කලේ අරයා තමයි මෙහෙම කලේ ඒ හැම දේම මිනිස්සු හදා ගත්ත දේවල් විතරයි.හැම කෙනාටම සියල්ලක්ම උරුමයි වැඩි දේවල් ඕනෙ නෑ තවය්හ් පරක්කු වෙන්න ඕනෙ නෑ. අපි අපේ රට හදාගමු. ලෝකෙට තවත් සිංගප්පූරුවක් ඇමෙරිකාවක් එංගලන්තයක් නෙමෙයි අපි ලෝකෙ හැමෝටම සුන්දරම වටිනම රට ශ්‍රී ලංකාව අපි හදාගමු ක්‍රමයක් ඉදිරිපත් කරන්න ඕනේ නෑ දැන් ඔයාලා දන්නවා ක්‍රමය , අපි හොයපු seystem change එක අපි ලගමයි.ඒක වෙනස් කරන්න දේශපාලනය ජනාධිපති අගමැති පාර්ලිමේන්තුව කියන නාමිකව ඇති seystem එකකට ජීවත්වීම වෙනස් කල යුතුයි. තීරණය තමන් සතුවේ. ❤🇱🇰
Hesh*tha Hirushan
Photo Thilina Kaluthotage Photography