22/03/2020
පෙරුම් පුරාගන ආ සංසාරේ
පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ..
මලක් වගේ රොන් සුවඳ වගේ
ජිව්තයේ සුව අපමණ වේ //
දොලක් වගේ දිය දෝත වගේ
ජිව්තයේ අම සිසිල දැනේ ...
වරක් නෙතග කදුලැලි පිරුණාදෝ
සිතට දරා ගනු බැරි දුක් වීදෝ //
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක් දෝ ...
ගීතයේ මුල් අයිතිකරු : සේනානායක වේරලියද්ද .