Alakamandawa

Alakamandawa කලාකාමී හදවත් කලාවෙන්ම සනසනු වස්...📚🖊️

ඇහි දාර කැපුම් - ලියන්නටත් පෙර මඟහැරුණු කතාවක්=====================================අපිට අපි මුණගැහුනෙම හරිම අහම්බයකින්.!...
10/10/2025

ඇහි දාර කැපුම් - ලියන්නටත් පෙර මඟහැරුණු කතාවක්
=====================================
අපිට අපි මුණගැහුනෙම හරිම අහම්බයකින්.!

ඔව්...ඒක හරිම නිහඬ හැන්දෑවක්
ගස් අස්සෙන් නිස්කාරණේ ගලාගෙන එන ඒ අඳුරත් ඒ නිහඬකමට රූපමය සංවාදයක් එක් කරපු විදිහ..
ආදරණීයම හැන්දෑ ගෙවපු ඒ සරසවි භූමිය.

ඔව්..මේ කතාව තවත් එක් සරසවි ආදරයක්.......,
අවුරුදු හතරකුත් ගියා නේද..?
හ්ම්ම්........
ඒත්....

අපිට අපි හම්බුනේම සරසවියේ ඒ අවුරුදු හතර ඉවර වෙන අවසාන කාර්තුවේ ඒ ගස් අස්සෙන් අහේතුකව වැටුනු අන්ධකාරේ අතරින්........!

ඔයාගේ ඇස් හරිම ලස්සනයි......මම ආදරේ කරපු ඒ අහිංසක ඇස් දෙක....,

වෙන් වෙන්න හරි අද අපේ මේ හමුවීම......
ඔයා මගේ ඇස් කතාව සරසවිය පොතේ පරිච්ඡේද හතරෙන් අන්තිම පරිච්ඡේදේ, අන්තිමම පිටුවෙන් හොයාගත්තට මම ඔයාගේ ඇස් අඳුරගත්තේ ඒ කතා පොතේම පලවෙනිම පරිච්ඡේදේ,පලවෙනිම පිටුවේ, පලවෙනිම අකුරෙන් සිතුම්.
ඉතිම් මට ඒ මොහොත මඟ ඇරුණා පවී.
ඉතිං.....!

අදද අපි හම්බෙන අන්තිම දවස.

ඉතිං......... ඒක දිග කතාවක්.........................කෙලවරක්ද,ආරම්භයක්ද කියලා නොදන්න නවකතාවක පොඩිම පොඩි පද ගැලපුමක්..
සමහරවිට අද අපේ අවසාන හමුව නොවෙන්නත් පුලුවන්...........!

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

"ඔයත් මේ ගමන ආවද තිවංක"======================================අදට අවුරුදු හයක්.!හැම අවුරුද්දකම මේ දවස.... හිත් දෙකක් එකටම...
11/08/2024

"ඔයත් මේ ගමන ආවද තිවංක"
======================================
අදට අවුරුදු හයක්.!
හැම අවුරුද්දකම මේ දවස.... හිත් දෙකක් එකටම සමරපු දවසක්..!
අදත් ඒ දවස.!.ඒත් අද වෙනස්
"මේ ගමන යන්නම ඕනෙද තිවංක"
යන්නම ඕනේ..ඔව් ඇත්තෙන්ම යන්නම ඕනේ.
මගේ සුරංගනාවි මං එනකන් මඟ බලාගෙනම ඇති ඉතිං මම නොයා කොහොමද.?
එයා හරි වෙනස් ලමයෙක්.හැමෝම ආදරේදී රතු රෝස මල් වලට කැමති වෙද්දී එයා කැමති උනේම සුදු අරලිය මල් වලට.
ඉතිං රතු රෝස මල් කොච්චර තිබුනත් මට ගෙනියන්න ඕනෙ උනේම සුදු අරලිය මලක්.
කාලෙකට කලින් මගේ ජීවිතේට එලිය අරගෙන ආපු ඒ පුංචි සුරංගනාවිය අද වගේ දවසක මට තනිකරන්න බැහැ.
තාමත් ඉස්සර වගේමයි..සුදු සමන්පිච්ච මලක් වගේ.!
මැණික ඔයා ආවද...., ඒත් මට හිතුනේම අද මාව අමතක වෙලාවත්ද කියලා..?
එහෙම අමතක කරන්න පුලුවන්ද සකූ.මේ වගේ වටින දවසක්.උදේ ඉඳලම හරියට වැඩ දරුවෝ නිදහසක් තිබ්බේම නැහැ.
ඒකට කමක් නැහැ මැණික. ඔයා ආවනේ.කෝ එන්න මගේ ඔඩොක්කුවේ ටිකක් ඔලුව තියාගන්න.
ඒ උණුහුමට අදත් මම ගුලි උනේම එයාගේ සිනිඳු ඇඟිලි වලින් මගේ ඔලුව පිරිමිදින අතරෙ සැනසීමටත් සැනසීමක් හොයාගෙන.
ඒත් කොහෙන්දෝ ආපු වැස්සකට අපි දෙන්නම තෙමෙද්දී. මම දැක්කේම එයා වෙනුවෙන්ම ගෙනාපු එයා ආසම ඉටිපන්දම් එකින් එක නිවෙන හැටි..වැටෙන වැහි බීරම නවතිනකන් මට ඕනේ උනේම ඒ ඉටිපන්දම් එලිය නිවෙන්න නොදී පරිස්සම් කරගන්න.
ඒත් මම පරක්කු වැඩියි.....!
නිවෙන ඉටිපන්දම් එලියෙන් යාන්තමට වගේ ඈතින් එයාගේ කොන්ඩේට ගහපු සුදු අරලිය මල හුලඟේ ඔහේ පාවෙනවා දකිද්දී මට මතක් උනේම එයා වෙනුවෙන් ගෙනාපු එයාගේ උපන්දින තෑග්ග
ඒ වැහි මන්දාරම් අඳුරත් එක්ක මතුවෙච්ච අඳුරු ඡායාවක් උපන්දින තෑග්ග ලඟට ලංවෙන එක නවත්වන්න මම කොච්චරක්නම් කෑ ගැහුවද.ඒ අඳුරු ඡායාව මගේ හදවත දවටලා තිබ්බ උපන්දින තෑග්ගත් අරගෙනම අතුරුදහන් වෙද්දීත් ඒක පිටිපස්සේ දුවන් නැතුව මට ඕනේ උනේම වැහි වතුරින් තෙත් උන මතක ගොන්නත් ගුලි කරන් එයාගේ උණුහුම තාමත් තියෙන ඒ සොහොන් කොතටම තුරුලුවෙන්න.!
වැහි අඳුරත් එක්කම විඩාබර මගේ ඇස් පියවෙද්දී අඩ සිහියෙන් ,සකූගේ හඬින් මට ඇහුනු එකම දේ.

"ඔයත් මේ ගමන ආවද තිවංක"

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

පිරිමි නිවුනේම අම්මෙක්ගේ උනුහුමට බැඳුනු ආදරණීය ස්පර්ශයකටමලු...එහෙව් උනුහුමකට ගුලිවෙන්න තරම් වාසනාවන්ත,ආදරණීය පිරිමි ආයේම...
03/01/2024

පිරිමි නිවුනේම අම්මෙක්ගේ උනුහුමට බැඳුනු ආදරණීය ස්පර්ශයකටමලු...එහෙව් උනුහුමකට ගුලිවෙන්න තරම් වාසනාවන්ත,ආදරණීය පිරිමි ආයේමත් ගුලිවෙන්න හෙව්වේම ඒ දැනිච්ච ආදරණීය උනුහුමටම සම වෙච්ච තවත් ආදරණීය ගැහැණු ආත්මයක්මලු.!

ඒත්....., අම්මෙක්ගේ ආදරණීය උනුහුමක් වෙනත් ගැහැණු ආත්මෙකින් හෙව්ව බහුතරයක් ආදරණීය පිරිමින්ට මුණගැහුනේම ආත්මයක් නැතුවම හිස්වෙච්ච නොහික්මුණු ගැහැණු ඇඟවල්.

ඉතිං ඒ ආදරණීය පිරිමින්ගේ හිත්, ආත්මීය ස්පර්ශයකුදු නොලබාම, ආත්මයක් නොලඳ හිස් ශරීර ඇති කාන්තාවන් අතින් සියක් කෑලිවලට බිඳී මිය යත්..අහෝ විපතකි අදත් බොහෝ ඇත්තේ ආත්මයක් නොමැතිවම ඉපදිච්ච ගැහැනු ශරීරමය.

එහෙත් ඇත සමහරක් වාසනාවන්ත පිරිමිද,
ආත්මීය උණුහුමක් ලඟම ඉපිද, ආත්මීය ස්පර්ශයක් ලඟම මිය යෑමට තරම් වරම් ලත්....!

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

✨️🎆🎊️2024🎊️🎆✨️      🧨🎊️🎆සුභ අලුත් අවුරුද්දක් වේවා..!🎆🎊️🧨==========================================    ❤ උදාවෙන හැම අලුත්...
31/12/2023

✨️🎆🎊️2024🎊️🎆✨️
🧨🎊️🎆සුභ අලුත් අවුරුද්දක් වේවා..!🎆🎊️🧨
==========================================
❤ උදාවෙන හැම අලුත් අවුරුද්දකම පළවෙනි දවස කියන්නේම අලුත් ලොකු,පොඩි හීන ගොඩක ආරම්භයක්,ඉතින් එහෙම උදා වෙන අලුත් අවුරුද්දක අවසාන දවස කියන්නෙම ඒ හැම හීනයකම යථාර්ථයක්. (2024) අලුත් අවුරුද්ද ලබන මේ වෙලාවේ පතනවා මම, අලුත් අවුරුද්දකින් , අලුත් දවසකින් පටන් ගන්න ලොකු ,පොඩි හීන හැම එකක්ම මේ අවුරුද්ද ඉවර වෙන්නත් කලින්ම හැබෑවෙන්න කියලා...!

හිතේ තියෙන හැම හීනයක්ම හැබෑවෙන,සිනහවෙන්ම හැම දිනයක්ම අවසන් වන,සිනා වෙන්ම හැම දිනයක්ම ආරම්භ වන,සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!

🧨🎊️🎆සුභ අලුත් අවුරුද්දක් වේවා..!🎆🎊️🧨

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

🧨🎊️🎆සුභ අලුත් අවුරුද්දක් වේවා..!🎆🎊️🧨          ❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤                             🎨😉ශාලු😉🎨
31/12/2023

🧨🎊️🎆සුභ අලුත් අවුරුද්දක් වේවා..!🎆🎊️🧨

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

Happy mother's day ❤👩🌼
14/05/2023

Happy mother's day ❤👩🌼

*මවුනි මගේ හැඳිනිය නොහැකිය හැඟුම
දුටුවිට ඔබව කකියයි මගේ ලේ නහර
දසකඩ මසක් රැකගෙන මා කුස තුලම
බිහි කෙරූ අයුරු සැබවින් පුදුමයි ඇසුම

*කුසෙහි හැසිර කෙලිමින් සිටිනා කලට
පායුග ගැටුනි සියුමැලි ඔබෙ කුස ගැබට
නොදැනුනි එ සඳ එය ඔබගේ දුක විලස
සොම්නස් වුවෙලු ඔබ පිය රජ තුම එක්ක

*නැති මෙන් අහර ප්‍රියවී ඔබ කිසි දිනෙක
රසමස අවුළු නැත අහරට කිසි විටෙක
නොම චංචලය මා කුසයේ සිටින කල
සුරැකිය එකළ මා ඇයගේ දෙනෙත ලෙස

*පිරිපුන් රුසිරු රූමත් ඔබෙ වත කමල
සිහිළැලි මවන දිගු සුකොමල කෙස් කළඹ
තරුකැට නිතර දිලෙනා ඔබෙ නෙත් සඟල
වියැකුනිද මව්නි කුසයේ සරනා කලට

*තුරුණු දිවිය දියකර ඔබ මා ගතට
කෙසඟ වුවත් පිරිපුන් ඔබ රූ සපුව
නැත කිසිදිනෙක පසුතැවෙමින් ඒ කරුණ
කඳුළැලි නොමනගී එකරුනින් කිසිවිටෙක

*රුධිරය කිරට හැරවුනි සියුමැලි පෙමට
කුසගිනි නොමදැනී මා හට කිසි විටෙක
ඔබමයි මවුනි සිටියේ පෙර කුසගිනිව
පුදුමයි මවුනි කැපකල ඔබ දිවිපෙවෙත.!

( මේ ලෝකේ සුන්දරම වචනය )

❤❤❤❤" අම්මා " ❤❤❤❤

හදවතේ කැඩපත ආලකමන්දාව
🎨😉ශාලු😉🎨

ප්‍රේමණීය බැඳීමක් නම් ලස්සන ලස්සන වචන,සාහිත්‍යමය භාෂාවක් අත්‍යවශ්‍ය ලු.....*කෙනෙක් කියනවා ඇහුනා එහෙම..*ඒත්.............!...
11/05/2023

ප්‍රේමණීය බැඳීමක් නම් ලස්සන ලස්සන වචන,සාහිත්‍යමය භාෂාවක් අත්‍යවශ්‍ය ලු.....*

කෙනෙක් කියනවා ඇහුනා එහෙම..*

ඒත්.............!

ජීවිතේදී මුණහැගෙන සමහර බැඳීම් දිහා බලද්දී හිතෙන දෙයක් තමයි.....,

ආදරේකට කොහෙන්ද භාෂාවක්....,

හැඟීමක්ම ප්‍රමාණවත්..,කියන්න තියෙන දාහක් වචන එක නිමේශයකින් හඟවන්න....,

ඉතිං....ඉස්පිලි,පාපිලි, ස්වර රටා තියෙන භාෂාවක් කොහෙන්ද ආදරේකට.

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

තවවරක් හැකිමනම් පාසලට මා කැඳවබරක් වූ පොත් මල්ල මා දෙවුරෙ තබනු මැන.!++++++++++++++++++++++++++++++++++++++++=============...
09/05/2023

තවවරක් හැකිමනම් පාසලට මා කැඳව
බරක් වූ පොත් මල්ල මා දෙවුරෙ තබනු මැන.!
++++++++++++++++++++++++++++++++++++++++
==========================================

විදින්නට සිනහවක් නොමැති කල හදවතට
ක්ෂණයකට වැතිරගෙන වෙහෙසවූ ව‍ර්තමන
බලනවිට මතක්කර නිමක් නැති අතීතය
හමුවුණිය සරල වූ පෙර කලෙක දිවි සමය

දරන්නට විඩා වූ අකුරු පිරි පොත් මල්ල
අහන්නත් එපා වූ ගුරුතුමගේ කියවිල්ල
දුක් ගොඩක් සේ හැඟුනු සතුට පිරි ඒ දිවිය
කෙසේ නම් අමතකද කල්පයක් වූ ඒ මතක

උදයෙන්ම අවදිවී නින්දෙන්ම හැඳ පැලඳ
සිතින් දොස් පවරමින් නිදිමතට පෙම් බැඳන්
ආව විට පාසලට....., කොහේදෝ ඒ නිදිමත
යායකට පිරි ඇත හිත මිතුරු සොයුරු කැල

දකින විට ගුරුවරුන් මදක් සිත කැළඹුනත්
අකුරු පොත් විතරයිද ජීවිතය මම සිතම්
පන්දුවද තුරුලුකර සඟයන්ද කැඳවමින්
දුහුවිලෙන් නැහැවීමු ඇති තරම්ඇති පදම්

පොත්පත්ද කියවමින් පබැඳුම්ද ගලපමින්
එකින් එක එකතු කර ගනන් ටික විසඳමින්
වසරෙනුත් වසරකට සෙමෙ සෙමෙන් පා තබන්
ගෙවූ ඒ පාසල් දිවිය සිහිවේවී මතුවටත්

ඉක්මනින් වැඩිහිටිව පාසලට සමුදෙන්න
මරයකුන් සේ පෙනුන ගුරුවරුන් නොදකින්න නුපුරුදුම නිදහසක සුව රසය විඳගන්න
එකල තිබූ සිතුවිල්ල අද වෙද්දී අමතකය

ඇත්තෙන්ම සුදු ඇඳුමේ මොන බරක් තිබුනදෝ
කෙතරම්ම සරල වූ කාලයක් ගෙවුනදෝ
වසරෙනුත් දහතුනක් ජීවිතය ගෙවුනදෝ
අයනූ ආයනූ කියූ අප, කෙලෙස වැඩිහිටි වුනේදෝ

මව් පියන් ගුරු වරුන් දෙවි වරුන් නොවේදෝ
සිරමැදිරි සේ පෙනුන පාසලත්, දෙව්ලොවක් නොවේදෝ
අප ගෙවූ සුන්දරම දිවි සමය එය නොවේදෝ
සැබවින්ම පාසලට කෙතරම්ම අප බැඳීදෝ

සුදු ඇඳුම හැඳ වරක් පාසලට දිවයන්න
නෙක අකුරු රටා ඇති පොත් පිංච සිපගන්න
ඇති පදම් සෙල්ලමෙන් දුහුවිලෙන් නැහැවෙන්න
සැබවින්ම හැකිමනම් ඒ කාලේ නවතින්න..

පාසලට සමුදුනත් ඒ සොඳුරු දිවි සමය
තවමත්ම සිහිකරමි නිතර මා දුක්මුසුව
තවවරක් හැකිමනම් පාසලට මා කැඳව
බරක් වූ පොත් මල්ල මා දෙවුරෙ තබනු මැන.!

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

29/04/2023

මේ ජීවිතයේ ඇතැම් හමුවීම් හමුවුනේම වෙන්වෙන්නමයි....!

ජීවිතයක් පුරාවටම ආදරණීයවූ වේදනාත්මක මතක කප්පරකට ගොඩගහං එක තත්පරයෙන් ඒ කිසි දෙයක් අමතක වූ අයුරින් කෙතරම් නම් පෙම්වතුන් වෙන් වී ඇත්ද....!

එසේ අවසානයක් ලියා,කියා වෙන් වන වෙන්වීම් වලටත් වඩා කිසිඳු අවසානයක් නොදන්වා වෙන් වන වෙන්වීම් කෙතරම්නම් වේදනාත්මකද..!

ඉතිං ප්‍රේමිය....,
අවසානයක් නොදන්වා,නොකියා,නොලියා ඔබ මා අත් හැරි ඒ හිස් අවකාශයේහිදීම නැවතත් හමුව, පෙරසිටි අප විලසින්ම නැවත වරක් හමුවිය යුතු නොවේද......!

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨
(Vocals credit goes to Mr. Shanilka C Munasinghe )

නිහඬතාවක් ඇතුලේ හරි විමසිල්ලෙන් බැලුවොත් හැම හෙවනැල්ලකටම කියන්න වෙන වෙනම කතාවක් තියෙනවා..!"ආලෝකේ ඇති තැනක               ...
16/03/2023

නිහඬතාවක් ඇතුලේ හරි විමසිල්ලෙන් බැලුවොත් හැම හෙවනැල්ලකටම කියන්න වෙන වෙනම කතාවක් තියෙනවා..!

"ආලෝකේ ඇති තැනක
වහ වහා පලායන
අන්ධකාරේ ඇති තැනක
වහ වහා සැඟව යන
දෙදෙන හමුවූ තැනක
මතුවෙවී තතු කියන
අමුත්තෙකි හෙවනැල්ල
හැම කෙනෙකු ලුහුබඳින..!"
❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

08/03/2023

ජීවිතය ඇති තුරා මහ බරක් දරන්නී
ලෝකයක් බබලවා නෙක රටා මවන්නී
සැමගෙන්ම උතුම් වූ මව් පදවි දරන්නී
සසරෙන්ම නොකිටිලිව දිවි ගමන සරන්නී

"ලෝකයකට ජීවය දෙන කාන්තාවනි, ලෝකයක් අර්ථවත්ම කරන කාන්තාවනි., ඔබට සැම අතින්ම අර්ථවත් කාන්තා දිනයක් වේවා....!"

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

07/03/2023

එදා ඉඳලා අද වෙනකන් කුඩ කොච්චරක් මට හෙවනක් වෙන්න හැදුවත් තාමත් එයාගේ කුඩේට විතරමයි මම ආසම..!
====================================================================================

අද මම එයාව දැක්කා බන්...,

කාවද...?

කාලෙකට කලින් මගෙම වෙච්ච එයාව..,,

කතා කරාද ඉතිං..,

කොහොම කතා කරන්නද බන්..!

ඇයි ඒ...?

අද වෙද්දී එයා කවුද, මම කවුද...!

ඇයි එහෙම කියන්නේ...?

මගේ ලඟ ජීවිතයක් නැහැයි කියලා එයා මාව දාලා ගියපු තැනම,,අද මම තවමත් එයා මගෙන් පතපු ජීවිතේ හොයන්න අව්වක්, වැස්සක් ගනන් ගන් නැතුව දුක් විඳිද්දී..,එයා ඒ පතපු හැමදේම හැබෑකරගෙන හිනාවෙවී යන විදිහ මම දැක්කා බන්....එයා සතුටින්...,මම දැක්කා ඒ දේ අද., මට ඒ ඇති බන්..!

අනේ ඇති බන් උඹ බොරුවට හිත රවට්ටගත්තා, උඹට රිදෙන්නෑ කියලම උඹ උඹේ හිතම රවට්ටගන්න එක දැන්වත් නතර කරගනින්..!

නැහැ බන්..මම ඇත්තමයි කිව්වේ..අදටත් මම එදා එයා දාලා ගියපු තැනම ජීවිතේ නැවතිලා..,වැස්සෙම කුඩයක්වත් නැතුව ජීවිතෙත් එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී එයා හිනා වෙවී එයාගේ අලුත් කෙනත් එක්ක වාහනේ තුරුල් වෙලා යන විදිහ මම දැක්කා බන්...,එයා අද සතුටින්..!

එයා සතුටින්.......ඒක හරි, එතකොට උඹ..?

මමත් සතුටින්...,ජීවිතේට මුණහැහිච්ච හැම ජීවිතයක් ඉස්සරහම මොකක්ම හරි අඩුපාඩුවක්ම වෙච්ච මට..අද මම ඉස්සරහ මට මාවම සම්පූර්ණ මිනිහෙක් බන්......! අද මම දන්නවා ජීවිතේට මුහුණදෙන්න..!

ඒක හරි ඒත් උඹේ හිතේ පොඩිම හරි වෛරයක් නැද්ද එයා වෙනුවෙන්..?

මම හිතන්නේ නැහැ.....අයිතියක් නොතියාම එයා වෙනුවෙන්ම ආදරේ කරපු මම.. අද උනත්
ඒ අහම්බෙකින් දැක්ක එයාගේ හිනාවෙන් උනත් දැක්කේ එයාගේ සතුට විතරයි බන්..මම හිතන්නේ තාමත් මම එයාට ආදරෙයි අයිතියක් නැතුවම....සතුටකින් හිටියත් යාන්තමට තාමත් මගේ හිතේ කොනක දුකක් ඉතුරුයි..!

ඒ මොකද්ද..?

එදා එයත් එක්ක ඒ බස් නැවතුමේම ඉද්දී,වැටිච්ච පොඩිම වැහි පොදයටත් එයා මට කුඩේ ඇල්ලුවා මට හෙවනක් වුනා..,ඒත් අද වැටෙන මෝසම් වැස්සටත් මට හෙවනක් වෙන්න කවුරුවත්ම නැහැ බන්..!එදා ඉඳලා අද වෙනකන් කුඩ කොච්චරක් මට හෙවනක් වෙන්න හැදුවත් තාමත් එයාගේ කුඩේට විතරමයි මම ආසම..., මට ඒ කුඩෙන් තරම් හෙනවක් තාම ලැබිලා නැහැ බන්..!
මට ඕනෙත් නැහැ....!
ඉතිං තාමත් මම ඒ දුරස් වෙච්ච උනුහුමට ආදරෙයි සදහටම වුනත්...!

❤හදවතේ කැඩපත "ආලකමන්දාව"❤
🎨😉ශාලු😉🎨

Address

Colombo
10230

Telephone

+94717895402

Website

Alerts

Be the first to know and let us send you an email when Alakamandawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Alakamandawa:

Share

Category