22/05/2022
මේක දකිද්දි අමුතු ගැම්මක් ආඩම්බරයක් එන්නේ....
ආමි පොලිස් ඔක්කොම ඉස්සරහා කොල්ලෝ ටික කිසිම භයක් නැතුව ඉන්නවා...
ඒත් ගොඩක් අය දන්නේ නෑ හරියටම මේ කරන්නේ මොකක්ද කියලා....
⭕ අත් දෙක උඩට කතිරේ වගේ තියන් ඉන්නේ, උබලට පුලුවන් අත් දෙකට විලංගු දාන්න.
⭕ පපුව ඉස්සරහට දාගෙන ඉන්නේ,
උබලට පුලුවන් වෙඩි තියන්න.
⭕ මෙතන ඉන්නේ දනක් නවාගෙන.ඒකෙන් කියවෙන්නේ,
පහර කෑමට ලක් වූ හෝ මැරුණු සහෘදයන් වෙනුවෙන් විරෝදය.
⭕ මේ ඉරියව්වෙන් හිටගෙන දකුණු කකුල ඉස්සරහට කරගෙනනම්,
උන්ට පුලුවන් මොන දේ කලත් අවසන් හුස්ම පොද වාතලයට මුසු වන තෙක් අවසන් ලේ බිදුව පොලව සිපගන්නා තෙක් යුක්තිය සාදාරනය වෙනුවෙන් නොබියව ගෞරවාන්විතව පෙරට යන බවයි.
⭕ ජාතික කොඩිය හෝ රවුම් කරන ලද පත්තරක් වැනි දෙයක් කතිරය සහිත දෑතේ ඇත්නම් උපන් බිමේ සරණාගතයන් බවත් ලේඛනයේ නිදහස අහිමි කර ඇති බවත් කියවෙනවා.
⭕ කට කළු රෙදිකඩකින් ගැටගසා ඇත්නම් භාෂණයේ නිදහස අහිමි කිරිම හඟවනවා.
ඡායාරූපය -අරගලයේ ඇස Thilina Kaluthotage
උපුටා ගැනීමකි...
අරගලයට ජය... ✊✊✊
- Last King -