16/08/2026
ඔයා කිසිම දේකට බයවෙන්න ඕන නෑ මිරානා...
ඒක මිනිස්සුන්ට වුණත්,
එයාලා නිසා ඔයාගේ හිත ආයෙමත් රිදෙයි කියන එකට වුණත්,
ආයෙමත් සැරයක් ආදරේ කරන්න වුණත්,
අලුත් දෙයක් පටන්ගන්න තියෙන පළවෙනි පියවර වුණත්...
ඔය මොකක් වුණත්, ඔයා බයවෙන්න ඕන නෑ...
ඔයාට මතකද...ඉස්සර ඔයා බයෙන් හිටපු දේවල්වලට ඇත්තටම මූණ දුන්නට පස්සේ,"මේක ඒ තරම් දෙයක් නෙවෙයිනේ" කියලා ඔයාම කියපු හැටි?
අනිත් එක, මේ රිස්ක් එකක් ගැන කතා කරන්නේ, මම දන්න වැඩිපුරම රිස්ක් ගන්න බය නැති මිරානාමද කියලා මට හිතාගන්න බෑ...
ඔයා තමයි මම මේ ලෝකේ දැකපු ශක්තිමත්ම ගෑණු ළමයා..
ඉතින්...ඇයි ඔයා මේ වගේ පුංචි පුංචි දේවල්වලට බයවෙන්නේ?
ඔයාමයි මට ඉස්සර කියන්නේ, අපි මොකක්හරි දේකට බය වුණාම අපේ ශක්තිය භාගයක් වෙනවා කියලා...
ඒ වගේම, ඒ වෙලාවේ, ඒ දේටම බය නොවී හිටියොත් අපේ ශක්තිය දෙගුණයක් වෙනවා කියලා...
ඉතින් මම හිතන්නේ, ඔයා තව එක සැරයක් රිස්ක් එකක් ගන්න එක වැරදි නෑ...
තව එක සැරයක් හැංගෙන්නේ නැතුව, ඔයාට දැනෙන දේවල්වලට මූණ දෙන්න...
ඔයාගේ Insecurities වලට මූණ දෙන්න... ඔයාගේ Fears වලට මූණ දෙන්න...
ආදරේ කරන්න බය නම්, ඒ බයටත් මූණ දෙන්න...
මොකද මිරානා, ඔයාගේ ජීවිතේ හැම ලොකු දෙයක්ම පටන්ගෙන තියෙන්නේ,
ඔයා බය වෙලා හිටියත්, ඒ බය අස්සෙන් ඉස්සරහට තියපු එක පියවරක් හින්දා...
ඉතින් මේ සැරේත්...
බයෙන් බයෙන් හරි, එක පියවරක් ඉස්සරහට තියලා බලන්න...
ඒක තමයි මගේ උපදෙස...🫂❤
(මම ඉස්සර හිතුවේ ඔයා බය හොල්මන් වලට විතරයි කියලා...Ewww 🫣)
- තේජ්වී ✍️