30/06/2024
Everyone minds their business. It's real. I like it
මිනිස්සු ජීවත් වෙන්නනම් නිදහස් මනසක් තියෙන්නම ඕන. ඒක මිනිස්සු විසින්ම හොයාගන්න ඕන දෙයක්. හොයාගන්නවාටත් වඩා සමහර වෙලාවට ඒක අපිට ඉබේටම හමුවෙනවා.
දන්නවද දෙයක්....
ඔයාට පුලුවන් නිදහස් මනුස්සයෙක් වෙන්න. මේක සමාජ බැඳීම් එක්ක තියන නිදහසක් නෙමෙයි. මම මුලින් කිවුවා වගේ මානසික නිදහසක් තියන මනුස්සයෙක් වෙන එක.
ඉතින් කොහොමද ඒක කරන්නේ?
ලොකු දෙයක් නෑ. තමා තමන්ගේ ගැන වගබලා ගන්න. හරි සිංහලෙන් කිවුවොත් "Mind your own business" කියන දේ. කරලා බලන්න. එක දවසකට අන් අයගේ කුණු ගැන නොහිතා, හොයන්නේ නැතුව, කතා නොකර ඉඳලා බලන්න. ඔයාගෙ ජීවිතේට මොන තරම් සැනසීමක් ලැබෙනවද කියලා. ඇත්තටම කිවුවොත් ඔයාට දැනෙයි පුදුමාකාර සතුටක්.
හැම වෙලාවකම මතක තියාගන්න. ඔයාගෙ වටපිටාවේ ඉන්න කිසිම කෙනෙක් ඔයාගේ නෙමෙයි. අඩුම තරමේ ඔයාගේ පවුලේ අයවත් ඔයාගේ නෙමෙයි. ඒත් ඔයා හැමදාමත් ඔයාගේ.
ඒ වගේම ඔයා ගැන අනිත් අයටත් එහෙම දැනෙයි. සැනසීමක් දැනෙයි. ඔයාව ප්‍රියමනාප කෙනෙක් වෙයි. ඔයා කාගෙවත් ජීවිතේ වීරයෙක්වත් හතුරෙක්වත් වෙන්නෙ නැති වෙයි. ඒත් හැමෝටම ආස හිතෙන මනුස්සයෙක් වෙයි ❤️
ඒ වගේම මතක තියාගන්න. ඔයා ගන්න තීරණ හැම දේකම ප්‍රතිවිපාකය ඔයාම බාරගන්න ඕන. ඒක හොඳ උනත්, නරක උනත්. ඒකත් ඔයාගෙම කරගෙන ඉන්න. මොකද මේ ජීවිතේ ඔයාගේ. ඔයා ඒ රස විඳින්න.
Nontoxic ජිවියෙක් වෙන්න ඔයාට කරන්න පුලුවන් හොඳම දේ "එයාට හොඳනම් මට මොකද?" කියන ප්‍රශ්නය ඔයාගෙන්ම අහන එකයි.
"Everyone minds their business. It's real. I like it." කියලා ජපානය ගැන Monarch එකේ ජීවත් වෙන May කියන්නේ නිකන් නෙමෙයි ❤️🌼
ඉන්ද්‍ර.....