04/12/2025
😔මේ වෙලාවෙ මගේ රට ඉතාම අසීරු තත්ත්වයක් තමයි පසුවෙන්නේ. "දිට්වා" සුලිකුණාටුව නිසා මගේ රටේ වයස්, ස්ත්‍රීපුරුෂ, තනතුරු,පන්ති, ජාතිආගම් , කුල භේදයකින් තොරව අතිවිශාල පිරිසක් මේ වෙනකොට පීඩාවට පත්වෙලා ඉන්නවා.
සමස්තය ගැන ගත්තොත් මේ වෙනකොට රට ඇතුලෙ ඉන්න වගේම රටෙන් පිටත ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඉතාම උද්‍යෝගයෙන්, කඩිනමින් , ක්‍රියාකාරී ලෙස ආපදාවට පත් ජනතාවගේ අවශ්‍යතා ඉටුකරන්න පෙළ ගැහිලා ඉන්නවා.ඇත්තටම ඒ ගැන ලොකු සතුටක් මට තියෙනවා.😇🙏
මම මේ වෙලාවෙ කතා කරන්නෙ ඒ සමස්තය ඇතුළෙ ඉන්න උප කොටසක් ගැන. ඒ තමයි රටේ අනාගතය. පුංචි බබාලා. 👶
ඇත්තටම පුංචි බබාලා ඉන්න අම්මලා කොයි තරම් අසරණ වෙලා ඇත් ද?
මාස 6 ට අඩු බබාලට වැඩිහිටියො කන කෑම දෙන්න බෑ. අවුරුදු 1.5 ට අඩු බබාලට තාම toilet trainning දීලා නෑ. පැම්පස් නැති වෙලාවට අපිට දවසකට නැපි කීයක් නම් ඕනෙ වෙනවද, ඒව සෝදලා වේලගන්න අපි කොයිතරම් ගේමක් දෙනවද..අපි අපේ දරුවන්ට කොයි තරම් පිරිසිදුවට ද කෑම දෙන්නෙ.වෙනම භාජනවල,එවා සෝදලා උනුවතුරෙන් තම්බලා.... කොයිතරම් බබාගෙ සනීපාරක්ෂාව ගැන අපි හිතනවද..පොඩ්ඩක් හිතන්න මේ වෙලාවෙ ඒ අම්මලා...කොයි තරම් පීඩනේකින් ඉන්නවා ඇත්ද?😞
✨ඉතින් මම කැමතියි අපේ ත්‍යාගශීලී දෙස් විදෙස් ලාංකිකයන්ට යෝජනාවක් කරන්න.✨
ඔයාලා ලබාදෙන ආධාර අතරට,
💝බේබි පැම්පස්( sizes kihipayak thiyenawa S,M,L,XL)
💝baby wetwipes(ලදරුවන් මළපහ කරගත්තම,වතුර භාවිතයකින් තොරව දරූවාව පිරිසිදු කරගන්න මේවා හරිම ප්‍රයෝජනයි)
💝බේබි රස්ක්( මේවා උයන්න අවශ්‍ය නෑ.මව්කිරිවල හරි උණු වතුරෙන් හරි දිය කරලා කවන්න පුලුවන්)
💝සීනිකෙසෙල්/ සුවදැල් කෙසෙල්
💝බේබි සීරියල්( පොඩි ප්ලාස්ටික් භාජනේකුයි, පොඩි හැන්දක් එක්කයි දුන්නොත් ඒ අම්මලට පිරිසිදුව දරුවට ඒක කවන්න පුළුවන්)
💝baby sleep suits ,warm suits, blankets,baby socks , mittens , baby hats,hand quilts( එයාලට අපිට වඩා සීතල දැනෙනවා)
💝දරුවන් සනස ගන්න උපකාරීවන හානිකර නොවන සෙල්ලම් බඩු
💝දරුවන්ට indoor activities කරන්න උපකාරී වෙන play items( මේ වෙලාවෙ කුඩා දරුවන්ගේ මනසට ලොකු ඖෂධයක් වෙයි ඒවා)
💝කතන්දර පොත්( එක තැනකර කොටු වෙලා ඉන්න වෙලවකට කතා පොත් මහගු ඔසුවක්)
💝hand wash, සැනිටයිසර්( ඒ අම්මලාට ලොකු සැනසීමක් වෙයි දරූවාගෙ වැඩ පිරිසිදුව කරගන්න.)
💖ඒ වගේම මාස 6 ට අඩු බබාලාට 100%ක්ම මවුකිරි විතරයි දෙන්නෙ.ඉතින් මේ වෙලාවේ ඔයාලගෙ කදවුරුවල ඉන්න මවුකිරි දෙන අම්මලාගෙ පෝෂණය ගැනත් ටිකක් වැඩිපුර හිතන්න.
ඉතින් මේ වෙලාවෙ උද්‍යෝගීමත්ව ත්‍යාගශීලේ වෙලා ඉන්න ඔයාලා මේ දේවල් ගැනත් අවදානය යොමු කරන්න කියලා Miracles wthi Dilu වෙතින් ඉල්ලීමක් කරනවා.
සියලු දෙනාම කයෙන් මනසින් සුවපත් වේවා! ශක්තිමත් වේවා!