Machan Noob

Machan Noob Sri Lankan eSports athletes community. Have fun with Sri Lankan online multiplayer competitive and ac

Ping එක තමයි වැදගත්
16/09/2024

Ping එක තමයි වැදගත්

06/09/2024

Is the server still there? Are you still playing Promod in 2024?

Noob Alliance presents Get Nailed '23, which includes 6 titles including Call of Duty 4.Preliminary rounds will be held ...
03/08/2023

Noob Alliance presents Get Nailed '23, which includes 6 titles including Call of Duty 4.

Preliminary rounds will be held online, while Semi-Finals and Finals will be held LAN. Get Nailed would be a platform for all COD players to showcase their talent, passion and dedication to the game!

Support email: [email protected]

Contact number: 0775566614 / 0773961601

More info: ingame.gg/event/get-nailed23

🚀 ආයුබෝවන්! මේක Game Server ADMIN කෙනෙක් වෙන්න අවස්තාවක්. ⚔️ MachanNoob කියන්නේ මම (IGN එක). 2018 ඉදන් වැඩිම කාලයක් තිබු...
23/07/2023

🚀 ආයුබෝවන්! මේක Game Server ADMIN කෙනෙක් වෙන්න අවස්තාවක්.

⚔️ MachanNoob කියන්නේ මම (IGN එක). 2018 ඉදන් වැඩිම කාලයක් තිබුන, හරියට manage කරන, හැම වෙලාවෙම players ඉන්න COD Servers ටික. වෙන ඒවට වඩා මේකෙ වෙනස හැමදේම simple. වෙන ඒවගේ වගේ පාට පාට, අනවශ්‍ය distractions නෑ. 3 යි 0 යි 10 යි 0 IP එක ඕන කෙනෙකුට මතකයි. මේ Servers මගේ IGN එකටම හදලා තියෙන්නේ මේ අවුරුදු 5ටම මමම සල්ලි ගෙවන නිසා. ඔව්! free credits, trial accounts, තාවකාලික කාඩ් දාල හදන servers නෙවේ. මම admin ලගෙන් donations ගන්නෙත් නෑ.

🔫 එතකොට මේ COD (2007) කියන්නේ Dead Game එකක්.
මේක play කරන්නේ RTX VGA ගන්න, Highend PC build කරන්න, සුපිරි gaming rig එකක් ගදාගන්න වත්කමක් නැති,
ඒත් FPS 250 ක් තියෙන, Luck එකට වඩා Skill එකට තැන ලැබෙන game එකක් play කරන්න කැමති අය විතරයි.

🎮 මොකක්ද මේ සීන් එක:
- දැන් තියෙන හැක් screenshots වල පෙන්නේ නෑ. හැබැයි ඒවා detect වෙන්න ඕන දේවල් server එකේ script වලින් එකතු වෙනවා.
- screenshot එකක් ගන්න එක වැදගත්, හරි player ව හොයාගන්න ඒක ඕන වෙනවා.
- ඒවා අපේ backend එකේ කහ පාටින් highlight වෙලා පෙන්නනවා. eg: random id, mombot, mayham, etc.
- මුලින්ම regular නැත්නම් ඒක දෙනවා. players ලා අන්තිමට ආව වෙලාව වගේ දේවල් game එක ඇතුලෙම බලාගන්න පුලුවන් වෙනවා.
- කාලයක් හැසිරීම නිරීක්ෂණය කරලා moderator කරනවා.
- powers misuse නොකරන අදාල තැනදි හරියට use කරන විදිය බලලා තමයි admin දෙන්නේ.
- වෙන servers වල play නොකරන එක added advantage එකක් වෙනවා.

🛡️ MachanNoob Admin කෙනෙක් වුනාම:
- Admin වුනා කියලා donations දෙන්න ඕන නෑ.
- Scrim එකක හැක් ගහන සැක player කෙනෙක් pub එකේ data archive භාවිතා කරලා කවුද කියලා හොයාගන්න පුලුවන්.
- මම senior software engineer කෙනෙක්. manual පැයක් විතර කරන්න ඕන දේවල් එක click එකෙන් කරගන්න දේවල් මම හදලා තියෙන්නෙ. ඒ backend එකෙන් කොටසකට access හම්බ වෙනවා.
- වැඩ පටන් ගන්න කලින් අපි b3 සහ backend එක use කරන්නේ කොහොමද කියලා training එකක් දෙනවා
- කරන්න ඕන පුලුවන් හැම වෙලාවෙම backend එකෙන් එන notification එක ගැන අවදානයෙන් ඉන්න එක විතරයි. මේ වැඩේ smart phone එකකින් වුනත් කරන්න පුලුවන්.

🔍 ඔයාට තියෙන්න ඕන දේවල්:
- හොද ඉවසීමේ හැකියාවක්. powers පෞද්ගලික දේවල් වලට use කරන්න බෑ.
- cod play කරන්න තියෙන ආසාව සහ වෙලාව.
- cod බැරි හැකර් කෙනෙකුටයි experienced player කෙනෙකුටයි කරන්න පුලුවන් දේ සහ බැරි දේ ගැන සරල දැනුමක්
- අංකල් අයියා පුතා අක්කා නංගී වෙනසක් නැතුව යාලුවො විදියට teamwork කරන්න පුලුවන් attitude එකක්.
- phish, keylog, social engineer ගැන නම් චුට්ටි හරි දැනුමක් තියෙන කෙනෙක්ට තමයි අපේ backend එකට access හම්බවෙන්නේ.

✍️ ADMIN කෙනෙක් වෙන්න කරන්න කැමති නම් කරන්න තියෙන්නේ Servers 5න් ඕන එකක COD play කරන්න, Teamspeak එකේ ඉන්න, හැක් ගහන අය දැක්කොත් දැනුම් දෙන්න. උදේ පාන්දරද, දවල්ද, රෑද අවුලක් නෑ. අපි අවධානෙන් බලාගෙන ඉන්නේ. Admin ඕන කියලා අපිට message කරන්න, දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි ඔයාලව contact කරගන්නම් Facebook එකෙන්, Teamspeak එකෙන්. ඔයාගෙ team එකටම ආවද නැද්ද කියල හොයාගන්නවත් බැරි private teamspeak channel එකක් ඕන නම් කියන්න හදල දෙන්න පුලුවන්.

🌟 අපේ database එකේ දැනට ඉන්න 80,000 කට වැඩි players ලාගෙන් වැඩි දෙනෙක් ශ්‍රී ලාංකික නිසා මේ අවස්තාව ලාංකිකයන්ටම ලබා දෙන්න තමයි මේක සුද්ද සිංහලෙන්ම ලිව්වේ. ts ip, server ip එක අහන්න එපා දැන්. එහෙම දෙයක් වත් නොදන්න කෙනෙක්ට admin හම්බෙන්නේ නෑ.

💲 මේ හැමදේම තියෙන්නේ එකම server එකක නෙවේ. මගේ infrastructure මම හදලා තියෙන්නෙ distributed architecture එකට. gaming, voice, database, backend, analytics, containers services run වෙන වෙනම servers වල. අවුරුදු 5කට විතර කලින් මම COD servers පටන් ගත්ත දවසේ ඉදන් මේ වෙනකන් මම මේ වලට ගෙවපු ගානෙ එකතුව 450,000 ට වැඩී. ඒ නිසා මේ දේවල් මෙච්චර කල් තිබුන විදියටම ගුනාත්මකව තියාගෙන යන්න මගේ වෙලාව, මහන්සිය, මුදල් කැප කරනවා.

💣 මේ දවස් වල අපිට ආව ප්‍රස්නය තමයි ඩීඩොස්. එහෙම attack එන හැම වෙලාවකම මම එක්කෝ protection එක upgrade කරනවා නැත්නම් අලුත් servers දානවා. එහෙම තමයි එක server එකකින් පටන් ගත්ත එක දවසින් දවස වැඩි වෙන්නෙ. ඉතින් ඔයාලට තවත් servers ඕන නම් කරන්න තියෙන්නෙ තවත් ඩීඩොස් වලට සල්ලි වියදම් කරන එක. සැලෙන්නෙ නෑ.

මගෙ අලුත්ම implementation එකට ඊලග පාර attack එකක් ආවම servers 2ක් ලංකාව ඇතුලෙ අයට විතරක් connect වෙන්න පුලුවන් විදියට block වෙනවා. 1% ක් රට ඉන්න අපේ ශ්‍රී ලාංකික යාලුවන්ට තමයි මේකෙන් අසාධාරනය වෙන්නේ. අපිට attack කරන පාර්ශව දෙකක් ඉන්නවා.
1. අලුත් cod විකුනගන්න පරන cod වට්ටන්න හදන activision එක.
2. typical සිරි ලංකන් උත්තමයන්ගේ රට ඉන්න යාලුවෝ.
ඉතින් මේ දෙගොල්ලොම block වෙන නිසා මට සතුටුයි!

💻 මම software engineer කෙනෙක් වෙන්න කලින් network engineer කෙනෙක්. මට එන හැම ddos attack එකක්ම හරි විදියට ip accounting කරලා අදාල පාර්ශව වලට dump එක submit කරනවා. ඉතින් මේ ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක් නම් අන්තිම පාර ආව 15GBps වගේ attack එකකට card එකේ details දාන්න කලින් ඩීඩොස් ගහන යාලුවට දෙපාරක් හිතන්න කියන්න.

MachanNoob,
Colombo,
Sri Lanka
2023.07.23

25/06/2023

COD ID වෙනස් කරන ක්‍රම භාවිතා කරන්න එපා!
එක් වරක් හෝ ඒවා භාවිතා කර BAN වූ විට
එය ඉවත් කලද නැවත සම්බන්ද නොවිය හැකි ලෙසටම ඔබව block වනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ eSports නීති රීති උල්ලංගනය කිරීමක් සේ සලකා
ඔවුන් හදුනාගැනීමට ISP සමග සම්බන්ද වීමට අප බලාපොරොත්තු වනවා.
(SLT, Dialog, Mobitel, Airtel, Hutch, Lankabell)

මේ අද දිනයේ එවැනි ක්‍රම භාවිතා කිරීමෙන් ස්වයංක්‍රීයව හදුනාගත් players
Nemesis
iMp0$t_(er
THE |S|ILVEr |D|EAGLe
Its Snake / Its Dark!
Retired Player
Dragon xD
D4X|Dila
dasun
RavinduX
Dazz
shOXX
138 bus eke konda
Kr{A}tOs!
SOT Enjoyer
kadda
?

ISP තොරතුරු ලැබීමත් සමග ඔබගේ පෞද්ගලිකත්වයට හානි වන ඔබ හදුනාගත හැකි තොරතුරු ප්‍රසිද්ධ විය හැකි බැවින් ඔබගේ පරිගණකයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සකසා ඇති පහත සියලු දේ ඉවත් කරන්න.

- ID වෙනස් කරන ක්‍රම
- FPS වෙනස් කරන ක්‍රම
- GameFiles වෙනස් කරන ක්‍රම
- Hack හෝ Cheating වැඩසටහන්

14/04/2023

ගේම් ගහන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

16/02/2023

Hello gamers,

⚠️ We continuously update the servers to provide you with a smooth gaming experience free forever. As a result of this, we have enforced some rules on the server to prevent players from using exploits.

⚠️ Please message us if you having problems connecting to the server. To process your request fast, please message from your original Facebook profile that passes the automatic real user verification.

Bear with us,
Thank you.

Send a message to learn more

Happy Wedded Life MachanNoob & BumbleB
13/12/2022

Happy Wedded Life MachanNoob & BumbleB

Machan TS is still there. In case it doesn't work, change your Teamspeak bookmark from machannoob.com to ts.machannoob.c...
01/08/2022

Machan TS is still there. In case it doesn't work, change your Teamspeak bookmark from machannoob.com to ts.machannoob.com

Teamspeak space for Sri Lankan gamers
IP: ts.machannoob.com

13/07/2022

There's an outage in Singapore at the moment and observing issues with the 100G Equinix IX port. We have opened a ticket for this

Servers updated from v20 to v21Update your cod4 installation now! 1. Download https://cod4x.ovh/downloads/cod4x_client_2...
02/05/2022

Servers updated from v20 to v21
Update your cod4 installation now!

1. Download
https://cod4x.ovh/downloads/cod4x_client_21_1.zip

2. Copy "cod4-client-manualinstall_21.0" folder itself to the COD installation folder.

3. Run "install.cmd"

Don't hesitate to reach us if you need help and support!
- MachanNoob -

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Machan Noob posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share