15/07/2026
කඩාවැටීම් වාදය 2021.09.22
විනිත් චතුරංග ශ්රී ලාංකීය දෘශ්ය කලාව තුළ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් නව කලා ශානරයක් ලෙස" බිඳවැටීමේ "කලාව හෙවත් "කඩාවැටීම වාදය"ලොවට බිහි කරයි.
මොහුගේ කලා ගමනේ මූලික ඇරඹුමක් ලෙස පැරඩයිස් ප්රදර්ශනය වැදගත්ය. 2019 පැරඩයිස් පාර ගැලරියේ නැගී එන කලාකරුවන් තිදෙනකු වන කාවන් බාලසූරිය, විනිත් චතුරංග සහ මයන්ත පෙරේරාගේ කලාත්මක ප්රදර්ශනයක් වන "හදිසි අවස්ථා" කොළඹ 3 ඇල්ෆ්රඩ් හවුස් පාරේ ගැලරි කැෆේ හීදී පැවැත්විණ.
හඳුනාගත් නැගීඑන කලාකරුවන්ගේ කෘති ඉස්මතු කරමින්, ප්රදර්ශනය වාර්ෂික ඉදිරිපත් කිරීමක් වන අතර එමගින් දේශීය සමකාලීන කලා ව්යාපාරයේ දිශාව වෙනස් කරන තරුණ කලාකරුවන් කණ්ඩායම් ප්රදර්ශනයක දී ප්රදර්ශනය කෙරේ,
ශ්රී ලංකාවේ වැඩ කලත්,ආරම්භ කලත්, මෙම කලාකරුවන් අභියෝගයට ලක් කරන්නේ නියමිත වෙලාවට නිශ්චිත අවස්ථා නිර්වචනය කිරීමට අප භාවිතා කරන ප්රවණතාවයන්ට ය.
විනිත් චතුරංග සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ උපාධිධාරියෙකි. ඔහුගේ විශාල ආකෘතියෙ තෙල් සායම් වලින් නිරූපණය කෙරෙන්නේ සාම්ප්රදායික මාධ්යයක් භාවිතා කිරීම සඳහා කලා කරුවාගේ උත්සහයකි. ඔහුගේ පළමු කෘති මාලාවේ කේන්ද්රීය තේමාව බිඳවැටීම පිළිබඳව සංකල්පයක් සාකච්ඡා කරයි. ඔහුගේ විවේචනයන් හි ස්වරූපය සහ වස්තුව පිටුපස සැඟවුණු රූප වල නොපෙනෙන පැත්ත සංකේතවත් කරන්නේ දේශපාලන විචාරය හා සමකාලීන කලා වෙළඳපොලේ ස්වභාවය පිළිබඳ විවරණය යන දෙඅංශයටම අදාළ ආඛ්යාන සංකේතවත් කිරීමෙනි.
වියුක්ත කරණය තුලින් බිඳවැටීමේ සංකල්පය ගෙන ඒම තුළින් කලාකරුවා සහ ඔහුගේ කලාව තුළ පැවැත්ම ප්රශ්න කරන්නාක් වැනිය. සියලුම ජීවී අජීවී වස්තූන් මත වියුක්ත ගුණාංග මතු කරමින් කලාකරුවා අනිත්ය ගොඩනඟයි. මෙය තුළ ද ඇත්තේ ඒකාකාරී නවීන බවකි. යථාර්ථය නම් එම යථාර්ථය තුළ කලාකරුවා අභියෝගයකට ලක් වීමත් පීඩනයට පත් වීමත්ය. එහෙයින් කලාකරුවා යම් හෙයකින් කලාව තුළ සිරවීමකට හෝ බිඳ වැටීමකට යටත්වෙයි. විනිත් චතුරංග සිය නිර්මාණය තුළ ඉස්මතු කරන්නේ මේ යථාර්ථය යි.
ශ්රී ලාංකේය දෘෂ්ය කලාවේ හෙවුඩ් රියලිසම් ප්රශ්න කරන ශිල්පියෙක් ලෙස විනිත් චතුරංග හැඳින්විය හැකිය. ඔහුගේ මතය නම් ප්රශ්න කිරීමක් නැති, එදිරිවාදිකම් නැති හෝ හෙළා දැකීමක් නැති කලාව සහ සමාජය එක තැන පල් වෙන බවකි. මෙයින් කලාකරුවන්ගේ වඳවීයාමක ඛේදවාචකයක් බවයි. එවැනි කලාවකින් සමාජ ප්රගමනයට ලබාදිය හැකි ප්රගමනය කවරේද යන්න ඔහුගේ පැනයයි.
මොහු තවදුරටත් තවකෙකු ප්රබල අනෙකා ලෙස නොසලකමින් ගමන් ගන්නා හේවුඩ් රියලිසම් අත්කරගන්නා දාර්ශනික ප්රවේශය කුමක්ද යන්න පශ්න කරයි.
යථාර්ථවාදයේ පෙර ගමන් කරුවන් වන මුදලිඳු ඒ. සී. ජී .එස්. අමරසේකර, ඩේවිඩ් පේන්ටර්, ජස්ටියන් දරණියගල වැනි ශිල්පීන්ට කලා ඉතිහාසය තුළ අත්වන ඉරණම ප්රශ්නකරයි.
කලාකරුවා නරඹන්නන් සතුටු කරමින් විචාරකයින් හා ගැණුම්කරුවන් අතර සිදුවන ගණුදෙනුවක් නම් කලාකරුවා ප්රේක්ෂකයාගේ වහලෙක් ද? කලා කරුවාගේ වගකීම එය ද? යනුවෙන් තවදුරටත් හේවුඩ් රියලිසම්ලාට එල්ල කරන ගැටලුවේ.
ඔහු කාන්සාව, බලය හෝ නග්නත්වය,පශ්චාත් යුද වාතාවරණය සහ ඒ හා අලංකරණය වූ නාගරික සුන්දරත්වය ප්රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔහු සියලූ සම්මතයන් බිඳ හෙලීම, අපේක්ෂාභංගත්වය, පීඩනයන්, ඛේදනීය යථාර්ථය තුළ කලා කරුවාගේ බිඳ වැටීම් වැනි ප්රස්තුතයන් කැන්වසයට ගෙන එයි. නමුත් ශිල්පියා ඒ තුළ අත්කරගත නොහැකි යථාර්ථයෙන් සහ ඒකාකාරී බවකින් ඔහුවම ප්රශ්න කරන බවක් පෙන්නුම් නොකරන්නේ ද?
සත්ය නම් එයයි. විනිත් චතුරංග ගෙන එන මෙම පැනයන් හෙව්ඩ් රියලිසම් කෙරේ එල්ල වූ ප්රබල පහරකි.
"CURSE"නම් කෘතිය වර්තමානයේ ක්රියාත්මක වන භයානක තත්වයන්ට මුහුණදීමට සිදුවන බවකි. මෙහි විනාශකාරී බව වියුක්ත කරණය තුලින් කලාකරුවා දක්වයි. Curse සහ Niudity among reality කෘති ගුවර්නිකාගේ දරුවන් වැනිය. පිකාසෝ ඝනිකවාදය තුළින් ගෙන ආ යුද්ධයේ විනාශකාරී ප්රතිඵලය මෙහි කලාකරුවා සමාජ සංසිද්ධීන් බිඳවැටීමක් හුවා දක්වයි. කෙසේ නමුත් කැන්වසය මත වර්ණ, රේඛා, හැඩතල, ව්යුහය නවීකරණය කරමින් ඒ සියල්ල තුළ කලා කරුවාගේ ශෝකය කැටි කර ඇත.
වියුක්තය සහ යථාර්ථය අතර ගැටුම පිළිබඳ ශිල්පියා මෙසේ විස්තර කරයි.
" පවතින ලෝකයෙන් ඔබ්බට ගිය වියුක්ත භාවයකට මුහුණදීමට කලා කරුවාට සිදු වේ. එම වියුක්තයේ බලය හා කාලය ඉදිරිපිට අවකාශය තුළ කලා කරුවාට මුහුණ දීමට සිදු වන සත්ය යථාර්ථය මෙයයි. තවද එක් වියුක්ත රේඛාවකින් සම්බන්ධ වූ ආකෘතියෙන් සහ අන්තර්ගතයෙන් දෘශ්යමානව නොපෙනෙන ගැලපෙන සම්බන්ධතාවය සහ සියලුම වියුක්ත රේඛා, හැඩතල සහ වර්ණ තුළින් යථාර්ථයට අභියෝග කිරීමේ ක්රමයක් සහ එම වියුක්තය සුදුසු ආකෘතියක් මත ආකෘතිය සහ අන්තර්ගතය ගොඩනංවයි. සංයුක්ත මතුපිට මෙයින් නිරූපනය කෙරේ. සැබෑ වියුක්තය නම් යථාර්ථයේ ජීවිතයයි. වියුක්තය යථාර්ථය තුළින් ගොඩනැගී යථාර්ථයට අභියෝග කරයි. යථාර්ථය යතාර්තය සමග ගැටෙන විට සත්ය වියුක්තය ජයගනී.
මෙහිදී මතකයට නැගෙන්නේ දුමිත් කුලසේකර ගෙන එන අත්දැකීමක් සහ ක්රියාවක් ලෙස කම්පනය යනු මිනිසුන් වළක්වා ගැනීමට උත්සාහ කළත් හදිසියේම මුහුණ පෑමට සිදුවන දෙයකි. එහි බලපෑම කායික මෙන්ම මානසික ද වේ. යමෙකු කම්පන සහගත අත්දැකීමකට මුහුණ දීමේ දී ඔහුට හෝ ඇයට එයට වචනයෙන් ප්රතිචාර දැක්වීමට නොහැකි වන අතර ඒ වෙනුවට ප්රතිචාරය ලැබෙන්නේ ශරීර භාෂාවෙනි.
මෙලෙස මිනිස් සිරුර පදනම් කරගනිමින් නව තේමාත්මක පදනමක් ගෙන එන කලාව තුළ පැන නැගී දුමිත් කුලසේකර වැනි නව පරම්පරාවක ඉදිරි ගමනක් ලෙස විනිත් චතුරංගගේ නිර්මාණ වැදගත් ස්ථානයක් හිමි කරගනියි. එකිනෙකට පරස්පර සන්දර්භයන් වුවද කලාවේ නව මං පෙත් සොයා යන තරුණ කලාවක අවශ්යතාවය ප්රශ්න කරන මෙවන් ශිල්පීන්ගේ අඩුව පිරවීමේ වැදගත්කම තවදුරටත් විනිත් චතුරංග සිය කලාව තුළින් පෙන්වා දෙයි. තවදුරටත් මෙම සිතුවම් කලාව පිළිබඳ අධ්යයනයට යොමු විය යුතුය.
විමර්ශන - F. B . Page - Collapsism Art
සටහන -
මදුෂා රණසිංහ
කලා ඉතිහාස අධ්යන අංශය,
දෘෂ්ය කලා පීඨය,
සෙෘන්දර්ය කලා විශ්වවිද්යාලය.