Art Girl by Kavi Niwunhella

Art Girl by Kavi Niwunhella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art Girl by Kavi Niwunhella, Visual Arts, Colombo.

15/01/2026

Random Video Posting ! 😸😸😸😸😸
Sketch Book !

21/07/2025

ඒලෙවල් චිත්‍ර පේපරේ ගොඩදාගන්නෙ කොහොමද? 🤫🤫🤫🤫🤫

මේ A/L දැන් ලඟ නිසා A/L ලියන අයට තමයි මේක ලියන්නෙ. චිත්‍ර පේපරේ ගොඩදාගන්න මම කරපු දේවල් මේ .

මුලින්ම පේපර් එක ගැන කතාකරලා ඉමු. 🤗
චිත්‍ර පේපරේ කොටස් තුනයි .
1.ලිඛිත ප්‍රශ්න පත්‍රය
2. ද්‍රව්‍ය සම්පිණ්ඩන ප්‍රශ්න පත්‍රය
3.මෝස්තර ප්‍රකාශන හෝ graphic

පලවෙනි කොටස ලියන්න තියෙන්නෙ. දෙවෙනි සහ තුන්වෙනි කොටස් දෙකම තියෙන්නෙ අඳින ඒවා.

1. ලිඛිත ප්‍රශ්න පත්‍රය
මේකෙදි කොටස් 2 බහුවරණ සහ රචනා ප්‍රශ්න පත්‍රය විදිහට .
බහුවරණ වලදී ප්‍රශ්නයක් දීලා හරියටම ගැලපෙන උත්තරේ තෝරන්න කියල දෙනවා . මේකෙදි ඔයාලා කරන්න ඕන හරියටම දන්න ටික තෝරගෙන ගිහින් නොදන්න හෝ ශුවර් නැති ඒවා පැන්සලෙන් මාක් කරන් යන එක . මේ වැඩෙන් ඔයාට වෙලාව ඉතුරු වෙනවා . මොකද නොදන්න එකක් බදන් ඉන්න ගියොත් ඔයාට යන්නෙ අනික් ප්‍රශ්න වලට තියෙන කාලේ . ඊට අමතරව ඔයාට පේපරේ කියවගෙන යද්දි නොදන්න ප්‍රශ්න වලට උත්තර හම්බවෙන්නත් පුලුවන් .

ඊළගට, රචනා ප්‍රශ්නය කොටස් තුනක් තියෙනවා. ප්‍රශ්න 7ක් තියෙනවා .මේවා ඔක්කොම තෝරලා ලියන්න තියෙන ප්‍රශ්න ( 2021 පේපරේ මං refer කලේ මේක ලියද්දි )

දෙවනි කොටසත් කොටස් 3

1) කොටස ලංකා කලා ඉතිහාසය
2) කොටස ඉන්දියා කලා ඉතිහාසය
3) කොටස යුරෝපා කලා ඉතිහාසය
මේකෙදී ලංකාවේ කලා ඉතිහාසයෙන් කොටස් දෙකක් තෝරගෙන ලියන්න ඕන. යුරෝපා ඉන්දියා වලින් එක ගානේ තෝර ගෙන ලියන්න ඕන . ඔක්කොම ප්‍රශ්න 4ක් ලියන්න තියෙනවා .

ඊළගට අපි කතාකරමු කොහොමද මේ පේපර් එකින් එක ගොඩදාගන්නේ කියල . මං මේවට පාවිච්චි කරපු දේවල් ඔයාලට කියන්නම් . 😉

මුලින්ම බලමු තියරි පාට් එක ගැන ! ඔයා මුලින්ම හොයාගන්න ඕන ඔයාට පාඩම් මිස්වෙලා ද නැද්ද කියලා .ඒක කරන්නේ මෙහෙමයි ඔයා ගාව දැනට ගුරු අත්පොත නැත්තං , nie.lk එකට ගිහින් ඔයාට අදාල විශය නිර්දේශයට අදාල අදාළ ගුරු මාර්ගෝපදේශ 2 (12/13) Download කරගන්න ඕන.ඊට පස්සේ කරන්න ඕනේ කොළයක් අරගෙන ලංකාව ඉන්දියාව යුරෝපයේ කියලා කොළ තුනක ලියාගෙන එකේ යටතේ ගුරු මාර්ගෝපදේශයේ තියෙන තියෙන මාතෘකා අදාළ කොටස යටතේ ලියාගෙන යන්න ඕන හරිද, ඊට පස්සේ ඔයාලට එකේ තියෙන පාඩම් ටික කාල පිලිවලට හදාගන්න . ඒකෙන් ඔයාලට පාඩම් කරන්න පහසු වෙනවා. කාලෙන් කාලෙට ස්ටෙප් එකෙන් ස්ටෙප් එක කොහොමද ආර්ට් වල වෙනස් වීම් උනේ කියනෙක ගැන ඉගෙනගන්න පහසු වෙනවා .මේ වැඩේ නිසා ඔයාලට පාඩම් මිස් වෙන්නෑ .
ලංකාව ගත්තොත් -
1. චිත්‍ර කලාවේ මූලිකාංග
2.ගුහා චිත්‍ර
3. අනුරාධපුර යුගය
i. චිත්‍ර ( සීගිරිය , etc ..)
ii. මූර්ති ( අවුකන පිලිමය .., etc.)
iii. ගෘහ නිර්මාණ ( චෛත්‍ය , ...etc)
iv . කැටයම් (සදකඩපහණ, මුරගල..)

4. පොලොන්නරුව යුගය
5.......

ඉන්දියාව-
1. ඉන්දු නිම්න ශිශ්ටාචාරය ..
2...

යුරෝපය -
1. ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර
2. මිසර ශිශ්ටාචාරය
3. ග්‍රීක ශිශ්ටාචාරය
4. රෝම ශිශ්ටාචාරය
5.....

මේ විදිහට.

ඔයාලා මේ විදිහට මේ චාට් එක කන්ටිනිව් කරන්න ඕන කොටස් 3ටම . එතකොට ඔයාලට පාඩම් ටික එක පෙලට හදාගන්න පුලුවන් .🤗

ඊළගට ඔයාලා කරන්න ඕන ශෝට් නෝට් ගහන්න ගන්න එක . මං මෙතන ශෝට් නෝට් කිව්වේ ඒලෙවල් කට ළග තියං ඉන්න ළමයින්ට . ඔයාල එක්සෑම් ලියන්න ඉන්නෙ තව අවුරුද්දකින් හරි දෙකකින් හරි නං දෙයියනේ කියල හොදට විස්තර හොයලා හොද නෝට් එකක් හදාගන්න . ඔයාලට ඕන තරම් විස්තර හොයාගන්න පුලුවන් ගූගල් එකෙන් සහ යූටියුබ් එකෙන් . ඔයාට අදාළ දේ ගූගල් එකේ සිංහලෙන් ගැහුවම සිංහලෙන් විස්තර හොයාගන්න පුලුවන් , English එච්චර familiar නැත්තං මේක කරලා බලන්න. අනික , නෝට් හොයලා හොදට කියෝලා ගිහින් යූටියුබ් එකේ ඒකට අදාළ වීඩියෝ එකක් බලන්න එතකොට පාඩම් කරපුවා හොදටම තේරෙන්න ගන්නවා !!!!!
පාඩම් කලාට පස්සෙ හරි නෝට් හැදුවට පස්සෙ හරි ඔයා ඔයාගෙ මුලින්ම මාතෘකා ලියපු කොලේ මාක් එකක් දාලා ඉන්න , එතකොට ඔයාට මග ඇරුන පාඩම් හොයාගන්න ලේසී .

ඊළගට , චිත්‍ර ගුරු අත්පොතේ තියෙන ඔක්කොම රූප සටහන් ටික ෆොටෝස් විදිහට එක ෆෝල්ඩර් එකකට ගන්න , ඒ අදාළ ෆොටෝ එකේ විස්තර ඒකෙම කොනකින් දාගන්න පොඩි නෝට් එකක් විදිහට , ඊටපස්සේ පුලුවන් හැම වෙලාවකට ඒක හොදට බලන්න .
ඒක පිලිමයක් නං තියෙන තැන යුගය කලා සම්ප්‍රදාය වගේ දේවල් . චිත්‍රයක් නං ඒක ඇන්ද කෙනා ඒක අදාළ මොන කාලෙටද තියෙන්නෙ කොහෙද වගේ ඒවා. ඊළගට කොළයක් අරං ඔය තියෙන රූප ටික ආය සරලව අදින්න පුරුදු වෙන්න . ඒවා ප්‍රශ්න වලට උත්තර ලියද්දි දාන්න මොකද්ද කියල නම් කරලම මේක අදින්න. ඒක ඔයාලට අමතර ලකුණක් ගන්න හේතුවක් වෙනවා.
චිත්‍ර පේපර් එකේදිත් ගොඩක් වෙලාවට එකම ප්‍රශ්න ටික එක එක අවුරුදු වල එන වෙලාවල් තියෙනවා . එතකොට ඔයාලා කරන්න ඕන මේ එක විදිහේ ප්‍රශ්න ටික තෝරගෙන ඒකේ අහල තියෙන විවිද පැති ගැන බලන එක ඊටපස්සේ ඔයා ඒකට තනි ප්‍රශ්නයක් ලියාගන්න ඕන ඔක්කොම එකතු වෙලා තියෙන විදිහට . ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ ලියාගන්න ඕන හොදට හොයලා විස්තර එකතු කරගෙන . ඊටපස්සේ මේ ප්‍රශ්නේ පාඩම් කරන්න සුදුසු විදිහටම ලියාගන්න . ඊටපස්සේ ඔයාට ඒක රිෆර් කරන එක ඇති ඒ අදාළ කොටසට . හැබැයි මුලු පාඩමම එකපාරක් හරි ඔයා කවර් කරලා තියෙන්න ඕන . මොකද අලුත් කොටසකින් ඇහුවොතින් අනාතයි 🥲.

චිත්‍ර පේපරේ ලියද්දි , ලංකාව කොටසින් දෙකයි ඉන්දියාවෙන් එකයි යුරෝපෙන් එකයි විදිහට හතර ගානෙ ලියන්න ඕන. එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕනෙක තමයි පේපරේ හොදට කියවන එක . පැන්සලක් අරගෙන පේපර් එකේ කොනකින් පොඩියට මතක් වෙන උත්තර ටික ලියාගෙන යන්න කෙටියට . ඊටපස්සේ ඔයාට දැනගන්න පුලුවන් ඔයා දන්නම ප්‍රශ්න සහ ඔයාට හොදින් උත්තර ලියන්න පුලුවන් ප්‍රශ්න මොනාද කියල . ඊටපස්සේ වැඩියෙන්ම දන්න එකේ ඉදන් හරියට ප්‍රශ්න අංක දාලා ලියන්න ගන්න . උත්තර ලියද්දිත් ලියන්න ඕනේවා ටික කටුවට ලියාගෙන ඉන්න. මේ වැඩෙන් ඔයාට පොයින්ට්ස් මිස් වෙන්නෑ .

ඊළගට බලමු ද්‍රව්‍ය සම්පිණ්ඩනේ ගැන . ඔයාට ද්‍රව්‍ය සම්පිණ්ඩනය ඉගෙන ගන්න තියෙන හොදම විදිහ තමයි ඉන්න තැන ඉදන් පේන දේවල් ඇදලා පුරුදු වෙන එක . ස්කෙච් බුක් එකක් තියන් පාඩම් කරලා රෙස්ට් එකක් ඕන උන වෙලාවට හරි මේ ළග පාත තියෙන පොඩි පොඩි දේවල් අදින්න පුරුදු වෙන එකෙන් ඔයාට ගොඩාක් වාසි තියෙනවා . ඔයාගෙ ඇහැ හැඩයන් දකින්න පුරුදු වෙනවා. ඔයාගෙ අදින ස්පීඩ් එක වැඩි වෙනවා වගේම පහසුවෙන් එලිය අදුර දාගන්න පුරුදු වෙනවා.
ද්‍රව්‍ය සම්පින්ඩනේ අදිද්දි ඔයා මුලින්ම තෝරගන්න එලිය එන පැත්ත මොකද්ද අදුර වැටෙන්නෙ මොන පැත්තෙන්ද කියනෙක . මොකද ඉර එලිය කියන්නෙ වෙනස් වෙන එකක් . ඔයාලා පාටකරන්න ගද්දි තිබ්බ එලිය ඉවර කරද්දි නැති වෙන්න පුලුවන් . ඒ නිසා චිත්‍රෙ පාටකරන්න ගන්න කලින් එලිය අදුර එනතැන් මතක ඇතුව මාක් කරගෙන ඉන්න .
සාමාන්‍යයෙන් ද්‍රව්‍ය සම්පිණ්ඩනේදී පොදු දේවල් කීපයක් තියෙනවා , කොටු හැඩයක් , ස්වාභාවික දෙයක් , මල් අත්තක් රෙදි කෑල්ලක් ඔන්න ඔය විදිහට .
ඉතින් ඔයාලට කලින් ද්‍රව්‍ය සම්පිණ්ඩනේ අදින්න පුරුදු වෙන්න ඕනනං මේ දේවල් ඇදලා බලන්න .
ගස්ලබු, කොමඩු , අන්නාසි , පොල් , තැඹිලි , වගේ ලේසියෙන් හොයාගන්න පුලුවන් ගෙඩි වර්ග, පෙට්ටියක් , පොත් , කඩදාසි රෝලක් , වීදුරු බෝතල් , වීදුරු කප් / උස වීදුරු /,රෙදි කෑල්ලක් ,/ඇන්තූරියම් , වතු සුද්ද , රුක්කත්තන , අරලිය , වද , ක්‍රෝටන් , වගේ අතු වර්ග ඊට අමතරව , මැටි කල , ගුරුලේත්තු
වගේ ඒවා .

ඊළගට තුන කොටස ගත්තම කලින් වගේම ඔයාලට පුලුවන් නිතර ආපු ප්‍රශ්න වල ලිස්ට් එකක් හදාගන්න , ඊටපස්සේ ඒවට පුරුදු වෙන්න. චිත්‍ර පේපර් දෙකේම වැදගත්ම දේ තමයි පැය තුනෙන් වැඩේ ඉවර කරන එක ඒ නිසා දැම්මම ටයිමින් තියලා වැඩ පටන් ගන්න .
ප්‍රකාශන වලදි නම් ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන් ෆිගර්ස් ටිකක් හොදට ඇදලා පුරුදු වෙලා තියෙන එක වටිනවා .
මෝස්තර වලදිනම් ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන් ටිකක් පුරුදු වෙලා ඉන්නෙක හොදයි. ඔය මොනා කලත් විශේෂම දේ තමයි පැය තුනෙන් ඉවර කරන එක .
මේක කියන්නෙ life saving හැක් එකක් විදිහට , ඔයා මෝස්තර කරද්දි ඔයාට තේරෙනවනම් වෙලාව මදි වෙන කරන්නම දෙයක් නෑ චිත්‍රෙ ඉවරම කරගන්න බෑ කියල ඔයාට පුලුවන් ටික කරලා ඔයාගෙ ෆයිනල් ඩීටේල්ස් ඔක්කොම චිත්‍රෙ එක කොටසකට හරියටම අදින්න ( 1/2හෝ 1/4 වගේ ) මේකෙන් ඔයාට ලකුණු ඔක්කොම ගන්න බැරි උනත් ඔයාට කරලා ඉවර කරගන්න බැරුව වෙන අවුලෙන් පොඩ්ඩක් හරි ගොඩ එන්න උදව් වේවි . මං මේක වෙලාව තීද්දි කම්මැලිකමට කරන්න රෙකමන්ඩ් කරන්නෑ !!!

ඊළගට අතිවිශේෂම දේ !!!!!!! මේක අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන ඔයා එක්සෑම් එකේදි වෙට් මීඩියා වලින් වැඩකරනවා නම් !!!!! කරුණාකරලා ඔයාගෙ පින්සල් තීන්ත දියකරන වතුර භාජන අත වදින පෙරලෙන තැන්වල තියාගන්න එපා .
ඒක ඔයාට පහසු විදිහට ළගින් පුටුවක් තියාගෙන හරි බිම තියාගෙන හරි චිත්‍රෙට නොවැටෙන විදිහට තියාගන්න . මොකද මම දැකලා තියෙනවා හොදටම වැඩකරපු ළමයින්ටත් අන්තිම මූමන්ට් එකේ උන පොඩි නොසැලකිල්ලෙන් සම්පූර්ණයෙන්ම මහන්සිය අපතෙ ගිය අවස්තා . ඔක්කොම කරල ඉවර උනාම පින්සල චිත්‍රෙ මැද්දට වැටුන අවස්තා ( මේක නම් මට උනා , ඉක්මනින් පිහදාලා ශේප් එකක් දාපු නිසා ලොකු අවුලක් උනේ නෑ)

මතක ඇතුව තමන්ට අවශ්‍ය පින්සල් පාට හැමදේම ගෙනියන්න , රෙදි කෑල්ලක් නැත්තං ටිශූ පේපර්ස් ගෙනියන්න .අමතර පැන්සලක් කටර්ස් තියාගන්න . වතුර දාන්න කප් එකක් ගනිද්දි පෙරලෙන්නෙ නැති බර කප් එකක් පාවිච්චි කරන්න . අලුතින් පින්සල් නොගෙන පුරුදු පින්සල් ටිකම පාවිච්චි කරන එක හුගක් වැදගත් මොකද ඒ ටික අතට හුරු නිසා . පීරිසිය හරි වතුර දාන කෝප්පෙ හරි අමතක වෙලාවත් චිත්‍රෙ උඩ තියන්න එපා . මේ දේවල් වලින් පරිස්සම් උනොත් ඔයාට වෙන අපහසුකම් වලින් මිදිලා හොදට චිත්‍ර පේපරේ ගොඩ දාගන්න පුලුවන් .🤗🤗🤗🤗🤗

මං මේක ලියද්දි ගොඩක්ම ෆෝකස් කලේ මේපාර ඒලෙවල් ලියන ළමයින්ව . හැබැයි මේක ලියන්න ඉන්න අයටත් පාවිච්චි කරන්න පුලුවන් . ප්‍රශ්න තියෙනවා නං කමෙන්ට් එකක් දාලා අහගෙන යන්න . එකතු කරන්න තියෙන දේවල් තියෙනවා නං ඒවත් කමෙන්ට් එකකින් දාගෙන යන්න . මේ පාර ඒලෙවල් ලියන්න ඉන්න ළමයි වගේම ඒලෙවල් චිත්‍ර කරන අයටත් මේක පෙන්නන්න එයාලට මේක පොඩි හරි උදව්වක් වේවි එයාලට හොද රිසාල්ට් එකක් දාගන්න . ඉතින් හොදට එක්සෑම් එක කරන්න ළමයි ! Good luck!!!🤗🤗🤗🤗🤗❤️
විශේෂම දේ, චිත්‍ර කියන්නෙ විභාගයක් විතරක්ම නෙවෙයි හරිද , හැබැයි මේ ටිප්ස් ටික විභාගෙ ගොඩදාගන්න ඕන අයට 😌❤️

Art Girl ❤️🌸
Art Girl

#ගද්දිcreditදීලාගන්න

21/03/2025

ගොඩක් තියෙනවා 😏😏😏😏❤️

The Barefoot Gallery Colombo is pleased to present‘Theatre of Serendib Birds’an exhibition by artist Sanath Herath.Theat...
06/01/2025

The Barefoot Gallery Colombo is pleased to present
‘Theatre of Serendib Birds’
an exhibition by artist Sanath Herath.

Theatre of Serendib Birds explores the fascinating world of Sri Lanka’s endemic birds and their deep connections with the ecosystems they inhabit. Herath’s work invites audiences to reflect on their role in this shared stage of life, emphasising the interconnectedness between humans and the natural world.

Exhibition Dates:
10th January 2025 – 25th January 2025

Gallery Hours:
Monday to Saturday
10:00 AM – 6:30 PM

23/10/2024

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Art Girl by Kavi Niwunhella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category