Kithmaka Aqurium

Kithmaka Aqurium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kithmaka Aqurium, Aquarium, Colombo, Western, Colombo.

01/12/2025
30/11/2025

මෙම පෝස්ට් එක කියවලා පුලුවන් තරම් ශෙයාර් කරන්න.❤️🙏

2025.11 27 දින සවස .02.30 ට අම්පාර සිට දඹුල්ල බලා ගමන් ගන්නා දඹුල්ල ඩිපෝවට අයත් NB 9428 බස් රතය අම්පාරෙන් ගමන් ආරම්භ කරා.අම්පාර පහු වෙලා පදියතලාව පැත්තට යද්දි හොදටම වැස්ස පාර පේන් නැති ගානට වහිනවා.දෙපැත්තෙ ඔක්කොම යට වෙලා පාරේ කොහොම හරි මහියංගනේ කිට්ටු කරද්දි ගහක් වැටිලා තිබ්බා පාරට .ගහ කපලා අයින් කරනකන් බස් එක නතර කරලා තිබ්බා.කපලා ඉවර උනාහම බස් එක මහියංගනේ ස්ටෑන්ඩ් එකට බස් එක දැම්මා. එත්කොටත් බස් එක හොදටම ලෝඩ් වෙලා තිබ්බේ.

මහියංගනේ ස්ටෑන්ඩ් එකේ හිටපු අයත් බස් එකක් තිබ්බෙ නැති හින්දා දඹුල්ලට යන්න බස් එකට නැග්ගා .බස් එක පිරෙන්නම සෙනග හිටියා.මහියංගනේ ඉදන් හෙට්ටි පොල පැත්තෙන් යන්න බලද්දි එතන පාලමෙන් වාන් දානවා කියලා බස් එක දෙහිඅත්තකණ්ඩිය පැත්තට හරවලා හෙබරව පාරෙන් දඹුල්ලබලා යන්න තමා ගියෙ.බතලයාය හරිය කිට්ටුව වීල් එකක් උඩට ගහක් වැටිලා පාර වහලා තිබ්බෙ පැයක් විතර.ගහ කපලා අයින් කරාම හෙබරව පාරෙ යද්දි ඒ පාරත් රන්දෙනිගල වාන් දාන හින්දා යට වෙලා .පස්සෙ ආපහු මහියංගනෙ ස්ටෑන්ඩ් එකටම සෙනගත් එක්කම දැම්මා....

බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා කිව්වෙ ස්ටෑන්ඩ් එකේ රෑ ඉදලා වතුර අඩු උනහම පාන්දර යමු කියලා.. ඒ වෙලාවෙ පෝන් වලට සිග්නල් පොඩ්ඩක් අඩුයි..ටික වෙලාවක් යද්දි මහියංගනේ ඇවිත් ස්ටෑන්ඩ් එකේ හිටිය අයට කිව්වා රන්දෙනිගල වාන් දාලා තියෙන්නෙ මහියංගනේ යට වෙනවා කියලා දෙහිගොල්ල පන්සලට යන්න එතන ආරක්ෂිතයි කෑම බීම පහසුකම් තියනවා කියලා.. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ බස් එකේ රියදුරු මහතයි කොන්දොස්තර මහතයි අපිව තනි කරේ නෑ . එයාලට ඔන්නෙම් තිබ්බා අපිව මහියංගනෙන් දාලා ඩිපෝවට යන්න එයාල එහෙම කරේ නෑ අපිත් එක්කම කිසිම කෙනෙක් මග තනිකරේ නෑ.🫡❤️‍🩹
පස්සෙ මහියංගනේ ස්ටෑන්ඩ් එකේ ඉදලා දෙහිගොල්ල පන්සලට ගියා.පන්සලේ කරන්ට් එක නා .එවෙලාවෙ ඒ කොහෙටවත් කරන්ට් එකත් නෑ සිග්නලුත් නෑ ..පන්සලේ හාමුදුරුවන් වත් මිනිස්සු ගැන හොයලා බැලුවෙ නැ .අපි දන් නෑ හාමුදුරුවෝ පන්සලේ හිටියද නැද්ද කියලා.කොහොම හරි කට්ටියක් බස් එකේ කට්ටියක් පන්සලේ පහල ශාලාවක නිදා ගත්තා..එදා කාටවත් කෑම බීම පහසුකමක් නෑ මහියංගනෙ ස්ටෑන්ඩ් එකෙන් ගන්න තිබ්බෙ බිස්කට් වගෙ පොඩි කෑම තමා...එකම එක පලතුරු තියෙන කඩේකුයි ස්ටෑන්ඩ් එක ඉස්සරහ වහලා තිබ්බ කඩේ උනත් ඒ කඩේ අය කඩේ ඇරලා උවවමනා දේ මිනිස්සුන්ට ගන්න දුන්නා 🩵

පන්සලේ රෑ ඉදලා 28 උදේ පාන්දර 5ට විතර බස් එකේ අය කිව්වා යමු දැන් වතුර අඩු වෙලාව දන් නැ කියලා. එවෙලාව මහියංගනේ පොලිසියෙන් ඇවිත් බලලා අපිට කිව්වා මහියංගනේ ටවුන් එකේ වතුර බැහැලා ටවුන් එකට ගිහින් බලලා යන්න පාරක් බලන්න කියලා. කොහොම හරි උදෙ 6 ට විතර පන්සලේ ඉදන් මහි: ස්ටෑන්ඩ් එකට ආවා.. හොයලා බලද්දි හෙබරව පාර තවත් යට වෙලාලු.. ඊටපස්සෙ බස් එකේ මොනා නැතත් ඕන දේකට ඉන්න කොල්ලො ටිකක් හිටියා ❤️‍🩹😍, කැම්පස් කොල්ලො ගොඩක් හිටියා .

ආය එද්දි දෙහිඅත්තකණ්ඩිය පාරෙ ගහක් වැටිලා තිබ්බා. බස්වල අය ඔක්කොම
එකතු වෙලා ඒ පැත්තෙ මිනිස්සුත් එකතුවෙල ගහ කපලා ඉක්මනට අයින් කරන්න ලොකු ගේමක් දුන්නා 🙏එවෙලෙ වැස්ස නැති හින්දා හෙබරව පාරට ආය යන්න පටන් ගත්තා..
එතකොට පාර තවත් යට වෙලා උදේ 6.30 ඉදන් වගෙ එ පාරෙ හිටියා වතුර ටික ටික
බැහැලා ගියා පාරේ .. (බෙලගන්වැව - හෙබරව - විල්ගමුව මාර්ගය. ) ගංවතුරට ඒ පැත්තෙ මිනිස්සුන්ටත් බලපාලා තිබ්බා එයාලගෙ නෑදෑයො එහෙම ගංවතුරට යට වෙලා හිටියා... ඒ ගමේ මිනිස්සුන්ගෙ මනුස්සකම උතුරන්න තිබ්බා ❤️‍🩹

ඒ පාරෙ ලොරි , ටිපර් , බස් , කැබ් බයික් වල වගේ ගොඩක් මිනිස්සු වතුර බහිනකං හිටියා පාරෙ මිනිස්සු ඔක්කොටම ගමේ අය කෑම බීම ඉතුරු පහසුකම් සේරම ලබා දුන්නා . තමන්ගෙම අයට වගේ සැලකුවේ ඒ මිනිස්සුන්ට ඒ පිනම ඇති 🙏..එයාලගෙ වාහනවලින් ඇවිත් හැම කෙනාටම කෑම දීලා වතුර දීලා මිනිසුන්ට උපරිමයෙන් සැලකුවා.

අපි 10.30 විතර වෙනකන් බලලා අපිට ආරංචියක් ආවා හසළක පැත්තෙන් යන්න පුලුවන් කියලා ...කැබ් එකක අපෙ බස් එකේ හිටපු මිනිස්සුන්ව ගිහින් දාලා ඇවිත් තමා කිව්වෙ යන්න පුලුවන් කියලා ... ටික වෙලාවකින් ඒ පෝලිමෙ වාහන ලොරි ටිපර් එහෙමත් යන්න පටන් ගත්තා .. අපිත් යන්න පුලුවන් කිව්ව නිසා 11 ට විතර පිටත් උනා හසළක පැත්තෙන් හෙට්ටිපොලට යන්න ...

එත්කොටත් බස් එකේ ගොඩක් අය බැහැලා ගිහින් සමහර අය ආයෙ අම්පාරට ගිහින් අනිත් අය කැබ්වල ගිහින්..කාටවත් ඒ වෙලාවෙ කෝල් එකක්වත් දෙන්න සිග්නල් තිබ්බෙ නෑ 🙂💔 ( මිනිස්සුන්ගෙ ගෙවල් වලින් බය වෙලා ඉන්න ඇත්තෙ ..අපෙ ගෙදරින් උනත් බය වෙලා පෝස්ට් එකක් පවා ශෙයා කරලා තිබ්බා )
හසලක පැත්තෙන් සපත්තු පාලන් වලින් එවෙලෙ වතුර එච්චරම සැරට තිබ්බෙම නැති තරම්ම. කොහොම හරි හෙට්ටිපොළ ස්ටෑන්ඩ් එකට ආවා අපි .. එවෙලෙ අපිට කිව්වා බකමූණට යන්න විදිහක් නෑ කුමාර ඇල්ල කැඩිලා කියලයි මොරගහකන්දෙ පාලමක් කඩේ ගිහින් කියලා .....

බස් එකේ කට්ටිය කොහොම හරි කතා වෙලා මොකක් හරි පාරක් හොයාගමු කියලා යන්න පටන් ගත්තා..(බස් එකේ රියදුරු මහත්තයා ඇත්තෙන්ම කියනවනම් හිත හොද සුපිරි ඩ්‍රයිවින් තියන පොරක් 🫶❤️‍🩹👍 ..කොන්දෙස්තර අයියත් දෙවෙනි නෑ 🩷 ) කොහොම හරි ලග්ගල දිහා පහු වෙලා කඩේක කන්න නැවැත්තුවා. එතනදි තමා පෝස්ට් එක දැකපු අය්යා කෙනෙක් මට ගෙදරට කෝල් එකක් අරන් දුන්නේ 🫂❤️‍🩹 ..
ඊට පස්සෙ අපි කුමාර ඇල්ල ගාවට යද්දි ඒ පැත්තෙ මිනිස්සු වැලි කොට්ට දාලා මාර ගේමක් දීලා අර වතුර පාරා නවත්තලා යන්න පුලුවන් විදිහට හදලා තිබ්බා ..❤️‍🩹🫡.(වීඩීයෝ පහල ඇති )

කොහොම හරි එවෙලෙ ආවෙ නැත්නම් මොරගහකන්ද ආය අරිනවා කියලා කතාවක් තිබ්බා ..අපි කොහොම හරි පාලමෙන්ගොඩ වෙලා බකමූණට ආවා සිග්නල් තිබ්බා ෆෝන් වලට බස් එකේ අයගෙ ගෙවල්වලින් එහෙම බය වෙලා කෝල් අරන් කොහොම හරි කටු කාලා දඹුල්ලට ආවා .. ඩිපෝවට දාන්න තියා බස් රියදුරු කොන්දොස්තර මහත්තුරු තමන්ගෙ ගෙවල් වලවත් යන්න හදිසි නොකර කුරුණෑගල යන අය කොළඹ බස් එකකට දාලා , වව්නියාව පොලොන්නරුව පැත්තට යන අය කැකිරාවේ හෝල්ට් එකෙන් දලා කරන්න පුලුවන් හැම දේම කරලා ඒ දෙන්නා ඩිපෝවට ගියා ❤️‍🩹 මිනිස්සු ඔක්කොමලා ඒ දෙන්නට පින් දීලා බැස්සෙ අපිව තනි නොකර අපිව ආරක්ෂිතව රැගෙන ආවට ❤️‍🩹🙏...
( රැකියාවට එහා ගිය මනුස්සකම 🙏❤️‍🩹 )

පුලුවන් තරම් මේ පෝස්ට් එක ෂෙයා කරන්න මන් ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි..මේ වගෙ හොද
මිනිස්සු ටිකක් බස් එකේ හිටියෙ නැත්නම් අපි දැනටත් කොහෙ හරි අනාඨ වෙලා 💯..මෙ ගමනෙදි බස් එකේ හිටිය අයත් මේක දකින්න අපිට උදව් කර නොකර අයත් මේක දකින්න පුලුවන්නම් මේක ශෙයා කරන්න 🙏 මෙ දවස් වල පරිස්සෙමන් වැඩ කටයුතු කරන්න කවුරුහරි නැති වෙලා ඉන්නවත බයවෙන්න එපා ඒ අයට සිග්නල් නැතුව හරි කොහෙට හරි කොටු වෙලා පරිස්සමට ඇති 🙏

✍️ Copied - Chethana Jagathpriya

29/11/2025
29/11/2025

හිතාගන්නකො වතුර මට්ටම මේ මහනුවර පේරාදෙණිය

Address

Colombo, Western
Colombo
01

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kithmaka Aqurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category