Yes ¡ I'm Piyu

.....🧚💫👻
04/05/2026

.....🧚💫👻

17/04/2026

තෙත හොම්බෙක්....👻

අද හම්බෙන හෙට නොදකින හරි අපූරු දම් බතලේ...🫣💜️පුංචි කාලේ ඉදන් බතල කන්න හරි පෙරේතයි මං.....පොල් එක්ක කදිමට පෑහෙන බතල කන්න ...
24/03/2026

අද හම්බෙන හෙට නොදකින හරි අපූරු දම් බතලේ...🫣💜️

පුංචි කාලේ ඉදන් බතල කන්න හරි පෙරේතයි මං.....පොල් එක්ක කදිමට පෑහෙන බතල කන්න කවුරුත් ආසයිනේ.....සුදු බතල කහ බතල අතරට එක්වුණ දම් බතල කන එකත් දැං ඇබ්බැහියක්...මං ආසම පාටින් කෑමක් කද්දී මරු ඉතිම්...😁....කොහේදි දැක්කත් අල දෙක තුනක් අරං ඇවිත් බෝඩිමට ගිහින් තම්බං සෙනසුරාදාට ඔෆීසියට අරං ගිහින් ඒ ඈයොන්ටත් දීල කන එක දැං පුරුද්දට ගොහින්...වටේ පිටේ කස්ටියට දම් බතල එපා වෙලා කියලත් මට දැං දැං තේරෙනවා...හුම්....🥲🫠

වෙලාව දහවල්  දොලහට විතර ඇති...අම්මගෙන් කෝල් එකක්......Amma : හෙලෝ මොකද කරන්නෙ තාම නිදිද?Mama : නෑ අනේ ඇදට වෙලා ඔහේ ඉන්නෝ...
15/02/2026

වෙලාව දහවල් දොලහට විතර ඇති...අම්මගෙන් කෝල් එකක්......

Amma : හෙලෝ මොකද කරන්නෙ තාම නිදිද?
Mama : නෑ අනේ ඇදට වෙලා ඔහේ ඉන්නෝ...මොකෝ මේ අවේලාවේ මාව මතක් වෙලා 🤭
Amma : ඉඹුල් කිරිබත් වගයක් හම්බුනා මට ඉතින් ඔයාව මතක් වුණා❤️

එතකොටයි මට මතක් වුණේ අද ඉරිදා අම්මා දහම්පාසල් යනවනේ කියලා...ඒ ගිහින් ආපු ගමන්මයි මට කෝල් කරලා තියෙන්නේ...මං ගොඩක් ආසයි ඉඹුල් කිරිබත් කන්න.....ගෙදර ඉන්නකොට ඉරිදට මං මග බලන් ඉන්නෙම අම්මා දහම්පාසල් ගිහින් ආවම අම්මා ගේන කඩචෝරු මල්ල කන්න 🙃🤭...ගොඩක් දවස් වලට දහම්පාසල් ගුරුවරුන්ට ළමයින්ගේ අම්මලා එක එක ජාතියේ කෑම වර්ග හදන් එනවා.... අම්මා ඉතින් අම්මට හම්බෙන පංගුව ගෙදර ඔතන් එනවා...අවුරුදු 20-25 පැන්නත් අම්මට අපි තාමත් ඉතිම් පුංචි ළමයි....හුම්...🤗❤️

පුංචි පුංචි ආදරණීය මොහොතක් අකුරු කරපු මං පියූ....💫

03/01/2026

සුබ නව වසරක් වේවා හැමෝටම..!
අද අවුරුද්දෙ පළවෙනි පෝය...🙏



Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yes ¡ I'm Piyu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Yes ¡ I'm Piyu:

Shortcuts

Share

Category