15/08/2026
කොච්චර මහන්සි උනත් උදේට නැගිටින්නේ හරි අසාවෙන් මොකද මගේ පැටව් ටිකට අකුරක් හරි උගන්නන්න පුළුවන් නිසා 😍... උදේ නැගිටලා බලද්දී දැක්කේ පුසාත් මගේ ලගින්ම නිදා ගෙන කියලා. දන්නේ නැතුව මං නින්දෙන් පෙරලුනානම් පුසාගෙන් මට ගුටි කන්න පුළුවන් මොකද මං නිදා ගන්නේ පුසාගේ ඇදේ නිසා 🤭. මං නැගිටලා යද්දී මගේ පස්සෙන් එන්නේ අම්මා එයටයි මටයි හැමදාම උදේට දෙන කිරි එක බොන්න. කිරි එක බීලා එයනම් සැපේ ආයෙත් නිදි. පුදුම ජිවිතයක් මේකනම්. වෙලාවකට මටනම් ඉරිසියයි 🤭🤭
ඉතිං උදෙන්ම පංති තිබ්බ නිසා මං නාලම වැඩ පටං ගත්තා🚿. ඇත්තටම මේ දවස් වල මාරම අව්ව සැරයි. ඉතිං ඒ නිසා වතුර ගොඩක් බොන්න ඕනි. අහ්හ් තව දෙයක් පුළුවන්නම් වතුර එකට කසකසා ඇට ටිකක් දාලා බොන්න මේකෙන් ඇග සිසිල් කරනවා.🥤ඔයලත් සතියකට එක දවසක් හරි මේ දේ කරන්න. 11 පටන් ගත්ත වැඩ ඉවර වෙද්දී 5 උනා. උගන්නලා ඉවර වෙද්දී මට බඩගින්නක් ආවා. ඒක බඩගින්නකට වඩා පෙරේතකමක් මොකද මං ඊයේ රෑ fb එකේ දැක්කා රසම රස පැස්ටා එකක් හදනවා. මට ඒක හදලා බලන්නම හිතුනා. ගෙදර පැස්ටා එකකුත් තිබ්බ නිසා මං ඒක හැදුවේ. ඇත්තටම පට්ට රසයි. මං ඒ රෙසිපි එක ගත්ත page එක යටින් දාන්නම් ඔයාලටත් බලන්න.
ඉතිං ඔන්න ඒක හදලා කෑවම තමයි මගේ හිතයි බඩයි දෙකම පිරුණේ 🥺❤️.රෑ වෙනකන් පොඩ්ඩක් අම්මලා එක්ක ඉන්න ගමන් මං කකුල් දෙක ගැන හිතලා උනු වතුර වලට කහ ලුණු කුඩු දාලා බේසමකට දාලා කකුල් දෙක දාගෙන හිටියා ටිකක් වෙලා pedicure කරන්න සැලුන් යන්න බැරි දවස් වලට මේ වගේ simple pedicure එකක් කරගන්න පුළුවන් ඔයාලටත් මතක තියාගන්න කරන්න කලින් කකුල පොඩ්ඩක් සෝදගෙන ඉන්න. ඉතිං එකෙන් පස්සේ ඉතිං රෑ වෙලා නිදා ගන්න තමයි තිබ්බේ.නිදා ගන්න කලින් කෝමාරිකා ජෙල් ටිකක් මුණේ ගාලා නිදා ගන්න. එකෙන් මුනට fresh එකක් එනවා. ගැණු ළමයි ගොඩක් අය දන්නේ නැති තව දෙයක් තමයි රෑට ෆෝලික් පෙත්තක් බොන්න ඕනි කියන එක. මේක ගැණු පිරිම් කියලා නෑ හැමෝටම හොදයි. කොන්ඩේ යන එකට නියපොතු ප්රශ්න හමේ ප්රශ්න වගේ ගොඩක් දේවල් වලට මේක හොදයි.
ඉතිං ආයේ දවසක එන්නම් එහෙනම් බායි.. ❤️
ඇත්තටම සමහර දවස් මේ වගේ මහන්සි උනත් හරි සතුටින් ගෙවන්න පුළුවන් වෙනවා ❤️...