The World’s End

The World’s End 💙Some endings never truly end… they just live inside us.💙
🖤සමහර අවසාන කිසිදා අවසන් නොවේ… ඒවා අප තුළ ජීවත් වේ.🖤

27/08/2026
27/08/2026

දළදා හිමි සෙවණ ලබන,
පරම්පරා ගණනක් පුරා රැකගත්
අපේ සංස්කෘතියේත්, අපේ අනන්‍යතාවයේත්
නිහඬ සාක්ෂියක් වූ මේ පින්බිම…

මේ භූමිය මත උපන් අපට
උරුම වී ඇත්තේ මව්බිමක් පමණක් නොව,
ඉතිහාසයක්… සංස්කෘතියක්…
ආධ්‍යාත්මික උරුමයක්.

දළදා හිමි සරණින්
මේ පින්බර දෙරණ
සදා සුරැකේවා… 🙏🇱🇰

#දළදාහිමි #මගේරට #මගේඋරුමය #ශ්‍රීලංකාව #අපේසංස්කෘතිය

රාත්‍රී එකහමාර පහු වෙන්න ඇති,කුස්සියේ ලයිට් එක දැල්වුනා.වතුර වීදුරුවක් බොන්න කියල ගියාඒත් වතුර බීවේ නෑ.ග්ලාස් එක අතේ තිය...
27/08/2026

රාත්‍රී එකහමාර පහු වෙන්න ඇති,
කුස්සියේ ලයිට් එක දැල්වුනා.
වතුර වීදුරුවක් බොන්න කියල ගියා
ඒත් වතුර බීවේ නෑ.
ග්ලාස් එක අතේ තියාගෙන
ජනේලෙන් එළියට බලාගෙන හිටියා
කාලයක් නොදැනීම.

මේසෙ උඩ තියෙන කැලැන්ඩරෙ
තාම ලකුණු කරලා තියෙනවා
එදා දවස.
කඩන්න හිතුනා.
අත ගියේ නෑ.

Car එකේ ගෙදර එනකොට
Redio ඒකෙ සින්දුවක් දාපු ගමන්
ඉබේම හිත වෙනස් වෙන්නෙ.
ජනේලෙන් එළියට, වැහි බින්දු කීපයක් විදුරවෙන් බේරෙනවා..
ගස් දුවගෙන යනවාද මන්ද, සුළගට ඇබරෙනවා..
ඒත් ඇත්තටම මම දකින්නෙ
වෙන දෙයක්.

Hospital ඒකෙ ඇදේ ඉද්දි.
රූපවාහිනියේ දාලා තිබ්බ film එකක
කෙනෙක් airport එකේ
කවුරු හරි එනකන්
security gate ලග ඉන්නවා.
Announcement එකක් යනවා.
Flight එක arrive වෙනවා.
කවුරුත් එන්නෙ නෑ.

ඒ scene එක බලාගෙන
මම හිටියේ
කීයද කියලවත් නොදැනෙනවා.

Remote එක අරගෙන
channel එක මාරු කලා.

මට හිතෙනවා
ජීවිතේ තියෙන්නෙත් එහෙම
scene ගාණාවක් කියලා.
සමහර scene වල අපි
ප්‍රධාන චරිතය.
සමහරක වල
background එකේ
ඇවිදගෙන යන කෙනා විතරයි.

ඊයෙ office එකේදි
තේ හදන කෙනා
ඇයි කියලා අහන්නෙවත් නැතුව
කෝපි එකක් ගෙනත් තිබ්බා
මගේ table එකට.. ඉල්ලුවත් නෑ..
කිසිම කතාවක් නෑ.
කෝපි එක විතරයි.

ඒක පොඩි දෙයක්.
ඒත් ඒ දවසෙ
ඒක ලොකුම දෙය උනා.

රෑට ලයිට් නිවලා
හීනයක් වගේ
කවුළුවෙන් එළියට බලාගෙන ඉන්නවා.
අහසේ තරු කීයක් ඇතිද කියලා
ගාන කරන්නෙ නෑ දැන්.
ඒවා තියෙනවා කියලා
දැනගෙන ඉන්නවා විතරයි.

මම දන්නෙ නෑ
කවදද මේ ඇහැරිලා ඉන්න රාත්‍රීන්
අවසන් වෙන්නෙ..

ඒත් අද රෑ
ග්ලාස් එකේ වතුර බිව්වා.
කිසිම දෙයක් හිතන්නෙ නැතුව....

ජිවිත් වෙනවා නේ...

Screen එක light off උනා ෆෝන් එකේ.
මම ඒක charger එකට දාලා
light off කරලා
ඇස් තද කරගත්ත......

Notification එකක් නෑ.
කමක් නෑ.💔

#සිංහලකවි #ආදරය #තනිකම #සුවවීම

21/08/2026

සසර යනු හමුවීම් හා වෙන්වීම් අතර ගලා යන අනන්ත ගමනකි.
ඒ ගමනේදී හමුවන බැඳීම්, කොතරම් පවිත්‍ර වූවත්, අනිත්‍යතාවයේ ධර්මතාවයෙන් මිදෙන්නේ නැත.

යශෝදරාවගේ නිහඬ කඳුළ තුළ තිබුණේ එක් පුද්ගලයෙකු අහිමි වීමේ වේදනාව පමණක් නොව,
සසර බැඳීමක අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නා හදවතක නිහඬ පරිණතභාවයයි.

සිද්ධාර්ථයන් වහන්සේ ගිය මඟ වූයේ එක් බැඳීමකින් පලා යාමක් නොව,
සියලු බැඳීම්වලින් ඔබ්බට ගොස්
දුකේ හේතුව අවබෝධ කර,
සංසාර චක්‍රයෙන් මිදීම සොයා ගිය උතුම් ගමනකි.

එබැවින් සැබෑ ප්‍රේමයේ උතුම්ම ස්වරූපය
‘මට හිමිවිය යුතුය’ යන්න නොව,
‘ඔබ නිදහස් වේවා’ යන්නය.

අවසානයේ…
එක් හදවතක් සසරේ බැඳීම අතහැර,
අනෙක් හදවත නිහඬව ඒ අතහැරීම පිළිගෙන,
දෙදෙනාම සත්‍යය දෙසට ගමන් කළහ.

එය වෙන්වීමක් නොවීය…
සංසාරයෙන් එතෙර වීමේ මඟක
නිහඬ වූ එක් පරිච්ඡේදයක් විය.

#සිංහලගීත #ආදරය #වෙනස්වීම්

16/08/2026

“සඳ තරු නිහඬයි…
ගහකොළ නිසලයි…
මුළු ලොවම සැතපිලා…
සිතිවිලි විතරක් අවදි…” 🌙✨

සමහර රාත්‍රීවල නින්ද නොඑන්නේ නින්ද නැති නිසා නෙමෙයි…
මතකයක් නිසා. ❤️

ඔයාටත් මේ වගේ රාත්‍රියක් තිබුණාද?
නම කියන්න ඕනේ නැහැ…
එක වචනයකින් ඔයාගේ හැඟීම කියන්න. 👇❤️

#සඳතරුනිහඬයි #සිංහලගීත #සිංහලකවි #ආදරය #මතකයන් #ප්‍රේමය

නිහඬ සයුර ඇසුවා මගෙන්,"තනියමද?" කියලා.මම සිනාසුණෙමි,"මාත් එක්ක මගේ හීන ඉන්නවා."
20/07/2026

නිහඬ සයුර ඇසුවා මගෙන්,
"තනියමද?" කියලා.
මම සිනාසුණෙමි,
"මාත් එක්ක මගේ හීන ඉන්නවා."

04/07/2026

හ්ම්ම් 😔

29/06/2026

එම මොහොත....❣️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when The World’s End posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to The World’s End:

Shortcuts

Share