15/07/2026
Robert Cook කියන්නෙ එංගලන්තයේ වයඹ දිග ප්‍රදේශයේ ජීවත් වන සම්මානලාභී වනජීවී චිත්‍ර ශිල්පියෙක්. මේ ඔහුගේ "Optimism" නම් සිතුවම. සිතුවමෙන් නිරූපණය වෙන්නෙ චෙස්ටර් සත්වෝද්‍යානයේ උපන් සුමාත්‍රා කොටි පැටවෙකු ගුහාවකින් එළියට එන මොහොතක්. මේ චිත්‍රය වඳවීමේ අවදානමේ ඇති සුමාත්‍රා කොටින්ගේ අභිජනන වැඩසටහනක වැදගත්කම සහ බලාපොරොත්තුව සංකේතවත් කරන සිතුවමක්. තෙල් සායම් සහ MDF පුවරුවක් භාවිතයෙන් ඇඳි මෙම සිතුවම, රොබට්ගේ සියුම් නිරීක්ෂණ හැකියාව සහ වනජීවීන් කෙරෙහි ඇති ගැඹුරු ආදරය පිළිබිඹු කරනවා.
Robert Cook ගැන මීට වඩා දිග විස්තරයක් කියන්න තියනවා චිත්‍රත් එක්ක. ඉදිරි දවසක බලමු. 🙂