08/07/2021
🔥සද්ධර්ම ප්‍රතිරූපක 🔥
🌸🌸🌸🌸
🌸🙏🏻""යතොච ඛො සද්ධම්මපතිරූපකං ලොකෙ උප්පජ්ජති අථ ධම්මස්ස අන්තරධානං හොති""🙏🏻🌸☸️
සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේහි කාශ්‍යප මහ රහතන් වහන්සේට තථාගතයාණන් වහන්සේ වදාළ සේක ...
තේරුම= සද්ධර්ම ප්‍රතිරූපක යක් හෙවත් ධර්මය වගේ අධර්මයක් ලෝකයේ පහළ වූ විට ශ්‍රී සද්ධර්මය අන්තර්ධාන වන බව මෙයින් ප්‍රකාශිතය ..
එනම් බණ වගේ බන ලෝකයේ පහළ වීමෙන් සැබෑ සද්ධර්මය ලොවින් තුරන් වන බවයි ...
එය දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිදු වෙමින් පවතින අතර අප රටෙහි එය සීඝ්‍ර වන බව අපට වැටහෙන්නේ ය ....😥
🗣️අද හතු පිපෙන්නාක් මෙන් බිහිවන බණ පොත් අතුරෙන් අතුරින් බොහොමයක් ඇත්තේ සැබෑ බුදු බුදුබණ නොව තමන්ට හිතෙන බණය.....
☸️එම ග්‍රන්ථ කියවන්නවුන්ට ධර්මය පිළිබඳව ඇති වන්නේ වැරදි දැනීමකි. එයින් ශ්‍රී සද්ධර්මය යි යටපත් වේ ......
ප්‍රතිරූපක ධර්මය ව්‍යාප්ත වේ...
🔥 අබුද්ධ දේශනාවක් යැයි පවසමින් සමහරු අභිධර්ම පිටකය අවලංගු කරති.
🔥 අභිධර්මය දෙවියන්ට පමණයැයි ප්‍රතික්ෂේප කරති.
🔥සූත්‍ර දේශනා විකෘති කරති.
🔥සූත්‍ර සහ විනය පිටක වලත් සමහර කොටස්ද මහා ධර්මධරයන් විසින් රචිත අටුවා ටීකා ආදිය ප්‍රතික්ෂේප කරමින් සිටිති ....
🔥 අකුසල් කුසල් කරති කුසල් අකුසල් කරති.
🔥 සත්පුරුෂයන් අසත් පුරුෂයින් කරති අසත්පුරුෂයන් සත්පුරුෂයන් කරති
🔥 සද්ධර්ම ප්‍රතිරූපකම පතුරවති
🔥ව්‍යක්ත ලෙස කථා කරන්නට හැකි නිසාත් නොයෙක් තාලයට මිහිරට සජ්ඣායනා කරන්නට හැකි නිසාත් ලිවීමේ හැකියාවක් ඇති නිසාත් විශාල පිරිසක් ඒ අයට එක්වෙති...
🔥එවිට තමාගේ මතය නිවැරදි යැයි ඒ පිරිසට ඉගැන්වීමෙන් ඒ පින්වත්හු ද නොමග යති.
🔥🔥☸️අනාගතයෙහි ඒ පිරිස නිසා ශ්‍රී සද්ධර්මය යටපත් වේ...
🗣️🔥ධර්ම දේශකයන් වහන්සේ ම ප්‍රසිද්ධියක් උසුලන ඇතැම් දේශකයෝ ද තමාට හිතෙන බණ දෙසති ...
🔥ධර්මය වැරදි ලෙස අර්ථ දක්වති.
🔥 ධර්ම සාකච්ඡා පවත්වන අවස්ථාවලද ඇතැම්හු වැරදි අදහස් ප්‍රකාශ කරති පුවත්පත් සඟරා ආදියට ද සපයන ඇතැම් ලිපිවල ද ප්‍රතිරූපක ධර්ම දක්නට ලැබේ...
🔥රූපවාහිනිය ආදී විද්‍යුත් මාධ්‍ය තුළින් ද එවන් අවස්ථාවල ට වැඩි ඉඩක් ලැබී ඇති බව ඇතැම් අවස්ථාවල පෙනේ ..
🔥☸️🔥මේ කරුණුවලින් සැබෑ ශ්‍රී සද්ධර්මයට යට පත්වී ඒ වෙනුවට ප්‍රතිරූපක ධර්ම ගිහි පැවිදි දෙපක්ෂයේම හදවත තුළට ඇතුළු වීමෙන් පර්යාප්ති ශාසනය ශාසනයට හානියක් සිදුවේ...
🔥වර්තමානයෙහි තරුණ අවධියේ සහ මහලු වියෙහි පැවිදි බිමට පත් වී සිටින ඇතැම් හිමිවරුන් ධර්මය පිළිබඳ නිසි අවබෝධයක් ලබා නොගෙන ධර්මය පිළිබඳ තම තමන්ගේ වැරදි මත දේශනයන් ද ලිවීම තුළින් ද ප්‍රචාරය කරති....
✴️🔥ඒ අය රේරුකානේ රේරුකානේ චන්දවිමල මහා නා සමිඳුන් ගේ ධර්ම ග්‍රන්ථ වැරදි බව කීමට පවා ඉදිරිපත් වෙති.
🔥 ඒ භවතුන්ට ද ශ්‍රාවක පිරිස් එකතු වීම තුළින්ද ශ්‍රී සද්ධර්මය වෙනුවට ප්‍රතිරූපක ධර්මය ඉස්මතු වේ..
🙏දුල්ලභං සද්ධම්ම සවණං 🙏
යනුවෙන් තථාගත ධර්මය ඇසීම දුර්ලභ බව දුර්ලභ කරුණු සිහි කර දෙන අවස්ථාවල දී තථාගතයන් වහන්සේ නිතර වදාළහ....
✅එබැවින් බුදුන් වදාළ වදාළ ධර්මය නිවැරදිව දැන ගැනීමේ වටිනාකම හොඳින්ම තේරුම් ගත යුතුය...
🌺 එය මහත් යහපතක් වන්නා සේම වැරදි ලෙස තේරුම් ගැනීම හෙවත් ප්‍රතිරූපක ධර්මය පිළිගැනීමෙන් ඒ අනුව කටයුතු කිරීම ස්වර්ග මෝක්ෂ මාර්ගයට බාධාවක් ද වේ ....
මෙත් සිතිනි..
"උප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙන්ති"
☸️භාග්‍යවතුන් වහන්සේ ගේ අපේක්ෂාව වූයේ ගිහි පැවිදි ශ්‍රාවකයින් විසින් "පහළ වූ පරප්‍රවාදය කරුණු සහිතව මැඬලා නෛර්ය්‍යානික කොට දහම් දෙසිය යුතු බවයි" ☸️
මහා පරිනිබ්බාන සූත්‍රය
එසේ නම් පිංවත්නි මේ ශාසනය රැකීම භික්ෂූන් වහන්සේලාටම බාර දී නිහඬව ඉන්න එපා ශාසනය රැක ගැනීම සෑම දෙනාගේම වගකීමක්.ධර්මයෙ පරිහානිය දැක ධර්මය නඟා සිටුවන කෙනා තමයි සැබෑ උපාසකයා.
එම නිසා සද්ධර්ම ප්‍රතිරූපකයක් දුටු තැන පවසන්න නිර්භයව එය සද්ධර්ම ප්‍රතිරූපකයක් බව.
සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කරන බෙදා හරින පුද්ගලයන්ගෙන් ඈත් වන්න.ඔවුන්ගෙ දේශනා බෙදා නොහරින්න.
💫 තෙරුවන් සරණයි