_.noir_et_blanc._

_.noir_et_blanc._ |•සිතුවම කතා කරන කවියකි, කවිය කතා කරන සිතුවමකි•|

කිමදඅඳුරු සළුවෙන් වසා ඔය මනරම් රූ වරුණ..මග තොට විසිතුරුයන මග තොරතුරු පෙනේද නුඹට හරියටම..ඉඟ නෙරියඅඟපසඟ රන්වන්දිලෙන සම..ලා...
11/07/2022

කිමද
අඳුරු සළුවෙන්
වසා ඔය මනරම්
රූ වරුණ..
මග තොට විසිතුරු
යන මග තොරතුරු
පෙනේද නුඹට
හරියටම..
ඉඟ නෙරිය
අඟපසඟ රන්වන්
දිලෙන සම..
ලාවටවත් අපහට
නොපෙනෙන්නේ
කිමද..
පතා එන කුමරු හට
නුඹ හිමි බව
අපි දනිමු සඳ...
ඒත් මදකට හෝ
පෙන්නාපන් නුඹෙ
ලස්සන
ලෝකයට..

Ishi"

හෙණ ගගහා වැහැපැන්කො අදවත් පිපිරිච්චි ගිනි කන්ද නිවපන්කො පොඟලවත් වහින්නට බැරි නම් කියපන් ඇස් දෙකත් රිදෙනව මගෙ බලන් ඉඳලම ව...
02/07/2022

හෙණ ගගහා වැහැපැන්කො අදවත්
පිපිරිච්චි ගිනි කන්ද
නිවපන්කො පොඟලවත්
වහින්නට බැරි නම් කියපන්
ඇස් දෙකත් රිදෙනව මගෙ
බලන් ඉඳලම වරු ගණන්...

වැස්ස වුණත් වැඩිපුර
වැස්සහම ගලනවා තමයි පිටාර
එච්චර ඕනෙ නෑ තෙමෙන්න
වරුවකට වැහැපන් තදට
ඒ ඇති මට හොඳටෝම...

අකුණකට පුළුවන් ලු
පුච්චන්න දූවිල්ල
ගොරවපන් කන් දෙකම
හිරි වැටිලා ගැලවෙන්න...

ලෝදිය වැටුණෙ පොළොවට
පිච්චිලා දිය වෙද්දි
උඹට ඇයි බැරිවුණේ
මං හින්ද වහින්න
උඹ දන්නෙ අඬන්න
රිදෙනකොට විතරක්ම අහසට...
මට බැරිවුණා අඬන්න
පැලුණොතින් පපුව උඹ
වඩිනවද මහන්න...

තැඹිලි පාටට දිලිසෙන
ලෝදිය දෙන ආදරේ රස්නය
දිය වෙලාම ගියොතින් ඇරෙන්න
එක්කො උඹ නොවැහැම ඉඳපන්
මං කැමතිම දැන් පිච්චිලා දියවෙන්න.

| • Ruki • |

සඳ..ඔව්..නුඹ හඳ වගෙයි..අදුරු වලාවන් මැදදි වුනත්..හිතේ හැටියට දිලෙන්නනුඹට හැකි වුනා..මහා තරු ගොඩක් මැදදිවුනත්නුඹ හරි ලස්ස...
01/07/2022

සඳ..
ඔව්..නුඹ හඳ වගෙයි..
අදුරු වලාවන් මැදදි
වුනත්..
හිතේ හැටියට දිලෙන්න
නුඹට හැකි වුනා..
මහා තරු ගොඩක් මැදදි
වුනත්
නුඹ හරි ලස්සනට
බැබලුනා..
ඒත්.,
දවසක් ආපු අමාවකයට
අපි දෙන්නම හොදටෝම
මැදිවුනා..
සඳට කොපමණ පෙම්
කරත්.,
සදේ අයිතිය පොළවට
නොව., අහසට වග
එදා මට වැටහුනා..
ඉතින්
එදා පටන්
මම නුඹ වෙනුවට
සඳටම සදහටම
පෙම් කලා..

Ishi"

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when _.noir_et_blanc._ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category