Justice For Lankan Cricket

Justice For Lankan Cricket Sri Lankan Cricket Lovers. All Sri Lankan Cricket Lovers in one place.

ඔන්න කාලෙකට පස්සෙ අලුත් ක්‍රීඩකයො හතරදෙනෙකුටම කණ්ඩායමේ අවස්තාව හම්බවෙලා තියෙනවා. මෙහෙම චාන්ස් හම්බෙන්නෙ ඉතා කලාතුරකින්. ...
02/10/2026

ඔන්න කාලෙකට පස්සෙ අලුත් ක්‍රීඩකයො හතරදෙනෙකුටම කණ්ඩායමේ අවස්තාව හම්බවෙලා තියෙනවා. මෙහෙම චාන්ස් හම්බෙන්නෙ ඉතා කලාතුරකින්. ලැබුණු අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න එක ඒ ඒ ක්‍රීඩකයින්ගෙ වැඩක්. 😳♥️මේක තමයි අපේ උපරිමය. මෙතනින් එහාට ගේන්න ක්‍රීඩකයො අපිට ආයෙ නෑ. මේ සීරීස් එකත් දිනාගන්න බැරි වුණොත් නම් අපේ ක්‍රිකට් ඉවරෙටම ඉවරයි කියලා හිත හදාගන්න තමයි වෙන්නේ.. 🥺

• පැතුම් ❌ »»»» සිනෙත් ✅
• චරිත් ❌ »»»» සහන් ✅
• පවන් ❌ »»»» චමිඳු ✅
• වනිඳු ❌ »»»» වියස් ✅

මොකද හිතන්නේ? අලුත් සෙට් එක වැඩ පෙන්නලා සීරීස් එක අපිට දිනවලා දෙයිද? 🇱🇰

✒️ Srr lanka a cricket lions

ප්‍රබල ක්‍රීඩක වනිඳු සහ පැතුම්ව ඉන්ටර්නැෂනල් ලීග් T20 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගන...
01/10/2026

ප්‍රබල ක්‍රීඩක වනිඳු සහ පැතුම්ව ඉන්ටර්නැෂනල් ලීග් T20 තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී නොගනියි. 💔 දැන් එයාලගෙත් වටිනාකම බැහැලා. කාලයක් ලෝකෙ හැම ලීග් එකකටම වගේ නැතුවම බැරි ක්‍රීඩකයෝ වෙලා හිටියා. 🥺

එළියේ අලුත් කොල්ලෝ ඉන්නවා උන්ට චාන්ස් නෑ 🙃එළියේ අලුත් කොල්ලෝ ඉන්නවා උන්ට චාන්ස් නෑ 🙃 මේ තියෙන්නේ එලියේ ඉන්න අලුත් අයට චා...
01/10/2026

එළියේ අලුත් කොල්ලෝ ඉන්නවා උන්ට චාන්ස් නෑ 🙃එළියේ අලුත් කොල්ලෝ ඉන්නවා උන්ට චාන්ස් නෑ 🙃 මේ තියෙන්නේ එලියේ ඉන්න අලුත් අයට චාන්ස් දුන්නම එයාලා හොදටම කරන විදිය 😅 එදත් කියනවා අදත් කියනවා දැන් නැෂනල් ටීම් එකේ ගහන්නේ අපට ඉන්න හොදම 11...නමක් දෙකක් අවුට් ඔෆ් ෆෝම් නිසා එලියෙන් තිබ්බොත් ඇරෙන්න වෙන අලුත් අයව ගේන්න වෙන්නේ වෙන රටකින් තමා 😅 ප්‍රශ්නේ තියෙන්නේ ප්ලේයර්ලගේ ටැලන්ට් එකේ නෙවේ ඇතුලේ හදන් ඉන්න ටීම් කල්චර් එකේ කියන එක තේරුම් ගත්ත දවසට අපි ආයෙත් මැච් දිනයි ❤️

උජිත් අංජන හේමචන්ද්‍ර

🛑උණුසුම් සුබ පැතුම් කාලිංග.🤩🎉️හෙට මෙඩ්ල් එකක් ලක්මාතාවට දිනලා දෙමු. කාලිංග කුමාරගේ ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර 400 ධාවන ඉ...
25/09/2026

🛑උණුසුම් සුබ පැතුම් කාලිංග.🤩🎉️හෙට මෙඩ්ල් එකක් ලක්මාතාවට දිනලා දෙමු. කාලිංග කුමාරගේ ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට සුුදුසුකම් ලබයි

අවසන් තරගය හෙට


එකෙන්ම චරිතයක් බන්.... ඒ intent එක, ඒ attitude එක, ඒ ගැම්ම..... පියාගේ ආශිර්වාදයත් එක්ක හැමදාම ගැම්මක් අල්ලන දුනියා ❤️🔥ඉ...
25/09/2026

එකෙන්ම චරිතයක් බන්.... ඒ intent එක, ඒ attitude එක, ඒ ගැම්ම.....
පියාගේ ආශිර්වාදයත් එක්ක හැමදාම ගැම්මක් අල්ලන දුනියා ❤️🔥

ඉතින් ඊයේ අපි කොහොම හරි thriller එකකින් පස්සේ දින්නා නේ..... ඒ ජයග්‍රහණයට පට්ටම impact එකක් දීපු player කෙනෙක් තමයි Dunith..

England overs 19ට 137-0.... cruising…. 20th over එක දාපු Dunith සුපිරි ball එකක් දාලා Ben Duckettව bowled කරගන්නවා 67කට..... ඊට පස්සේ කොල්ලා next over එකේ 73ක් ගහලා හිටපු Bantonව stumped කරගන්නවා.... ඊළඟට දාපු over එකේ කොල්ලා England captain dangerous Brookව LBW කරගන්නවා.....

ඉතින් දුනියා overs තුනක් ඇතුළත wickets තුනක් අරන් අපිව නැවතත් game එකට enter කරගන්නවා.... ඒ overs තුනට දෙන්නේ runs 15යි.... wickets තුනයි.....

කොහොම හරි after 19 overs 137-0 හිටපු සුදු මහත්වරු after 24 overs 158-3….. overs 5කට 21-3..... මොකද එහා පැත්තෙන් Madushanka පට්ට tight bowling spell එකක් දානවා...

අන්තිමට දුනියා 10-0-49-3. කොල්ලා shape එකේ හොඳ finish එකකුත් දෙනවා 16 off 15.

ඉතින් 2nd wicket එක ගත්තාට පස්සේ ඒ celebration එක...... අහසට දෑත දිගු කර.... “පියාණනි, මෙය ඔබ වෙනුවෙන්…” ❤️

හැමදාමත් වගේ දුනිත් අදත් එක දෙයක් පෙන්නනවා.... Pressure එක කොච්චර තිබුණත්, තමන්ගේ වැඩේ කරන්න කොල්ලා බය නැහැ.

ඉතින් මම කලින් කියලා තියෙනවා වගේ.... දුනිත් කියන්නේ අනාගතයට කරන investment එකක්. අනාගත නායකයෙක්. ඔහු හැමදාමත් සටන්කාමීත්වය පෙන්නලා තියෙනවා. Positive intent එක තියෙනවා. අපිට අවශ්‍ය positivity එක තියෙනවා. Pressure එකේදී fight කරන ගතිය තියෙනවා.

ඉතින් දුනිත් වගේ ක්‍රීඩකයෙක්ව අපි රැකගන්න ඕනේ. දිගටම අවස්ථාව දෙන්න ඕනේ.තරග දෙකක් ගස්සලා, එකක් දෙකක් එළියෙන් තියලා, ආයෙත් ඇතුළට ගන්නවා වගේ දෙයක් නොකර, ඔහුත් එක්ක දිගටම යන්න ඕනේ. මේ වගේ ක්‍රීඩකයෝ අපිට වටිනවා.
උ.ගැ. Vimukthi Adithya

🥺කවදත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට බොක්කෙන්ම සපෝර්ට් කරන බිෂොප් මහතාගෙන් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ  ශ්‍රී ලංකා කණ්ඩයමට සහ මාලිං...
25/09/2026

🥺කවදත් ශ්‍රී ලංකා ක්‍රිකට් එකට බොක්කෙන්ම සපෝර්ට් කරන බිෂොප් මහතාගෙන් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩයමට සහ මාලිංගගේ අවසන් පන්දුවාර සඳහා පැසසුම් 🤩🙏

අමතක කරන්න බැරි අවසන් පන්දුවාර 2ක් 🥵🩵අතිවිශිෂ්ටයි මාලිංග 😌බෝල 12යි.ලකුණු 5යි.කොල්ලා දැම්මා අස්සටම ආයිත් නෝ කතා නෝ සිනා 😏
25/09/2026

අමතක කරන්න බැරි අවසන් පන්දුවාර 2ක් 🥵🩵
අතිවිශිෂ්ටයි මාලිංග 😌

බෝල 12යි.ලකුණු 5යි.

කොල්ලා දැම්මා අස්සටම ආයිත් නෝ කතා නෝ සිනා 😏

🥺මැච් එක දිනලා අද Sky Sports වැඩසටහනේ සංගා ගැම්මෙන් කතා කරා.සංගට ෆුල් හැපි කෙලින්ම 🥹❤️
24/09/2026

🥺මැච් එක දිනලා අද Sky Sports වැඩසටහනේ සංගා ගැම්මෙන් කතා කරා.සංගට ෆුල් හැපි කෙලින්ම 🥹❤️

24/09/2026

වෙලාව පාන්දර 1.21 😩🥺
අඩෝ කාලෙකින් සුපිරි මැච් එකක් බැලුවා.ඒක අපේ උන් දින්නා.හොදට නිදාගන්න පුලුවන් දැන් 😁

මෙන්ඩාගේ දක්ෂතාව සහ හැකියාව ගැන කිසිදා සැකයක් නොවීය. ❤️👏හොඳම කණ්ඩායම්වලට එරෙහිව සහ දැඩි පීඩනය යටතේ, මෙන්ඩා සැබවින්ම ලෝක ...
24/09/2026

මෙන්ඩාගේ දක්ෂතාව සහ හැකියාව ගැන කිසිදා සැකයක් නොවීය. ❤️👏

හොඳම කණ්ඩායම්වලට එරෙහිව සහ දැඩි පීඩනය යටතේ, මෙන්ඩා සැබවින්ම ලෝක මට්ටමේ ඉනිම් නිපදවීමට තමාට ඇති හැකියාව කුමක්දැයි නැවත නැවතත් පෙන්වා දී ඇත.

ඔහුගේ වර්තමානය සහ යාමට හැකියාව ඇති ඉහළ ස්ථානයන් අතර හේතුව පවත්වා නොගත් consistency එක විය හැකිය. මන්ද ඔහු සතුව ඇති දක්ෂතාව සමඟ, වසර ගණනාවක් පුරා සියල්ල ස්ථාවරව සිදු වූයේ නම්, ඔහුට මේ වන විට ළඟා විය හැකි මට්ටම ඔහු පවා විශ්වාස නොකරනු ඇත.

නමුත් ඔහු ඉදිරියට යන සෑම විටම, අපි සැමවිටම ඔහුව විශ්වාස කළේ මන්දැයි ඔහු සැමට මතක් කර දෙයි. 🇱🇰

දිගටම ඉදිරියට යන්න, මෙන්ඩා. ඔබ තුළ තවත් බොහෝ දේ ඉතිරිව ඇත. 🫶🏻✨

විශිෂ්ට ඉනිමක්, මෙන්ඩා! ❤️‍🔥🇱🇰
තරඟයේ වීරයා සම්මාන, විශිෂ්ට ශතකයක් ලබාගත් නායක කුසල් මෙන්ඩිස්ට 🤩♥️ Player Of the Match
පරිවර්තනය knockout ගිණුමෙන්
Kusal Mendis

Address

Colombo

Telephone

+94742831113

Website

Alerts

Be the first to know and let us send you an email when Justice For Lankan Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share