Blossom

Blossom Blossom will bloom your life�

කාලෙකින් හදිස්සියේම අභීගේ අමතක වෙලා තිබුණ සිංදුවක් ළඟදි ඇහුවා... ඒකේ කොටසක් tiktok එකේ දැකලා මුළු එකම ආයෙත් ඇහුවා... ඒ ව...
26/06/2026

කාලෙකින් හදිස්සියේම අභීගේ අමතක වෙලා තිබුණ සිංදුවක් ළඟදි ඇහුවා... ඒකේ කොටසක් tiktok එකේ දැකලා මුළු එකම ආයෙත් ඇහුවා... ඒ වචන භාවනාවක්..

අප හමු නොවුණා නම්
මේ තරම් දුකින්
නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා
හිඳින්න තිබුණා

ඇත්තටම මිනිස්සුන්ට ජීවිතයේ කොච්චර නම් හමුවීම් තියෙනවද ඒ කෙනා කිසිම දවසක ඇස් ඉස්සරහට නාවනම් හිතෙන.. ජීවිත කාලෙටම දුකක් වේදනාවක් ඉතිරි කරපු එහෙම බැඳීම් නොතිබුණානම් මතක් වෙන වාරයක් ගානේ වේදනා නොවිඳ හිනා වෙලා හොඳින් ඉන්න තිබුණා නේද හිතෙන වෙලාවක් එනවා...

යාළුකමට එහා ගිහිං අපිට ආදරේ හිතුණම
මගේ කනට කොඳුරා නොකියන්නම තිබුණා
කැමති උනත් මට අකමැති වෙන්නම තිබුණා

ඒ බැඳීම නන්නාදුන කෙනෙක් එක්ක වුණානම් කාලය එක්ක අමතක කරලා කොහොම හරි හිත හදාගන්න තිබුණා ... ඒත් ඒ කෙනා හොඳම යාළුවෙක් නම්... අපිට ආදරේ විතරක් නෙවෙයි යාළුකමත් නැතිවෙනවා...එහෙම වෙලාවට ආදරේ කිව්වේ ඇයි කියන පසුතැවීම අපිට ඉතුරු වෙන්නෙ...ඒ නිසාම තමයි හුඟක් වෙලාවට හොඳම යාළුවෙක් ට ආදරය හිතුණාත් අපි ඒක හිතේම තියාගෙන ඉන්නේ... මොකද අපිට සමහර වෙලාවට ආදරය ට වඩා ඒ යාළුකම වටිනවා...

හිනාවෙච්ච ඇස් පිහාටු
කඳුළු එක්ක ගොළු උණාම
හිත හදන්නවත් ඔබ ළඟ ඉන්නට තිබුණා
රිදුණු හිතට තවත් දුකම නොදෙන්න තිබුණා

ඉස්සර යාළුවෝ වගේ ඉද්දි නිතරම හිනා වුණු ඇස්... ඒ හිනාවට හේතුවුණ ඇස් ඉස්සරහම කදුළින් බොඳවෙන්න ගත්තාම... ඉස්සර තොර තෝංචියක් නැතුව කියවපු කෙනා ඉස්සරහම දැන් ගොළු වෙද්දී හිතට දැනෙන ඒ හිස් බව... ඉස්සර වක්කඩේ කැඩුවා වගේ ගලාගෙන ආව වචන වෙනුවට කියාගන්න බැරි වේදනාවකින් උඟුර හිර වෙද්දී ... හැමෝටම වඩා හිතේ තිබුණ වේදනාව අතීතයේ විඳපු වේදනා දන්න කෙනාම...ඒ වේදනා ඒ තුවාල සුවපත් කරයි හිතපු කෙනාම අවසානේ ඊටත් වඩා වේදනාවක් උරුම කරාම.... මේ හමුවීම සිදුනොව්නානම් කියලා විතරක් ම හිතෙනවා...

අප හමු නොවුණා නම්
මේ තරම් දුකින්
නොඉන්න තිබුණා
කඳුළු නැතිව හිනාවෙලා
හිඳින්න තිබුණා

අභීගේ Abhisheka Wimalaweera වචනවලට පණ තියෙනවා... මේකත් ඒ වගේ හිත හිරිවැටෙන ගීතයක්...

-යශෝධා හීන්කෙන්ද-

රිදුනත් මොකද හිත....නුඹ හොඳින් නම්....
15/06/2026

රිදුනත් මොකද හිත....
නුඹ හොඳින් නම්....

14/06/2026

ඒ මතක හිත පෑරුවත් මොකද
නුඹ හොඳින් නම්....

-යශෝධා හීන්කෙන්ද-

07/06/2026

වැහි මන්දාරම් හවසක යන්න කියාපු
කොළඹ මැද තියෙන හරිත ලෝකය....

07/06/2026

සමහර සුවඳවල් අපිව අතීතයේ අතරමන් කරනවා....
ආයි වර්තමානයට එන්න බැරි තරමටම...
ඒ සුවඳට අපි ආදරය කරනවාද
වෛර කරනවා ද වත් නොතේරෙන තරමටම...
ඒ සුවඳ හිත පාරනවා...

-යශෝධා හීන්කෙන්ද-

අදත් පොතක් ගැන විස්තරයක් අරගෙන එන්න හිතුණා ... ඒ තනූජා ලුම්බිණි තඹවිට ගේ බෝඩිං කතා...මේ පොත මන් හොයලා ම ගත්ත එකක්.. මන් ...
04/06/2026

අදත් පොතක් ගැන විස්තරයක් අරගෙන එන්න හිතුණා ... ඒ තනූජා ලුම්බිණි තඹවිට ගේ බෝඩිං කතා...

මේ පොත මන් හොයලා ම ගත්ත එකක්.. මන් සාමාන්‍යයෙන් තනූජා fb එකේ ලියන දේවල් කියවනවා වගේම ඒවා රසවිඳිනවා.. තනූජා ජීවිතයේ එක් කාලයක සෑහෙන ප්‍රශ්නවලට මූණ දුන්නත් දැන් පැමිණි දුක් පැණි රසයි කියලා සැහැල්ලුවෙන් සන්තෝසෙන් දැන් ජීවිත් වෙන කෙනෙක් විදියටයි මට එයා ලියන දෙවල්වලින් තේරුම් ගියේ...

මේ පොතේ තියන කතා සේරම තනූජා ගේ ඇත්තම අත්දැකීම්... සමහර කතාවලට අපිට හිනා ගියත් ඒවා අත්විඳි කෙනාට නම් සංසාරේ එපා වෙන්නට ඇති කියලා හිතෙනවා.. හැබැයි මොනවා උනත් සේරම කතා රසවත් ...මෙහෙම බෝඩිං ත් තියෙනවද දෙවියනේ කියලා හිතෙනවා .. එක හුස්මට වාඩි වෙලා කියවන්න පුළුවන් රසවත් පුංචි පොතක් මේක...

මන් ජීවිතයට බෝඩිමක ජීවත් වෙලා නෑ... එකට හේතුව මන් ඉගෙන් ගත්ත මොරටුව විශ්ව විද්‍යාලය ගෙදර ඉඳලා හූවක දුරින් තිබීමත් රැකියාවකට කියා බෝඩිමක නවතින්නට අවශ්‍යතාවයකුත් කිසිදා ඇති නොවීමත්... හැබැයි මොරටුව විශ්ව විද්‍යාලය ළඟ ගේ තිබුණ නිසාම වටේ ගෙවල් ඔක්කොමේම තිබුණ බෝඩිංවල ජොලි කතා මට බලන්න හම්බුණා... ඒ වගේම මගේ මිතුරු මිතුරියන්ගේ බොඩිං ජීවිතයේ රසමුසු කතා අහලා තිබුණා ... ඒ සේරම මතක මේකෙන් අළුත් වුණා...

බෝඩිමක හිටියත් නැතත් කියවන්න ඔළුවට සනීප පොතක් තමා මේ බෝඩිං කතා... ඉස්සර යාලුවෝ එක්ක හොස්ටල් එකේ හොරෙන් ගිහින් හිටිය දවස්වල මතකත් මේකෙන් අලුත් වුණා...මගේ යළුවෝ හිටිය හොස්ටල් කාමරේ හතර දෙනෙක් හිටියට එකේ දොරේ තරු 5ක් තිබුණා ... මොකද මාත් එකේ නිළ නොළත් සාමජිකයෙක් නිසා... ඒ ආදරණීය මතක හරි ලස්සනයි... හුඟක් දවසට මන් ගෙදරින් එයාලට එක්ක කෑම අරන් ගියාට මොකද එයාලා හොස්ටල් එකේ හොරෙන් හැදුව කෑමක මගේ පංගුව මන් එන්කන් තියන් ඉන්න දවසුත් තිබුණා .. විශේෂ කෑමකනම් මගේ පංගුව අමතක කරන්නෙම නෑ එයාලා... මේ පොත මාව ජීවිතයේ ලස්සනම කාලෙකට අරගෙන ගියා... එහෙම පොත් හරි වටිනවා...

අනික මේකෙ තියන කතා ඇත්තටම වෙනවා කියලා මන් දැකලා තියෙනවා ... අපේ ගෙවල් පාරේ ගෙදරක් තිබුණා ... ඒ ගෙදර ආන්ටි වත්තේ පහල ලොකු කොහිල ගාලක් වවලා තිබුණා ... ඒ බොඩිං එකේ හිටිය පිරිමි
ළමයින්ට හැමදාම එක වේලකට හරි කොහිල වරදින්නේ නෑ... අන්තිමට ඒ බෝඩිං එක ප්‍රසිද්ධ වුනා කොහිල පැලස් කියලා..google map එකෙත් ඒ නම update කරලයි ඒ කොල්ලෝ ටික ගියේ... අපේ පාරේ ඒ වගේ ජාත්‍යන්තරයට ගිය බෝඩිං සෑහෙන්න තියෙනවා ... මන් මේ ලියමනට ඒවා අමුණන්නම්...

ඔයාලටත් මට වගේ බෝඩිං මතක අළුත් කරගන්න හරි බෝඩිං කියන ඒවගේ වෙන රසකතා දැනගන්න කැමතිනම් හරි බෝඩිං කතා පොත කියවන්න... ජීවිතයේ තියෙන් ප්‍රශ්න අමතක කරවන බලයක් තියෙන ජාතියේ පොතක් තමයි ඒක... මන් පොතේ රසවත් තැන් කීපයක් මේ ලියමනට අමුණන්නම් ....

Thanuja Lumbini ට තව තවත් මේ වගේ රසකතා ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

මගේ ලියමන කියෙව්වාට බොහොම ස්තූතියි... අළුත් පොතක විස්තරයක් අරගෙන ආපහු එන්නම්...

-යශෝධා හීන්කෙන්ද-

#බෝඩිංකතා

රස පද බැඳූ පමණින් සලලෙක්ට කවියෙක් විය   හැකි දරූං ගෑ පමණින් මල් තැලූ බඹරෙක් මී මැස්සෙක්   වේ දහම් පෙරවූ පමණින් නරියෙක් ස...
24/05/2026

රස පද බැඳූ පමණින් සලලෙක්ට කවියෙක් විය හැකි ද
රූං ගෑ පමණින් මල් තැලූ බඹරෙක් මී මැස්සෙක් වේ ද
හම් පෙරවූ පමණින් නරියෙක් සිහ රජෙක් වෙ ද
පඬු රෙද්දක් පෙරවූ පමණින් ඌ පැවිද්දෙක් වේ ද

-යශෝධා හීන්කෙන්ද-

වැස්ස වෙලාවේ කියවන්න හොඳ පොතක් ගැන ලියන්න හිතුණා...මේ පොත මට හම්බෙන්නේ ඇත්තටම අහම්බෙන් ... ගිය මාසේ අසනීපෙන් ඉන්න වෙලාවක...
22/05/2026

වැස්ස වෙලාවේ කියවන්න හොඳ පොතක් ගැන ලියන්න හිතුණා...මේ පොත මට හම්බෙන්නේ ඇත්තටම අහම්බෙන් ... ගිය මාසේ අසනීපෙන් ඉන්න වෙලාවක එක අතකටවත් ඉන්නත් බැරි එකේ ... රැකියාවෙන් අසනීප නිවාඩු ලබා ඉන්නත් නිසා....පොතක් තිබ්බනම් හොඳයි හිතුණා ... එළියට යන්න තරම් සනීපයක් නොතිබුණත් හැමදේටම සහයට ඩැනී සැමියාණෝ මාව කොහොම හරි වාහනේට නග්ගගෙන පිළියන්දල සරසවි එකට එක්ක ගියා... ඇගේ පැලැස්තර අලවන් ඇද වෙලා එන මන් දිහා පිටසක්වලයෙක් දැක්කා වගේ බැලුවට මොකද සරසවි එකේ අය බොහොම කැමැත්තෙන් පොතක් තෝරන්න උදව් කළා... මන් හරි කැමතියි ඕනම තැනක කරන වැඩේ දන්න මිනිස්සු ඉන්නවට.. මෙත්නත් එහෙම ලස්සන තරුණියක් හිටියා.. මන් එයාගෙන් ඇහුවා නැන්දම්මාගේ ඩයරිය නැත්නම් බෝඩිං කතා පොත් දෙක තියෙනවා ද කියලා... එයා ඔව් කියලා ඒ පොත් දෙක අතටම ගෙනල්ලා දුන්නා... මන් එයාගෙන් ඇහුවා ඔලුවට හොඳ පොත් මොනවද තව තියෙන්නේ කියලා... එවෙලේ හිටිය තත්ත්වය අනූව ඔනා උනේ වෙනදට කියවන ස්වර්ණ පුස්තක හම්බුණා වගේ පොත් නෙවෙයි ... සරල එකක්...හිනා යන එකක්... අන්න එවෙලේ තමයි එයා මට මේ මාගරට් කියන වටිනා වස්තුව ගෙනල්ලා දුන්නේ...

මේ පොත අතට ගත්ත වෙලේ ඉඳලා හිනා යනවා නවතින්නේ නෑ... පුදුම ලස්සන කතාවක්... කතාවේ ගලායාම හරීම අපූරුයි ...මේ කතාව ලංකාවේ ගමක අසූව අනූව දශකයේ වෙන බොහොම සරල සිද්ධි දාමයක් වටා තමයි ගෙතෙන්නේ...ඒකාලේ සමාජ ආර්ථික පසුබිම ගැන හරි ලස්සන තොරතුරු මේ කතාවේ ගැබ් වෙලා තියෙනවා ....

මාගරට් කියන්නේ දුවලා රොත්කුයි පුතෙකුයි ඉන්න අම්මා කෙනෙක්... මාගරට් කියන විදියට ඒ පුතා හම්බ නොවෙන්න තව සෑහෙන කාලයක් යනකන් බෙරේ බැඳන් තමා ඉන්න වෙන්නේ... එදිනෙදා ගමක දකින්නට තියෙන බොහොම සරල ඕප දූප...ඇදහිලි විශ්වාස... මිනිස්සුන්ගේ සංකීර්ණ ගති පැවතුම්...සබඳතා...මේ සේරම ගැන මේ කතාවේ කියවෙනවා... මේ කතාවට මන් ආසම මේකේ ඉන්නේ සුදු වත් කලු වත් මිනිස්සු නෙවෙයි ... එදිනෙදා අපි දකින අලු මිනිස්සු ... මේ මාගරට්ගේ ගෙදර සිදුවන සිදුවීම් විශේෂයෙන් ම ළමුන් අතර සිදුවන සිදුවීම් හරිම විනෝදයි... ඒ කාලයේ සමාජය කොතරම් නම් අව්‍යාජ ද හිතෙනවා මේක කියෙව්වාම...

මන් සෑහෙන කාලෙකින් එක දිගට හිනා උනා මේ පොත කියවලා... පටන් ගන්න තැන ඉදන් ඉවරවෙනකන් කිසීම කම්මැළි කමක් නැතුව එක හුස්මට කියවන්න පුළුවන් පොතක්... මන් කතාව නොකියා ...කතාවේ රස තැන් කීපයක් මේ ලියමනට අමුණනවා... හැබැයි විශ්වාස කරන්න ඔයිට වඩා හිනායන කොටස් සෑහෙන්න තියෙනවා ... සාමාන්‍යයෙන් මන් ටිකක් ගැඹුරු පොත් කියවන්න කැමති කෙනෙක්... හැබැයි මේ පොත ඔයා මොන ජාතියේ පොත් කියෙව්වත් අනිවාර්යයෙන් ඇබ්බැහි වෙන් ජාතියේ පොතක්...

මේ පොත ලියලා තියෙන්නේ රන්දික කඩවතආරච්චි Randika Kadawathaarachchi... ඔහුට වැඩි වැඩියෙන් මේ වගේ රසවත් පොත් ලියන්න අදහස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

බොහොම ස්තූතිය මගේ ලියමන කියෙව්වාට....අලුත් පොතක විස්තරයක් අරගෙන ආයෙත් එන්නම්...

-යශෝධා හීන්කෙන්ද-

#මාගරට්

12/05/2026

Address

32, Bagatalle Road, Colombo 03
Colombo
00300

Website

Alerts

Be the first to know and let us send you an email when Blossom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category