S E R E N D I B

S E R E N D I B Sri Lanka (S E R E N D I B), it's absolutely a paradise on Earth

වෙසක් 🌕
30/05/2026

වෙසක් 🌕

ඒ සුන්දර පරපුර...! ❤ ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...ඒ අපූරු පරපුර මිය යමින් සිටී...මහා යාන-වාහන..,Smart දුරකථන නොව....
05/11/2025

ඒ සුන්දර පරපුර...! ❤

ඒ සුන්දර මිනිසුන් සමුගනිමින් සිටී...
ඒ අපූරු පරපුර මිය යමින් සිටී...

මහා යාන-වාහන..,
Smart දුරකථන නොව.,
රූපවාහිනී හා විදුලියද නොමැතිව
උන් ජීවත් වූහ.

අපේ පරපුර මෙන්
මහ ඉහළට ඉගෙන ගැනීමට..,
ලස්සනම කෙනා වීමට..,
ලොකුම කතාව කිරීමට...
උන්ට වෙලාව තිබුණේ නැත.

තාප්ප වලින් වට කොට
මහා මාළිඟා තැනීමට..,
නවීනතම වාහනය ගැනීමට..,
ලස්සනම ඇස් ඇති සෙල්ෆිය ගැනීමට..
උන්ට ඇවැසි වූයේ නැත.

රෑ වෙනතුරු
වත්තේ.., පිටියේ..,
තැන්නේ.., කුඹුරේ.., කුරක්කන් යායේ..
ඔට්ටු වූ උන්...

මැදියම වෙනතුරු...
ඇඳුම් මැසූහ...
වට්ටි පෙට්ටි විවීය..

ඒ මැසූ ඇඳුමෙන්
සරලව සැරසුනු උන්ට..
මහා නිර්මාණකරුවන්ගේ ලාංඡන ඇති..
අමුතු ඇඳුම් ඇවැසි නොවීය.

ලෙඩට-දුකට Channel කරන්නට..
උන්ට කිසිවෙකු නොසිටියහ.

ගහට කොළට..,
සතා සීපාවාට..,
ඇලට දොළට
උන් සැබැවින්ම ආදරේ කළහ.
කුරුල්ලන්, ලේනුන්
උන්ගේ අත් උඩට එන්නට
කිසිවිටෙක බය නොවූහ.

එබැවින් උන්ට..
Oxygen සඳහා මරා ගන්නට..
මූණු ආවරණ දා හැංඟෙන්නට..
ඇවැසි නොවීය..

ගේ ඇතුළට නළ ජලය නොලැබූ උන්..
ඇලට දොළට..,
ළිඳට වැවට..,
පාරේ පයිප්පයට ගොස්
වතුර ගෙන ආහ.

McDonald's..,
KFC නොදත් උන්...
සහල් මිටකින්..,
කුරක්කන් කරලින්
පොල් සම්බෝලෙන්
කිරි හොද්දෙන්
සෑහීමකට පත් වූහ.

උන් උඹේ පරපුරට ඇල-දොළ බාර දෙද්දී..
ඒවා ප්ලාස්ටික් කුණුගොඩවල් නොවීය.
වැව්, මුහුදු බාර දෙද්දී..,
කුණු වතුරෙන් පිරී නොතිබීය.
වත්ත පිටියේ..
කුරුල්ලො ගී ගැයූහ..

අද උඹලා ඊළඟ පරපුරට බාර දෙන
කුණු ගොඩ දැක
අපි කඳුළු පෙරූහ..

යුද්ධ.., සාගිනි වලට
මුහුණ දුන් උන්...
මහ උන්ට රැවටුනි...

මේ පරපුර මිය යමින් පවතී...

මට මගේ පරපුර ගැන ඇත්තේ ආදරය කි..!
උඹලාගේ පරපුර ගැන ඇත්තේ කලකිරිමකි..!!

ලියන්නට තව බොහෝ දේ තිබුණත්..,
කියවන උඹට…
නොලියූ දේ දැනුනු බව දනිමි..!

Copied




Sri Dalada Perahera at Kandy, Sri Lanka 🇱🇰 📸 Manilka Jayasingha
13/08/2024

Sri Dalada Perahera at Kandy, Sri Lanka 🇱🇰

📸 Manilka Jayasingha

05/06/2024

🇱🇰 ලංකාව තුල ළමා හිංසනයක් දුටු විගස දැනුම් දීමට අමතන්න.
☎ 1929

තවලම ගියපු අය දන්නවා.. 🌳🍃
22/04/2024

තවලම ගියපු අය දන්නවා.. 🌳🍃

Peradeniya - Kandy, Sri Lanka 🇱🇰 📸 ctto
20/04/2024

Peradeniya - Kandy, Sri Lanka 🇱🇰

📸 ctto

ඔයාට වයස අවුරුදු 10 යි, හැමෝම ගෙදර. අම්මා උයනවා, තාත්තා ටීවී බලනවා, ඔයාගේ අයියලා අක්කලා එයාලගේ දේවල් කරනවා.ඒත් හැමෝම ගෙද...
11/01/2024

ඔයාට වයස අවුරුදු 10 යි,
හැමෝම ගෙදර. අම්මා උයනවා,
තාත්තා ටීවී බලනවා,
ඔයාගේ අයියලා අක්කලා
එයාලගේ දේවල් කරනවා.
ඒත් හැමෝම ගෙදර.

ඔයා ඔයාගේ කාමරයේ ඇඳ උඩ දිගා වී,
ඔයා ලොකුවෙලා
ඔයාට කැමති ඕනෑම දෙයක්
කරන්නට නිදහස ලබන දිනයක් ගැන
සිහින මවන්නට ඇති.
ඔයාට ඉක්මනට ලොකු වෙන්න
අවශ්‍ය වූනේ පවුලේ සෑම කෙනෙකුම
නිවසේ සිටීමෙන් ලැබෙන සතුට
සැනසුම ඔයාට අගයක්
නොදැනුන නිසා විය හැක.

දැන් ඔබ ඔබේ විසි තිස් ගණන්වල
පසුවන අතර ඔයාට ආපසු
ඒ දවස්වලට යාමට
හැකි නම් ඔබ කැමතිය.

ඔබ සහ ඔබේ සහෝදර සහෝදරියන්
සියල්ලෝම ගෙදරින් පිටව ගොස් ඇත.
ඔබේ මාපියන් වයසට ගොස් ඇති අතර,
ඔවුන් තනිකමට හුදකලාවට
හුරු වීමට උත්සාහ කරමින් සිටී.
ඔබ ඔවුන්ගේ සුදු හිසකෙස් දැකීමට
පටන් ගන්නා අතර කාලය
කොච්චර ඉක්මනට ගෙවී ගොස්
ඇත්දැයි කල්පනා කරනු ඇත.

ඔබ සියල්ලන්ම එකට ජීවත් වන
තවත් දිනක් කිසි දිනෙක නොමැති
බව ඔබට වැටහේ.
ඔබේ සහෝදර සහෝදරියන්
දැන් සිටින්නේ එහා පැත්තේ කාමරයේ නොව, සමහරවිට ඔවුන් වෙනත් රටකය.
ඉඳහිට ඔබ ඔවුන් බැලීමට යනු ඇත,
නමුත් ඔබ එහි රැඳී නොසිටිනු ඇත.
ඔබ නැවත කිසි දිනෙක
එකට සෙල්ලම් නොකරනු ඇත,
ඔබ ආයෙ සෑම රෑකම
එකට රාත්‍රී ආහාරය නොගනු ඇත,
සහ තවත් පවුලේ චිත්‍රපට රාත්‍රීන් නොමැත.
ඔබ සෑම දිනකම එකිනෙකා දකින්නේ නැත.
මම, මගේ මහ ගෙදර යන හැඟීම
සඳහා ආශා කරමි,

නමුත් මට ආපසු යා නොහැක.
මගේ මහ ගෙදර ඉරා දමා ඇති අතර,
එහි කෑලි විවිධ ස්ථානවල විසිරී ඇත.
මහ ගෙදර දැන් කවුරුත් නැත..🥺

Copied ✍️ ේජ්කඩේ

රුපියලට ටොෆි 4ක් ලැබුණ කාලයක සිට එක ටොෆියක් රුපියල් 5කට ගන්නා කාලයක් දක්වා අපි උස් මහත් වීමු"පිට්ටනියේදී හමුවෙමු " යි කි...
29/12/2023

රුපියලට ටොෆි 4ක් ලැබුණ කාලයක සිට එක ටොෆියක් රුපියල් 5කට ගන්නා කාලයක් දක්වා අපි උස් මහත් වීමු

"පිට්ටනියේදී හමුවෙමු " යි කියූ කාලයක සිට "ඔන්ලයින් එන්න" කියන කාලය දක්වා අපි උස් මහත් වීමු

සහෝදරියගේ චොකලට් හොරෙන් කෑ අවධියේ සිට ඇගේම දරුවන් බලන්නට චොකලට් මිළට ගෙන යන කාලය තෙක් අපි උස් මහත් වීමු

උදේ නැගිටින්න කම්මැලිව අම්මාට "තව විනාඩි පහකින් නැගිටින්නම්" කියූ අවධියක සිට එලාම් එක තව විනාඩි 5කින් දිගු කරන අවධිය තෙක් අපි උස් මහත් වීමු

අපට ඕනෑ දේ ඉල්ලා මහ හඬින් හඬා වැටුණු අවධියක සිට ඇතුළතින් බිඳ වැටී සිටියදීත් කඳුළු සඟවා ගෙන දරාගන්නා අවධිය තෙක් අපි උස් මහත් වීමු

"ඉක්මණින් ලොකු වෙන්නට" සිහින මැවූ අවධියක සිට "ආයෙත් පොඩි ළමයෙක් වෙන්නට ඇත්නම්" යැයි සිතෙන අවධිය තෙක් අපි උස් මහත් වීමු

"අපි මුණගැහිලා සැලසුම් කරමු" කිවූ කාලයක සිට " අපි මුණගැහෙන්න සැලසුම් කරමු" කියන කාලය දක්වා අපි උස් මහත් වීමු

දෙමව්පියන්ට බිය වී සිටි අවධියක සිට දෙමව්පියන් වෙනුවෙන් අයදින අවධියක් දක්වා අවසානයේ අපි උස් මහත් වීමු

එසේ උස් මහත් වන අතරතුර, වසරක් පාසා සෙමින් සෙමින් අප ජීවිත කොතරම් වෙනස් වන්නේද යන්නත්, තවත් වසරක් නොදැනීම ගෙවී ඇති බවත් අපි උගත්තෙමු.. 😌♥️


උපුටා ගැනීම 🌷
Chamira Siriwardena ෆේස්බුක් ගිණුමෙන්

වික්ටෝරියා වේල්ල හදන කාලෙ පිංතූර...🌿🌳.📷 - කිත්සිරි ප්‍රනාන්දු
21/11/2023

වික්ටෝරියා වේල්ල හදන කාලෙ පිංතූර...🌿🌳.
📷 - කිත්සිරි ප්‍රනාන්දු

බෙන්තොට📸 Indrajith Prasad
19/11/2023

බෙන්තොට
📸 Indrajith Prasad

Address

Bentota

Website

Alerts

Be the first to know and let us send you an email when S E R E N D I B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category