හිම - Hima

හිම - Hima කාලෙකට වැටෙන... කාලෙකට දියවෙන... ~හිම~

01/01/2026
මලකි මඩ පිස සැනසුනී....... #හිම
12/11/2025

මලකි මඩ පිස සැනසුනී.......
#හිම

යශෝධරා...උණු ලේ නහර වැල් පාසා තදින් බැඳීහුස්මක සුවඳ  හිත හඳුනන ලෙසින් දැනීරිදුමක කඳුළ වුව මේසා තදින් දැනීදුක සැප දෙකම නු...
09/11/2024

යශෝධරා...

උණු ලේ නහර වැල් පාසා තදින් බැඳී
හුස්මක සුවඳ හිත හඳුනන ලෙසින් දැනී
රිදුමක කඳුළ වුව මේසා තදින් දැනී
දුක සැප දෙකම නුඹ වූ හේතුව නොදනී...

නුබේ කඳුල මට කඳුලක් වූ සේයා
නුබේ සතුට මට මහ කන්දක් වූවා
හිඳිමින් සුපිරිසිදු නුඹෙ හදවත ගාවා
ලැබූ සතුට ළඟ කිසිවක් නැත බෝමා...

සසර කල්ප කල් අතැඟිලි බැඳ ඇවිද
බුදුවන්නට දෝතින් ඉනිමං බැන්ද
සිදුහත් භවයකදි ඔය පා ලඟම හිඳ
යශෝධරා වෙන්නට මට අවසරද...

- හිම -

05/09/2024

නන්නත්තාර වෙලා යන ගමනක..
කොහේදෝ ඉඳන් කොහෙටදෝ ඇවිත්,
නැවතුනේ ඔයා ළඟ, ආයෙත් එහෙම තැනක් ආහම්බෙන්වත් හමු නොවිය යුතු බවට,
හිතට වැදි ඒ පණිවිඩෙන්....
ඔව්,උනා නොදැනීම නුඹ මට ඇබ්බැහියක්...
වචනවලටත් වැඩිය කියවෙන,
ඇස් තෙපුල් මත කතාවෙන්...
නොදැක ඉඳි වරු පැය ගණන් වල
හෙළු ඒ බර හුස්මගින්...
දකින මොහොතක
තත්පරෙන් භාගෙකට,
ඉපිලෙනා හිත මොන තරම්...
වාරු නෑ සඳ එහෙම හිටි හද,
දවස නුඹ යන සිහි උනත්...

#හිම

මටත් ඕනෙ දැන් ගොලු වෙන්න..නුඹ තරමට ම නිහඩ වෙන්න..මට දැනෙන තරමට ම ඒ බවක් නුබ හටත් දනවන්න..නුබෙ ශබ්ද කෝෂයේ වචන අඩු වෙන ගාණ...
19/01/2024

මටත් ඕනෙ දැන් ගොලු වෙන්න..
නුඹ තරමට ම නිහඩ වෙන්න..
මට දැනෙන තරමට ම ඒ බවක්
නුබ හටත් දනවන්න..

නුබෙ ශබ්ද කෝෂයේ වචන අඩු වෙන ගාණෙ..
මගෙ ශබ්ද කෝෂයත් ඔහෙ අඩුව ගියාවේ..
ආයෙමත් ලියන්නට කිසිත් නොම හිතුනාවේ..
දැනෙන දේ හිත පතුලෙ ඔහෙ මැකී ගියාවේ..

ලියන්නට හිතක් ආයෙමත් ඕනෙ නෑ..
දැනෙන්නට පාලුවක් ඉතින් හේතුවක් නෑ..
ගෙවෙන්නට කාලයක් බලන් ඉඳ පලක් නෑ..
ගෙවුණූ ඒ කාලයන් ආයෙමත් එන්නෙ නෑ..

- හිම -

තමන්ව දැනෙන තේරෙන කිසිම එකෙක් තමන්ගෙ ජීවිතේ නෑ කියන එක....තමන්ට තමන් විතරයි කියලා හිතෙන එක...ගොඩක් වෙලාවට අපිට හිතෙන දෙය...
30/12/2023

තමන්ව දැනෙන තේරෙන කිසිම එකෙක් තමන්ගෙ ජීවිතේ නෑ කියන එක....
තමන්ට තමන් විතරයි කියලා හිතෙන එක...

ගොඩක් වෙලාවට අපිට හිතෙන දෙයක් නේද...

ඒ තමන්ගෙ වයිබ් එක අනිත් අයට නොතේරෙනවා කියලා හිතෙන තැනකදි...
එහෙමත් නැත්නම්...
ඇත්තම කිව්වොත් තමන්ගෙ විදිය, තමන්ට ඕන දේවල් ඕන විදිය, ඒ අයට තේරෙන්න ශෙයාර් කරගන්නෙ නැති එකත් වෙන්න පුලුවන් නේද...

කවද හරි එහෙම හිතලා තියෙනවද..
නෑ.. ගොඩක් අය හිතන්නෙ තමන්ගෙ පැත්තෙන්ම විතරයි නේද...

අනිත් අය ගැන තමන්ට ඕන තමන්ගෙ විදිය හොයද්දි... හිතලා තියෙනවද ඒ අයට ඕන විදියටත් ඒ දේවල් තමන්ගෙන් ඇත්තටම වෙලා තියෙනවද කියලා...
වැඩි දෙයක් ඕනෙ නෑ..
ආදරය, අවධානය....
හිතන්න...

අපි තව පොඩ්ඩක් කතා කරමු... ඔයාට තරහත් යයි... ඒත් පොඩ්ඩක් අහන්නකෝ...

අපි හිතනවා අපේ ප්‍රශ්නයක් කතා කරන්න කවුරුත් නෑ, එහෙම කිව්වත් තේරුම් ගන්න එකක් නෑ, මගෙත් එක්ක ආදරේ සෙනෙහස බෙදා ගන්නෙ නෑ... පොඩි පොඩි සිද්දි ටිකක් අල්ලන් අපි ලොකු ලොකු උපකල්පන ගොඩාක් හදාගන්නවා නේද...
ඒත් පොඩ්ඩක් හරි හිතුවද ඒවා ඇත්තටම එහෙමද කියලා ටෙස්ට් කරලා බලන්න..
කොටින්ම ඒ අයත් මහ මෙරක් තරම් අපිටත් ආදරෙයි නේද කියලා දැනෙන තරමටවත්..
ඔව් මොකද ඒ අය එයාලගෙ ජීවිතේටත් වඩා අපිට ආදරෙයි..

ඒ වගේම අපි හිතනවා නේද එයාලට අපිව ඕනෙ එයාලගෙ වැඩක් කරගන්න, එයාලගෙ උදව්වට, වාසියට විතරයි වගේ දේවලුත්...
එහෙම අයත් ඉන්නවා, ඒත් මං කියන්නෙ මේ අය ගැනනම් නෙවේ... ඔයා එහෙම හිතුවත්, ඔයාට දැනුනත්... ඇත්තටම එහෙම නොවෙන මිනිස්සු ගැන...
ඔයා නොදන්නවා උනාට ඒ අය ඔයාගෙන් හොයන්නෙ ඔයාගෙ අනාගතය, ඔයාගෙ සතුට, ඔයාගෙ හිනාව, කතා බහ... පොඩ්ඩක් හරි දැනිලා තියෙනවද ඒ ගැන...
ඔයාගෙ ඒ දේවල් වෙනුවෙන් දිවා රෑ හිත වෙහෙසන තරම, කඳුළු හලන තරම... දැකලා, දැනිලා නෑ නේද ඔයාගෙ හිතුවක්කාර හිතට...
අපි අපිට ආදරෙයි...
ඒත් අමතක කරන්න එපා අපිට ආදරේ, මේ ලෝකෙ ඉන්න අනිත් අය ගැන...
තමන්ට ඕන දේ හොයන්නනම්, තමන්ව ශෙයාර් කරගන්න...
අපි කවුරුත් එක වගේ නෑ, ඉතින් අපිට අපිවම තව කෙනෙක්ගෙන් හම්බවෙන්නෙත් නෑ..
ඉතින් ඇයි ළමයෝ ඒක මතක නෑ වගේ හිතන්නේ...
අපිට ලැබෙන්නෙත්, අපි ශෙයාර් කරගන්න තරමටමයි.. එහෙනම් ඔයාට නොලැබෙන්නෙත් ඔයාගෙනුත් ලැබෙන දේවල් අඩු නිසාම නේද..
හිතන්න...

දැන්ම පොඩ්ඩක් නැවතිලා හිතන්න.. නැත්නම් ඔයා ගොඩාක් පරක්කු වැඩි වෙයි.. ඇයි එයාලා දකිද්දිත් තරහ ගන්නෙ ඔයාව දකිද්දි, ඔයා ගැන හිතලා ඒ අය දුක් වෙන තරමවත් නොදැන....
ඒ අය වෙනුවෙන් කාලයක් වෙන් කරන්න, එයාලත් එක්ක සතුටින් ඉන්න කාලයක් වෙන් කරන්න දැන්ම...
එයාලා නැති දවසක, වෙන් කරන්න කාලෙ තිබ්බත්...
වැඩක් නෑ නේද...

සතුටින් ඉන්න දරුවෝ සතුටින් ඉන්න... මුලින්ම තමන්ගෙ උන් එක්ක....

ඉපදුන දා ඉඳලා මැරෙනකන් හම්බෙන ඒ අදරේ ගනන් නොගෙන. වෙන මොන ආදරේකට තැනක් දුන්නත් වැඩක් නෑ ළමයෝ.. ඒ අඩුව කවදාහරි දැනෙනවම තමයි.. ඒකට තැනක් දෙන්න.. ඒක තේරුම් ගන්න පරක්කු වෙන්න එපා...

කියන්නෙ මෙච්චරයි, තමන්වත් ශෙයාර් කරගෙනම බලන්න..
ඒ සැහැල්ලුව විඳින්න...
ආදරේ බෙදන්න,
ආදරේ ලබන්න
සතුටින් ඉන්න..... ❤️

#හිම

අතරින් පතර කලු සුදු දවසුත් ඒවී...දේදුනු පාට දින දකිනට නොලැබේවී...මට ඔබට අපිට ඒ දිනයන් වලදී...වෙනදට වඩා සවිමත් වෙන්නට වේව...
05/12/2023

අතරින් පතර කලු සුදු දවසුත් ඒවී...
දේදුනු පාට දින දකිනට නොලැබේවී...
මට ඔබට අපිට ඒ දිනයන් වලදී...
වෙනදට වඩා සවිමත් වෙන්නට වේවී...

හිම - Hima

රටාවකට හැදුණු හිම පියලිත් හරි ලස්සනයි.. මල් තුහින හිම වෙද්දි දරාගන්න පුළුවන් උනාට, හිම පියලි අයිස් කැට වෙද්දි දරාගන්න අම...
20/11/2023

රටාවකට හැදුණු
හිම පියලිත් හරි ලස්සනයි..
මල් තුහින හිම වෙද්දි
දරාගන්න පුළුවන් උනාට,
හිම පියලි
අයිස් කැට වෙද්දි
දරාගන්න අමාරුයි..

හිමත් හරි විසිතුරුයි කාලෙකට වැටෙන
ජීවිතෙත් ඒ වගෙයි රටාවට මැවුන
වැටෙන හිම ගොඩගසා අයිස් කර නොගෙන
සුන්දරත්වය විඳිමු ජීවිතේ අරුම...

~ හිම ~

We have reached 100 followers! Thank you for your continued support. We could not have done it without each of you. 🙏🤗🎉අ...
30/09/2023

We have reached 100 followers! Thank you for your continued support. We could not have done it without each of you. 🙏🤗🎉
අපිත් සමග එකතුවුනු හැමෝටම ස්තූතියි. 🙏🤗🎉

සමහරක් තැන් අද නැතත්මතක මවනව ආදරෙන්සැනසෙන්න බිඳක්වත්ඒ මතක රඟනව හැබැහින්යාව ඉන්නැති එහෙමත්මැවුණු සිත්තම් හිටිහින්ඉතිරි සු...
29/06/2023

සමහරක් තැන් අද නැතත්
මතක මවනව ආදරෙන්
සැනසෙන්න බිඳක්වත්
ඒ මතක රඟනව හැබැහින්
යාව ඉන්නැති එහෙමත්
මැවුණු සිත්තම් හිටිහින්
ඉතිරි සුවඳ ම විතරත්
අරුත් තිවුවා සැකැවින්
පියවෙන දෙනෙතට
සිතිවිලි අහුරට
රැය පුරාවට
හීන දකිනට
අවසරයි අද හෙට
නැහැ ඒ සදහට.......
#හිම

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
02/03/2023

I have reached 100 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

Address

Battaramulla

Website

Alerts

Be the first to know and let us send you an email when හිම - Hima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share