WADFO - We Are Different From Others

Directions

WADFO - We Are Different From Others Welcome to WADFO ❤

18/09/2026

ශ්‍රී ලාංකේය තේ ඉතිහාසය අලුතින් ලියූ නුවනි දිසානායකගේ විශිෂ්ට ජයග්‍රහණය

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්ත ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, තේ රස පරීක්ෂණ ක්ෂේත්‍රයේ ඓතිහාසික ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නුවනි දිසානායක මහත්මිය සමත් වී තිබේ. පිරිමි ආධිපත්‍යය බහුලව පැවති මෙම සංකීර්ණ වෘත්තීය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට තේ රස පරීක්ෂණ ශූරතාව දිනාගත් කාන්තාව ලෙස ඇය වාර්තා අතරට එක්විය.

මෙම ජයග්‍රහණය හිමිවූයේ පසුගිය සැප්තැම්බර් 4 වැනිදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය (Tea Exporters Association – TEA) සංවිධානය කළ වාර්ෂික තේ රස පරීක්ෂණ තරගාවලියේදීය. තේ රස, සුවඳ, ශක්තිය සහ ගුණාත්මකභාවය ඉතා කෙටි කාලයකදී නිවැරදිව හඳුනාගැනීම මෙම තරගයේ ප්‍රධාන අභියෝගය විය.

තේ රස පරීක්ෂාව තේ කර්මාන්තයේ වැදගත්ම ක්‍රියාවලියක් වන අතර, විවිධ තේ වර්ගවල ගුණාත්මකභාවය, සුවිශේෂී ලක්ෂණ සහ වටිනාකම තීරණය කිරීමට එය උපකාරී වේ. වෘත්තීය තේ රස පරීක්ෂකයන් තේ සාම්පලවල වර්ණය, සුවඳ, රසය, ශක්තිය සහ පසු රසය පිළිබඳව සියුම්ව ඇගයීමක් සිදු කරති. තේ මිශ්‍රණ සඳහා සුදුසු තේ තෝරා ගැනීම සහ අවසාන නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහාද ඔවුන්ගේ විශේෂඥ දැනුම වැදගත් වේ. රසයේ සහ සුවඳේ සුළු වෙනස්කම් පවා තේවල ගුණාත්මකභාවයට හා වෙළෙඳ වටිනාකමට බලපාන බැවින්, තේ රස පරීක්ෂාව ඉහළ සංවේදී හැකියාවක්, අවධානයක් සහ අත්දැකීම් අවශ්‍ය වන විශේෂිත වෘත්තීය ක්ෂේත්‍රයකි.

Anverally & Sons ආයතනයේ තේ රස පරීක්ෂකවරියක් සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනියක් ලෙස කටයුතු කරන නුවනි දිසානායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්ම ව්‍යවසායකත්වය පිළිබඳ උපාධිය ලබා මෙම ක්ෂේත්‍රයට පිවිසියාය. Finlays Colombo ආයතනයේ වසර හතකට ආසන්න කාලයක් පුහුණු තේ රස පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරමින් ඇය සිය සංවේදී හැකියාවන් මුවහත් කරගෙන තිබේ.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන නිෂාන් වික්‍රමරත්න, නැසීගිය විදානගමගේ ජයතිලක, තිලංක දසනායක සහ රොමේෂ් මොරායස් යන මහත්වරුන්ගේ මඟපෙන්වීමද ඇයගේ ගමනට ශක්තියක් වී ඇත. Anverally & Sons ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් අනවරලි, තේ අංශයේ සාමාන්‍යාධිකාරී හරේන්ද්‍ර කිරිදෙන සහ විකුණුම් සාමාන්‍යාධිකාරී ධරණි ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගේ දිරිගැන්වීමද මෙම ජයග්‍රහණයට පසුබිම සකස් කළේය.

නුවනි දිසානායකගේ මෙම ඓතිහාසික ජයග්‍රහණය, ජාත්‍යන්තර තේ කර්මාන්තයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ හැකියාවන් ලොවටම පෙන්වා දුන් සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව තිබේ. පිරිමි ආධිපත්‍යය පැවති ක්ෂේත්‍රයක සිය දක්ෂතාව, විනය සහ නොසැලෙන කැපවීම තුළින් සාර්ථකත්වය අත්කරගත් ඇය, තරුණ පරපුරටද ප්‍රබල ආදර්ශයක් වී ඇත.

Anverally & Sons (Pvt) Ltd

ඌව වෙල්ලස්ස සරසවිය තුළ ලියවුණු ඒ සුන්දර ප්‍රේමය විදින්නට,පොතේ නම-ඔබගේ නම-ලිපිනය-පදිංචි දිස්ත්‍රික්කය-ළඟම නගරය-දුරකථන අංක...
18/09/2026

ඌව වෙල්ලස්ස සරසවිය තුළ ලියවුණු ඒ සුන්දර ප්‍රේමය විදින්නට,
පොතේ නම-
ඔබගේ නම-
ලිපිනය-
පදිංචි දිස්ත්‍රික්කය-
ළඟම නගරය-
දුරකථන අංක 2ක්-

0714244873 තාරා ප්‍රකාශන අංකයට WhatsApp කරන්න~

(නිකුත් වෙලා අවුරුද්දක් නිසා ප්‍රථම මුද්‍රණය අවසානයටත් කිට්ටුයිලු...ඒ නිසා ඉක්මන් කරලා order කරන්න...ඔයාලගෙ ආදරේට ආදරෙයි ඉතින්)

ලැම්බට් කොකු 😂Follow WADFO - We Are Different From Others
16/09/2026

ලැම්බට් කොකු 😂
Follow WADFO - We Are Different From Others

විශාල කරදරයක් උනානේ මේක 😑Follow WADFO - We Are Different From Others
16/09/2026

විශාල කරදරයක් උනානේ මේක 😑
Follow WADFO - We Are Different From Others

Alumni ආයිත් කතා කරන්න දෙයක් නෑ 😂Follow WADFO - We Are Different From Others
16/09/2026

Alumni ආයිත් කතා කරන්න දෙයක් නෑ 😂
Follow WADFO - We Are Different From Others

කියමු බලන්න මේ වල් බිහි වු ගොඩනැගිල්ල මොකද්ද කියලා? 🙈🥸Follow WADFO - We Are Different From Others
14/09/2026

කියමු බලන්න මේ වල් බිහි වු ගොඩනැගිල්ල මොකද්ද කියලා? 🙈🥸
Follow WADFO - We Are Different From Others

14/09/2026

❤️

14/09/2026

ඉතින්,
"බදුලු ඔය හඩ නගා ගලපන්.."🥺❤️

එදා වාගේම මතක දහසක් සගවාගෙන බදුලු ඔය හඩ නගා ගලන්නේ වෙල්ලස්සේ අපේ වුන් රන් කහවණු සොයන්න ඈත දුර රට රාජ්‍යන් වල වෙල්ලස්ස දාල ගිය නිසාම වෙන්නැති,
බදුලු ඔයට වඩා මහ හයියෙන් නොකිව්වට අපේ වුන්ගේ හිත් වලින් වුන් හඩනවත් ඇති,
මතක පොත හෙමිහිට පෙරලද්දි රොබරෝසියා වසන්තයත් එක්ක හීන හීතල මීදුමක් නොදැනුවත්වම ඇගට දැනෙනවත් ඇති,
ඒ හීනි හීතල සෑබෑවක් විදියට දැනුන නිසාම අසල ඇති කවුළුවෙන් එලිය බලන විට ඒ හීතල හිම කුණාටුවකට බව පසක් වනවත් ඇති,

ජීවිතේ කෙළිදෙලෙන්ම, මිතුර මිතුරියන් සමග සැහැල්ලුවෙන් ගෙව්ව අතීතය ආයම ආව නම් කියල නොකිව්වට කොයි තරම් නම් හිත් වලට දැනෙනවා ඇද්ද? 🥺♥️

ඉතින්,
බදුලු ඔය තවත් මහ හයියෙක් හඩ නගා ගලපන්..
උඹයි මමයි විතරක් දන්න කතා කොච්චර නම් වෙල්ලස්ස අහස යට ඇතිද? 🥺❤️

ආදි විද්‍යාර්ථ කැටපත් පවුරට කවි ලිව්ව,
මේ මතක අපිත් එක්ක බෙදාගත්තට,
වෙල්ලස්සෙ 6 වන පරම්පරාවේ වජිර සොයුරාට බොහෝම ස්තූතියි. ♥️🌸

දන්නවද?
මේ වචන වලට පණ තියෙනවා♥️

සමහර කැම්පස් 🥱Follow WADFO - We Are Different From Others
13/09/2026

සමහර කැම්පස් 🥱
Follow WADFO - We Are Different From Others

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when WADFO - We Are Different From Others posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share