සකූ

සකූ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සකූ, Art, Sacred City, Anuradhapura, Anuradhapura.

සවන් දෙන්නෙකු නොමැති වූ කල්හි පීඩනය තනිව දරා සිටීම අසීරුය. නමුත් මිය යෑමේ පාපයට වඩා ජීවත්වීම සිදු කළ යුතුමය.
අයෙකු ඔබ පවසන දේ නොඇසූවොත්, තනිවන්න.

තනිවම අකුරු සහ වචන ගලපා හැඟීම් පද වලට මුසු කරන්න.
පිරිස රොක් වී හරි ලස්සනට ඔබට සවන්දේවි. ඔබ සොයා ඒවි. 🥀🖤

22/08/2026

කටු පොකුරු සිපගෙන ගීත ස්වරයෙන් යුගයක් අවදි කලා වූ මව්නි නුඹට නිවන් සුව පතමි..! 🤍🥀

- සකූ -

17/08/2026

📌

09/08/2026

“ සිහිනය මිය යා යුතුය මේ ලෙසින්… “ 🥀

- සකූ -

08/08/2026

“ පාට දාද්දි පරිස්සමෙන්. පාට නොගැළපෙන්න පුළුවන්. “ 🥀

එක එක අය එක එක දේවල් කරනවා මම දකිනවා. මමත් එහෙම කරනවා. දුක, සතුට පස්සේ හඹාගෙන යනවා. අපි හිනා වෙනවා. අපි අඬනවා. ඊට පස්සේ අපිම ජීවිතේ හැටි ඔහොමයි කියනවා. මේක කවදා කොහොම කෙළවර වෙයි ද කියලා මට හිතාගන්න බැහැ. මම හිතන්නේ ජීවිතේ කියන්නේ අවර්ණ සිතුවමක්. පුංචි කාලයක් ඇතුලේ මිනිස්සු මේකට වෛවර්ණ පාට දානවා. අවසානයේ දී අපි මේකෙ පාට බලනවා. අපි දකින්නේ නානාවර්ණ වලින් හැදුණු පාට සිතුවමක්. ඉතින්, පාට දාද්දි පරිස්සමෙන්. පාට නොගැළපෙන්න පුළුවන්.

- සකූ -

06/08/2026

“ සෙවනැලි වලට මම හරි බයයි. “ 🥀

- සකූ -

30/07/2026

“ ඉතින් සොඳුරිය, කොහේ සිටියත් කෙසේ වූවත් නුඹේ සිනහව හෙටත් මට අගේ ය. ! “

මම හිතන්නේ මම ඔයාව දැක්කේ අහම්බෙන් වගේ.
දෛවය ආගන්තුක වුනත්, එදා ඔයාගෙන් හුරුපුරුදු බවක් දැනුණා කිව්වොත් මම හරි.
වසත් සමයක අරුණෝදයක පිපෙන මල් වගේ අපේ පෙම් මල් එකින් එක පිපෙන්න පටන් ගත්තා.
ඒ පිපුණු මනෝහර මල් වලින් සුගන්ධ වෙලා, මගේ හද නැහැවිලා ගියා. මට ඒක දැනුණා.
ඒත් මේ ජීවිතේ හැම දෙයක්ම සාධාරණ නැහැ කියලා මම අද දන්නවා. මම අහපු සනාතන දහම එයයි.
මේ දේවල් මෙහෙම වුනත් ඔයා ගැන මගේ හිතේ ලෝභයක් නැහැ.
ඔයා වෙනුවෙන් එදා ඉපදුන අමිල ප්‍රේමය තාමත් මගෙ හිතේ තියෙනවා.
මේ හැම දේකටම පස්සේ ඔයාව විතරක් නෙවෙයි, මටත් මාව නැති වුනා.
මම විශ්වාස කරනවා අපි වෙනුවෙන්ම හිමි ජීවිතයක් මේ ලෝකෙ කොහේම හරි තියෙනවා කියලා.

- සකූ -

24/07/2026

" මාගේ ම වූ, නමුදු මා හට අහිමි වූ සඳක් තිබිණ
මගේ අඹරේ..." 🥀

අහඹුවෙන් මා දුටු ඒ සුදෝ සඳ
නුඹව හිමි වූයේ වසන්තයක ය...

පාලුවෙන් වුන් මා වෙතට ආවද
නුඹ ගියේ එය දෙගුණ කරගෙන ය...

ආදරෙන් වුන් කල නුඹට මාවද
මටත් මාව ද නුඹ අහිමි කරලී ය...

ප්‍රේමයෙන් පසු එදා වෙන් වූවද
මා සිතේ නුඹ අවියෝජනීය විය... 🌙

- සකූ -

24/07/2026

" තවමත් නුඹ මා සමීපයෙහි සිටින බව මාගේ දැනීම විය. 🥀 "

ඉතින් සඳවත, දැන් නුඹ සහ මා යන අප දෙදෙනා
දෙ|අන්තයක, බොහෝ දුර ගොස් ඇත. නමුදු පෙරදා අප දෙදෙනෙකු නොවූහ. කිසිවක් නොදොඬා, නොසිතා හිඳින විට අප ගතකල ඒ නුදුරු අතීතයට මා දිවෙයි. එය මාගේ අහඹුවකි.

නුඹෙ සිනා මා සිතෙන්,
මා සවන් වෑහෙයි.
සිය දහස් මුතු සිනා,
පරදවන එක සිනා...
කුඩා බිළිදෙකුගේ නොවේද ?

නමුත්, ඒ බිළිදා ද නුඹට පැරදීය.

- සකූ -

18/07/2026

“ මම අර පාට පිරුණු හැඟීම හොයනවා. “ 🖤

මේ හෑම දෙයක්ම මට ලස්සනයි. මේ ස්වභාදහම මට, මගේ යන හැඟීමක් දුන්නා. හමන සුළඟ මට රහස් කිව්වා. ඒත් ඒ හැම දෙයක්ම තිබුනේ ටික කාලයයි.

දැන් මම තැන් තැන් වල නැවතිලා ඈත බලන් ඉන්නවා. හුලං ඇවිත් ඇඟේ වැදිලා ඔහේ ඈතට යනවා. එත් මම තාමත් එතනම. මම අර පාට පිරුණු හැඟීම හොයනවා. 🥀



-සකූ-

13/07/2026

“ පුංචිම පුංචි තණ ගහක වුනත් එල්ලෙන්න බලනවා. “ 🥀

- සකූ -

Address

Sacred City, Anuradhapura
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when සකූ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category