Soléa

Soléa Soléa

ලොව සිටින ශේෂ්ඨතම ප්‍රේමවන්තිය මුණගැසෙන්නේ පක්ෂපාතීත්වය සහ සාමකාමීත්වය ලබාදීමට සූදානමින් සිටින ප්‍රේමවන්තයාට පමණි ! ඔබේ ...
09/02/2026

ලොව සිටින ශේෂ්ඨතම ප්‍රේමවන්තිය මුණගැසෙන්නේ
පක්ෂපාතීත්වය සහ සාමකාමීත්වය ලබාදීමට සූදානමින් සිටින ප්‍රේමවන්තයාට පමණි !

ඔබේ අඳුරු පැතිකඩයන් වෙනුවෙන් පවා මල් කිනිත්තක් ගෙන ඉදිරියට අඩි තබන ප්‍රේමයක වග වීම රැඳී තිබෙනුයේ ඔබ ප්‍රේමය වෙනුවෙන් අඳුරක් එක් නොකරනතාක් පමණි !

අසීරුම අවස්ථාවන් වලදී ප්‍රේමය පෙනී සිටින්නේ පක්ෂපාතීත්වය වෙනුවෙන් මිස , ක්‍රියාපද වෙනුවෙන් නොවේ !
❤️

Nishara Samadhi

බිඳුන මනුස්සයෙක් ලෙස නැවතත් පාරමිතා පිරිය යුතු කටුක පරිච්ඡේදයක් මා මේ වන විට පසු කරමින් පවතී..කාරණාව නම් එය නොවේ..කොරහ ත...
03/02/2026

බිඳුන මනුස්සයෙක් ලෙස නැවතත් පාරමිතා පිරිය යුතු කටුක පරිච්ඡේදයක් මා මේ වන විට පසු කරමින් පවතී..
කාරණාව නම් එය නොවේ..
කොරහ තුල පවා කිඹුලන් දැකීම මා විසින් අරඹා ඇත..

ආත්මයේ සියළු අහුමුළු සංස්පර්ෂණය කරන ලද බැදීමක් විසින් බිදුන මිනිසෙකු තුල ඉතිරි කරවන ලද ඉරි තැලීම් මගින් මගේ වර්ථමානය ගිල ගනිමින් පවතී..

මා දෙසට ප්‍රේමණීයත්වයේ දෑත් දිගු කරන්නන් තුල පවා තුවාල මතුකරමින් මා සොයනුයේ කුමක්දැයි අදටත් මට පවා තේරුම් ගත නොහැක..

මා අභ්‍යන්තරයේ හටගත් ඉරි තැලීම් තුල ඒ කිසිවකටවත් වගනොකිවයුත්තන් සිර කරමින් මා ලබන තෘප්තිය කුමක්දැයි මට තේරුම් ගත නොහැක...

සමහර විට මෙය බිඳුන සියළු ආත්මයන් තුල පවත්නා පොදු ධර්මතාවක් විය හැක..
කිසිදා ලබා දිය නොහැකි මට්ටමේ පරිපූර්ණත්වයක් ඉල්ලා මා ඔට්ටු සෙල්ලම් කරනුයේ එබැවින් විය හැකිය..

යම් බිඳුන ප්‍රාණියෙකු වැළඳ ගැනීම තරම් කටුකත්වයක් මේ ලොව තුල තවත් නොමැති බව මගේ සමීපතමයන් මේ මොහොත වන විටත් අවබෝධ කරගෙන ඇත..

එහෙත් තවමත් මට ප්‍රේම කිරීමේ තදබල රෝගයක් පවතී..
මා මෙය හොදාකාරව දනිමි.. ප්‍රේමයෙන් මේසා විශාල මට්ටමක ආබාධයන් සහ අතුරු ආබාධයන් මතු කරන ලද ආත්මයක් සුවපත් කල හැක්කේ ඒසා විශාලම තවත් ප්‍රේමණීයත්වයකට පමණි..

එහෙත් කාලයේ පැහැදිලි දෝෂයක් සිඳුවෙමින් පවතී...
එම දෝෂය හේතුවෙන් මා විසින් අනිච්ඡානුගතව තවත් රෝග වාහකයන් නිර්මාණය කරමින් සිටියි..

එබැවින් දැන්වත් මා බලාපොරොත්තුවන අග්‍රගණ්‍ය මට්ටමේ ප්‍රේමය මට හිමි විය යුතුය..
එවිට හිරෝෂිමා නාගසාකි වල පවා සකුරා මල් පිපුණ වග මට ලෝකයට හඩ නගා කිවහැක..
නුඹගේ පැමිණීමේ සිදුවන සියළු ප්‍රමාදයන් තුල මා ගැඹුර ආගාධයක් තුලට ගමන් කරවීම පමණක් සිදු කරවයි..

අසාධාරණ ලෙස මා ඉවත ලූ සියල්ලන් ඉදිරියේ, ප්‍රේම කල නොහැකි අතදරුවෙකුයැයි නම් කල අයවළුන් ඉදිරියේ,
මා තරම් ප්‍රේමයට සාධාරණයක් කලහැක්කෙක් නොමැති බව කිවයුත්තේ නුඹය.. ❤️

මට හැමදාම ඕනි උනේ, මගේ ඇතුලාන්තයේ ඉන්න කුඩා දරුවව දරාගන්න පුලුවන් තරම් හයිය පිරිමියෙක්. ඇත්තම කිව්වොත්, මට තිබුනෙ තරමක ක...
10/01/2026

මට හැමදාම ඕනි උනේ, මගේ ඇතුලාන්තයේ ඉන්න කුඩා දරුවව දරාගන්න පුලුවන් තරම් හයිය පිරිමියෙක්.

ඇත්තම කිව්වොත්, මට තිබුනෙ තරමක කටුක ලමා කාලයක්.
මිහිරිව මතක් කරන්න කියල මහා ගොඩක් ලස්සන මතක මට නැහැ.
ඉතිං මට ඕනි උනා, ජීවිතේ මගේ පාලනයට ගන්න පුලුවන් උනාට පස්සෙදි මගේ ඇතුලාන්තයේ ඉන්න ලමයට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

එයාට දුව පැන ඇවිදින්න ඉඩ නොලැබුන තැන් වල යන්න, හයියෙන් හිනාවෙන්න, වැස්සෙ තෙමෙන්න, ඕනි නම් අසනීප වෙන්න, තුවාල කරගන්න, කඳු මුදුන් වල කෑගහන්න.
මේ වගේ මට දිගම දිග ලැයිස්තුවක් තියනව

මිනිස්සු පිටතින් මාව දකින්නෙ,
මහා ශක්තිමත් ගෑනියෙන් විදියට.
හැමදේටම තනියම මූණදෙන.
කඩාගන බිංදුවටම වැටුනත් හෙට උදේට ආයම නැගිටින්න තරම් ශක්තියක් තියන කෙනෙක් විදියට.

ඒත් ඇත්තටම, මට ඕනි කොහේහරි අඳුරු තැනක ගුලිවෙන්න.
මේ මහා බර ඉවර වෙනකල් අඬන්න.

ඒත් ඔයා දන්නවද වැදගත්ම දේ. මට ඕන කරන්නෙ මම කඩාගන වැටෙනකොට මාව අල්ලගන්න නෙවෙයි. මම අන්තිම බිංදුවටම දියවෙනකොටත් මාව බලාගන්න කෙනෙක්.
මට පුලුවන් හෙට උදේම ආයම නැගිටින්න. අමාරුවෙන් හරි හිනාවක් හොයාගන්න.❤️‍🩹

මට ඕනි, මට දුර්වල වෙන්න පුලුවන් තරම් ශක්තිමත් කෙනෙක්.
හැමෝම ශක්තිමත් මිනිස්සුන්ට ආදරේ කරනකොට, ඔයාට පුලුවන්ද මගේ නොවැඩුනු පුංචි කෙල්ලට ආදරේ කරන්න, ඔයාට පුලුවන් ද මට දුර්වල වෙන්න ඉඩ දෙන්න.
මේ ඉල්ලීම මහා ලොකු දෙයක්ද?

Address

Mihinthale
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Soléa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share