Earthling Diaries

Earthling Diaries Welcome to "Earthling Diaries"🍃. This page Is All About Memories.

"Las Malvinas Son Agentina" 🇦🇷"1982 වසරේ ලාස් මල්විනාස් (Las Malvinas) ලෙස ආර්ජන්ටිනාව හඳුන්වන, සහ ෆෝක්ලන්ඩ් දූපත් (Falk...
16/07/2026

"Las Malvinas Son Agentina" 🇦🇷

"1982 වසරේ ලාස් මල්විනාස් (Las Malvinas) ලෙස ආර්ජන්ටිනාව හඳුන්වන, සහ ෆෝක්ලන්ඩ් දූපත් (Falkland Islands) ලෙස එක්සත් රාජධානිය හඳුන්වන දූපත් සම්බන්ධයෙන් ආර්ජන්ටිනාව සහ එක්සත් රාජධානිය අතර යුද්ධයක් ඇතිවිය. ආර්ජන්ටිනාව මෙම දූපත් තම රටේ භූමියක් බව පවසන අතර, එක්සත් රාජධානිය එය තම විදේශීය භූමියක් ලෙස පාලනය කරයි.

1982 අප්‍රේල් 2 දින ආර්ජන්ටිනාවේ හමුදාව මල්විනාස් දූපතට අයිතිවාසිකම් කී අතර එයට ප්‍රතිචාර ලෙස බ්‍රිතාන්‍යය විශාල නාවික හා ගුවන් හමුදා බලකායක් එම ප්‍රදේශයට යවා ප්‍රතිප්‍රහාර එල්ල කළේය. දින 72 පුරා පැවති සටනකින් 900 පමන ප්‍රමානයක් මිය යනවා. ඉන් බහුතරයක් ආජෙන්ටිනා ජාතිකයින්. පසුව 1982 ජූනි 14 දින ආර්ජන්ටිනාව යටත් විය. පසුව මල්විනාස් දූපත නැවතත් එක්සත් රාජධානියේ පාලනයට පත් විය.

දේශපාලනික වශයෙන් මතභේදාත්මකව සිටි ආජෙන්ටිනාව සහ එංගලන්තය 1986 Fifa World Cup එකේදී මුහුණට මුහුණ හමුවනවා. එවක ආජෙන්ටිනා නායක මැරඩෝනා "දෙවියන්ගේ හස්තය" ලෙස ප්‍රසිද්ධ සියවසේ ගෝලය ලබා ගනිමින් එංගලන්තය පරාජය කරනවා. එම ගෝලය fifa ඉතිහාසයේ මතභේදාත්මකම ගෝලයයි. එංගලන්තය තරග පරාජය හමුවේ දැඩි ලැජ්ජාවකට පත් වෙනවා. පසු කලෙක මැරඩෝනා ප්‍රකාශ කර සිටියේ "Las Malvinas දූපත ආක්‍රමණයට සංකේතාත්මක ජයග්‍රහණයක් ලෙස ඔහු "දෙවියන්ගේ හස්තය" ගෝලය ලබා ගත් බවයි. ඊයේ නැවතත් ආජෙන්ටිනාව "Las Malvinas Son Agentina" යනුවෙන් බැනරයක් පෙන්වා ආජෙන්ටිනානුවන් කවුරුන්ද යන්න එංගලන්තයට මතක් කර දුන්නේ දශක 4කට පෙර මතක ආවර්ජනයක් ලෙසිනි. 🇦🇷🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿⚽

21/04/2026

"Walk for Peace"
සාම පාද යාත්‍රාව. 🕊

ලෝක සාමය පතා සිදු කරන ජාත්‍යන්තර මහා සාම පාගමනේ
අධිෂ්ඨාන පාරමිතා අසදිස මහා පූජාව අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියස සිට. 🇱🇰🙏

Address

Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Earthling Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share