06/05/2026
"Appreciation"
"අගය කිරීම" කියන්නෙ හරි ලස්සන දෙයක් ❤️
ලෝබ නැතුව තව කෙනෙක් ව අගය කරන්න පුළුවන් හිතක් තියෙනවා කියන්නෙ, තමන් ගැන මාර ආඩම්බරයක් දැනෙන දෙයක් 😇
කෙනෙක්ට ලස්සනයි කියන්න, එයාගෙ දක්ෂතාවයන් අගය කරන්න, එයාගෙ සාර්ථකත්වයට සුබ පතන්න, එයාගෙ හොඳ ගතිගුණ ගැන කියන්න, එයාට ස්තූතියි කියන්න..
මේ දේවල් හදවතින් ම කියන්න පුළුවන් අය අඩුයි. හිතේ කිසි ම කහටක් නැතුව කෙනෙක් ව එහෙම අගය කරන්න හැමෝට ම පුළුවන් වුණා නම් මේ ලෝකෙ මීට වඩා මාර සුන්දර වෙයි 😊
කෙනෙක් කොච්චර ලස්සන දෙයක් කළත්, ඒකෙ අඩුපාඩු විතරක් ම කියන අය දැකලා තියෙනවා නේද? අපොයි ඔව්.. සෝෂල් මීඩියාවල ඔය ඕන තරම් ඉන්නෙ 🙃 මොකක් හරි දෙයක, කියන්න කිසි ම වැරැද්දක් නැති වුණත්, නැති දෙයක් මවලා හරි ඒක අවතක්සේරු කරන මිනිස්සු ඕන තරම්. තව කෙනෙක් ව අපහසුතාවයට පත් කරලා ඒ අය ලබන සතුට මොකක් ද කියලා හිතාගන්න බෑ 🤷
කෙනෙක් ව අගය කරන්න ඔයාගෙ හිත ඉඩ දෙන්නෙ ම නැත්තම් අඩු ගාණෙ ඒ කෙනා ව පහත් කරන, අපහසුතාවයට පත් කරන දේවල් නොකියා ඉන්න. හිතන්න ඔයා ඒ තැන හිටියා නම්, අනිත් අය ඔයා ව අපහසුතාවයට පත් කරනවට ඔයා අකමැතියි නේද? අනිත් අය ඔයා ව අගය කරනකොට ඔයාට සතුටුයි නේද? 😊
අගය කරන්න පුරුදු වෙලා බලන්න. ඔයාට ඔයා ගැන මාර සතුටක් දැනෙයි..
ඒ වගේ ම අනිත් අයත් ඔයා ව අගය කරන්න පටන් ගනියි.. 🤍🌸💫
Credits gos to -owner