27/06/2026
"එල්ලේ තරඟයක් ආරම්භ කරන්න ඔන්න මෙන්න තියෙද්දී, පිට්ටනිය මැදට එක තරුණයෙක් තමන්ගේ උපරිම වේගයෙන් පිට්ටනිය වටේ දුවන්න පටන් අරන් තිබුණා.
ඔහුට හැමෝම ආදරේට කිව්වේ "සුදු අප්පු" කියලා.ඔහු විශේෂ අවශ්‍යතා සහිත, ඒත් එල්ලේ ක්‍රීඩාවට පණ වගේ ආදරය කරන අපූරු මනුස්සයෙක්.
තරඟයක් පටන් ගන්න ලෑස්ති වෙනකොට, ඒ ක්‍රීඩාවට තියෙන ආසාව, උණුවීම පාලනය කරගන්න බැරුව සුදු අප්පු දුවගෙන ඇවිත් පිට්ටනිය වටේ රවුමක් දුවන්න ගත්තේ හරියට එයා තමයි මේ තරඟයේ ප්‍රධානම ක්‍රීඩකයා වගේ.
සමහරවිට වෙන තැනක නම් "මැච් එක පරක්කු වෙනවා" කියලා ඔහුව පිට්ටනියෙන් එළියට ඇදලා දාන්න තිබුණා. හැබැයි එතන හිටපු කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ක්‍රියා කළේ හරිම පරිණත සහ මානුෂීය විදියට. කවුරුත් ඔහුව නැවැත්තුවේ නැහැ. කවුරුත් ඔහුට දොස් කිව්වේ නැහැ.
ඊටත් වඩා සුන්දරම දේ වුණේ, පන්දු රකිමින් සිටි කණ්ඩායමේ ක්‍රීඩකයින් සුදු අප්පු දුවගෙන යනකොට, ඔහුව තවත් දිරිමත් කරන්න, ඔහුගේ සතුට වෙනුවෙන් එක දිගට අත්පුඩි ගසමින් ඔල්වරසන් දීමයි! 🩷
අපි හැමෝම ක්‍රීඩා කරන්නේ දිනන්න. හැබැයි ජීවිතේ දිනනවා කියන්නේ තවත් කෙනෙක්ව පරද්දන එක විතරක් නෙවෙයි, මෙන්න මේ වගේ අසරණ හිත් රිද්දන්නේ නැතුව ඒ හිත්වලට සතුටක් දෙන එක.
සුදු අප්පුට ඒ පිට්ටනිය වටේ දුවන්න දුන්නු හැම තත්පරයක්ම, ක්‍රීඩකයෝ ගහපු හැම අත්පුඩි සද්දයක්ම ලෝකෙටම කියා දුන්නේ ලොකු පාඩමක්. ඒ තමයි "නියම ක්‍රීඩකයෙක් කියන්නේ දක්ෂතාවයෙන් විතරක් නෙවෙයි, මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවතක් තියෙන කෙනෙක්" කියන එක.❤️
සටහන-Supun Liyanarachchi-