23/06/2026
බිම වැටිලා තිබුලා හම්බුනේ... 😌😌
අද උදේ වයසක කපල් එකක් මගෙ ඉස්සරහට හම්බුනා. දෙන්නාම හරිම ප්‍රියමනාප හිනාවකින් තමයි හිටියේ. ආදරෙන් අත් අල්ලන් ආවේ ( මෙහෙ ඒක ඉතාම සාමාන්‍ය දෙයක් ) ඉතින් ඒ දෙන්නා හිනා වෙලා ඉන්නවා දැක්කම මටත් සතුටුයි.
එයාලා දෙන්නා හිනාවෙලාම මට ගුඩ් මෝනිං කීවා. මමත් ගුඩ් මෝනිං කියලා ඔලුව නමලා ආචාර කළා. ගුඩ් මෝනිං, තැන්ක් යූ වගේ දේවල් වලදි එහෙම ඔලුව කොන්ද නැමෙන එක දැන් මට නෝමල් 😁. මොකද මම සමහර ක්‍රොසිං වලදි, මට පාර පනින්න වාහනයක් නැවැත්තුවත් ඒ ඩ්‍රයිවර්ට අතක් උස්සලා, තම්බ්ස් අප් එකක් පෙන්නලා ඔලුව නමලා තැන්ක් යූ කියලා පාර මාරු වෙන්නේ. ( මම නිසා ඒ කෙනාගේ ගමන පොඩ්ඩක් හරි පමා වීම නිසා සමාවෙන්න + ස්තුතිය කියන්න තමා ඒ )
හරි ඒකෙන් වැඩක් නෑ. ඉතින් ඔන්න ඔහොම ඔලුව පාත් කරලා ගුඩ් මෝනිං කියපු වෙලාවේ තමා මේ පවුම ඉස්සරහා බිම වැටිලා තියෙනවා දැක්කේ. 😁 ඉතින් මේ අවුරුදු දෙකට එහේ මෙහේ වැටිලා තිබිලා අහුලපු කාසි ඔක්කොම වගේ ටින් එකක එකතු කරලා තියෙනවා මම. ඒ අතර වැටිලා තිබිලා අහුලපු 5£ කොල දෙකකුත් තියෙනවා. දවසක රවුම් ගාණක් එකතු වුනාම ඒ ටික මාරු කරලා මොකක් හරි හොඳ වැඩකට යොදවනවා... 🤗🤗
Btw මේක අහුලපු මේ වෙලාවේ මේකේ වටිනා කම රු 442.42 යි