15/06/2026
දිග ගුවන් ගමන් වලදී මම කරන්න කැමතිම දෙයක් තමයි කියවන එක.
Movie එකක් බලනවාට වඩා, පැය ගණන් social media scroll කරනවාට වඩා, හොඳ පොතක් එක්ක ගත කරන ගමන මට තාමත් වෙනමම අත්දැකීමක්.
කාලයක ඉඳන් කියවන්න බැරි වුණ, ඒත් කියවන්න ආසාවෙන් හිටපු පොතක් මේ පාර ලංකාවට ගිය වෙලාවේ හොයා ගන්න ලැබුණා.
“ලෙනින්ගේ ජීවිත කතාව.”
දේශපාලනයත් එක්ක කාලයක් පොර බැදපු, ජයග්‍රහණ වගේම බිඳ වැටීම් ද දැකපු, අද වෙනකොට දේශපාලන ලෝකයේ අලුත් වීමක් නැතිව දැනෙන කාලයක, ලෙනින් වගේ චරිතයක් හරහා ඉතිහාසයේ පිටු ආයෙත් පෙරළන්න ලැබීම අමුතුම අත්දැකීමක්.
ලෙනින් ගැන කියවන්න මගේ උනන්දුව වැඩි වුණේ, නිර්ධන පන්ති නියෝජනය කරමින් පැමිණි නායකයෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ කියලා කිව්වොත් වැරදි නැහැ.
හැබැයි, එය අද ශ්‍රී ලංකාවේ සමාජවාදී ජයග්‍රහණයක්ද?
නැත්නම් ඉතිහාසය නැවත ලියන්න උත්සාහ කරන තවත් දේශපාලන පරිච්ඡේදයක්ද?
ඒක තවමත් මට ප්‍රහේලිකාවක්.
ලොව පළමු සමාජවාදී රාජ්‍යයේ නිර්මාතෘ වූ ව්ලැඩිමීර් ඉලිච් ලෙනින්ගේ සිට, අද දවසේ ශ්‍රී ලංකාවේ සමාජවාදී දේශපාලනයේ නව පරපුර දක්වා වූ ගමන එක හුස්මට කියවා දමන්න පුළුවන් නම්, මම තවමත් ඒකට කැමතියි.
මොකද පුද්ගලයන්ට වඩා මට උනන්දු වෙන්නේ අදහස් ගැනය.
බලය ලබා ගන්නා මිනිසුන්ට වඩා, බලය වෙනස් කිරීමට උත්සාහ කළ දර්ශනවාද ගැනය.
1917 ඔක්තෝබර් විප්ලවයේ හඬ අදටත් ඉතිහාසයේ පිටු අතරින් ඇහෙනවා.
“සමාජවාදී මාතෘභූමිය අනතුරේ!
කම්කරුවනි, ගොවියනි, සහෝදර සහෝදරියනි, අවදිවව්!
අපගේ රට සතුරාගෙන් ආරක්ෂා කිරීමට එක්වව්!”
ඒ වචන කියවද්දී, ඒවා හුදෙක් දේශපාලන සටන් පාඨ නොව, යුගයක් වෙනස් කිරීමට උත්සාහ කළ මිනිසුන්ගේ හුස්මක් වගේ දැනෙනවා.
කොහොම වුණත්, මට නම් දිග ගුවන් ගමන් තාමත් හොඳම පන්ති කාමරයක්.
මේ පාර Etihad ගුවන් යානයක අහස මැද ඉඳගෙන, ලෙනින්ගේ ජීවිතය කියවන අතරේ මට හිතුණේ එක දෙයක්.
ගමනාන්ත වෙනස් වුණත්, මිනිස්සුන්ගේ හීන, අරගල සහ ඉතිහාසය කියවන එක කවදාවත් පරණ වෙන්නේ නැහැ.
Hemantha Thalapitigoda
✈️📖