True Echoes

True Echoes සත්‍යය,ඇදහිල්ල,පුවත් සහ ප්‍ර්‍රෙමය❤️
Truth, Faith, News and Love❤

🌟 ජීවිතයේ අඳුරුම අවස්ථාවලදී පවා, අපිට නිවැරදි මඟ පෙන්වීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුළිනුයි.​📖 "ඔබගේ වචනය මාගේ පාදව...
10/03/2026

🌟 ජීවිතයේ අඳුරුම අවස්ථාවලදී පවා,
අපිට නිවැරදි මඟ පෙන්වීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය තුළිනුයි.

​📖 "ඔබගේ වචනය මාගේ පාදවලට පහනක්ද,
මාගේ මාවතට එළියක්ද වේ."
- ගීතාවලිය 119:105

​අපි අපේ ජීවිතයේ
යම් ප්‍රශ්නයක් හෝ අභියෝගයක්
නිසා අසරණ වෙලා ඉන්න අවස්ථාවලදී,
අපිට අවශ්‍ය නිවැරදිම විසඳුම ලබා ගැනීමටත්, අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කිරීමටත්,
දිනපතා දෙවියන් වහන්සේගේ වචනය කියවීමත්,
එය ධ්‍යානය කිරීමත් අපිට විශාල උපකාරයක් වෙනවා.

​අද දවසේ ඔබත් දෙවියන් වහන්සේගේ වචනය තුළින් ජීවිතයට ශක්තියක් සහ බලාපොරොත්තුවක් ලබා ගන්න. 😊

​👇 මේ වචනය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වුණා නම්,
එය වෙනත් අයෙකුටත් ආශිර්වාදයක් වෙන්න "SHARE" කරන්න! ❤️
​🌟 In the darkest moments of life, we find our guidance in God's word.

​📖 "Your word is a lamp unto my feet, and a light unto my path."
Psalm 119:105

​Daily reflection on God's word can empower us to face life's challenges with courage and hope.
Let this verse inspire you today.

​👇 If this word has blessed you, please SHARE it to bless others! ❤️
​.

ත්‍රිත්වය කියන්නේ ඇත්තටම මොකක්ද? 🤔✝️ (සරලවම මෙන්න)​බොහෝ දෙනෙක් පටලවා ගන්නා "ත්‍රිත්වය" කියන ගැඹුරු දහම, අපේ එදිනෙදා ජීවි...
03/03/2026

ත්‍රිත්වය කියන්නේ ඇත්තටම මොකක්ද? 🤔✝️ (සරලවම මෙන්න)

​බොහෝ දෙනෙක් පටලවා ගන්නා "ත්‍රිත්වය" කියන ගැඹුරු දහම,
අපේ එදිනෙදා ජීවිතයේ උදාහරණයකින් මෙහෙම පැහැදිලි කළොත්? 👇

​එකම පුද්ගලයෙක් ගත්තොත් ඔහු:

1️⃣ තමන්ගේ දෙමව්පියන්ට - පුත්‍රයෙක් 👨‍👦

2️⃣ තමන්ගේ බිරිඳට - ස්වාමි පුරුෂයෙක් 💍

3️⃣ තමන්ගේ දරුවන්ට - පියෙක් 👨‍👧‍👦

​එකම පුද්ගලයා වුණත්,
ඔහු අවස්ථා තුනකදී ක්‍රියා කරන්නේ ආකාර තුනකටයි.
දෙවියන් වහන්සේත් අපේ ජීවිත පාපයෙන් මුදාගන්න ක්‍රියා කරන්නේ ඔන්න ඔය වගේ ආකාර තුනකටයි. ❤️

​✨ පියාණන් වහන්සේ: අපට ප්‍රේම කරන, අපට ඉහළින් සිටින සියල්ලේම මූලාශ්‍රයයි.

✨ පුත්‍රයාණන් වහන්සේ: අපට කරුණාව දක්වමින්, අප සමඟ සිටින සියල්ලේම මැවුම්කරුයි.

✨ ශුද්ධාත්මයාණන් වහන්සේ: අපට මඟ පෙන්වමින්, අප තුළ සිටින සියල්ලේම ජීවනදායකයාණන් වහන්සේයි.

​මතක තබා ගන්න:

උන්වහන්සේ අපට ඉහළින් සිටින (Above us), අප සමඟ සිටින (With us) සහ
අප තුළ සිටින (In us) එකම දෙවියන් වහන්සේයි! ✨🙌

ඔබේ ජීවිතයේ "පළමු තැන" ඔබ දෙන්නේ කාටද? 🤔🌾❤️​බයිබලයේ නික්මයාම 22:29 පදයෙන් අපට ඉතා වැදගත් පණිවිඩයක් මතක් කර දෙනවා:​"නුඹේ ...
25/02/2026

ඔබේ ජීවිතයේ "පළමු තැන" ඔබ දෙන්නේ කාටද? 🤔🌾❤️

​බයිබලයේ නික්මයාම 22:29 පදයෙන් අපට ඉතා වැදගත් පණිවිඩයක් මතක් කර දෙනවා:

​"නුඹේ අස්වැන්නෙන්ද පලදාවෙන්ද පූජාකිරීමට ප්‍රමාද නොවව. නුඹේ පුත්‍රයන්ගෙන් කුළුඳුලා මට දිය යුතුය." (නික්මයාම 22:29) 📖✨

​අතීතයේදී ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ අස්වැන්නේ හොඳම කොටස සහ කුළුඳුල් දරුවන් දෙවියන් වහන්සේට කැප කළා.

අද අපේ ජීවිතවලට මෙයින් ලැබෙන පාඩම මොකක්ද?

​✅ ප්‍රමුඛතාවය: අපිට ලැබෙන හැම දේකින්ම (ධනය, කාලය, දක්ෂතාවය) හොඳම දේ සහ මුල්ම දේ දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න අපට පුළුවන්ද?

✅ කෘතඥතාවය: අප සතු සියල්ල උන්වහන්සේගෙන් ලැබුණු දේවල් බව පිළිගැනීම.

✅ විශ්වාසය: හොඳම දේ දෙවියන්ට දුන් විට, ඉතිරි දේ උන්වහන්සේ ආශීර්වාද කරන බවට ඇති විශ්වාසය.

​අපේ ජීවිතයේ අස්වැන්න "පූජා කිරීමට ප්‍රමාද නොවෙමු". අද දවස දෙවියන් වහන්සේට මුල් තැන දෙමින් ආරම්භ කරමු! 🙏✨

1 යොහන් 2:17"ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය." ✨📖​අප අවට දකි...
24/02/2026

1 යොහන් 2:17
"ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය." ✨📖

​අප අවට දකින මේ ලෞකික දේවල් සියල්ල තාවකාලිකයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වන පුද්ගලයාට උන්වහන්සේ සදාකාලික ජීවනය පොරොන්දු වී ඇත. අද දවසේ අපේ ජීවිතයේ ප්‍රමුඛතාවය දෙවියන් වහන්සේට ලබා දෙමු. 🙏🕊️
​.
#දේවවචනය #බයිබලය #ජේසුස් #සදාකාලිකජීවනය #ආශිර්වාදය

ජීවිතයේ විවිධ ප්‍රශ්න හමුවේ වෙහෙසට පත්ව ඉන්නා ඔබට අද දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව මෙයයි. උන්වහන්සේගේ සෙවණේ ඔබට සැබෑ සහනය...
23/02/2026

ජීවිතයේ විවිධ ප්‍රශ්න හමුවේ වෙහෙසට පත්ව ඉන්නා ඔබට අද දෙවියන් වහන්සේ දෙන පොරොන්දුව මෙයයි. උන්වහන්සේගේ සෙවණේ ඔබට සැබෑ සහනයක් ලැබෙනු ඇත. 🙏🕊️

​මතෙව් 11:28
"වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි." ❤️✨
​.
​.
#දේවවචනය #බයිබලය #ජේසුස් #ආශිර්වාදය #සහනය

🖤 පිරිමි හිතේ නොකියූ කතාව...                                   අභ්‍යන්තරයේ රහස! 🖤​අපිට හැමවිටම ආකර්ෂණීය වුනේ සම්පූර්ණයෙන...
28/10/2025

🖤 පිරිමි හිතේ නොකියූ කතාව...
අභ්‍යන්තරයේ රහස! 🖤

​අපිට හැමවිටම ආකර්ෂණීය වුනේ සම්පූර්ණයෙන් විවෘත වූ දේට වඩා,
බාගෙට හැංගුණු තැන් වලයි. ✨

​පිරිමි හිතේ ගැඹුරුම ආසාවල් ඇවිළුණේ, ගෑණු ඇඟක සම්පූර්ණයෙන්ම දැකපු දේට වඩා,
නොදැකපු ඉසව් ගැන සිතුවිල්ලට.

​දුහුල් ඇඳුමක සිරවී,
එහෙත් ඉන් රිංගා එන්නට වෙර දරන curves...
ඉර එළියට හෝ ලාම්පු එළියට,
ඇයගේ ඇඟේ හැඩතල මතට වැටී ඇඳුණු අද්භූත හෙවණැලි රටා...

​අහම්බෙන් ඇඳුමක කෙළවරක් එහෙ මෙහෙ වෙලා,
තත්පරයකට ඇස්වලට හසු වූ ඇගේ ඇතුලාන්තය...

​මේවා තමයි පිරිමි හිතේ හැඟීම් අවුලපු ගිනි පුපුර වුනේ! 🔥

​ඒ ආශාව ඇවිස්සුනේ,
ඇස් ඉදිරියේ තිබූ රූපයට වඩා,
හිත යටින් ඇඳපු රූපවලටයි.

මේ රෙදිපිළි අයින්වෙන මොහොතේ ඒ සුන්දරත්වය කොයිතරම් පරාසයක් පුරා විහිදෙයිද?
පිරිමි හිත පිස්සු වැටුනේ ඒ ප්‍රශ්නයටයි.

​ඇඟිලි තුඩුවල පහසින් සොයාගන්නට හීන දැකපු,
ඒ නිහඬ ඉසව් තිබුණා.
ගොඩක්වෙලාවට පිරිමින්ට ආසාව වැඩිපුරම දැනුනේ,
ලැබුන දේවල් ලඟදී නෙවෙයි;
ලබාගන්න සිහින දැකපු දේවල් ලඟදී.

​කවදාහරි,
හිත යටින් දැකපු ඒ හැම හීනයක්ම ඇත්තක් වෙලා...

​පිරිමි අත්වලින් ඇඳුම් බිම වැටිලා යනකොට, හදවත ගැස්සෙන්නේ Drum Beat එකක වේගයට!
ආශාව තවදුරටත් කනට මුමුණන රහසක් නෙවෙයි.
ඒක,
ඇඟිලි තුඩුවලින් ඇවිස්සූ ගෙරවිල්ලක් බවට පත් වෙනවා.

​එතකොට ඔහුට ඕන වුනේ,
රාග ගින්නක ඇවිලිලා නවතින්න නෙවෙයි.

ගෑණු ඇඟේ හැම වෙව්ලිල්ලක්ම,
ඇගේ ආත්මයේ හැම සුසුමක්ම තමන්ටම අයිති කරගන්න!

​පිරිමි හිතේ අව්‍යාජ ආශාව,
විවෘතභාවයේ නෙවෙයි;
පේන දේට වඩා...
අඩක් පේන තැන් වල,
අභිරහසේ සැඟවී තිබුණා!🔥
Nipun Kavinda Gunawardhana
True Echoes

​ #පිරිමිහිත #ආශාව #අභිරහස #කාව්‍යමය

💔 පිරිමි හිත... නොකියවූ කවියක්! 💔​​ඇත්තටම අපි කීයෙන් කී දෙනාද පිරිමි හිත ඇතුළටම ගිහින් බලලා තියෙන්නේ?​ඒ අයට...​බඩගිනි දැ...
13/10/2025

💔 පිරිමි හිත... නොකියවූ කවියක්! 💔


​ඇත්තටම අපි කීයෙන් කී දෙනාද පිරිමි හිත ඇතුළටම ගිහින් බලලා තියෙන්නේ?
​ඒ අයට...

​බඩගිනි දැනෙනවා අඩුයි (කියලා පෙන්නනවා).

​රස කෑම ගැන උන්මාදයක් නෑ. කැවුවත් එකයි, නොකැවුවත් එකයි.

​"ලස්සන ඇඳුම්" කියලා දෙයක් එයාලගේ ඇඳුම් අල්මාරියේ නෑ. අල්මාරියෙත් එයාලට ඉඩක් තියෙන්නෙ අඩුවෙන්!

​සපත්තුව පතුල ගෙවිලා කකුල මහපොළොවේ වදිනකම් ඒක "ගෙවිලා නෑ". ඒක ආත්ම ගරුත්වය!

​මේකයි ඇත්ත:
​පිරිමි අඬන්නේ හරිම අඩුවෙන්, හැබැයි... 💔

​නිහඬවම අත්හරිනවා!
​නිහඬවම දරාගන්නවා!

​තමන්ගේ ජීවිතේ ගැන හිතන්න, තමන්ට ආදරය කරන්න එයාලට වෙලාවක් නෑ. මොකද...

"අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ ආත්මයම කැපකරන්න"
ඒ අය ඉපදිලා තියෙන්නේ.

​අපි දකින්නේ; අවුල් වූ මේසය, අපිරිසිදු කමිසය සහ දරදඬු සිත විතරයි.

ඒ හින්දම මේ සමාජය පිරිමියාව නිර්වචනය කරන්නේ බොහොම අඩුවෙන්.

​ඒකයි, කාන්තා සිත ගැන ලියවෙන තරමට... මේ නිහඬ චරිත ගැන වේදනාව ගැන කිසි දිනෙක වචන නොලියවෙන්නේ!

​යම් දිනෙක ඔවුන් නික්ම යන විට...
ලෝකෙට ඉතිරි වෙන්නේ...
නිහඬව දරාගත්තු....
වේදනාවේ සටහන් විතරයි.....
Nipun Kavinda Gunawardhana
True Echoes
゚viralシ

🤯 දවස් 6කින් මේ මුළු ලෝකයම හැදුවාද? 🌎✨දින හයක් තුළ දෙවියන්වහන්සේ මේ පුදුමාකාර විශ්වය මැව්වේ කෙසේදැයි ඔබ කවදා හෝ සිතුවාද?...
06/10/2025

🤯 දවස් 6කින් මේ මුළු ලෝකයම හැදුවාද? 🌎✨

දින හයක් තුළ දෙවියන්වහන්සේ මේ පුදුමාකාර විශ්වය මැව්වේ කෙසේදැයි ඔබ කවදා හෝ සිතුවාද? 🤔

බයිබලයේ උත්පත්ති පොතේ තියෙන මේ කතාව බලගතු මැවුම්කාරයෙකුගේ බලය ගැන අපට කියා දෙනවා. මේ ලෝකය මැවීමේ පුදුමාකාර ගමන ගැන බලමු.

📅 දින හයේ පුදුම සහගත මැවීම!

1 වන දවස: සියල්ල අන්ධකාරව තිබියදී, දෙවියන්වහන්සේගේ පළමු වදනය වූයේ "ආලෝකය වේවා!" යන්නයි. උන්වහන්සේ ආලෝකයෙන් අන්ධකාරය වෙන් කර, එයට දවාල සහ රාත්‍රිය කියා නම් තැබුවා.

2 වන දවස: ඉන්පසු, දෙවියන්වහන්සේ ජලය වෙන් කරමින් අහස මැවූ සේක. පොළොවට උඩින් හා යටින් ජලය ස්ථානගත කරමින් අහස් කුස සෑදුවා.

3 වන දවස: මේ දවසේදී, ජලය එක තැනකට රැස් වී ගොඩබිම (පොළොව) මතු විය. එමෙන්ම, බීජ උපදවන ගස්කොළන්, ශාක වර්ග සහ පලතුරු දරන ගස් බිහි කිරීමට අණ කළ සේක. පොළොව මල් හා පලතුරෙන් සරසන ලදි.

4 වන දවස: දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහා ඉර, හඳ සහ ගණනක් නැති තාරකා ඇතුළු ආකාශ වස්තු මැවූ සේක. මේවා සෘතු, දවස් සහ අවුරුදු සලකුණු කිරීම සඳහාද විය.

5 වන දවස: මුහුදේ පීනන විශාල තල්මසුන් ඇතුළු සියලුම ජලජ ජීවීන් සහ අහසේ පියාඹන සෑම පක්ෂි වර්ගයක්ම උන්වහන්සේ මැවූ සේක. "බෝවෙලා වැඩි වෙන්න!" කියා ආශීර්වාද කළා.

6 වන දවස: මේ දවසේදී ගවමහිෂයන්, උරගයන් සහ වන මෘගයන් ඇතුළු සියලුම ගොඩබිම සතුන් මැවූ සේක. අවසානයේදී, මේ සියලු මැවිලිවලට අධිපතිකම් කිරීමට, තමන්ගේම ස්වරූපයෙන් යුක්තව මිනිසා (පුරුෂයා හා ස්ත්‍රිය) මවා, ඔවුන්ට ආශීර්වාද කළ සේක.

7 වන දවස: මැවීමේ කාර්යය නිම වූ පසු, දෙවියන්වහන්සේ තම සියලු ව්‍යායාමයෙන් නිවාඩු ගෙන, ඒ දවස ආශීර්වාද කර ශුද්ධවත් කළ සේක.

🤔 මේ කතාවේ වැදගත්කම මොකක්ද?
බයිබලීය කතාවට අනුව, අප ජීවත් වන මේ විශ්මයජනක ලෝකය දින හයක් වැනි කෙටි කාලයක් තුළ මැවීමට දෙවියන්වහන්සේට හැකි විය.

සමහර අය "දවස" යන්නෙන් පැය 24ක කාලයක් අදහස් කරන බව විශ්වාස කරන අතර, තවත් අය එය දිගු යුගයක් හෝ කාල පරිච්ඡේදයක් නිරූපණය කරන සංකේතයක් ලෙස සලකනවා.

කෙසේ වෙතත්, මෙම කතාවෙන් පැහැදිලි වන ප්‍රධානම දේ නම්:

* බලවත් මැවුම්කාරයෙක් සිටින බව.
* මේ මුළු විශ්වයම සැලසුමක් අනුව සෑදී ඇති බව.

මේ විශ්වයේ තියෙන පුදුමාකාර දේවල් දකිද්දී, දෙවියන්වහන්සේගේ බලය ඔබටත් දැනෙනවා නේද? ✨


#දේවමැවිල්ල #මැවීමේදිනහය #බයිබලය #උත්පත්ති #ලෝකය #දෙවියන්වහන්සේ #විශ්වයේආරම්භය
゚viralシ

දෙවියන්වහන්සේ මේ ලෝකය මැවූ ආකාරය ගැන ඔබේ අදහස මොකක්ද? පහතින් Comment කරන්න! 👇

රාගයෙන් රැකුණ ප්‍රේමයක් නැත, සරාගීම ගැහැණිය පවා කලෙකදී පිලිකුල් වන්නේ එහෙයිනි....රූපයෙන් රැකුණ ප්‍රේමයක් නැත, ලොව සුන්දර...
28/08/2024

රාගයෙන් රැකුණ ප්‍රේමයක් නැත, සරාගීම ගැහැණිය පවා කලෙකදී පිලිකුල් වන්නේ එහෙයිනි....

රූපයෙන් රැකුණ ප්‍රේමයක් නැත, ලොව සුන්දරම ගැහැණිය හිමි වුවද, පිරිමින් පිට යන්නේ එහෙයිනි...

බොරුවෙන් රැදුන ප්‍රේමයක් නැත, බොරුව කලකදී එලිවන බැවිනි....

මුදල් දී රඳවා ගත හැකි ප්‍රේමයක් නැත, ප්‍රේමයේ සියුම් ස්පර්ශයන් දැනෙන්නේ හදවතට පමණක් නිසාවෙනි.....

ප්‍රේමය රැඳුනේත්, රැඳෙන්නේත් ආදරණීය හදවතක අසල පමණකි...

ආත්මාර්ථය බැහැර කොට, අනෙකාගේ සතුට වෙනුවෙන්, සියල්ල කැප කල තැනක පමණකි......

කිසිවෙකුට ස්පර්ශ කල නොහැකි බුදු සිරිපා බදා වැලඳ, ඇති තරම් හඬන්නට පින්වත් යශෝධරාව වරම් ලද්දේ එහෙයිනි...

සංසාරයක් පුරාවට, ප්‍රේමයේ නාමයෙන්, බෝසතුන්ගේ සෙවනැල්ල සේ පැමිණ ආදරය අරුත් ගැන්වූ නිසාවෙනි...

[Credit goes to ] Nipun K Gunawardena & Imashika Madumali Gunawardena ❤️😍🌸
මං දකින ලස්සන්ම කපල් එකක්.... 🥰🥰🥰

Address

GB
London
SE7

Alerts

Be the first to know and let us send you an email when True Echoes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to True Echoes:

Share

Category