05/09/2026
සැප්තැම්බර් මාසේ පස් වෙනිදාත්, අවුරුද්දේ අනිත් දවස් අතරින් තවත් එකක්ම තමයි.
✍️ සටහන Anuja Wickramasingha
ඒත් 3 Idiots බලපු අයට සැප්තැම්බර් 05 වෙනිදා වෙන විදිහකට මතක තියෙනවා. 3 Idiots කියන්නේ අපි වගේ බහුතරයක් මිනිස්සුන්ට හරි ළඟ කතාවක්. අපි ගොඩක් අය ඉගෙන ගන්නේ ඇයි කියලා නොදැන ඉගෙන ගත්තු අය. ඉගෙන ගත්තු දේවල් කොහේ කොහොම පාවිච්චි වෙනවද කියලවත් නොදන්න අය!
3 Idiots කියන්නේ අපි වගේ බහුතරයකගේ ඇස් ඇරපු චිත්‍රපටියක්. ඒකයි අපිට ඒ කතාවේ හිටපු රැංචෝව ඒ තරම්ම අල්ලලා ගියේ. රැංචෝ කියන්නේ අපි හිරවෙලා හිටපු ටෙම්ප්ලේට් එක කඩපු මනුස්සයෙක්. ඉතින් අපිට ඒ දිහා බලා ඉන්න එකත් ආතල් එකක්.
රැංචෝට හිටපු යාළුවෝ දෙන්නයි, අපි හැමෝමයි එක බෝට්ටුවේ. අශාවන් ගොඩක් හිතේ තියාගෙන වෙන කරන්න දෙයක් නොදැන හැමෝම කරනවා වගේ රස්සාවක් විශ්වාස ඩිග්‍රියක් පස්සෙන් යන, ඉගෙන ගැනීම හැර ගොඩ යන්න වෙන කිසිම ඔප්ශන් එකක් නැති හරි සාමාන්‍ය ජීවිත.
රැංචෝ තමයි ඒ මිනිස්සු දෙන්නාගේ ජීවිත වෙනස් කරන සාධකය වුනේ. රැංචෝ තමයි සමහර තැන්වල අපේ ජීවිත වෙනස් කරන්න හේතුවක් වුනේ.
3 Idiots චිත්‍රපටියේ තියෙන Give Me some sunshine සිංදුවේ තියෙන්නෙත් ඒ කතාවමයි. නිමක් නැති වෙහසකර අධ්‍යාපන රටාවෙන්ම විඩාපත් වුන අඳුරේ ගිළුන හිතක් එක පුංචි හිරු කිරණක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් ගායනා කරන සිංදුවක් ඒක. එහෙම බලාපොරොත්තු තිබ්බ පලියට ඒවා නිකම්ම සාර්ථක නොවෙන බවත් අපි දන්නවා. මොන ප්‍රශ්නේ තිබ්බත් අපිත් හීන නොතිබුණු මිනිස්සු නෙවෙයි නේ.
කොහොම හරි රැංචෝ නිසා, 3 Idiots නිසා, 3 Idiots හදපු රාජ් කුමාර් හිරානි නිසා වගේම මේ හැමදේටම පාදම දාපු චේතන් බගත් නිසා අපි වගේ මිනිස්සු අපේ හීන හඹාගෙන යන්න උත්සහා කළා. අඩුම තරමේ තමන් ආස දේ කරන්න උත්සහා කළා.
මම හැමදාම විශ්වාස කරන එක දෙයක් තියෙනවා. කවුරුත් කියන දෙයක් කරලා ඒ කරන දේ වැරදුණාම ඒක කරන්න කියපු මනුස්සයාට බැන බැන ඉන්නවාට වඩා, තමන් විසින් තමන්ගේ ජීවිතේ තීරණ අරන් හරි හෝ වැරැද්ද තමන් විසින්ම බාර ගැනීම හරිම සැනසීමක් දනවන හැඟීමක්.
ජීවිතේ තමන්ගේ නම් තීරණත් තමන්ගේ වීම තමයි වෙන්න ඕන. එහෙම ගත්තු තීරණවල ප්‍රතිඵල මොන තරම් දුරකට සාර්ථක ද කියලා හිතන ගමන් ආයෙත් අතීතය දිහා හැරිලා බලන ඕනම දවසක් සැප්තැම්බර් 05 වැනිදාවක් කියලයි 3 Idiots බලපු මම නම් විශ්වාස කරන්නේ!