24/08/2020
වෙලක හවසක්
වෙරල අයිනට වෙලා ඒ හැන්දෑව ගැන ගොඩක් කවි ලියලා තිබ්බා.ඒත් ඒ කවි වලට වඩා , මේ මහපොලොවෙ පය ගහලා ඉන්න කට්ටක් කන මිනිස්සු වෙලක හැන්දෑවෙදි අපිට හමුවුනා.
නිල් පාටින් ඇදගෙන හරි උජාරුවට ගිය නිල් පාට වලාකුළු දැන් හරියට දම්පාටයි, අලු පාටයි මික්ස් වෙච්ච තැබිලි පාටක් වෙලා. ගොයම් කපලා ඉවරවෙනකල් බලන් ඉදලා,අගෝස්තු වෙනකොට කුඹුරට බහින ගවරංචු අදත් බඩ පිරෙන්නම හොදහැටියටම කාලා.කොච්චර කෑවත් අම්මගෙන් කිරිටිකක් බොන්න පුංචි පැටව් ටිකට හැන්දෑ වෙනකොට ඉවසුම් නෑ.කපලා ඉතුරු වුනු ගොයම් ඉපිලි අතරේ වී කුරුල්ලො තරගෙට වී අහුලනවා.ඒ අතරෙ වෙලට එන බලුතඩියෝ ඒ ඉපනැලි අතරේ තරගෙට වසු පැටව් එක්ක දුවනවා. පුංචි කොල්ලො කුරුට්ටො උදේ ඉදන් මහන්සිවෙලා හදපු සරුංගල් පුංචිම තිතක් වෙනකල් අහස උඩඩම යවනවා.වෙල අයිනෙම තියෙන බක් මී ගහේ කහම කහ පාටට හැදුන මල් එකක් වත් දැන් පේන්න නෑ..ඒත් ඉතිරි වුනු ගෙඩි කන්න ආපු කුරුල්ලො රංචු පිටින් ඒ ගහේ කෑ ගහනවා.හැන්දාවෙ හය කියන්නේ වෙලේ තියෙන වඩාත්ම කාර්‍ය බහුලම වෙලාව.පුංචිම පුංචිකාලේ දැක්කට වඩා ඒ පාරවල්, ගෙවල් දොරවල් වෙනස් වුනාට ,ඒ මිනිස්සු ඒ ඇල පාර , ගමේ මිනිස්සු විදින දුක් ගැහැට දශමයක්වත් වෙනස් වෙලා නෑ.දණක් උසට තියෙනෙ කැලේ මැද්දෙන් ගිහින් ගොඩක් ගමේ මිනිස්සු ගවයො දක්කන්නෙ ගාල් කරන්න.කාටවත් කරදරයක් නොකර ගවරංචුවෙන් ගන්න කිරි ටිකෙන් අපේ ගමේ ගොඩක් පවුල් ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරනවා.අගෝස්තු පෑවිල්ලට කුඹුරු අයිනෙන් ගලන දොල පාර හොදටම වේලිලා ගිහින්.සත්තුන්ට බොන්න වතුරත් අඩුයි.ඒ නිසාම ගාලට යන්න කලින් ගවරංචුවම එක හැල්මේ දුවන්නෙ වතුර තියෙන කඩිත්තක් හොයාගෙන.ඇහෙන් දකිනතරම් කවියො කවි ලියන තරම් ජීවිතේ සුන්දර නෑ කියලා හිතෙන්නෙ මෙන්න මේ වගේ වෙලාවට.උදේ ඉදන් ගව රංචුව තැනින් තැනින් ගාල් කරලා කෑම කන්න සලස්වලා සමහර වෙලාවට ඒ පැටව් ඒ කිරි සේරම හවස් වරුවට බීලා දානවා..එතකොට ඒ කිරිගොවියාගේ දවසේ මහන්සිය,ගාන ඉවරෙටම ඉවරයි.ගොඩක් කුඹුරු අස්වද්දලා තිබ්බත් වතුර නැතුව, ලෙඩ රෝග නිසා ගොඩක් අස්වනු මේ පාර සාර්ථක නෑ.පුංචි කූඹි ගුලක කූඹිරැලක් වගේ ගමේ ගැමෝම හවස් වෙද්දි වෙලට ආවම දකින්න පුලුවන්.පෑවිල්ලත් එක්ක වෙලේ රජ කරන නයි හාමිගේ අලුත් පැටව් ගැන ගොඩක් අය මේ ටිකේ කතාව.ඒ වගේ අයගෙනුත් පරිස්සම්වෙලා ගවරංචු එක්ක තරගෙට දුවන අම්මලාට, තාත්තලාට කොච්චර නම් දේවල් කියන්න ඇද්ද..ඒ ජීවිත ඇතුලෙ කොච්චර දුක්ගැහැට ඇදිද ? කවියෙක ගැලපුනු පද පේලියක , ජීවිතය ගැන උගතුන් කියන කතාවක ගැබ් වුනු දේට වඩා ඇත්තට ඒ ජීවිත වල කොයිතරම් නම් කටෝර මතක රජ කරනවා ඇතිද ?
ගොඩක් කවි ලියවුනේ මේ වගේ අහස් යට
ඉර එලිය ඇස්කොනෙන් වහන්වෙන සැදෑවල
හම්බකල හැමසතේ මටම දුන් වතාවල
ජීවිතේ තිබුනේම අම්මාගේ දෑස අග
සෞභාග්‍යා ❤️