Sri Lankan Sports & Cultural Association of Turku

Sri Lankan Sports & Cultural Association of Turku Yhteystiedot, kartta ja reittiohjeet, yhteydenottolomake, aukioloajat, palvelut, arvostelut, kuvat, videot ja ilmoitukset Sri Lankan Sports & Cultural Association of Turku, Kulttuurikeskus, Nuntiuksenkuja 11C 23, Turku :ltä.

Official Page of the Sri Lankan Sports & Cultural Association of Turku

Bringing together the Sri Lankan community in Turku through sports, culture, and unity.

🏏🎭 Celebrating heritage | Building community | Creating opportunities.

05/06/2026

#අවුරුදු

03/06/2026

තුර්කු ගමේ අපේ අවුරුදට තව දින 17 යි.

2026 ජුනි 20 වනදා, විවේකි සෙනසුරාදාවේ උදෑසන 8.30 සිට සම්මලින්නා උද්‍යානයේදී.

දුරුරට අපේකමෙන් පිරෙන ගිම්හානයේ මැද හිරු මංගල්ලයට ඔබත් එන්න....

#අවුරුදු

30/05/2026
19/05/2026

ඕං එහෙනම් අට්ටාලේ උඩ පොර බඳින්න සියල්ල සූදානම්! 💥

📅 දිනය : ජූනි 20 වනදා සෙනසුරාදා
🕣 වේලාව : උදෑසන 8.30 ට
📍 ස්ථානය : සම්පලින්නා උද්‍යාණය

එන්න… උණුසුම්ම සටනට සාක්ෂි වෙන්න! 🔥

#අවුරුදු

- Turku Titans ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නංවයි-Turku United Cricket Club කනිශ්ඨ හය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා...
17/05/2026

- Turku Titans ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නංවයි-

Turku United Cricket Club කනිශ්ඨ හය සමාජික ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනිමට Turku Titans කණ්ඩායම ඊයේ සමත් වුණා. හෙල්සිංකි නගරය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් හා සත්කාරක තුර්කු නගරය නිරෝජනය කරමින් කණ්ඩායම් තුනක් තරගාවලියට එක් උනා. කණ්ඩායම් පහකගේ සහබාගිත්වයෙන් පැවැතුනු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ Turku Titans හා Helsinki Hawks කණ්ඩායමයි. තරගය පෑවැත් වුනේ Luolavuoren හී Hiekkakenttä ක්‍රීඩාංගණයේදියි.

කාසියේ වාසිය දිනාගත් Turku Titans පිල
පලමුව පන්දුවට පහර දිමට Helsinki Hawks කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් Helsinki Hawks කණ්ඩායම තම නියමිත පන්දුවාර හය අවසානයේ ලකුණු 44ක් ලබා ගත්තා. දක්ශ පන්දු යැවිමක නිරත වුණ රියෝන් ෆර්නෑන්ඩු ලකුණු 12 කට එක් කඩුල්ලක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි Turku Titans කණ්ඩායම අවසන් පන්දුව තෙක් තියුණු සටනක් ලබා දුන්නා. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද තම දක්ශතා ප්‍රකට කල Turku Titans නායක රියෝන් ෆර්නෑන්ඩු අවසන් තරගයේ වටිනාම ඉනිම දියත් කලා. එහිදි ඔහු ලකුණු 18 ක් ලබා ගත්තා. ටකිශ් ශර්මාද ලකුණු 15ක් ලබා ගනිමින් ලකුණු පුවරුව තව තවත් ශක්තිමත් කලා. නාට්‍යමය අවසන් පන්දුවේ ජයග්‍රාහි ලකුණ ලබා ගත්තා.එ අනුව කඩුළු හතරකින් තරගය ජයග්‍රහණය කලේ Turku Titans කණ්ඩායමයි.

තරගාවලිය පුරා සෙනුජ සතරසිංහ (Turku Titans) කඩුළු 8 ක් හා විහාස් ජයවර්ධන (Team Turku Challengers) කඩුළු 6 ක් ලබා ගැනිම විචාරක පැසසුමට ලක් උනා. නමුත් තරගාවලියේ කැපිපෙනෙනම ක්‍රීඩකයා බවට පත් වෙමින් ලකුණු 117 ක්, කඩුළු 6 ක් උඩපන්දු 4 ක් හා දුවද්දි දැවියාම් 3 කට දායක වුණ Turku Titans කණ්ඩායමේ නායක ‍රියෝන් ' තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා ' ලෙස හා අවසන් තරගයේ වීරයා ලෙස සම්මානිත වුණා.

පින්තූරය : Turku Titans ජයග්‍රාහි කණ්ඩායම වමේ සිට පිලිවෙලින්

දිනුල බටගල්ල, සෙනුජ සතරසිංහ (උප නායක), චෙනිත කොමසාරු, රියෝන් ෆර්නෑන්ඩු (නායක), ටකේශ් ශර්මා හා බිඩාන් අහමඩ්.

Osoite

Nuntiuksenkuja 11C 23
Turku
20540

Puhelin

+358414824561

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Sri Lankan Sports & Cultural Association of Turku :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Yritys

Lähetä viesti Sri Lankan Sports & Cultural Association of Turku :lle:

Jaa

Kategoria