17/03/2026
මිනිසුන් සමග කරන ගනුදෙනුව මා සිතෙහි තිබුණාටත් වඩා සංකීර්ණ කර්තව්‍යයක් යැයි දිනෙන් දින මා හට පසක් වීමට පටන් ගෙන තිබේ
ජීවිත කාලය තුළ ලැබූ අසීරු වූත් කටුක වූත් අත්දැකීම් තුළින් තම ජීවිතය කියවාගත් මිනිසුන් වඩාත් ආකර්ෂණීය මිනිසුන් වන අතර තම ජීවිතය සහ අනෙක් මිනිසුන්ගේ ජීවිත දෙස සුන්දර ප්‍රතිරූපයක් සිතැතිව ඔවුන් තම ජීවිතය ගත කරයි
ලැබූ කටුක අත්දැකීම් තුළින් ඇතිවූ තුවාල කැලැල් සඟවා ගැනීමට මහත් වෙහෙසක් දරන, එම තුවාල කැලැල් හේතුවෙන් ජීවිතයේ සුන්දරම හමුවීම් සහ අවස්ථා මගහැරුණු මිනිසුන් තවත් පිරිසකි
තම ජීවිතය කියවාගත් සුන්දර මිනිසෙකු දෙස නෙත් යොමගෙන, එම සුන්දර මිනිසාගේ සාමකාමී ජීවිතය තම තුවාල කැලැල් හේතුවෙන් ව්‍යාකූල නොකොට සුන්දරත්වය පමණක් විඳීම වඩාත් උචිත බව මෙසේ සටහන් කොට තබමි
©අවන්ති ජයපත්ම