20/08/2025
ගත වෙහෙස
නුඹ නොදනී ද,
නෑ...
නුඹ නොදොඩයි
ඒ ගැන
සිතට සිසිලක්
ලැබේවි ද,
නෑ...
නුඹ නොහගවයි
ඒ ගැන
පියෙන් පිය
නගයි නුඹ
සිහින සරි කරන්නට
ඒ අතර මොහොතක්
සොයයි
සතුට සෙනෙහස
විදින්නට,
ඒ නමුත් අරුමය
ලදත් නොලදත් කිසිත්
ඇත්තමයි,
නුඹේ මුව
සිනාසෙයි සැම විටෙම
ඉදින් මා
සොදුරු හිතවතාණෙනි,
නුඹ පුදුම මිනිසෙකි
දහසක්
මිනිසුන් අතර
සුන්දරව සුපිපුණ 🌼🌼🌼