Kavee ආදරණීය ලියන්නී💗

15/06/2026

කියලා ඉවර කරන්න අමාරු සින්දු...
අම්මා💗

13/06/2026

පිනි බිංඳුවේ මා
නුඹට කිව යුතුව ඇත...
හිරු තුරුලෙ සුව විඳින්නට පෙර..
සැඟව යන්නට මත්තෙන්..
මා වෙතින්..
මා නුඹට පෙම් කල බව..
මා
නුඹටම..
කවි ලිවුව බව...

පිරිත් පැන්සිරි සිරි සද්දෙ ඇහෙන බෝ කොළ හෙලවිල්ල ඇස් වලින් නොවිඳම පාරා ට දැනෙන්න අරන් තිබ්බෙ.හ්ම් සද්දයක් වත් නැතිව මේ ගෙ...
12/06/2026

පිරිත් පැන්

සිරි සිරි සද්දෙ ඇහෙන බෝ කොළ හෙලවිල්ල ඇස් වලින් නොවිඳම පාරා ට දැනෙන්න අරන් තිබ්බෙ.හ්ම් සද්දයක් වත් නැතිව මේ ගෙවෙන පුන්චි විනාඩි ගාණ පුරාම නහයට දැනුනෙ පුදුම සිල් සුවඳක්.හරියට හිත නිවෙන භාවනාවක් වගේ.සමහරවිට උදේම දල්වපු හඳුන්කූරු සුවඳත් ඒකටම මුහු වෙලා ඇති .
වෙනදා නොදැනෙන අමුත්තක් හිතේ ඇඳිලා මැකිලා යනවදෝ කියලා හිතට දැනෙද්දි කාටත් හොරෙන් ඇස් අරින්න හිතුනෙ පලවෙනි පාරට.ඇය කවදත් පැවරෙන දේ හරියටම කරන යුවතියක් නිසා එහෙම කරන්න හිත දස දහස් පාරක් බෑ කියද්දි, පළවෙනි පාරට කාටත් හොරෙන් නියමිත වෙලාවට කලින් පාරා දෑස් වලින් පොඩ්ඩක් වටපිටාව විඳගත්තා.හිත ඒ තරමටම ඇයට ඒකට පෙරැත්ත කරා.කවදාවත් එහෙම හැඟීමක් ඒ හිතට දැනිලා තිබුනේ නෑ.ප්‍රතිඳාව දෙන මේ සුන්දර උදේ වරුව කියන්නෙම අලුත් ඉරිදාවක ආදරණීය සුබ පැතුමක් වගේ ආශිර්වාදයක්.ඒ හැඟීමට ඇය හැමදාමත් ලෙන්ගතුයි.

නව යොවුන් වියේ දරුවොන්ට රොක් ගැහිලා දේවල් කරන්න තියෙන්නෙ ජීවිතෙන් හරිම පොඩි කාලයක් විතරමයි.ඒත් උන්ට ඒක දැනෙන්නෙත් ජීවිතේ සෑහෙන්න ගෙවිලා ඉවර වුනාම.ඉතින් මේ ඇය ඉදිරිපිට ඉන්න දාහක් පොඩි උන් සුදු පිරුවට පෙනුනෙ එකම සුදු නෙළුම් විලක් වගේ.ඒ තරම්ම ලස්සනයි..නෑ..පින්පාටයි.

ඈතින් ඇහෙන තවත් ගාථා ගායනයක් අස්සෙ පහන් වැට කවුලුවෙන් යන්තමට වගේ පෙනිලා නැතිවෙච්ච රූපය හිත එක පාරම ඇස් උදුරගත්තෙ ඔන්න ඔහොම හිත හිත ඉද්දියි.
කොහෙ දෝ මන්දා මීටත් කලින් පුරුදුවට දැනිච්ච ඒ රූපෙ දිහා බලන් හිටියෙ පාරා ද..එහෙම නැත්නම් පාරා දිහා ඒ ඇස් බලන් ඉන්නව ද කියලා හිතන්න තරම් වෙලාවක් ඇයට තිබුනෙ නෑ.
"ඊළඟට දෙමවුපිය වන්දනාව"විධාන හඬ මයික්‍රෝෆෝනයෙන් ගිගුරුම් දෙද්දි ඇය ගැස්සිලා ගියෙත් ,
" මොකද හොරෙන් බලන්නෙ " වගේ අහපු ඒ ඇස් බැල්මත් මග හැරිලා ගියෙත් එකම විනාඩියක! ඩිග් ඩිග් හඬෙන් හිත හරි සද්දෙට ගැහෙද්දි ආත්ම ගානක පුරුදු සුවඳක් එක්ක පින් බිමේ මල් පුදන ඒ රූපෙ ආයෙමත් ඇය දෙසට හැරුනා.ඒ ඇස් හිනා වුනා.දෙලොවක අතරම් වෙලා තමන්ගෙ වගකීම් ඉටු කරමින් ඉන්න යුවතියට හිත උඩින් බරට මල් පොට්ටුවක් තියනවා වගේ තිතක් තියන්න වුනේ ඒ බැල්මට ද,එහෙම නැත්නම් එකක් ඇර එකක් හිතට ගලන් එන මේ සිතිවිලි වලට ද කියලා තේරුම් ගන්න බැරි තරම් ඇය අසරණ වුනා.
පාරා කියන්නෙම තරුවක්.ඇය නිරායාසයෙන්ම ඒ තැනට ආවෙ ඒක නිසාමයි.දවසක පාරා ගැන ලියන්න ඕන වෙන කෙනෙක්ට සාක්ශි දීලයි ඇය යන්න ගියෙත්.වචනයෙන් නොකිවුවත් ඇය වටේම හැමදාමත් සොඳුරු මිනිස්සු ගොඩ ගැහුනේ ඒක නිසාමයි.ඒත් ඒ දැනුනු දේවල් හැම එකක්ම තත්පරෙන් අමතක කරන්න බැරි මොකක්දෝ හේතුවක් ඒ වෙද්දිත් ඇයව වෙලාගෙන ඉවර යි.ඉතින් කමක් නෑ.එහෙම්ම පේන පුරුදු රූපෙට හිතෙන් සමු නොදීම පාරා පඩිපෙලේ වේගෙන් පල්ලෙහාට දිවුවා.
ඒත් තාමත් හිත අස්සෙ මොකක්දෝ සංසාර සුවඳක් හිතේ කෙළවරක තාමත් පැටලිලා ඉතිරිවෙලා තිබුණා....

Address

Sharjah

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category