TuitionTalks

TuitionTalks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TuitionTalks, ,Nugegoda Sri Lanka, Nugegoda.
(2)

Welcome to TUITION TALKS – Sri Lanka’s Educational Face Book Page

මෙම පිටුව තුලින් O/L, A/L
උගන්වන ශ්‍රී ලංකාවේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපනික වීඩියෝ,
motivational talks, study tips සහ විවිධ POSTS
https://www.youtube.com/

09/05/2026
02/05/2026

එදා සහ අද ❤

02/05/2026

List එකේ ඉන්න "දෙවන පන්තියේ" යාළුවා ව - පළවෙනි පන්තියේ මහත්මයෙක් කරන්න!

01). අපි කොළඹ කොටුව/ මරදාන station ලස්සන කරගන්නේ අපි වෙනුවෙනුයි. පණ යනකල් බදු ගෙවන මේ රටේ පුරවැසියන් වෙනුවෙනුයි.

අපි "සංචාරකයෝ" වෙනුවෙන් මේවා ලස්සන කරනවා කියන වචනය, කවදාවත් කියන්න එපා!

එහෙම නි #වට "බැල මෙහෙවර" මානසිකත්වයක් සමාජයකට ආවොත් - එහෙම සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ.

02). අපි බදුල්ල කෝච්වි පාර ආයේ හදන්නේ - අපට ඒකේ සැප පහසුවට ගමන් යන්නයි.

අපේ බදු සල්ලි ප්‍රකෝටි ගණනක් ගල් කැට කරලා ඔය අතුරන්නේ - අපේ රටේ සුන්දරත්වය "අපට බලන්නයි".

සංචාරකයන්/ අපේ අනාගත පරම්පරා ඒකෙන් ප්‍රතිලාභ ලබනවා නම්, ඒක අතුරු ඵලයක් විතරයි.

අපේ රටේ බදු ගෙවන "අපේ කොල්ලෙක් ට කෙල්ලෙක් ට" වඩා priority එකක් - කොහෙන්වත් ආව low budget සංචාරකයෙක් ට කවදාවත් දෙන්න එපා!

එහෙම තමන්ගේ පුරවැසියා දෙවැනි පන්තියේ මනුස්සයෙක් විදියට හිතන සිතිවිල්ල පුරුද්දට ගියොත් - එහෙම සමාජයක් කවදාත් සාර්ථක වෙන්නේ නෑ.

03). අපි දුප්පත් රටක් නෙවෙයි. මේ රටෙන් 50%කට ආසන්න පිරිසක් දියුණු රටක මනුස්සයෙකුටත් වඩා මහන්සි වෙලා හම්බ කරනවා. සුපිරියට බදු ගෙවනවා.

පිනට කන කම්මැලියෝ රොත්තක් පිටිපස්සෙන් ඇදගෙන යන්න වෙලා තියෙන නිසයි - ඉලක්කම් වලින් අපි දුප්පත් වෙලා පේන්නේ.

මේ රටේ වැඩිහිටියෝ අපිව උකස් කරලා බත් කන්න ගත්ත ණය - අපි ගෙවමින් ඉන්න නිසයි අපි දුප්පත් වෙලා පේන්නේ.

04). කවදාවත් තමන් දෙවැනි පන්තියේ පුරවැසියෙක් කියලා හිතන්න එපා!

"මේක අපේ රට - මේ රට බදු සල්ලි වලින් ගොඩනගන සෑම දෙයකම අග්‍ර ඵලය ලැබිය යුත්තේ අපටයි.." කියලා හිතන්න පුරුදු වෙන්න.

"අපේ බදු සල්ලි වලින් - අපට සැපවත් ජීවිතයක් දෙන්න.." කියලා, දැන්වත් ඔයාලා ගේ නායකයන් ගෙන් ඉල්ලන්න පුරුදු වෙන්න. ❤️💛

-

02/05/2026

Throw back 🖤✨️

02/05/2026

ලංකාවේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට පට්ට Motivation එකක්..❤️🥹

29/04/2026

#🧧හිතක මතක 137
අලුත් පරපුරේ ගොඩක් දෙනා
මේ පින්තූරේ ඉන්න කෙනා
දන්නේ නැතිව ඇති
හැබැයි -ගොඩගේ පොත් කියපු ගමන්
ජීවිතේ කවදාක හෝ පොතක් කියවපු
ඕනෑම කෙනෙක් ඒ නම දන්නවා
🧿🧿
ඉතින් එස් ගොඩගේ
එහෙම නැතිනම් සිරිසුමන ගොඩගේ මහත්මා
තවත් විදිහකින් කිව්වොත්
ගොඩගේ පොත් ප්‍රකාශන අධිපතිතුමා
මීට හෝරා කීපයකට පෙර
අප අතරින් සමුගත්තා
🧿🧿
මාතර පාලටුවේ ඉපදුනු ගොඩගේ මහත්තයා
පොත් බදින කෙනකු විදිහට තමා
කොළඹට එන්නේ ඒ 1959දී
ඊට පස්සේ තමාගේම ව්‍යාපාරයක් විදිහට
මරදානේ පුංචි කාමරයක තමා
එතුමා තමන්ගේ පොත් ව්‍යාපාරය ආරම්භ කලේ
එතකොට එයාට වයස අවුරුදු 23යි
🧿🧿
පොත් කියන දේවල් ...විකුණන්න පුලුවන්ද
ඕවා කරලා දියුණු වෙන්න පුලුවන්ද
කවුද ලංකාවේ පොත් කියවන්නේ
පොත් ගැන එදා ඉදන් අද දක්වාම
අපේ රටේ ගොඩක් දෙනකුගේ
තිබුනේ ඒ වගේ මතයක්
🧿🧿
නමුත් ඒ සියල්ල
බොරුවක් බවට පත්කලේ
අපේ රටේ පොත් කියවන මිනිස්සුම තමා
🧿🧿
ඒ හින්දම 1986 සිට 2019 දක්වා
එක දිගට අවුරුදු 34ක්
ලංකාවේ සම්මාන වලට පත්වෙන පොත් වැඩියෙන්ම
මුද්‍රණය කරන ආයතනයට හිමි වන ඇගයීම
රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හැමදාම ලබාගත්තේ
ගොඩගේ සමාගම
🧿🧿
ඉතින් වැඩිය උස මහත නැති
කලබල නැති කතා අඩු
හරිම නිශ්ශබ්ද මේ අපූරු මිනිසා
මේ රටේ සාහිත්‍ය සහ අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍ර
වෙනුවෙන් කල සේවාව .අපි කාටවත් මිල කරන්න බැහැ
අමතක කරන්න බැහැ
🧿🧿
ශ්‍රී ලංකාවේ පොත් කියවන අය අතරින්
ගොඩගේ සමාගමේ පොතක්
නොකියවපු කෙනෙක්
හොයාගන්න එක ලෙහෙසි
පහසු වෙන දෙයක් නෙමෙයි
එතුමා සාහිත්‍ය සහ පොත් කලාව ඇතුලේ
ශ්‍රී ලාංකීය ප්‍රබල සලකුණක් වෙන්නේ
ඒ නිසා
🧿🧿
ඉතින් ...අප අතරින් වෙන්වූ
සිරිසුමන ගොඩගේ මහතාණනි
ඔබට නිවන් සුව

26/04/2026

RIU as you like it: a unique experience in the world’s best destinations.

Address

,Nugegoda Sri Lanka
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when TuitionTalks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share