Yash With Cinema World

Yash With Cinema World Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yash With Cinema World, Horana.

💥 𝗧𝗵𝗲 𝗣𝗲𝗻𝘁𝗵𝗼𝘂𝘀𝗲 : 𝗪𝗮𝗿 𝗜𝗻 𝗟𝗶𝗳𝗲 - 2020 💥🔰 Genre - Mystery / Thriller / Revenge 🔰 Imdb - 8 / 10 🔰 Google User's Choise - 96...
07/03/2023

💥 𝗧𝗵𝗲 𝗣𝗲𝗻𝘁𝗵𝗼𝘂𝘀𝗲 : 𝗪𝗮𝗿 𝗜𝗻 𝗟𝗶𝗳𝗲 - 2020 💥

🔰 Genre - Mystery / Thriller / Revenge
🔰 Imdb - 8 / 10
🔰 Google User's Choise - 96 %
🔰 Tv channel - SBS & Netflix

මෙලොව ඇත්තේ යාම් ඊම් පමණි
නෑවිත් යන්නට බැරිය
නොගොස් එන්නට බැරිය

මෙහෙම තියෙන්නෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මලවුන්ගේ අවුරුදු දා කෘතියේ. මේ පෘතග්ජන මනුස්ස ලෝකය ඇතුලෙ ජීවත් වෙන්න හුස්ම ගන්න රැඳෙන්න තරග කරමින් එකිනෙකා එක්ක හැප්පෙමින් ඉන්න හැම මොහොතකම යනවා එනවා ගැටෙනවා හැර වෙනත් කිසිම දෙයක් හොයාගන්නත් බැරි තරම්. මිනිස්සු හැම කෙනෙක්ම සම්පූර්ණයෙන්ම සුදු වෙන්නෙත් නැහැ. සුදු වගේම කලු චරිතත් මේ ලෝකෙ ඇතුලෙ ජීවත් වෙන්න ඔට්ටු වෙනවා. සුදුත් නැති කලුත් නැති අලු චරිතත් මේ හිස් ගෙඩි එක්ක හැප්පෙනවා..

මේ හැමෝටම තියෙන්නෙ එකම එක අරමුණයි. ඒ තමා ජීවත් වීම. සමහර මිනිස්සු තමන්ගේ පවුල රැකගන්න ඔට්ටු වෙනවා. සමහර මිනිස්සු ඇති කරගත්තු බැඳීම් බිඳින්න බැරිව ලතවෙනවා.තවත් සමහර මිනිස්සු හිතේ තෙරපෙන ඇහැට පේන රහස් එලියට කියාගන්න බැරිව තැවෙනවා. තවත් සමහර මිනිස්සු ලේ බැඳීම් එක්ක හිර වෙලා තවත් සමහර මිනිස්සු සල්ලි පොදි බඳින හීන වල එල්ලිලා. මේ කොයි කාගෙ ජීවිත වලටත් එබිලා බැලුවාම තෙරපෙන මොකක්දෝ රහසක් තියෙනවා සමහර මොහොතවල් වල පුද්ගලයො උත්සාහ කරනව තමන්ගෙ ඇත්ත ස්වභාවය වසන් කරගෙන හෘද සාක්ශියට කොලේ වහල වෙනස්ම පුද්ගලයෙක්ව පිටතට මවල පෙන්නන්න. ඒත් බොරුව වංචාව කොච්චර පිරුනත් ඒ හැමදේම එලි වෙන්නෙ හැමදාම බොරුවෙන් වංචාවෙන් දූශ්‍ය මනසින් ජීවත් වෙන්න බැරි නිසා.❤

සුඛෝපභෝගී ජීවිත පෙවෙතවල් ගත කරන පුද්ගලයන් පිරිසක් ජීවත් වෙන පෙන්ට් හවුස් එකක් ඇතුලෙ කොයිතරම් නම් රහස් හැංගිලා ඇත්ද ? මේ කතන්දරේ අස්සෙත් සුදු කලු අලු චරිත තුන් ජාතියම ඉන්නව. දරුවො වෙනුවෙන් පරතෙරක් නැතිව සීමා මායිම් බිඳගෙන කැපකිරීම් උපරිමයෙන්ම කරන අම්මලත් ඉන්නව. බලය තන්හාව නිසා දරුවන්ගෙ ඇතුලු පවුලෙම සැනසීම නැති කරගෙන තමන් විසින්ම පිරිහෙන චරිතත් ඉන්නව. ජීවිතයයි මරනයයි අතර සටනක් දියත් කරනගමන් සාධාරණය පිරුනු ලොවක් දකින්න උත්සාහ කරන චරිතත් ඉන්නවා. කරදර වල අනන්ත පතුලටම ගිලුනත් බල තන්හාව පෙරදැරි කරගත්ත සයුරක කිමිදෙන්න බලාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නව. කල දුටු කල වල ඉහගන්න මග බලාගෙන ඉන්න අයත් ඉන්නව.❤

මෙහෙම සුදු කලු අලු කියල සමාජය විසින්ම ලේබල් ගැහුනට මේ හැමෝම පෘතග්ජන ආසාවන් තියෙන සම් මස් ඇටමිදුලු වලින් හැදුම් ලබපු මනුස්ස ප්‍රානියෝ මේ හැමෝම කරන්නෙ එකම දෙයයි ඒ තමයි ජීවිතේ ගෙවන එක. ❤

මේ කතන්දරේ ගැන මම මීට එහා කියන්න යන්නෙ නැහැ. බලන එක ඔබට භාරයි. පෙන්ට් හවුස් එකට එබිල බැලුවොතින් හැම මූනක්ම පෙන්නන තරම් සුන්දරත් නැහැ රලුත් නැහැ කියල හිතේවි. ❤

🖤
16/10/2022

🖤

🖤💫
15/08/2022

🖤💫

Merry Christmas Guys 🎅✨️🎁🎄❄️☃️
25/12/2021

Merry Christmas Guys 🎅✨️🎁🎄❄️☃️

𝐓𝐫𝐮𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲  ||  💄💙
06/12/2021

𝐓𝐫𝐮𝐞 𝐁𝐞𝐚𝐮𝐭𝐲 || 💄💙

𝙆𝙞𝙚𝙧𝙣𝙖𝙣 𝙨𝙝𝙞𝙥𝙠𝙖  ||  💛🎀
17/10/2021

𝙆𝙞𝙚𝙧𝙣𝙖𝙣 𝙨𝙝𝙞𝙥𝙠𝙖 || 💛🎀

  🔥👻Banjong Pisanthanakun අධ්‍යක්ෂණය කරපු  " The Medium " Thai - Korean Horror ෆිල්ම් එක ඔක්තෝබර් 28 වෙනිදා තායිලන්තයට ර...
17/10/2021

🔥👻

Banjong Pisanthanakun අධ්‍යක්ෂණය කරපු
" The Medium " Thai - Korean Horror ෆිල්ම් එක ඔක්තෝබර් 28 වෙනිදා තායිලන්තයට රිලීස් වෙනවා ! 📆

🟫 ️කොරියාව , ඉන්දුනීසියාව වගේ රටවල් කිහිපයකටම මේක එකම දවසෙ Theatrical Release වුනේ ඒත් COVID -19 නිසා තායිලන්තෙ Theatrical Release කල් දැම්මා..ඉතින් තායිලන්තෙට ෆිල්ම් එක රිලීස් වෙන අලුත් ම රිලීස් ඩේට් එක තමා මේ ! 🎥

Found Footage - Documentary Type එකෙන් යන මේ අවුරුද්දේ ආපු හොදම Horror Movie එකක් මේක... බැලුවෙ නැතිනම් අනිවාර්යයෙන් බලන්න ! 😃


    🔰 Inspector Koo 🟣 ඔක්තෝබර් 30 වෙනිදා සිට JTBC හරහා විකාශනය වීමට නියමිත 📺 " Inspector Koo " Investigation - Comedy 🇰🇷...
17/10/2021

🔰 Inspector Koo

🟣 ඔක්තෝබර් 30 වෙනිදා සිට JTBC හරහා විකාශනය වීමට නියමිත 📺 " Inspector Koo "
Investigation - Comedy 🇰🇷 Korean Drama එකේ Poster එක රිලීස් කරලා තිබෙනවා 🔥

⬛ Cast

• Lee Young Ae
• Kim Hye Jun
• Kwak Sung Young
• Kim Hae Sook

🖤🔥
13/10/2021

🖤🔥

◾Who is the scariest doll of these two ? 🥵🔹 Annabelle - 👍🔹 Squid game's doll - 😮
07/10/2021

◾Who is the scariest doll of these two ? 🥵

🔹 Annabelle - 👍
🔹 Squid game's doll - 😮

SQUID GAME CAST SUPREMACY  ||  ❤️👌
30/09/2021

SQUID GAME CAST SUPREMACY || ❤️👌

🐷 𝙊𝙠𝙟𝙖 ( 𝟐𝟎𝟏𝟕 ) 🐷🔸මිනිසා නැමැති දරුණු සත්වයාගේ කීර්තිය උදෙසා ජීවිත කැපකිරීම 😥🔵 Genres - Adventure / Sci - fic🔵 IMDb - 7....
29/09/2021

🐷 𝙊𝙠𝙟𝙖 ( 𝟐𝟎𝟏𝟕 ) 🐷

🔸මිනිසා නැමැති දරුණු සත්වයාගේ කීර්තිය උදෙසා ජීවිත කැපකිරීම 😥

🔵 Genres - Adventure / Sci - fic
🔵 IMDb - 7.3/10
🔵 Rotten Tomatoes - 86%
🔵 Google User's Choice - 88%
🔵 Duration - 2hours

මෙම සුපිරි චිත්‍රපටය ගෙන එන්නෙ විසිනි.👌

👇කතාව ගැන කිවහොත් ,

2007 දී 'පරිසරවේදී' ලුසි මිරැන්ඩෝ, මිරැන්ඩෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය බවට පත්වන්නේ ඇයගේ නිවුන් සහෝදරිය වන නැන්සිගෙන් පසුවයි.

ඔවුන් විශේෂ “සුපිරි ඌරෙක්” බෝ කර ඇති බව ඇය ප්‍රකාශ කරන අතර මේම ඌරන් නිශ්පාදනය කරනු ලැබුවේ දිනෙන් දින ඉහල යන ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා යන කාලයකදී අනාගත ආහාර අර්බුදයට මුහුණ දිමට හැකි වන ලෙස 2017 වසරේදී ක්‍රියාවට නැංවිමටයි. ඇරිසෝනා හි විද්‍යාඥයින් පිරිසක් විසින් නිපදවන මේ සුපිරි ඌරන් 26 ක් නිශ්පාදන නිදර්ශක ලෙස ලොව විවිධ ස්ථානවල ගොවීන් 26 ක් වෙත යවනු ලබන අතර, වසර දහයකට පසු, ඉන් එක් ඌරෙක්ට හොඳම රන් සම්මානය හිමි වන බව කියා සිටිනවා.

එලෙස දකුණු කොරියාවේ කදුකර ගොවියෙක් ලග හැදි වැඩෙන මේ එක් සුපිරි ඌරෙක් මේහි එන ප්‍රධාන චරිතය වේ.

ඒ 𝙊𝙠𝙟𝙖 යි

ගොවියාගේ මිණිබිරියත් සමග හැදි වැඩෙන Okja පවතින පරිසර තත්වය සහ නිදහසේ කල් ගෙවන නිසා වසර 10ක් වන විට හොද නිරෝගී සුවිශාල සුපිරි ඌරෙක් වෙනවා.

මිරැන්ඩෝ සමාගම වසර 10 ක කාලය අවසානයේ ලෝක ප්‍රසිද්ධ මේ ඌරන් නැවත සමාගම වෙත ගෙන්වා ගැනිමේ ප්‍රතිපත්තිය ක්‍රියත්මක වෙනවා. එහිදි Okja සහා කුඩා ගැහැණු ළමයා වෙන් වෙනවා. නමුත් Mija නම් මේ නම් කුඩා ගැහැණු ළමයා කෙසෙ හෝ නැවතත් ඇයගේ කදුකර නිවස වෙත රැගෙන එනවා. චිත්‍රපටය පුරා විසිර යන්නේ එම කතා තේමාවයි.

⚫ මෙය සම්මානනීය කොරියානු - ඇමරිකා චිත්‍රපට අධයක්ෂක B**g Joon Ho ගේ නිර්මාණයක්.ඔහු 2020 ඔස්කාර් චිත්‍රපටය වූ Parasite චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි.

⚫ අන්තර්ජාතික සිනමා සම්මාන 20ක් සදහා නිර්දේශ වී ඇති Okja එයින් සම්මාන 07ක් දිනාගෙන තිබෙනවා.

⚫ ප්‍රධාන රංගනයේ දායක වෙන්නෙ hollywood යේ සුපිරි නලු Jake Gyllenhaal , Tilda Swinton ,Seo hyeon ahn , Paul dano , Sveten yun , Lilly collins යනාදී රංගන ශිල්පීන් ය.

ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි.❤️✨️

**gJoonHo
_____________________________________________

Address

Horana

Telephone

+94772741089

Website

Alerts

Be the first to know and let us send you an email when Yash With Cinema World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Yash With Cinema World:

Share