Asiri Delgamuwa

Asiri Delgamuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asiri Delgamuwa, Art, Wichita, KS.

05/03/2022

මාලනුයි මායි ඇමරිකාවට ආවෙ එකම කාලෙ. ලංකාවෙ මම ඌව දන්නෙ නෑ .ඌ ලංකාවෙ හම්බවෙන්න තිබ්බා නම් ඒකට තියෙන්නෙත් හරිම අඩු සම්භාවිතාවක්.මම ඌ දන්නෙ නෑ.එකම class ගත්ත නිසා ඌ මායි fit උනා. එහෙම උනාට ඌගෙ අල්ලන්නෙම නැති ගතිගුණ හුඟක් තිබ්බා.මම කියන හැමදේකම ඌ කියන්නෙ අනික් පැත්ත.ඌ හැමදාම කියන්නෙ health care free market වෙන්න ඕනෙ වගෙ කතා.මම කිව්වෙ ඒවා ධනවාදය තුලම free වෙන්න ඕනෙ හරියට නොර්වෙ වගේ කියලා. ඌ තනිකර රිබලිකන් වගෙ ඩයල් එකක්. Trump වගෙ නෙමෙයි රේගන් වගෙ ඩයල් එකක්. කණ පැලෙන්න දෙන්න හිතෙනවා ඌත් එක්ක කතා කරන්න ගියාම. මාත් එක්ක කතා කරලා ලෙසියෙන් දිනන්න බෑ. හැබැයි මගෙ ජීවිතේට දැකපු කතා කරලා දිනන්න බැරි එකෙක්. යුගාන්තයෙ තිස්ස වගෙ නරුමයෙක්. අඳුරන්නෙ නැති එකෙක් එක්ක කතා කරන්න ගියොත් ඌ ගුටි කනවා අනිවාර්‍යයි. උඹලාට ඇති ඒ වගෙ යාලුවො. පශ්චාත් නුතවාදී වගේ. ඒ වුණාට ඌට සාහිත්‍ය ගැන හොඳ දැනුමක වගේම හින්දු අතීත සාහිත්‍යය ගැන හොඳ දැනීමක් තිබ්බා. ධර්ම යුද්දෙදි මම අර්ජුන් ගෙ පැත්ත ගන්න කොට ඌ ගත්තෙ දුර්‍යෝජන්ගෙ පැත්ත. අපි හැමදාම වාද කරගත්තා මරා ගත්තා. පහුවදා ආපහු එකතුවෙලා බීව්වා රෙන්ට් ගෙව්වෙ එකට සල්ලි දාලා.ඇල්ටො නැතිව ඉදලා රෙන්ට් ගෙවපු කාලයකුත් තිබ්බා. සමහර දවස්වලට කාසිත් එකතු කරලා රෙන්ට් එක ගෙව්වා.එත් ඌ මගෙ හැම
ප්‍රශ්නයකම හිටියා.හැබැයි ඌ මගෙන් උදව්වක් ඉල්ලුවෙ නැ.එ උගෙ හැටි උද්දච්චයා. බජාර් එකෙ බාසාවෙන් කියනවා නම් දෙයක් වෙන්න තියෙනවා කිව්වාහම කොහොමද වෙන්න ඔනෙ කියල අහන ඩයල් එකක්.ඌ එහෙම බොක්කෙ ඩයල් එක.හැබැයි ඌ දෙමළ මම ඒක කියන්නෙ ඕනෙ නැහැ නෙ.ජාතියෙන් අපිට වැඩක් නැනෙ.ඌ කොහොම හරි degree දාගත්තා මාස්ටරුත් කර ගත්තා.ඌ ටෙක්සාස්වලට ගියා හොඳ ජොබ් එකක් ලැබිලා. මම ආමි එකට ගියා අපි නිතර fb කතා කරා. මීම් එක්ක ශෙයාර් කර ගත්තා.
ඇත්තෙන්ම කියනවා නම් වැලත් ශෙයාර් කර ගත්තා. ඌ උගෙ ජිවිතෙ හොඳින් ගත කරගෙන ගියා. ලස්සනම කෙල්ලෙකුත් ඌ කසාද බැන්දා. හැබෑයි ඌ හෙන කලුයි. කුස රජා වගෙ.මන් ඌට කියන්න පුලුවන් කැරි කතා ටික ඔක්කොම ඌට කිව්වා.ඌගෙ wife ලස්සනම කෙල්ලෙක් නිසා ඌත් හිනා වෙවී මාවත් එක එක කතා කියලා චාටර් කරා.අපි දෙන්නාම හිනා උනා.අපි දෙන්නාට දෙන්නා හඳුනගෙන හිටියෙ.අපිට හංගන්න දේවල තිබ්බෙ නැ.ඌ ගෙමක් ගැහැව්වා නම් ගැහැව්වෙ මට කියලා, මම ගෙමක්
ගැහැව්වෙ ඌට කියලා.ඌ මට අවුරුදු දෙකට ඉස්සර වෙලා කෝල් කරලා කිව්වා ඌව මට හම්බුවෙලා කතා කරන්න ඕනෙ
කියලා ටෙක්සාස් වරෙන් කියලා .මම කිව්වා උඹලාගෙ ගෑණි ළමයා හම්බුවෙන්න ලඟ නිසා ඕනෙ නෑ. පස්සෙ සෙට්වෙමු කියලා. මට කම්මැලි හිතුණා මූව හම්බුවෙන්න යන්න. වෙලාවක් තිබ්බෙත් නෑ. ගෑනි ලංකාවෙ ඉඳන් එන හින්දයි.ඌට ලස්සන දුවෙක් ලැබුනා.ඇස් දෙක දියමන්ති දෙකක් නිල් පාටයි.එච්චරට ලස්සනයි.දැන් අවුරුද්දකට ඉස්සර ඌගෙ දුවගෙ අවුරුද්දෙ බර්ත් ඩේ පාටියට එන්න කිව්වා. ඒ ගියෙත් නැ. ඕකාගෙ ටොක් ඈහුවාහම පැය හතරක් පහක් ඩ්‍රයිව් කරාලා, ගියෙ අපරාදෙ කියලා හිතෙනවා.ඌ කොල් කරා.මම ගියෙ නැ.එන්න කිව්වා ගැනිත් කොල් කරා. මම ගියෙ නැ.එ මගෙ හැටි මට හිතුනෙ නැත්නම් මම කරන්නෙ නැ.ඌ මට ආයි කිව්වා මට උබව හම්බුවෙන්න ඕනෙ කියලා.එල සෙට් වෙමු.මම ඌට බැන්නා උබ වරෙන් කො මෙහෙ.මල කරදරේ කියලා. අපි දෙන්නාම හිනා උනා.ඌ කිව්වා ඌ සෝෂල් මීඩියා වලින් අයින් වෙනවා කියලා මාස හයක උඩදි. ඊට පස්සෙ අපේ කතා බහ හුඟක් අඩු උනා.සතියකට පාරක් කෝල කරපු එක මසෙකට පාරක් වුණා. ඌ අන්තිමට කොල් කරෙ ගිය මාර්තු මාසෙ. මම ගෙදරට බඩු අදින ගමන් හිටියෙ. මම කිව්වා උත්තො ගෙදර බඩු අදිනවා. වෙන වෙලාවකි කතා කරපන් කියලා. ඊට පස්සෙ මට ඌත් එක්ක කතා කරන්න බැරි උනා. මම හිටියෙ මේ weekend වගෙ ඌට කොල් එකක් දෙන්න.
මට උදේ මැසෙජ් එකක් ආවා මාලන් ගෙ wifගෙන්. මාලන් මැරිලා. මම උඩ ගියා. ඇඳෙන් පැනලා වාහනේ අරන් එහෙමම ටෙක්සාස් ආවා.මම ආවා මාලන් උඹ බලන්න.ඒත් උඹ මැරිලා කියලා හිනා වෙන්න මට බැරි වුණා.මම හයියෙන් මාලන් කියලා කැගැහැව්වා.හැබැයි මාලන් හිනා වුනෙ නැහැ.මාලන් ගෙ wife බෝනික්කෙක් වගේ ළමයාව වඩාගෙන හිටියා. මම ළඟට ගියා.

"Asiri he send you a Registeru latter."

"oh really" මම උත්තර දුන්නා

මම ගෙදර ආවා. එනකොට එ ලියුම ගෙදරට ඇවිල්ලා තිබ්බා.ඌට කැන්සර් එකක් තිබිලා අවුරුදු දෙකක්. ඒක තමයි මට කියන්න උත්සාහ කර කර ඉඳලා තියෙන්නෙ. ඌ දිග ලිපියක් ලියලා තිබ්බා.ලිපියෙ හිනා යන තැන් වගේම දුක හිතෙන තැනුත් තිබ්බා.
"මට ඕනෙ වුණේ මගෙ හොඳම යාළුවට මගෙ දුවව අඳුන්නලා දෙන්න" කියලා.
ඌ ලියුම අවසන් කරලා තිබ්බා.

04/03/2022

Address

Wichita, KS

Telephone

+13165169383

Website

Alerts

Be the first to know and let us send you an email when Asiri Delgamuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Asiri Delgamuwa:

Share

Category