04/17/2025
අවුරුදු කතා #1
අවුරුදු ලබන්නට කලින් ගෙවල් දොරවල් පිරිසිදු කරන එක සිරිතක්නේ. ඉතින් අපි ලවා සියලු අවශේශ කුන්ඩවාල ටික කරගන්න එක අම්මගේ සහ අක්කගේ එකම අභිලාශය.ඒ වාත වැඩ සෙට් එකෙන් මේක තමා අපි ආසම!
ඉස්සරම ගෙදර තිබුනේ පොලිශ් සිමෙන්ති පොලවක්.ඉතින් ගේ සෝදන වැඩේ එකෙන්ම මමයි අයියයි නංගී භාර ගන්නවා. අයියා මේ වගේ මාව මොප් එක වශයෙන් ධාවනය කරන අතර මොප් හෙඩ් එක වශයෙන් මම රෙදි කෑල්ලක් අල්ලන් ඉන්නවා. නංගී මමයි මාරුවෙන් මාරුවට මොප් එක වෙනවා. 🤩
එක එක අතට කරකව කව,එහෙ මෙහෙ වද්ද වද්ද බොහොම විනෝදෙන් පටන් ගන්න මේ සෙල්ලම ඉවර වෙන්නේ එකෙක් ඔලුව හප්පගෙන, අනිකා පස්ස බිම ඇනගෙන, අයියා සෙට් එක පුටු කකුලක වද්දගෙන, ගුටි කෙලගෙන අඬාගෙන ආවම අන්තිමට තුන් දෙනාම එලවලා දාලා අක්කා තනියම ගේම ක්ලෝස් කරන්න බැස්සට පස්සේ. 🫢😂
දැන් කාපට් එලපු ගෙදරක ඉන්න නිසාද මන්දා මට මේවා වැඩිපුරත් එක්ක මතක් වෙනවා 🥹
අපි වගේ තව අය ඉන්නවද?? 🙋♀
No phones back then to snap our madness, thanks to AI, this memory finally got its photo! 🫠🥰
Cleaning the house before the New Year was a must! So, it’s always been my mom’s and elder sister’s greatest desire to get all the leftover junk cleared out. Among all the tasks in that cleaning crew, this was the most fun and exciting part for us.
Back in the day, our house had polished cement floors. Later, it was tiled. Anyway, the cleaning job was mainly handled by me, my brother, and my little sister. My brother would basically use me like a mop.😛
he’d push me around while I held a rag like a mop head. My sister and I would take turns being the mop.
Swinging from side to side, wiping here and there, this playful cleaning game would usually end with one of us bumping our heads, someone landing flat on the floor, and my brother crashing into a chair leg in the most unfortunate way possible 🥴😂
Eventually, we’d all get kicked out, and our elder sister would be the one left to “officially” clean alone at the end! 🤭😃