Carnival Theatre Group

Carnival Theatre Group A sanctuary for all animals who live to serve the art.

Image  - Odyssey by Robert Wilson (2012)ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය සහ රාජ්‍ය නාට්‍ය උළෙලශ්‍රී ලංකාවේ සංස්කෘතික ...
12/17/2023

Image - Odyssey by Robert Wilson (2012)

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය සහ රාජ්‍ය නාට්‍ය උළෙල

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය, එහි ඉතිහාසය සහ වර්තමානය පිළිබදව ලිපියක් රචනා කරමින් සිටින අවස්ථාවක එම ලිපියේ සාරාංශයක් මෙලෙස ඉදිරිපත් කරන්නේ එම ලිපියෙ අඩංගු වීමට නියමිත කරුණු ඉදිරිපත් කිරීමට සුදුසුම දේශපාලන මොහොත මේ අවස්ථාව නිසාය. සුපුරුදු පරිදි නැවත වතාවක් රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදාන උත්සවය නමැති වාර්ෂික වතාවත නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව ඇති අතර එකී මොහොත තුළ ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය නැවත කියවීම මෙම ලිපියේ අරමුණයි. ලංකාවේ සංස්කෘතිප ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රදාන ආයතනයක් ලෙස ශ්‍රී ලංකාවේ කලා මණ්ඩලය පිහිටවන්නේ 1952 වැනි කාලයකය. එනම් ඊට වසර හයකට පමණ පෙර බ්‍රිතාන්‍යයේ පිහිටවු Art Council ආදර්ශ කොටගෙනය. ශ්‍රී ලංකාවේ කලා මණ්ඩලය පිහිටුවන අවස්ථාවේ යම් ස්වාධිනත්වයක් සහ පැහැදිලි අරමුණු සමූහයක් කලා මණ්ඩලයට තිබුණු බව එහි ආරම්භක අරමුණු දෙස බලන විට පැහැදිලි වේ. 1972 දී එච්.එච්. බණ්ඩාර විසින් රචිත ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබද වූ කෘතියට අනුව 1952දී පාර්ලිමේන්තු පනතකින් ආරම්භ වූ කලා මණ්ඩලයේ මූලික අරමුණු කිහිපයක් වන්නේ අ) ලලිත කලාව පිළිබඳ දැනුම, අවබෝධයක් සහ භාවිතය වර්ධනය කිරීම; (ආ) ලංකාවේ මහජනතාවට කලා කෘතිවල සදහා ඇති ප්‍රවේශය වැඩි කිරීම; (ඇ) ලලිත කලාවේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම වේ. පසුව සංස්කෘතික ප්‍රතිපත්තිය ප්‍රවර්ධන කිරීමේ අරමුණින් 1956 දී පිහිටවූ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු දෙකක් වනුයේ (ඉ) අවශ්‍යතා ඇති කතුවරුන්ට, කලාකරුවන්ට සහ ශිල්පීන්ට මූල්‍ය ආධාර ලබාදීම ; (ඊ) විදේශ රටවල් සදහා සංස්කෘතික ශිෂ්‍යත්ව සහ කලාකරුවන් හුවමාරු කර ගැනීම ආදියයි. අද ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තියෙ අප මුහුණු දෙන අර්බුදයේ මූලාරම්භය 1956 සංස්කෘතික අමාත්‍යාංශය ආරම්භයත් සමග බිහි වුවත්, එකී අමත්‍යාංශය යටතේ අඩුම තරමේ කලාකරුවන්ට ආධාර ලබා දීම ප්‍රධාන අරමුණක් ලෙස සලකා තිබීම වැදගත් තත්වයකි. කෙසේ හෝ මෙම ඓතිහාසික උදාහරණ වලින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ප්‍රතිපත්තිය තුළ කලාකරුවන්ට මූල්‍යමය සහ අනෙකුත් ආධාර ලබා දීම ප්‍රධාන කාර්යයක් ලෙස හදුනාගෙන තිබූ බවයි. එච්.එච්. බණ්ඩාරගේ වචනයෙන්ම කියනවා නම් රාජ්‍යයෙන් ආධාර ලබා ගැනීම කලා කරුවන්ගේ මූලික අයිතිවාසිකමකි.

2023 අයවැය වෙන්කිරීම් තුළ කලාකරුවන් සදහා ආධාර වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 45කි. මෙය කොතරම් කුඩා මුදලක් යන්න හදුනාගැනීමට ආණ්ඩුව විසින් සිදුකරන අනෙකුත් වියදම් පිළිබදව සොයා බැලීම වටියි. එහිදී පැහැදිලි වන්නේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් මිලියන 360000ක් ද ජනාධිපති කාර්යාල වියදම් ලෙස මිල රුපියල් මිලියන 3788ක් වෙන් කර ඇති බවයි. ආරක්ෂක වියදම සහ ජනාධිපති කාර්යාලයේ වියදම 2021,2022 සහ 2023 වර්ෂ වන විට ක්‍රමිකව වැඩි වුවද මේ වර්ෂ තුනේදීම කලාකරුවන්ගේ ආධාර වෙනුවෙන් වෙන්කර ඇති මුදල වෙනසක් නොමැතිව මිලියන 45ක මට්ටමේම පවතී. අද වන විට කලා කේෂත්‍රයේ සිටින අය හොදින්ම දන්නා කාරණයක් වන්නේ 1950 දශකයේ සංස්කෘතික ප්‍රතිපත්තියේ සදහන් පරිදි කලාකරුවන්ට ආධාර ලබා දීමේ ක්‍රමවේදයක් අද දවසේ නොමැති බවයි. ඒ වෙනුවට කලාකරුවන්ට මුදල් ප්‍රදානය කිරීමට භාවිතා කරන ක්‍රමවේදය වනුයේ වාර්ෂිකව පවත්වන තරග ක්‍රමවේදයයි. උදාහරණයක් ලෙස රාජ්‍ය නාට්‍ය උළෙල යනු එක් අතකින් නාට්‍යකරුවන්ට මුදල් ප්‍රදානය කිරීමට රාජ්‍ය විසින් භාවිතා කරන ක්‍රමයකි. මෙම ක්‍රමවේදය තුළ රාජ්‍යයට ඇති ප්‍රතිලාභය වන්නේ ඉතාම කුඩා මුදලක් වඩා වැඩි උත්සවාකාරී භවකින් ප්‍රදානය කිරීමට රාජ්‍යට ඇති හැකියාවයි.

කලාකරුවන්ට මුදල් ප්‍රදානය කිරීමේ එක් අරමුණක් වනුයේ වෙළදපොල තුළ වටිනාකමක් ලබාගත නොහැකි කලා කෘතීන් වලට විශේෂයෙන්ම විකල්ප ධාරාවේ කලා කෘතීන්වල පැවැත්ම තහවුරු කිරීමක් වශයෙනි. උදාහරණයක් ලෙස Art Council England , National Endowment for the Arts, USA වැනි ආයතන වලින් විකල්ප ධාරාවේ කලාකටයුතු වල නිරතවන අයට මුදල් ප්‍රදානය කරනු ලබයි. කලාව සම්බන්ධයෙන් වෙළද පොළ සාපේක්ෂව සාර්ථකව ක්‍රියාත්මක වන, කලාකරුවන්ට මුදල් ප්‍රදානය කිරීම සදහා පෞද්ගලික ආයතන සාපෙක්ෂ්ව වැඩි ප්‍රමාණයක් ඇති මෙම රටවල පවා රාජ්‍යයේ මෙහෙයවීම යටතේ දේශපාලනයෙන් ස්වාධීන වූ ක්‍රමවේදයක් යටතේ මුදල් ප්‍රදානය කරනු ලබයි. නමුත් කලාකරුවන්ට වෙළදපොළක් නොමැති, මුදල් ආධාර ලබා දෙන පෞද්ගලික ආයතන ඉතාමත් අඩුම ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය විසින් මුදල් ප්‍රදානය කරන්නේ වාර්ෂිකව පවත්වන තරගයක් මගින් පමණි. එම මුදලද හිමිවන්නේ ජයග්‍රහණය කරන අතලොස්සකට පමණක් වන අතර එසේ ලබා දෙන මුදල්ද කලාකෘතියේ නිෂ්පාදන වියදමෙහි දහයෙන් පංගුවක් වත් ආවරණය කිරීමට සමත් නැත.

එබැවින් පැහැදිලි වන කාරණයක් වන්නේ රාජ්‍ය විසින් රාජ්‍ය නාට්‍ය උළෙල වැනි උත්සව වලින් සිදුකරන්නේ කලාකරුවාගේ අයිතිවාසිකම් අපයෝජනයක් බවයි. මෙහිදී පවතින ආණ්ඩුව විසින් ඉතාම සොච්චම් මුදලක් ව්‍යාජ තරගයක් මාර්ගයෙන් කලාකරුවන් අතර බෙදාහරින්නේ විශාල දේශපාලන ප්‍රචාරණයක් මගිනි. මෙම උළෙලවල් වර්ජනය කර එම මුදල් ප්‍රතික්ෂේප කරන ලෙස කලාකරුවන්ගෙන් ඉල්ලා සිටීම වැනි අදහසක් මතුකිරීමට මට අවශ්‍ය නැත. මා පවා මෙසේ ලැබෙන මුදල් වලින් යම් ආකාරයකට සහනයක් ලබා ගත් අයෙකි. නමුත් මා හට පැවසීමට අවශ්‍ය වන්නේ කලාකරුවන්ට මීට වඩා වැඩි මුදලක් මීට වඩා සාර්ථක ක්‍රම වේදයක් යටතේ ලැබිය යුතුය යන්නයි. එමෙන්ම මෙවැනි උළෙලවල් වලට දේශපාලඥයින් පැමිණීම අනවශ්‍ය කාරණයක් බවයි. එබැවින් ලැජ්ජා විය යුත්තේ තමන්ගේ මහන්සියට අවම ප්‍රතිලාභ ලබන වේදිකාවට නැග සම්මාන ගනු ලබන කලාකරුවන් නොවේ. කලාකරුවන්ට හිමි මුදල් කප්පාදු කරමින් එසේ දෙනු ලබන සොච්චම් මුදල පවා තම දේශපාලන ප්‍රචාරණය වෙනුවෙන් අපයෝජනය කරනු ලබන සම්මාන ලබා දීමට පැමිණෙන දේශපාලනඥයින්ය.

චමිල ප්‍රියංක
2023 දෙසැම්බර් 17

11/23/2023

2022 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින් "The Jungle" නැවතත් වේදිකාගත වේ.

දිනය: 2023 නොවැම්බර් 25
වේලාව: සවස 6.30
ස්ථානය: එල්ෆින්ස්ටන් රඟහල

ප්‍රවේශපත්‍ර: රු.200/=

https://www.facebook.com/share/p/NMgxaU996qURCFrf/?mibextid=qi2Omg
11/08/2023

https://www.facebook.com/share/p/NMgxaU996qURCFrf/?mibextid=qi2Omg

2022 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින් "The Jungle" නැවතත් වේදිකාගත වේ.

දිනය: 2023 නොවැම්බර් 25
වේලාව: සවස 6.30
ස්ථානය: එල්ෆින්ස්ටන් රඟහල

❤
09/05/2023

https://m.facebook.com/story.php?story_fbid=167645286362814&id=100093520312533&mibextid=Nif5oz
09/01/2023

https://m.facebook.com/story.php?story_fbid=167645286362814&id=100093520312533&mibextid=Nif5oz

THE JUNGLE | දෙවන දර්ශනය | සැප්තැම්බර් 02 | Tickets !!!

🔹 පස්වරු 03.30 දර්ශනය සඳහා - https://tinyurl.com/yc4fpy54

🔹 පස්වරු 06.30 දර්ශනය සඳහා - https://tinyurl.com/3c56ds5z

එදින දොරටුවෙන් ප්‍රවේශපත් ලබාගන්නා සරසවි සිසු සිසුවියන්ට විශේෂ වට්ටමක්!

THE JUNGLE යනු දැනට ජාත්‍යන්තර වේදිකාවේ දර්ශනය වන Joe Murphy සහ Joe Robertson විසින් රචිත වේදිකා නාට්‍යකි.

Stephen Daldry සහ Justin Martin යන දෙපළ විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම ලෝක ප්‍රසිද්ධ ආකර්ෂණීය නාට්‍ය අත්දැකීම කෞෂල්‍යා ප්‍රනාන්දුගේ සිංහල පරිවර්තනයත්, චමිල ප්‍රියංකගේ අධ්‍යක්ෂණයත්, Magma Entertainment ආයතනයේ නිෂ්පාදනයත් සමඟින් කොළඹදී නැරඹීමට ප්‍රේක්ෂක ඔබට විශිෂ්ට අවස්ථාවක් උදා වී ඇත.

ප්‍රංශයේ ප්‍රකට Calais සරණාගත කඳවුරේ යුරෝපීය රැකවරණය පතා සිටින ජනතාවගේ ජීවන රටාවන් ඔස්සේ, ඔවුන්ගේ ජීවිත වල ඇති කටුකත්වය, පාරිසරික වශයෙන් අනුගත වීමේදි ඇතිවන අර්බුධ, ඔවුන්ගේ ඔරොත්තුදීමේ හැකියාව, බලාපොරොත්තු සහගත බව, සහ අරගලකාරී තත්වයන් තුළින් කතාව ගලාගෙන යයි.

වසරකට වැඩි පුහුණුවීම් කාලයක් සහ හැදෑරීමක් සිදු කරමින් ප්‍රොසීනියම් වේදිකාවෙන් ඔබ්බට වේදිකාවේ හැඩයන් මතු කරමින් දක්ෂ රංගන ශිල්පීන් කණ්ඩායමක් තුළින් මෙම නාට්‍යය නිර්මාණය වී ඇත. රංග වින්‍යාසය, සංගීතය, සහ ආලෝකකරණය ආදී අංශ වල නිර්මාණශීලී වෙනස්කම් තුළින් මුල් නාට්‍යයේ රසය එලෙසින්ම ඔබට සමීප කරන්නට උත්සහා කර ඇත.

https://m.facebook.com/story.php?story_fbid=165995333194476&id=100093520312533&mibextid=Nif5oz
08/29/2023

Address

Austin, TX

Website

Alerts

Be the first to know and let us send you an email when Carnival Theatre Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Carnival Theatre Group:

Share