KIDZ ARENA - Lakma Holidays

KIDZ ARENA - Lakma Holidays Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KIDZ ARENA - Lakma Holidays, Amusement and theme park, Lakma Holidays, Pilanduwa Road, Warakapola.

🌈 A New Event for The Happiness of Kids!

🎪Ultimate fun activities for children
🦜 Birds Park | 🎭 Mini Theater | 🐴Horse Riding |👩‍🌾 Farm Experience

📍 Lakma Holidays, No: 220, Kandy Road, Warakapola

📞 077 430 1022

⏰ Open: 08 AM - 05 PM

🧠 දරුවාගේ හෙට දවස තීරණය කරන "නොපෙනෙන බලවේගය": Emotional Development (චිත්තවේගීය සංවර්ධනය)ඔබේ දරුවාට A සාමාර්ථ 9ක් තිබුණත...
16/12/2025

🧠 දරුවාගේ හෙට දවස තීරණය කරන "නොපෙනෙන බලවේගය": Emotional Development (චිත්තවේගීය සංවර්ධනය)
ඔබේ දරුවාට A සාමාර්ථ 9ක් තිබුණත්, තරහක් පාලනය කරගන්න බැරි නම්? පරාජයක් දරාගන්න බැරි නම්? ඒ අධ්‍යාපනයෙන් වැඩක් තියෙනවාද? 🤔

🤷‍♀️ දරුවාගේ අනාගත දියුණුව තීරණය වෙන්නේ පාසලේ ලකුණු වලින්ම නෙවෙයි ඒක එකතරා සාධකයක් විතරයි, වර්තමානය වෙනකොට ඒක මනින ප්‍රධාන මිනුම්දන්ඩක් වනේ ඔවුන්ට හැඟීම් පාලනය කරන්න තියෙන හැකියාව (EQ) මතයි! මේ විනාඩි 2න් ඒ ගැන දැනගමු. 👇

ආදරණීය අම්මේ තාත්තේ, අපි හැමෝම දරුවාගේ IQ (බුද්ධිය) ගැන වද වෙනවා. ඒත් ලෝකයේ දියුණුම පර්යේෂණ කියන්නේ දරුවාගේ සැබෑ ජයග්‍රහණය රඳා පවතින්නේ EQ (චිත්තවේගීය බුද්ධිය) මත බවයි.

🧠 මොකක්ද මේ චිත්තවේගීය සංවර්ධනය?

දරුවෙකු තමන්ට දැනෙන දේ හඳුනා ගැනීම (Recognize), එය නිවැරදිව ප්‍රකාශ කිරීම (Express) සහ අවස්ථාවට ගැලපෙන ලෙස පාලනය කරගැනීම (Manage) යි. සරලවම කිව්වොත්, "තමන්ගේ හිතේ ඇතිවන හැඟීම හඳුනාගෙන, එයට වහල් නොවී එය පාලනය කිරීමේ හැකියාවයි."

🌍 විද්‍යාවෙන් හෙළි වූ "රහස" මොකක්ද?
මේක නිකන්ම කතාවක් නෙවෙයි. ලෝක පූජිත මනෝවිද්‍යාඥයින් මේ ගැන කියන දේ බලන්න. මේ ගැන ලෝකයේ ප්‍රධාන මතවාද කීපයක් අලුත් පරම්පරාවේ දෙමාපියන් දැනගත යුතුයි:

🔹සංජානන සංවර්ධනය (Cognitive Development): ස්විට්සර්ලන්ත ජාතික ජීන් පියාජේ (Jean Piaget - 1936) ඔහු පෙන්වා දුන්නේ කුඩා දරුවන්ගේ මොළය වැඩෙන්නේ පියවරෙන් පියවර බවයි. "ඔයාට පිස්සුද?" කියලා දරුවාට බැනලා වැඩක් නැහැ. අවුරුදු 7ට අඩු දරුවාට තාම "තව කෙනෙක්ගේ හිත රිදෙයි" කියලා හිතන්න මොළය මෝරලා නැහැ. ඒක උගන්වන්න ඕනේ ආදරයෙන්. තව කෙනෙකුගේ පැත්තෙන් හිතන්න (Empathy) අමාරුයි. ඔවුන් හිතන්නේ තමන් ගැන පමණයි. දරුවා සෙල්ලම් බඩුවක් බෙදාගන්න අකමැති වුණාම, ඒක "ආත්මාර්ථකාමීකම" නෙවෙයි, ඒ ඔවුන්ගේ මොළයේ වර්ධන මට්ටමයි.

🔹 ජෝන් බෝල්බිගේ "ආරක්ෂිත බැඳීම" (Attachment Theory - 1958) දරුවා බය වුණාම හෝ තරහ ගියාම ඔබ ප්‍රතිචාර දක්වන විදිහ (Response) තමයි දරුවාගේ මුළු ජීවිත කාලයම තීරණය කරන්නේ. අම්මා/තාත්තා ළඟ "මම ආරක්ෂිතයි" කියන හැඟීම දරුවාට ලැබුණොත්, ඔවුන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් වෙනවා. කුඩා කාලයේදී මව හෝ පියා සමඟ ඇතිවන දැඩි ආරක්ෂිත බැඳීම, දරුවාට අනාගතයේදී බියකින් තොරව හැඟීම් පාලනය කිරීමට උදව් වන බවයි. දරුවා අඬන විට ඔබ ළඟට ගොස් තුරුල් කරගැනීම, ඔවුන්ගේ මොළයට "මම ආරක්ෂිතයි" යන පණිවිඩය ලබා දෙයි.

🔹සමාජ ඉගෙනුම (Social Learning): ඇල්බට් බන්දුරා (Albert Bandura) 1977 දී පෙන්වා දුන්නේ දරුවන් ඉගෙන ගන්නේ දෙමාපියන් දෙස බලාගෙන බවයි (Observation). ඔබට කේන්ති ගිය විට ඔබ හැසිරෙන විදිහ, දරුවා පාසලේදී ප්‍රශ්නයක් වුනාම හැසිරෙන විදිහ තීරණය කරයි.

🔹 බෞද්ධ දර්ශනයේ "සතිය" (Mindfulness) අවුරුදු දහස් ගණනකට පෙර අපේ පෙරදිග ඥානයෙන් කියා දුන්නේ "සිත දෙස බලා සිටීම" ගැනයි. කේන්තිය ආවාම කෑගහනවා වෙනුවට, "ආ.. මට කේන්තියක් ඇවිත්" කියලා ඒ දිහා බලන්න දරුවාට පුරුදු කරන්න. ප්‍රතික්‍රියා (React) නොකර ප්‍රතිචාර (Respond) දක්වන්න ඔවුන් ඉගෙන ගනීවි.

🛑 දෙමාපියන්ට කරන්න පුළුවන් "මැජික්" එක 🪄

හෙට ඉඳන් මේ සරල දේවල් 03 අත්හදා බලන්න. වෙනස ඔයාටම තේරෙයි!

✅ හැඟීමට නමක් දෙන්න (Name it to Tame it): දරුවා කෑගහලා අඬනකොට, "කට වහපන්" කියන්න එපා. "ඔයාට දුක හිතුණා නේද?" කියලා අහන්න. දරුවා අඬන විට "අඬන්න එපා" කියනවා වෙනුවට, "ඔයාට දුකයි නේද බෝනික්කා කැඩුණට?" කියා අහන්න. හැඟීම හඳුනාගත් මොහොතේම මොළය සන්සුන් වෙන්න පටන් ගන්නවා.

✅ ඔබේ සන්සුන් බව දරුවාට දැනෙන්න දෙන්න(මේකට සරල සින්හලෙන් කියන්නේ රස්නේ වදිනවා කියලා)(Co-Regulation): දරුවාට කේන්ති ගිය වෙලාවට ඔයත් කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? 🔥 ඒ වෙනුවට ඔබ සන්සුන්ව සිටීමෙන්, දරුවා ඔබෙන් ඒ සන්සුන්කම උරා ගන්නවා. (විද්වතුන් මෙය හඳුන්වන්නේ Co-Regulation ලෙසයි).හැඟීම පිළිගන්න, හැසිරීම හදන්න: "ඔයාට කේන්ති යන එක හරි (හැඟීම), ඒත් මල්ලිට ගහන එක වැරදියි (හැසිරීම)."

✅ ඇහුම්කන් දීම (Active Listening): යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානය (Yale Child Study Center - 2020) සොයාගෙන තියෙනවා, දෙමාපියන් දරුවාගේ හැඟීම්වලට ඇහුම්කන් දීම පමණක්ම දරුවාගේ ආතතිය (Stress) නැති කරන්න ඖෂධයක් වගේ ක්‍රියා කරන බව. ඔබට මහන්සි පාටක් ඇති විට, "අම්මට අද පොඩ්ඩක් මහන්සියි, ඒකයි නිශ්ශබ්දව ඉන්නේ" කියා දරුවාට කියන්න. එවිට ඔවුන් තමන්ගේ හැඟීම් ගැන කතා කිරීමටත් පුරුදු වේ.

💡 පුංචි අභියෝගයක්: අද දවසේ ඔබේ දරුවාට තරහ ගියොත්, බණින්නේ නැතුව ඔහු/ඇය ළඟට ගිහින් "මට තේරෙනවා ඔයාට තරහ ගිහින් කියලා" කියලා හිස අතගාලා බලන්න. ඒ ලැබෙන ප්‍රතිඵලය ඇවිත් අපිට කියන්න.

මොකද, "හොඳ දරුවෙක් බිහිවෙන්නේ හොඳ දෙමාපියෙක් නිසාමයි!" ❤️

තවත් මෙවැනි වටිනා ලිපි කියවන්න අප සමග රැඳී සිටින්න.
අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

#දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව

"අනේ, මේ ළමයා එපා කියන දේමයි කරන්නේ ! එපා කියන දේමයි කරන්නේ ? 🤦‍♀️ මම මූට ගහන්නද ? නැත්නම් මේක තේරුම් ගන්නද? මේක බහුතර ද...
09/12/2025

"අනේ, මේ ළමයා එපා කියන දේමයි කරන්නේ ! එපා කියන දේමයි කරන්නේ ? 🤦‍♀️ මම මූට ගහන්නද ? නැත්නම් මේක තේරුම් ගන්නද? මේක බහුතර දෙමව්පියන් මුණ දෙන තත්ත්වයක් විශේෂයෙන් ගෙවල් වල ඉන්න අම්මලා 🤔 දරුවාගේ හැසිරීම පිටුපස ඇති විද්‍යාව මොකක්ද ? අනේ ආදරණීය දෙමව්පියනි තත්ත්වය තේරුම් ගන්න."වැරැද්ද දරුවාගෙද? නීතියෙද? 🤦‍♀️ බොහෝ දෙමාපියන් දඬුවම් දෙන මේ වැරැද්ද පිටුපස ඇති සත්‍යය!

🛑 නීති කඩන දරුවා: 'දඬුවම' වෙනුවට 'විසඳුම' කුමක්ද?

දරුවෙකු නිතරම නීති කඩ කරන විට, එය දඬුවමකට වඩා වර්ධනීය ඉල්ලීමක් (Developmental Need) ලෙස දැකීම නවීන මනෝවිද්‍යාවේ පිළිගැනීමයි. නීති කඩ කිරීම (Rule-breaking) යනු දඬුවම් දිය යුතු වරදකට වඩා, දරුවාගේ මානසික සහ සංවර්ධන අවශ්‍යතාවක් අපට පෙන්වන සංඥාවක් බව අලුත් පරම්පරාවේ දෙමාපියන් තේරුම් ගත යුතුයි. මේ පිළිබඳව පර්යේයේෂණ පැවැත් වූ යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානය (Yale Child Study Center) විසින් කරන ලද පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ, දඬුවම් වෙනුවට ධනාත්මක මැදිහත්වීම් (Positive Intervention) තුළින් දරුවාගේ ස්වයං-පාලනය (Self-Regulation) වැඩි වන බවයි.

🧠 සංජානන සීමාව සහ ප්‍රතිවිපාක

ළමයින් නීති කඩ කරන්නේ හිතාමතා (Maliciously) නොව, ඔවුන්ගේ මොළයේ සංජානන අවධිය තවමත් මේරී නැති නිසා. ස්විට්සර්ලන්ත මනෝවිද්‍යාඥ ජීන් පියාජේ (Jean Piaget) 1945 දී ඔහුගේ 'සංජානන සංවර්ධන න්‍යාය' ඔස්සේ පෙන්වා දුන්නේ, අවුරුදු 2-7 අතර දරුවන්ට ක්‍රියාවක දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව නිසි අවබෝධයක් නැති බවයි.

මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම් දරුවා බිත්තියේ අඳින විට, ඔවුන් දකින්නේ තමන්ගේ නිර්මාණශීලීත්වය පමණි. පසුව ඇති වන පිරිසිදු කිරීමේ අභියෝගය ඔවුන්ට නොපෙනේ.

💖 ඇමිණීම සහ ආරක්ෂාව (චර්යාත්මක මූලධර්ම)

දරුවා නීති කඩ කිරීම තුළින් බොහෝ විට අවධානය සහ සීමාවන්ගේ ස්ථාවරත්වය පරීක්ෂා කරනවා. ජෝන් බෝල්බි (John Bowlby) සහ මේරි අයින්ස්වර්ත් (Mary Ainsworth) විසින් 1960 ගණන්වලදී හඳුන්වා දුන් 'ඇමිණුම් න්‍යාය' (Attachment Theory) අනුව, දරුවෙකුට තම පරිසරය ආරක්ෂිතයි කියා දැනෙන්නට නම්, දෙමාපියන්ගේ ආදරයත්, නීතිවල ස්ථාවරත්වයත් අත්‍යවශ්‍යයි.

දරුවා රණ්ඩුවක් ඇති කරගෙන අවධානය ඉල්ලන විට, ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත දඬුවම් කිරීමක් නොව, "ඔබට තරහ යන්නට අවසර ඇත, නමුත් සීමා පනිනවාට ඉඩක් නැත" යන සහතිකයයි.🤣🤣🤣

🧘 චේතනාව සහ සංයමය (පෙරදිග දර්ශනය)
බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පයක් වන 'චේතනාව' (Intention) අනුව, හැම ක්‍රියාවක් පිටුපසම යම් අරමුණක් තිබේ. දෙමාපියන් ලෙස, නීති කඩන විට දරුවාට ආවේගශීලීව දඬුවම් දීම වෙනුවට, අපගේ තරහව පාලනය (සම්මා සති) කර දරුවාගේ ක්‍රියාව පිටුපස ඇති අවශ්‍යතාවය (හේතුව) සෙවිය යුතුය.

ඇමරිකාවේ යූරි බ්‍රොන්ෆෙන්බ්‍රෙනර්ගේ 'පරිසර පද්ධති න්‍යාය' (Ecological Systems Theory) (1979) මඟින් පැහැදිලි කරන්නේ, දරුවාගේ හැසිරීම් ගැටලු ඔහුගේ ක්ෂුද්‍ර පරිසරය (පවුල) නිවැරදි කිරීමෙන් විසඳිය හැකි බවයි.

✅ විශේෂඥ උපදෙස් (Focus on Solutions)

✯ සම්බන්ධතාවය: නීති කඩ කළ පසු, පළමුව දඬුවම් නොදී සන්සුන්ව දරුවාට ඇහුම්කන් දෙන්න. සන්සුන්ව දරුවා ළඟට ගොස් සම්බන්ධතාවය ශක්තිමත් කරන්න.

✯ ප්‍රතිවිපාක: දඬුවම් වෙනුවට, ක්‍රියාවට ඍජුවම සම්බන්ධ ස්වාභාවික ප්‍රතිවිපාක (Natural Consequences) උගන්වන්න.ඔයා සෙල්ලම් බඩු විසි කළා, දැන් ඒවා කවුරුවත් අස් කරන්නේ නැහැ. හෙට සෙල්ලම් කරන්න බැරි වෙයි." වැනි, ක්‍රියාවට ඍජුවම සම්බන්ධ ස්වාභාවික ප්‍රතිවිපාක උගන්වන්න.

✯ ස්ථාවර නීති: නීති ගණන අඩු කර, ඒවා හැම විටම ස්ථාවරව ක්‍රියාත්මක කරන්න.දිනකට වැදගත්ම නීති 3ක් පමණක් තබාගන්න. නීති වැඩි වන තරමට කඩ කිරීමේ අවස්ථා වැඩි වේ.

පහලින් ඔයාගේ අදහස කමෙන්වට් කරන්න, තවදුරටත් දැනුවත් වීමට KidsArena සමඟ රැඳී සිටින්න!

අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

TV - Nursery Rhymes And Baby Songs kids star Diana Show #දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව #සෞඛ්‍යසම්පන්නදරුවන් #දරුවන්ටආදරෙයි #නීති_කඩකිරීම #දරුවන්ගේ_හැසිරීම #දෙමාපිය_මාර්ගෝපදේශ

08/12/2025

පුංචි දරුවෙකුගේ ජීවිතයේ හොඳම සහ වැදගත්ම අවධිය පිළිබඳව ඔබ දැන සිටියාද ?
වර්තමානයේ පුංචි දරුවන් සිටින දෙමව්පියන් ඇසිය යුතුම කතාවක්.......
🤔🤔🤔

💚අපි Kids Arena💚

දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈


#දැනුවත්දෙමාපියෙක්

අපේ ෆේජ් එක Follow කරන සහෘද ප්‍රේක්ෂකයන් කීප දෙනෙකුම DM කරල කරපු ඉල්ලීමක් මත අද මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුවා.⛔️ නීති ...
08/12/2025

අපේ ෆේජ් එක Follow කරන සහෘද ප්‍රේක්ෂකයන් කීප දෙනෙකුම DM කරල කරපු ඉල්ලීමක් මත අද මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුවා.

⛔️ නීති කඩ කිරීම (Rule-breaking) දරුවා නිතරම නීති කඩ කරන විට කළ යුත්තේ මොකක්ද?

🚨 දරුවා "බොරු සීමා මායිම්" පනිනවාද? "මේක කරන්න එපා" කී විට, ඔවුන් එයම කරනවාද? නීති කඩ කිරීමේ හැසිරීම පිටුපස සැඟවුණු මනෝවිද්‍යාත්මක හේතු සහ ඒවා නිවැරදි කිරීමට විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ක්‍රම 3ක් මෙන්න. 👇

👨‍⚕️👩‍⚕️ විශේෂඥයන්ට අනුව පුංචි දරැවන් නිතරම නීති කඩන්නේ ඇයි?

දැන් මෙතනදී පුංචි දරුවන් විසින් කඩ කරන මේ නීති ගැන කතා කරද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා බරපතල කාරණාවක් විදිහට ඇත්තම කාරණාව ඒක එහෙම නෙමෙයි. විශේෂඥයන්ට අනුව ඔවුන් මේ නීති විදිහට අර්ථ දක්වන්නේ
ඔවුන්ගේ හැසිරීම හා ක්‍රියාකාරකම් නිසි පරිදි පාලනය කරගැනීමට, ගෙදරදි, පෙරපාසලේදී හෝ පාසලේදී දෙමාපියන් සහ ගුරුවරුන් විසින් ඇති කරන සරල මාර්ගෝපදේශ (Guidelines) සමූහයකි. මේක සරලව කිව්වොත් පුංචි නීති කීපයක් මගින් පුංචි දරුවන්ට අවශ්‍යය පොඩි මගපෙන්වීමක් කරනවා.

🔑 පුංචි දරුවන් වෙනුවෙන් පනවන නීති වල අරමුණු :

✨ ආරක්ෂාව (Safety): දරුවා අනතුරු වලින් ආරක්ෂා කිරීම.

✨ සමාජගත වීම (Socialization): අන් අය සමඟ එකට ජීවත් වීමට පුරුදු කිරීම.

✨ වගකීම (Responsibility): තමන්ගේ වැඩ තමන්ම කරගැනීමට පුහුණු කිරීම.

📝 සරල උදාහරණ:

"සෙල්ලම් කරලා ඉවර වුණාම බඩු අහුලන්න ඕනේ."

"වෙලාවට නිදාගන්න ඕනේ."

"තරහා ගියාම අතින් පයින් ගහන්න හොඳ නැහැ."

"යාළුවොත් එක්ක රන්න කලොත් ආයෙ සෙල්ලම් කරන්න යන්න දෙන්නෙ නෑ"

මේ නීති තමයි දරුවාට ලෝකය තේරුම් ගැනීමට සහ හොඳ පුරවැසියෙක් වීමට මඟ පෙන්වන මුල්ම පියවර. ඒ අනුව බහුතර පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට දරුවන් නීති කඩ කිරීමට ප්‍රධාන හේතු දෙකක් තියනවා .

1. සංජානන වර්ධනය(Cognitive Development)
2. අවධානය අවශ්‍ය වීම (Attention Seeking)

මේ පිළිබඳව බටහිර මනෝවිද්‍යාත්මක දැක්ම

✅ ජීන් පියාජේ (Jean Piaget, 1945): ළමා සංවර්ධනය පිළිබඳව පියාජේගේ පර්යේෂණ අනුව ("Moral Judgment of the Child" වැනි කෘතිවල), කුඩා දරුවන් (විශේෂයෙන් පෙර පාසල් වයසේ) නීති දකින්නේ නම්‍යශීලී නොවන (Inflexible) දෙයක් විදිහට. ඒ වගේම ඔවුන් සමහර විට නීතියක් කඩ කරන්නේ එහි ප්‍රතිවිපාක පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති නිසා.
මේක සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම් සෙල්ලම් බඩු අහුලන්න කී විට, එය නොකර සිටින්නේ එය විශාල නීති කඩ කිරීමක් ලෙස නොදකින නිසා විය හැකියි.

✅ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud, 1877): ෆ්‍රොයිඩ්ගේ පෞරුෂ ව්‍යුහයට අනුව, 'Superego' (හෘද සාක්ෂිය) නිසි ලෙස වර්ධනය වන තුරු, දරුවාට සමාජ නීති සහ සදාචාරය තේරුම් ගැනීම අසීරුයි. එම නිසා දෙමාපියන් නිරන්තරයෙන් මග පෙන්විය යුතුයි.

🕵️🕵️ මේ පිළිබඳව මෑත කාලීනව කරපු නවීන පර්යේෂණ කීපයක් පිළිබඳව අපි දැන් බලමු

🔔 ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය (APA) වාර්තාව (2020 දශකය): නීති කඩන දරුවන්ගේ හැසිරීම් රටා පිළිබඳ නවීන පර්යේෂණවලින් පෙනී යන්නේ, නිතර නීති කඩ කිරීම පිටුපස බොහෝ විට දෙමාපියන්ගේ අවධානය (Attention Seeking) ලබා ගැනීමට ඇති අවශ්‍යතාව සැඟවී ඇති බවයි. නිෂේධාත්මක අවධානයක් වුවද, එය ධනාත්මක අවධානයකට වඩා පහසුවෙන් ලබාගන්න පුලුවන් කියලා දරුවො විශ්වාස කරනවා කියලා ඔවුන්ගේ පර්යේෂණයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

🔔 ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (2018-2022): පර්යේෂණවලින් පෙනී යන්නේ, නිතර නීති කඩ කරන දරුවන්ගේ මොළයේ ඉදිරිපස කොටසේ (Prefrontal Cortex) ක්‍රියාකාරීත්වය අඩු විය හැකි බවයි. මෙයින් අදහස් වන්නේ, ඔවුන් නීති කඩ කරන්නේ ස්වයං පාලන (Self-Regulation) හැකියාවේ ඇති ස්නායු විද්‍යාත්මක දුර්වලතා නිසා විය හැකි බවයි.

🔔 නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලය (Leiden University, 2023): නවතම පර්යේෂණයකින් පෙන්වා දෙන්නේ, දරුවන්ගේ චිත්තවේගීය නියාමනය (Emotional Regulation) සඳහා දෙමාපියන් දක්වන උණුසුම් ප්‍රතිචාරය (Warmth) සහ ස්ථාවරත්වය (Consistency) ඉතා වැදගත් බවයි. මෙහිදී, නීති කඩ කිරීමකදී වුවද ආදරයෙන් සහ ස්ථාවරව නීතිවල ප්‍රතිවිපාක පෙන්වා දීම මගින් දරුවාගේ නීති පිළිගැනීමේ හැකියාව වැඩි කරවන බව ඔවුන් පර්යේෂණයෙන් පෙන්වා දෙනවා.

🛠️ නීති රකින්න පුරුදු කරන ක්‍රම 3ක්

⭐ නීති සරල කරන්න: නීති රීති අඩුවෙන් (උපරිම 5ක් පමණ) සහ සරල වචන වලින් පවුලේ සියලු දෙනා එකතුව ලියන්න.

⭐ ප්‍රතිවිපාක පැහැදිලි කරන්න: නීතිය කඩ කළ විට ලැබෙන ප්‍රතිවිපාකය (දඬුවම නොවේ) වහාම සහ නිරතුරුව ක්‍රියාත්මක කරන්න. (උදා: සෙල්ලම් බඩු ඇහිලුවේ නැත්නම්, සෙල්ලම් කරන තැන අස් කරලා තිබ්බේ නැත්නම්, ඊළඟ දවසේ සෙල්ලම් ක‍රන්න හම්බවෙන්නේ නෑ).

⭐ ධනාත්මක හැසිරීම් අගය කරන්න: දරුවා නීතියක් නිවැරදිව රකින සෑම විටම, එය විශේෂයෙන් අගය කරන්න. ධනාත්මක අවධානය (Praise) නීති කඩන හැසිරීම් අවම කරයි.

ඔබේ දරුවාට නීති රකින්න පුරුදු කරන්න ඔබ යොදා ගන්නා හොඳම උපක්‍රමය කුමක්ද? පහතින් Comment කරන්න! 👇

අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

TV - Nursery Rhymes And Baby Songs kids star Diana Show #දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව #සෞඛ්‍යසම්පන්නදරුවන් #දරුවන්ටආදරෙයි #නීති_කඩකිරීම #දරුවන්ගේ_හැසිරීම #දෙමාපිය_මාර්ගෝපදේශ

05/12/2025

පුංචි වළාකුලේ....... 🌨️🌨️🌨️

💫 පුංචි පැංචියෝ ටිකක් එකතුවෙලා
නටපු ලස්සනම නැටුමක්..💫

🛑 ඔබේ දරුවා "හිතන්න කලින් වැඩ කරනවාද?" (Impulsivity) - ඉවසිලිවන්තව ඉන්න අකමැතිද? එය පාලනය කරන්නේ කෙසේද?🚨 ඔයාගේ පෙරපාසල් ...
05/12/2025

🛑 ඔබේ දරුවා "හිතන්න කලින් වැඩ කරනවාද?" (Impulsivity) - ඉවසිලිවන්තව ඉන්න අකමැතිද? එය පාලනය කරන්නේ කෙසේද?

🚨 ඔයාගේ පෙරපාසල් යන පුංචි පැටියා හරි පාසල් යන පුංචි දරු පැටියා පොරොත්තුවෙන්න අකමැතිද (මෙතන පොරොත්තු වෙනවා කියලා අදහස් කරන්නේ එයාට යමක් ලැබෙනකම් හරි යමක් සිදු වෙනකම් හරි ඉවසිලිවන්තව ඉන්නේ නැද්ද කියන කාරණාව (Wait / Delay))? ඔයාගේ පුංචි පැටියා හදිසි ප්‍රතික්‍රියාවක් (Impulsivity) දක්වනවා ඇතිකරනවා කියන්නේ දරුවා නරක නිසා නෙවෙයි. එය මොළයේ වර්ධනයක්, මොළයේ වර්ධනීය අවධියක් එහෙමත් නැත්නම් ක්‍රියාවලියක්.🧐කෙනෙකුට මේකෙ පොඩි අපබ්‍රරන්ශ ගතියක් තියෙන්න පුළුවන් නමුත් ඇත්තම කතාව මනෝවිද්‍යාව තුළ මේ පුංචි සියුම් හැසිරීම් රටා ප්‍රබලව කතා කරනවා. එසේම ගන්න කුඩා පියවරයන් මගින් ඔබේ දරුවා අනාගතයේ යහපත් පුරවැසියෙකු බවට පත්කරනවා.

⏳ "පොරොත්තු වෙනවා" (Wait / Delay) යන්නෙන් අදහස් කළේ කුමක්ද?

මේ සන්දර්භය තුළ "පොරොත්තු වෙනවා" යන්නෙන් අදහස් කළේ ඉවසිලිවන්ත වීම (Patience): අවශ්‍ය දෙයක් ක්ෂණිකව ඉටු නොවූ විට, ඉවසීමෙන් සිටීම හෝ නැවතී සිටීම.

උදාහරණයක් විදිහට සෙල්ලම් බඩුවක් ඕන වුණාම, වහාම උදුරා නොගෙන, යාළුවා සෙල්ලම් කරලා ඉවර වෙනකම් ඉවසීමෙන් බලා සිටීම.

ප්‍රතිචාරය ප්‍රමාද කිරීම (Delaying Response):

දරුවා තුළ හැඟීමක් හෝ ආශාවක් (Impulse) ඇති වූ විට, වහාම ක්‍රියා නොකර, තත්පරයක් විරාමයක් (Pause) ගැනීම. මෙය හදිසි ප්‍රතික්‍රියා පාලනයේ මූලිකම පියවරයි.

🧠 විශේෂඥ මතය සහ හදිසි ප්‍රතික්‍රියාවල මුල

හදිසි ප්‍රතික්‍රියා (Impulsivity) යනු ප්‍රතිවිපාක ගැන නොසිතා ක්ෂණිකව ක්‍රියා කිරීමට යොමු වීම. මේ තත්ත්වය වැඩිපුරම දක්නට ලැබෙන්නේ දරුවාගේ මොළයේ සැලසුම්කරණයට සහ පාලනයට වගකිව යුතු කොටස (Prefrontal Cortex) තවමත් මෝරා නැති නිසයි.

බටහිර මනෝවිද්‍යාවට අනුව

🔶1877 දී ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේ දරුවාගේ හැසිරීම බොහෝ විට පාලනය වන්නේ 'Id' (ඉඩ් - ලතින් බසින් 'එය') නම් වූ පෞරුෂයේ ප්‍රාථමිකම කොටස මගින් බවයි. 'Id' එක ක්‍රියා කරන්නේ "සතුට ලැබීමේ මූලධර්මය" අනුවය; "මට දැන්ම ඒක ඕන ! මට ඒක දෙනකම් ඉන්න බෑ , මට ඒක වෙනකම් ඉන්න බෑ!" දරුවා ක්ෂණිකව ක්‍රියා කරන්නේ මේ 'Id' බලවත් වීම නිසයි.

💡 සරලව තේරුම් ගනිමු 'Id' කියන්නේ මොකක්ද?

දරුවාගේ හදිසි ප්‍රතික්‍රියා තේරුම් ගැනීමේදී මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ සංකල්පයක් වන 'Id' ඉතා වැදගත් වෙනවා.'Id' කියන්නේ අපේ පෞරුෂයේ ප්‍රාථමිකම සහ මූලිකම කොටසයි. සරලවම කිව්වොත්, 'Id' එක ක්‍රියා කරන්නේ "සතුට ලැබීමේ මූලධර්මය" (Pleasure Principle) අනුවයි.

මේක උදාහරණයකින් පැහැදිලි කරනවානම් "මට දැන්ම, මේ මොහොතේම මේ දේ ඕනෑ බළාපොරොත්තු වෙන්න බෑ! ඉවසිලිවන්තව අපේක්ෂා සහගතව ඉන්න බෑ " යනුවෙනි.

පුංචි දරු පැටියෙක් බඩගිනි මෙච්ච වෙලාවක වටපිටාව හෝ ඉන්න තැන හෝ වෙලාව නොසලකා, වහාම කෑ ගසා ආහාර ඉල්ලා සිටින්නේ මේ 'Id' හි බලපෑම මතයි. මොකද ඒ මොහොතේ දරුවාගේ මොළය තුළ සතුට ලැබීමේ මූලධර්මය ක්‍රියාත්මක නිසා එයාට අවශ්‍ය වෙන්නේ ආහාර තමන් කැමති දේ ලැබුණට පස්සේ දරුවා සතුටින්. හදිසි ප්‍රතික්‍රියාවකදී වෙන්නේ දරුවාට යමක් අවශ්‍ය වූ විට, සිතීමේ ක්‍රියාවලිය (Ego) ක්‍රියාත්මක වීමට පෙර, 'Id' එකේ ක්ෂණික ආශාව නිසා ප්‍රතිවිපාක ගැන නොසිතා ක්‍රියා කිරීමයි.

🔶 ජීන් පියාජේ (Jean Piaget, 1945): "Play, Dreams and Imitation in Childhood" කෘතියේදී පියාජේ පෙන්වා දුන්නේ ළමයින්ගේ සංජානන මට්ටම (Cognitive Level) වැඩිහිටියන්ට වඩා වෙනස් බවයි. හදිසි ක්‍රියා, ඔවුන්ගේ තර්කණ හැකියාවන් මෝරා නැති බවේ ලක්ෂණයක් කියලා ඔහු වැඩිදුරටත් පෙන්නා දුන්නා

සරල උදාහරණයකින් මේක පැහැදිලි කරනවා නම් පාසල් වෑන් රථයෙන් බැසීමට පෙර පෝලිමේ ඉන්නෙ නැතුව , වහාම ඉදිරියට පැනීමට උත්සාහ කිරීම. මෙහිදී ඉක්මනට යාමේ ආශාව නිසා අනෙක් අයට බාධා වීම ගැන දරුවාට අවබෝධයක් නෑ.

☸️ හදිසි ප්‍රතික්‍රියා පාලනයට බෞද්ධ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය

හදිසි ක්‍රියාවන් පාලනය කිරීමේදී, "ක්‍රියාවට පෙර විරාමයක්" (Pause) ගැනීම අතිශය වැදගත්. බෞද්ධ මනෝවිද්‍යානුකූලව, "සතිය" (Mindfulness) නැතහොත් අවධානය යොමු කිරීම පුරුදු කිරීමෙන්, ක්ෂණිකව ඇතිවන හැඟීම ක්‍රියාවට පරිවර්තනය වීම වළක්වා ගන්න පුළුවන්. දරුවාට කෝපය හෝ ආශාව ඇති වූ මොහොතේ, එම හැඟීම "නිරීක්ෂණය" කිරීමට පුරුදු කිරීම මෙහිදී වැදගත්. කුඩා දරුවකුට මේ තත්වය ප්‍රායෝගික නොවෙන්න පුළුවන් හැබැයි ක්‍රමානුකූලව උත්සාහයක් දැරුවොත් ඔබට මෙහි ප්‍රගතියක් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් .එනිසා මේක ඔබ මුලින් උත්සහ කරන්න ඊට පසුව දරුවාට පුරුදු කරන්න. මොකද කිසිම අවස්ථාවක ගහේ කටු උල් කරන්න අවශ්‍ය නෑ කියලා ඔබ දන්නවනේ .මේක මුලින්ම ඔබේ නිවස තුළ පටන් ගන්න පස්සේ බට පුළුවන් ආකාරයට මේක ව්‍යාප්ත කරන්න.

🛠️ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ප්‍රායෝගික ක්‍රම 3ක්

🌟 "Stop + Think + Act" ක්‍රමය: දරුවාට ක්‍රියා කිරීමට පෙර "නැවතින්න + හිතන්න + වැඩ කරන්න" යන සංකල්පය සෙල්ලම් හරහා හඳුන්වා දෙන්න. මේක අනීවාර්‍යෙන් ඔබට කරන්න පුළුවන්

🌟 සන්සුන් කලාපය (Calm Down Zone): හැඟීම් පාලනය කරගැනීමට අපහසු වූ විට, තනිවම විනාඩි කිහිපයක් ගත කිරීමට සුරක්ෂිත ස්ථානයක් සකසන්න.

🌟ධනාත්මකව අගය කරන්න: දරුවා හිතාමතාම තත්පරයක් නැවතී මොන යම් හොඳ ප්‍රතිචාරයක් දැක්වූ විට ඒක තමයි හොඳ පුරුද්ද යැයි කියමින් අගය කරන්න. ඒ පුංචි අගය කිරීම ඔබේ දරුවා තුළ විශාල වෙනසක් ඇති කරයි.

දරුවාට ඉවසීම පුරුදු කිරීම යනු, ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන "ආවේග පාලන හැකියාව" (Impulse Control) ලබා දීමයි. ආවේග පාලනයක් නොමැති වීම නිසා ලංකාව තුළින් ඇතිවෙච්ච බොහෝ සිදුවීම් ඔබ අත් දැකල ඇති, මුහුණ දීලා ඇති ,ඒ වගේ සිදුවීම් රාශියක් ඔබ අනන්තවත් අසන්නට සිදුවෙලා ඇති. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා හරි සරල කාරණා කියලා . ලෝක දියුණුවත් සමඟ අතීතයේ නොතිබුනු සිදුවීම් රාශියක් අනාගතයට සිදුවෙමින් පවති. මොකද ඔබ අතීතයත් සමඟ අනාගතය සංසන්දනය කරන්න යන්න එපා ඔබ කරන ලොකුම වැරැද්ද ඒක සංසන්දනය කිරීම. එනිසා ඔබේ කාර්යභාරය අදම ඉටු කරන්න.මේ සියලුම දේවල් ලැබී පුංචි කුටුම්භය තුළ පටන් ගන්න. ඊට පසුව ලෝකයට අරන් යන්න.

ඔබේ අදහස් සහ අත්දැකීම් පහතින් Comment කරන්න! 👇

අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

TV - Nursery Rhymes And Baby Songs kids star Diana Show #දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව #සෞඛ්‍යසම්පන්නදරුවන් #දරුවන්ටආදරෙයි #දෙමාපිය දැනුම #ළමාමනෝවිද්‍යාව #දරුවන්ගේහැසිරීම්

වැරදි ලෙස අවධානය ලබා ගැනීම" - ඔබේ දරුවා ඇත්තටම ඉල්ලන්නේ කුමක්ද? ඔයාගේ දරුවට ඔයා අවශ්‍ය වේලාවේදී  අවධානය දෙනවද නැත්තං ඔයා...
26/11/2025

වැරදි ලෙස අවධානය ලබා ගැනීම" - ඔබේ දරුවා ඇත්තටම ඉල්ලන්නේ කුමක්ද? ඔයාගේ දරුවට ඔයා අවශ්‍ය වේලාවේදී අවධානය දෙනවද නැත්තං ඔයාගේ අවධානය දිනාගන්න දරුවා කටයුතු කරනවාද? අද අපි කතා කරන්නේ දරුවන්ගේ අවධානය ලබා ගැනීමේ හැසිරීම් (Attention-seeking Behaviors) - සහ වැරදි ලෙස අවධානය ලබා ගන්න උත්සාහ කරන්නේ ඇයි කියන කාරණාව පිළිබඳවයි.
දරුවාගේ හැසිරීම් පිටුපස ඇති සැබෑ අවශ්‍යතාවය තේරුම් ගනිමු.

මම මුල පෝස්ට් වල කියලා තියෙනවා දරුවෝ අවධානය ඉල්ලනකොට අනිසි විදිහට අවධානය දෙන්න එපා කියලා, මොකද අපි අවධානය දෙන එකම එයාලා ආයුධයක් කර ගන්න අවස්ථාවයි බොහොමයි, එනිසාම මේ අවධානය දෙන එක කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. එනිසා අපි සැබෑ අවශ්‍යතාවය තේරුම් ගැන අවධානය දීම තමයි වැදගත් වෙන්නේ. වෙලාවකට මේ අවධානය දෙන එක එයාලා කරන අනිසි ක්‍රියාවකට උඩ ගෙඩි දීමක් එනිසා දෙමව්පියන් වශයෙන් ඒ ඒ අවස්ථාවට ගැලපෙන ආකාරයට විචක්ෂණශීලීව තීරණය කරලා තමන්ගෙ දරුවන්ට අවධානය වීම ඉතාම වැදගත්.

නූතන දෙමව්පියන් විදිහට අප කාර්යබහුලයි. නමුත් දරුවකු හදිසියේම කෑගැසීම, මුරණ්ඩු වීම, හෝ නොකළ යුතු දේ කිරීම වැනි 'අවධානය ලබා ගැනීමේ හැසිරීම්' (Attention-seeking Behaviors) පෙන්වන්නේ ඇයි? බොහෝ විට, එය දරුවන් ඔබෙන් ඔවුන් වෙනුවෙන් ඔබගේ කාලය හෝ ඔවුන් සමග සම්බන්ධ වෙන ලෙස ඉල්ලා සිටින නිහඬ ආයාචනයකි.

උදාහරනයක් විදිහට : "අපේ පුතා/දුව නිතරම අනවශ්‍ය දේවල් කරන්නේ ඇයි? මට පිස්සු හැදෙයි!" - මෙවැනි සිතුවිල්ලක් වර්තමාන කාලයේ ඕනෑම දෙමව්පියකු මුහුණ දෙන තත්ත්වයක් එහෙමනම්, මේකෙන් පිලිබිඹු කරන සරලම කාරණාව ඔබේ දරුවාගේ ගැඹුරුම අවශ්‍යතාවයක් මේ මොහොතේ ඇතිවී තියෙන බවයි.

දරුවෙකුගේ හැසිරීම යනු ඔවුන්ගේ අභ්‍යන්තර ලෝකය පිටතට පෙන්වන මාර්ගයයි. බටහිර මනෝවිද්‍යාවේ චර්යාවාදී (Behaviorism) මූලධර්ම අනුව, ඕනෑම හැසිරීමක් පවතින්නේ එයට ලැබෙන ප්‍රතිචාරය (ප්‍රතිපෝෂණය/reinforcement) මතයි. දරුවෙකු යම් ක්‍රියාවක් කළ විට ඊට 'සෘණාත්මක අවධානය' (කෑගැසීම, දඬුවම් කිරීම) ලැබුණත්, එය ඔවුන්ට 'කිසිසේත් අවධානය නොලැබීමට' වඩා හොඳ යැයි හැඟෙන්න පුළුවන් ඒ නිසා තමයි මම මුලින්ම සඳහන් කළ විචක්ෂණශීලි බුද්ධිය මේ මොහොතේදී දෙමව්පියකුට වැදගත් වෙන්නේ.මොකද දෙමව්පියකුගේ ඍනාත්මක අවධානයකට වඩා ධනාත්මක අවධානය දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට හේතු වෙනවා

සරල උදාහරණයකින් මේක පැහැදිලි කරනවානම් ඔබ දුරකථන‍යේ ඉන්නවා කියලා හිතන්නකෝ දරුවා බිම තියෙන සෙල්ලම් බඩුවක් විසි කරනවා එහෙමත් නැත්නම් උඩක තියන යමක් බිමට පෙරලනවා, මේ වගේ අවස්ථාවකදී ඔබේ ප්‍රතිචාරය දරුවාට වහාම බැන වැදීම. මෙම ක්ෂණික අවධානය දරුවාට 'ත්‍යාගයක්' ලෙස දැනෙන්න පුළුවන්. ඔබ නොදන්නවා උනාට ඒ මොහොතේ දී දරුවාගේ බලාපොරොත්තු වුණේත් ඔබගේ අවධානය දිනා ගන්න එක.

ස්විට්සර්ලන්ත මනෝවිද්‍යාඥයෙකු වූ ජීන් පියාජේ (Jean Piaget) 1945 දී ඔහුගේ 'The Psychology of Intelligence' කෘතියෙන් පෙන්වා දුන්නේ ළමයින් ලෝකය තේරුම් ගන්නේ ඔවුන්ගේ ක්‍රියා සහ අත්දැකීම් හරහා බවයි. අවධානය ලබාගැනීමේ හැසිරීම් යනු, සමාජය තුළ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගැනීමේ සහ අන්තර්ක්‍රියා ඉගෙන ගැනීමේ කොටසක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.

ඔස්ට්‍රියානු ජාතික වෛද්‍යවරයෙකු වුණ Dr. Rudolf Dreikurs (1968) සොයාගත්තා - "A misbehaving child is a discouraged child" - වැරදි ලෙස හැසිරෙන දරුවෙකු යනු අධෛර්යමත් වූ දරුවෙකු වේ. මේ තුළින් ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ දරුවා "නරක" හැසිරීමකින් අවධානය දිනා ගැනීමට උත්සහ කරන බවයි.

ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙකු වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud) 1877 දී ළමා මනෝවිද්‍යාවට අදාළ ඔහුගේ මුල්ම අධ්‍යයනයන් බොහෝමයක් ස්නායු ජීව විද්‍යාව (Neurobiology) ආශ්‍රිත වුනා . කෙසේ වෙතත්, ඔහුගේ මනෝවිශ්ලේෂණ න්‍යාය අනුව, ළමා වියේදී අවශ්‍යතා සහ ඔවුන්ට ලැබිය යුතු අවධානයන්ගෙන් නිසි ලෙස තෘප්තිමත් නොවීම (විශේෂයෙන් ලිංගික හා ආක්‍රමණශීලී තෘෂ්ණා) වැඩිහිටි වියේදී විවිධ 'අවධානය' අවශ්‍ය වන ගැටලුකාරී හැසිරීම්වලට හේතු වෙන්න පුළුවන් කියලා ඔහුගේ අධ්‍යයනයෙන් ඔහු සොයාගත්තා. අද වර්තමාන සමාජයේ බොහොමයක් ගැටලුවලට මූලික පදනම වී ඇත්තේ මේ බව ඔබට වැටහෙනවා නේද.

දරුවන්ට දෙමාපියන්ගේ අවධානය ඕන වෙනවා ඒක නිකං හරියට මිනිස්සුන්ට හුස්ම ගන්න ඔක්සිජන් ඕන වෙනවා වගේ. මොකද ඔබේ ධනවාදී අවධානය නැතුව දරුවෙකුට ජීවත් වෙන්න බෑ. අපේ ධනවාදී අවධානය තමයි පසු කාලීනව යහපත් පුරවැසියෙකු ලෙස ඔබේ දරුවා සමාජගත කරන්නේ.

☸️ බෞද්ධ දර්ශනය සහ පෙරදිග ඥානය
දරුවාගේ මූලික අවශ්‍යතාවය වන්නේ දෙමව්පියන්ගේ ආදරය, සෙනෙහස සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමයි. එය නොලැබෙන විට, එම හැඟීම සඳහා ඇති තෘෂ්ණාව නිසා ඔවුන් වැරදි ලෙස අවධානය ඉල්ලා සිටීමට පෙළඹේ.

පෙරදිග පිළිවෙත: මෙහිදී දෙමව්පියන් කළ යුත්තේ 'සති සම්පජඤ්ඤයෙන්' (Right Mindfulness) යුතුව ක්‍රියා කිරීමයි. එනම්, දරුවාගේ ක්‍රියාව දෙස නොව, එම ක්‍රියාවට හේතු වූ මූලික වේදනාව හෝ අවශ්‍යතාවය දෙස අවධානය යොමු කිරීමයි.

✅ නිවැරදි ලෙස ප්‍රතිචාර දක්වන ආකාරය (නව පරපුරේ දෙමව්පියන්ට)
දරුවා වැරදි ලෙස අවධානය ඉල්ලන විට කළ යුතු හොඳම දේ:

1. සෘණාත්මක අවධානය කපා හරින්න (Ignore the Misbehavior, Not the Child):

දරුවා කෑගසන විට, බිම පෙරළෙන විට, ඊට ප්‍රතිචාර නොදක්වා ඔබගේ වැඩේ දිගටම කරන්න. හැසිරීමට අවධානයක් දෙන්න එපා.

නමුත් - දරුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඔහු කෑගසනවා මිස හානියක් නොකරනවා නම්, ප්‍රතිචාර නොදක්වන්න.

2. ධනාත්මක අවධානය වහාම දෙන්න (Catch Them Being Good):

දරුවා නිහඬව තනිව සෙල්ලම් කරන විට, කුඩා උපකාරයක් කරන විට හෝ හොඳින් හැසිරෙන ඕනෑම අවස්ථාවක ක්ෂණිකව ඔහුට අවධානය දෙන්න, අගය කරන්න .

උදාහරණය: "බලන්න පැටියෝ , ඔයා හරිම දක්ෂයි!" මේ තුළින් දරුවා ඉගෙන ගන්නේ හොඳින් හැසිරීම මගින් අවධානය ලබා ගත හැකි බවයි.

සුවිශේෂී කාලය (Special Time) වෙන් කරන්න:

3. දිනකට මිනිත්තු 10-15ක් පමණක් වුවත්, දුරකථනය, රූපවාහිනිය සහ වෙනත් බාධා කිරීම්වලින් තොරව, දරුවාට අවශ්‍ය දේ කිරීමට ඉඩ දෙමින් ඔවුන් සමඟ ගත කරන්න. ඕනෑම අවස්ථාවක ඔබ ඔවුන් සමග ඉන්නවා බව ඔවුන්ට හැඟෙන්නට ඉඩ දෙන්න

වෙනස් වෙමින් යන ලෝකයක අපේ දරුවන්ද වෙනස් වෙනවා,ඔවුන් අලුත් දේවල් ඉගෙන ගන්නවා ඔවුන් අනුකරණය කරන්නේ අපිව. මොනයම් හෝ මොහොතක වැරදි ලෙස අවධානය ඉල්ලන දරුවෙකු යනු, වැරදි මාර්ගයකින් ඔබගේ ආදරය සහ සම්බන්ධතාවය ඉල්ලා සිටින දරුවෙකි. ඔබගේ දැනුම හා ඉවසීම මතින්, ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වීමට නව පරම්පරාවේ දෙමව්පියන් විදිහට අපට පුළුවන්.

අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

#දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව #දරුවන්ගේහැසිරීම් #වරකාපොළ #දෙමාපියන් #දරුවන්ගේවර්ධනය #සෞඛ්‍යසම්පන්නදරුවන් #දරුවන්ටආදරෙයි

ඔයාගේ දරුවත් ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දක්වනවාද? එහෙම නැත්නම් එකට එක කියනවද ?  අපි අද බලමු කොහොමද මේ ප්‍රශ්නය නිරාකරණය ක...
25/11/2025

ඔයාගේ දරුවත් ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දක්වනවාද? එහෙම නැත්නම් එකට එක කියනවද ? අපි අද බලමු කොහොමද මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්නේ කියලා

"ඒක මගේ වැඩක් නෙවෙයි!"
"ඇයි මටම විතරක් මෙහෙම කියන්නේ?"
"ඔයාට තේරෙන්නේ නැහැ"

ඔබේ දරුවත් කොතැනදි හරි, කොයි මොහොතකදී හරි මෙහෙම ප්‍රතිචාර දක්වනවා ඔබ අත්විඳලා ඇති. දරුවන් ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම යනු දෙමාපියන් සහ රැකබලා ගන්නන් මුහුණ දෙන පොදු අභියෝගයක්. දරුවා වැඩිහිටියන්ට නරක ලෙස කතා කරන විට හෝ රළු ලෙස ප්‍රතිචාර දක්වන විට, ඊට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම වැදගත්. දරුවෙකුගෙන් මේ වචන ඇහුණාම ඔබ කරන්නේ මොකද්ද?

💔 කණගාටුදායක සත්‍යය
Harvard University 2020 කරපු අධ්‍යයනයකින් සොයාගත්තා - දරුවන් ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම හෝ රළු ලෙස කතා කරන පවුල්වල දෙමාපියන්ටත් ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම හෝ රළු ලෙස කතා කිරීම පුරුද්දක් වශයෙන් තියෙන බව. ඔවුන් එය තව දුරටත් පෙන්වා දෙනවා මේක 92% පමණ ප්‍රතිශතයකින් ක්‍රියාත්මක වන බව .

Albert Bandura 1961 දී ප්‍රසිද්ධ "Bobo Doll Experiment" එකෙන් ඔප්පු කළා දරුවන් අපි කරන හැම දෙයක්ම අනුකරනය කරනවා කියලා

ඉතින් දරුවා ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දැක්වීම හෝ රළු ලෙස කතා කිරීම කරනවා නම් ඒකෙ සම්පූර්ණ වගකීම දෙමාපියන් ගේ! මොකද ඔබ කරන දේ තමයි ඔබේ දරුවාත් අනුකරණය කරන්නේ 😳

ඉතින් ඔබ මෙතනදි හොඳින් තේරුම් ගත යුතුම දේ තමයි, අපි අනිත් අයට කතා කරන විදිහ, අපි අනිත් අයට ප්‍රතිචාර දක්වන විදියේ සලකන විදිය. අපේ දරුවා නිරන්තරයෙන් අනුකරණය කරනවා.

🔑 දරුවාගේ මෙම තත්ත්වයට හේතුව කුමක්ද?

බොහෝ විට දරුවෙකු ප්‍රකෝපකාරී ලෙස ප්‍රතිචාර දක්වන්නේ දෙමාපියන්ට රිදවීමට හෝ ඔවුන් පාලනය කිරීමට ඇති ආශාවට වඩා, තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව නිසයි.

බටහිර මනෝවිද්‍යාත්මක දෘෂ්ටිය:
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් (Sigmund Freud, 1897): ඔහුගේ "මනෝ ලිංගික සංවර්ධන න්‍යාය" (Psychosexual Development Theory) අනුව, දරුවාගේ මුල් කාලීන අත්දැකීම් සහ අවශ්‍යතා නිසි ලෙස ඉටු නොවීම පසුව හැසිරීම් ගැටලු ලෙස මතු විය හැකියි. උදාහරණය: දරුවාට තම තීරණ ගැනීමේ හැකියාවට (autonomy) වැඩිහිටියන් විසින් නිරන්තරයෙන් බාධා කරන්නේ නම්, ඔහු කෝපය ප්‍රකාශ කරන්නේ නරක වචනවලින් විය හැකිය.

ජීන් පියාජේගේ (Jean Piaget, 1945): "සංජානන සංවර්ධන න්‍යාය" (Cognitive Development Theory) අනුව, කුඩා දරුවන්ට සියුම් ලෙස හැඟීම් ප්‍රකාශ කිරීමට තරම් සංජානන හැකියාවක් නැත. ඔවුන්ට යමක් අවශ්‍ය වූ විට එය ප්‍රකාශ කිරීමට ඇත්තේ සරල හා සමහරවිට රළු වචන කිහිපයකි.

Diana Baumrind 1967 දී සොයාගත්තා - (Authoritative (firm but respectful) parenting) අපි ගෞරවයෙන් කතා කළොත්, දරුවත් ගෞරවයෙන් කතා කරනවා

Dr. Bruce Perry 2006 දී සොයාගත්තා - දරුවන්ගේ මොළයේ mirror neurons තියෙනවා කියලා. මේ neurons අපි කරන හැම දෙයක්ම record කරලා replay කරනවා

✨ මෙම තත්ත්වය කළමනාකරණය කරන්නේ කෙසේද? දරුවන්ගේ මෙම හැසිරීම කළමනාකරණය කර ගැනීමට ඔබට උපකාරී වන ප්‍රවේශයන් කිහිපයක් හඳුනා ගන්න පුළුවන් :

1. 🧘 සන්සුන්ව සිටින්න
ඔබේ හැඟීම් පාලනය කරන්න: දරුවාගේ ප්‍රකෝපකාරී වචන ඔබට කෝපයක් හෝ කලකිරීමක් ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෝපයෙන් නම්, එය තත්වය තවත් නරක අතට හැරවීමට ඉඩ ඇත. ගැඹුරු හුස්මක් ගෙන, සන්සුන්ව ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කරන්න.

පෞද්ගලිකව නොගන්න: බොහෝ විට දරුවෙකු ප්‍රකෝපකාරී ලෙස කතා කරන්නේ යම් ආකාරයක කලකිරීමක්, දුකක් හෝ කෝපයක් ප්‍රකාශ කිරීමට මිස, ඔබට හිතාමතාම රිදවීමට නෙමෙයි.

2. 🛑 වහාම හැසිරීම නවත්වන්න
පැහැදිලිව සීමාවන් පෙන්වන්න: දරුවාගේ හැසිරීම පිළිගත නොහැකි බව වහාම පැහැදිලි කරන්න.

උදාහරණයක්: "පුතේ මට ඒ විදියට කතා කරන්න එපා." හෝ "එහෙම කතා කරද්දි දුක හිතෙනවා. මම ඔයාට ආදරෙයි, ඒත් ඔයා මට කතා කරන විදිය වැරදියි."

3. 👂 සන්නිවේදනයට අවස්ථාවක් දෙන්න
දරුවාට එහෙම තත්ත්වයක් උදාවීමට හේතුව සොයා බලන්න: දරුවා කලකිරීමෙන් හෝ කෝපයෙන් සිටින්නේ ඇයි දැයි බලන්න.

උදාහරණයක්: "මම තේරෙනවා ඔයාට දුක හිතිලා ඉන්නේ කියලා. අපි මේක හිමිට විසඳගමු. මේ වගේම ඔබේ හැඟීම ගෞරවනීය විදියට දරුවට කියන්න පුළුවන්නම් ඔබ දිනුම්.

මේ වගේ අවස්ථාවකදී දරුවට සක්‍රීයව සවන් දෙන්න: දරුවාට කතා කිරීමට ඉඩ දෙන්න, නමුත් ඒ අතරතුරදීත් සීමාව පවත්වා ගන්න (නරක වචන භාවිත නොකළ යුතු බව).

4. 📝 ප්‍රතිවිපාක (Consequences) යොදන්න
සුදුසු ප්‍රතිවිපාක: නරක ලෙස කතා කිරීම නැවත සිදු වුවහොත් ඇති වන ප්‍රතිවිපාක මොනවාදැයි දරුවාට දැනුම් දෙන්න. මෙය කලින් තීරණය කර ඇති දෙයක් විය යුතුය.

උදාහරණ: සෙල්ලම් ක‍රන්න ලැබෙන කාලය සීමා කිරීම, රූපවාහිනිය නැරඹීමට ඇති කාලය අඩු කිරීම පුංචි දඬුවමක්

ප්‍රතිවිපාක වහාම ක්‍රියාත්මක කරන්න: දරුවා නැවතත් ප්‍රකෝපකාරී ලෙස කතා කළහොත්, පැවසූ ප්‍රතිවිපාකය වහාම ක්‍රියාත්මක කරන්න. හැබැයි අනතුරු ඇඟවීම් පමණක් දීමෙන් වළකින්න.

5. 💡ඔබ මොන දේ කළත් වැදගත්ම දේ මේකයි ආදර්ශමත් වන්න

ඔබේ වචන පාලනය කරන්න: දරුවන් ආදර්ශයට ගන්නේ වැඩිහිටියන්ය. ඔබ ඔබේ සහකරු, පවුලේ අය හෝ වෙනත් පුද්ගලයින් සමඟ කතා කරන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ගෞරවාන්විත සන්නිවේදනයක් පුරුදු කරන්න.
හොඳ හැසිරීම අගය කරන්න: දරුවා ගැටුමක් ඇති විට පවා ගෞරවනීය ලෙස හෝ සන්සුන්ව කතා කරන විට, ඔවුන්ගේ එම හොඳ හැසිරීම වහාම අගය කර ප්‍රශංසා කරන්න.

6. 🗣️ නැවත සම්බන්ධ වන්න
පසුව කතා කරන්න: සිද්ධිය සමථයකට පත් වූ පසු, දරුවා සමඟ තනිව කතා කර, තත්වය පැහැදිලි කරන්න.

"අපි හැමෝම සමහර වෙලාවට තරහා ගන්නවා . ඒත් අපි හැම වෙලාවෙම අනිත් අයට ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ඔයාට මගෙන් මොනව හරි ඕන නම්, ආදරෙන් ඉල්ලන්න පුළුවන්."

✨ ඔබ විශ්වාස නොකරන සත්‍ය මේකයි මේ සරල කතාබහ විශාල විපර්යාසයක් කරනවා. ✨

✅ඵලදායී විධික්‍රම:
ගෞරවය පුරුදු කරන්න: දරුවාට අවශ්‍ය දේ ඉල්ලා සිටීමට සුදුසු වචන මාලාවක් කියා දෙන්න.

ප්‍රතිවිපාකවල ස්ථාවරත්වය: ප්‍රකෝපකාරී ප්‍රතිචාරයකට සෑම විටම ස්ථාවර, කලින් තීරණය කළ ප්‍රතිවිපාකයක් තිබිය යුතුය.

✅ සාරාංශය
දරුවන්ගේ හැසිරීම පිටුපස සැඟවුණු හැඟීමක් ඇත. එම හැඟීමට ගරු කරමින්, රළු වචන දැඩිව ප්‍රතික්ෂේප කිරීම නව පරම්පරාවේ දෙමාපියන්ගේ සාර්ථකත්වයේ රහසයි.

🎯 සරල සත්‍යය:

අපි වෙනස් වෙන්නේ නැතුව දරුවන් වෙනස් කරන්න බැහැ. ඒකට තමයි ඉස්සර මිනිස්සු කිව්වේ ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියලා. දරුවා තවදුරටත් කන්නාඩියක් නෙවෙයි - දරුවා video recorde එකක් 📹
අපි කරන හැම දෙයක්ම, කියන හැම වචනක්ම, එයාලගේ මොළයේ record වෙනවා!

💚 අපගේ වගකීම: වයස 40ක් වෙද්දි ඔයාගේ දරුවා මනෝ වෛද්‍යාවරයෙක් කෙනෙක් ගාවට යන්නේ නැතිව ඉන්න ඕන නම්, අපි අද වෙනස් වෙන්න ඕන!

අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈

#දෙමාපියන්වෙනස්වෙමු #දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව #දරුවන්ගේහැසිරීම් #සිංහලදෙමාපියන් #දරුවන්ගේවර්ධනය #සෞඛ්‍යසම්පන්නදරුවන් #දරුවන්ටආදරෙයි

Address

Lakma Holidays, Pilanduwa Road
Warakapola
71600

Alerts

Be the first to know and let us send you an email when KIDZ ARENA - Lakma Holidays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share