16/12/2025
🧠 දරුවාගේ හෙට දවස තීරණය කරන "නොපෙනෙන බලවේගය": Emotional Development (චිත්තවේගීය සංවර්ධනය)
ඔබේ දරුවාට A සාමාර්ථ 9ක් තිබුණත්, තරහක් පාලනය කරගන්න බැරි නම්? පරාජයක් දරාගන්න බැරි නම්? ඒ අධ්‍යාපනයෙන් වැඩක් තියෙනවාද? 🤔
🤷♀️ දරුවාගේ අනාගත දියුණුව තීරණය වෙන්නේ පාසලේ ලකුණු වලින්ම නෙවෙයි ඒක එකතරා සාධකයක් විතරයි, වර්තමානය වෙනකොට ඒක මනින ප්‍රධාන මිනුම්දන්ඩක් වනේ ඔවුන්ට හැඟීම් පාලනය කරන්න තියෙන හැකියාව (EQ) මතයි! මේ විනාඩි 2න් ඒ ගැන දැනගමු. 👇
ආදරණීය අම්මේ තාත්තේ, අපි හැමෝම දරුවාගේ IQ (බුද්ධිය) ගැන වද වෙනවා. ඒත් ලෝකයේ දියුණුම පර්යේෂණ කියන්නේ දරුවාගේ සැබෑ ජයග්‍රහණය රඳා පවතින්නේ EQ (චිත්තවේගීය බුද්ධිය) මත බවයි.
🧠 මොකක්ද මේ චිත්තවේගීය සංවර්ධනය?
දරුවෙකු තමන්ට දැනෙන දේ හඳුනා ගැනීම (Recognize), එය නිවැරදිව ප්‍රකාශ කිරීම (Express) සහ අවස්ථාවට ගැලපෙන ලෙස පාලනය කරගැනීම (Manage) යි. සරලවම කිව්වොත්, "තමන්ගේ හිතේ ඇතිවන හැඟීම හඳුනාගෙන, එයට වහල් නොවී එය පාලනය කිරීමේ හැකියාවයි."
🌍 විද්‍යාවෙන් හෙළි වූ "රහස" මොකක්ද?
මේක නිකන්ම කතාවක් නෙවෙයි. ලෝක පූජිත මනෝවිද්‍යාඥයින් මේ ගැන කියන දේ බලන්න. මේ ගැන ලෝකයේ ප්‍රධාන මතවාද කීපයක් අලුත් පරම්පරාවේ දෙමාපියන් දැනගත යුතුයි:
🔹සංජානන සංවර්ධනය (Cognitive Development): ස්විට්සර්ලන්ත ජාතික ජීන් පියාජේ (Jean Piaget - 1936) ඔහු පෙන්වා දුන්නේ කුඩා දරුවන්ගේ මොළය වැඩෙන්නේ පියවරෙන් පියවර බවයි. "ඔයාට පිස්සුද?" කියලා දරුවාට බැනලා වැඩක් නැහැ. අවුරුදු 7ට අඩු දරුවාට තාම "තව කෙනෙක්ගේ හිත රිදෙයි" කියලා හිතන්න මොළය මෝරලා නැහැ. ඒක උගන්වන්න ඕනේ ආදරයෙන්. තව කෙනෙකුගේ පැත්තෙන් හිතන්න (Empathy) අමාරුයි. ඔවුන් හිතන්නේ තමන් ගැන පමණයි. දරුවා සෙල්ලම් බඩුවක් බෙදාගන්න අකමැති වුණාම, ඒක "ආත්මාර්ථකාමීකම" නෙවෙයි, ඒ ඔවුන්ගේ මොළයේ වර්ධන මට්ටමයි.
🔹 ජෝන් බෝල්බිගේ "ආරක්ෂිත බැඳීම" (Attachment Theory - 1958) දරුවා බය වුණාම හෝ තරහ ගියාම ඔබ ප්‍රතිචාර දක්වන විදිහ (Response) තමයි දරුවාගේ මුළු ජීවිත කාලයම තීරණය කරන්නේ. අම්මා/තාත්තා ළඟ "මම ආරක්ෂිතයි" කියන හැඟීම දරුවාට ලැබුණොත්, ඔවුන් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ශක්තිමත් මිනිසුන් වෙනවා. කුඩා කාලයේදී මව හෝ පියා සමඟ ඇතිවන දැඩි ආරක්ෂිත බැඳීම, දරුවාට අනාගතයේදී බියකින් තොරව හැඟීම් පාලනය කිරීමට උදව් වන බවයි. දරුවා අඬන විට ඔබ ළඟට ගොස් තුරුල් කරගැනීම, ඔවුන්ගේ මොළයට "මම ආරක්ෂිතයි" යන පණිවිඩය ලබා දෙයි.
🔹සමාජ ඉගෙනුම (Social Learning): ඇල්බට් බන්දුරා (Albert Bandura) 1977 දී පෙන්වා දුන්නේ දරුවන් ඉගෙන ගන්නේ දෙමාපියන් දෙස බලාගෙන බවයි (Observation). ඔබට කේන්ති ගිය විට ඔබ හැසිරෙන විදිහ, දරුවා පාසලේදී ප්‍රශ්නයක් වුනාම හැසිරෙන විදිහ තීරණය කරයි.
🔹 බෞද්ධ දර්ශනයේ "සතිය" (Mindfulness) අවුරුදු දහස් ගණනකට පෙර අපේ පෙරදිග ඥානයෙන් කියා දුන්නේ "සිත දෙස බලා සිටීම" ගැනයි. කේන්තිය ආවාම කෑගහනවා වෙනුවට, "ආ.. මට කේන්තියක් ඇවිත්" කියලා ඒ දිහා බලන්න දරුවාට පුරුදු කරන්න. ප්‍රතික්‍රියා (React) නොකර ප්‍රතිචාර (Respond) දක්වන්න ඔවුන් ඉගෙන ගනීවි.
🛑 දෙමාපියන්ට කරන්න පුළුවන් "මැජික්" එක 🪄
හෙට ඉඳන් මේ සරල දේවල් 03 අත්හදා බලන්න. වෙනස ඔයාටම තේරෙයි!
✅ හැඟීමට නමක් දෙන්න (Name it to Tame it): දරුවා කෑගහලා අඬනකොට, "කට වහපන්" කියන්න එපා. "ඔයාට දුක හිතුණා නේද?" කියලා අහන්න. දරුවා අඬන විට "අඬන්න එපා" කියනවා වෙනුවට, "ඔයාට දුකයි නේද බෝනික්කා කැඩුණට?" කියා අහන්න. හැඟීම හඳුනාගත් මොහොතේම මොළය සන්සුන් වෙන්න පටන් ගන්නවා.
✅ ඔබේ සන්සුන් බව දරුවාට දැනෙන්න දෙන්න(මේකට සරල සින්හලෙන් කියන්නේ රස්නේ වදිනවා කියලා)(Co-Regulation): දරුවාට කේන්ති ගිය වෙලාවට ඔයත් කේන්ති ගත්තොත් මොකද වෙන්නේ? 🔥 ඒ වෙනුවට ඔබ සන්සුන්ව සිටීමෙන්, දරුවා ඔබෙන් ඒ සන්සුන්කම උරා ගන්නවා. (විද්වතුන් මෙය හඳුන්වන්නේ Co-Regulation ලෙසයි).හැඟීම පිළිගන්න, හැසිරීම හදන්න: "ඔයාට කේන්ති යන එක හරි (හැඟීම), ඒත් මල්ලිට ගහන එක වැරදියි (හැසිරීම)."
✅ ඇහුම්කන් දීම (Active Listening): යේල් ළමා අධ්‍යයන මධ්‍යස්ථානය (Yale Child Study Center - 2020) සොයාගෙන තියෙනවා, දෙමාපියන් දරුවාගේ හැඟීම්වලට ඇහුම්කන් දීම පමණක්ම දරුවාගේ ආතතිය (Stress) නැති කරන්න ඖෂධයක් වගේ ක්‍රියා කරන බව. ඔබට මහන්සි පාටක් ඇති විට, "අම්මට අද පොඩ්ඩක් මහන්සියි, ඒකයි නිශ්ශබ්දව ඉන්නේ" කියා දරුවාට කියන්න. එවිට ඔවුන් තමන්ගේ හැඟීම් ගැන කතා කිරීමටත් පුරුදු වේ.
💡 පුංචි අභියෝගයක්: අද දවසේ ඔබේ දරුවාට තරහ ගියොත්, බණින්නේ නැතුව ඔහු/ඇය ළඟට ගිහින් "මට තේරෙනවා ඔයාට තරහ ගිහින් කියලා" කියලා හිස අතගාලා බලන්න. ඒ ලැබෙන ප්‍රතිඵලය ඇවිත් අපිට කියන්න.
මොකද, "හොඳ දරුවෙක් බිහිවෙන්නේ හොඳ දෙමාපියෙක් නිසාමයි!" ❤️
තවත් මෙවැනි වටිනා ලිපි කියවන්න අප සමග රැඳී සිටින්න.
අපි Kids Arena 💚🌸
දැනුවත් දෙමාපියෙක් = සතුටු දරුවෙක් 🌈
#දෙමාපියදැනුම #ළමාමනෝවිද්‍යාව