Denu Craft

Call Website

Denu Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Denu Craft, Online service/Thalpitiya, .

ඔයාගේ බබා දිහා ඔයා ආසාවෙන් බලන් ඉන්න මොහොත...🥹අම්මලාට දරුවෝ කියන්නේ...අම්මගේ හුස්ම පොද...අම්මලා දරුවෝ දිහා හැම වෙලේම ඇහැ...
09/09/2026

ඔයාගේ බබා දිහා ඔයා ආසාවෙන් බලන් ඉන්න මොහොත...🥹

අම්මලාට දරුවෝ කියන්නේ...
අම්මගේ හුස්ම පොද...
අම්මලා දරුවෝ දිහා හැම වෙලේම ඇහැ ගහගෙන ඉන්නේ,
වැටෙයිද,ඔලුව වදීද,තුවාල වෙයිද,

පුංචි පුංචි තරවටුකම් නැතුවම නෙවේ...
හැබැයි ඒත් ආදරේට මිස තරහටනම් නොවේ...

එක මොහොතක් තියෙනවා.අපි දරුවෝ දිහා බලාගෙන ඉන්න...
කරන වැඩෙත් අමතකයි.දන්නෙම නැතුව ඇස් වලට කදුලුත් ඇවිල්ලා...

වෙලාවකට,
අනේ මගෙ පැටියා ලොකු වෙලා නේද?
අනේ මේ මගෙ දරු පැටියා නේද ? කියලා හිතෙන වාර අනන්තයි.

මගෙ බබාට දැන් අවුරුද්දයි.මම මගෙ බබා දිහා ඒ විදියට බලාගෙන ඉන්න අවස්ථා දෙකක් තියෙනවා.
1.බබා නිදාගෙන ඉන්න වෙලාවට
හැබැයි මගෙ සතුට කියල නිම කරන්න බැරි දෙවෙනි අවස්තාවෙදි තමයි.

ඔයාලා ඔයාලගෙ බබාලගෙ වැඩිපුරම සතුටුවෙන අවස්ථාව කමෙන්ට් කරන්නකෝ...මම වගේම ඒ දේට සතුටුවෙන තව අම්මලා ඉන්නවද කියලා බලමු...?

09/09/2026
වැරදුණු පෙමකට නින්දා ලබන, නොවැටුණු අම්මා...සත්‍ය කතාවකි.​අම්මා නැති පාළුවත් එක්ක හිත අස්සේ තනිවුණු අවුරුදු 19ක කෙල්ලෙකුට...
31/08/2026

වැරදුණු පෙමකට නින්දා ලබන, නොවැටුණු අම්මා...
සත්‍ය කතාවකි.

​අම්මා නැති පාළුවත් එක්ක හිත අස්සේ තනිවුණු අවුරුදු 19ක කෙල්ලෙකුට මුළු ලෝකයම පාළුයි. Facebook එකෙන් ආපු ආදරණීය පෙම් වදන් අස්සේ ඇය සෙව්වේ ඒ අඩුව.
ඒත් ඒ ලස්සන වචන පිටුපස හිටියේ මත්ද්‍රව්‍යවලට වහල් වුණු, මනුස්සකමක් නැති නරුමයෙක් කියලා ඇය දැනගත්තේ ඔහුත් එක්ක පැනලා ගියාට පස්සේ.

​මාස පහක බඩකුත් තියාගෙන, ඇය රැකියාවක් කළේ සැමියෙකුගේ යුතුකම ඔහු හරි හැටි ඉටු නොකල නිසායි.ඇය ඔහුව යහ මගට ගැනීමට නොකළ දෙයක් නෑ.
දෙවියන් ඉදිරියේ යැදුවා. බෝධි පූජා පැවැත් වූවා.
ඔහු හැදුනේම නෑ. ඇය ඉවසුවා.දරුවා ඉපදුනාම හැදෙයි කියලා හිතුවා.තමන්ගේ කුසේ ඉන්න දරු පැටියා වෙනුවෙන් ඇය අඩුවක් නැතිව විඳෙව්වා. ඒත් ඇයට ලැබුණේ ආදරය නෙවෙයි. මත්වෙලා ඇවිත් ගහපු අමානුෂික පහරදීම් සහ ඔහුට තව කසාදයක් තියෙනවා කියන බිහිසුණු රහස විතරයි.

ලස්සන රෝස මලක් වගේ දූ පැටියෙක් ඉපදුනා.නමුත් පියෙකුගෙන් විය යුතු එක යුතුකමක්වත් ඔහු ඉටු කලේ නෑ. හැමදාම රණ්ඩු, ඇය ඉවසුවා දරුවා වෙනුවෙන්…එක් දිනක් ඇයට අමානුශික ලෙස පහරදී තිබුණා.දරාගත නොහැකි තැන මාස තුනක මල් කැකුළ එක්ක, තුවාල වුණු ශරීරයෙන් ලේ පෙරාගෙන ඇය ආයෙමත් ආවේ වයසක තාත්තා ළගට.

පුංචි දරුවාට තාත්තෙක් ඕනේ කියන අහිංසක, මාතෘ හැඟීම නිසාම, "අපි අලුතෙන් පටන් ගමු" කියලා ඔහු ආයේ කියද්දී ඇය කල්පනා කලා, ඇය තවත් එක අවස්ථාවක් දුන්නා. ඒත් සතියක්වත් ගියේ නැහැ... ඇයට මරණය පෙනෙන මානයටම පහර දීලා ඒ නරුමයා ඇගේ ඒ අන්තිම බලාපොරොත්තුවත් තලා දැම්මා.

​"එක පාරක් ගියා, ළමයෙකුත් හදාගෙන ආවා... ලැජ්ජ නැතුව ආයෙත් ගිහින් ගුටි කාලා ලේ පෙරාගෙන ඇවිත්..."

සමාජය ලෙහෙසියෙන්ම ඇයට ඇඟිල්ල දික් කළා. ඒත් ඇය විඳපු වේදනාව, දරුවා වෙනුවෙන් ඇය ගත්ත අවදානම කාටවත් පෙනුණේ නැහැ.

​දැන් ඇයට වයස 22යි. දරුවාට අවුරුදු 2යි. අසනීප වයසක තාත්තාටත් කන්න දීලා, පුංචි එකීගේ කිරි පැකට් එකට, දරුවාගේ අනෙකුත් ඕනෑ එපාකම් හැමදේටම තනියම හම්බකරන අතරේ ඇය විඳින අභියෝග අනන්තයි.
රෑට දරුවාට උණ ගැනෙද්දී, බෙහෙත් පෙත්තක් ගන්න කීයක්වත් අතේ නැතිව අසරණ වෙන මොහොතවල්, තමාට අසනීපයක්ටවත් නිවාඩුවක් නැතිව, මානසික පීඩන මැද රෑට නිදි නැතිව අඩන අවස්ථා කොයි තරම් ඇතිද...?

තනිවුණු ගෑනියෙක් දිහා සමාජය බලන අශෝභන බැල්මවල්, කතා කරන කැත වචන අස්සේ ඇය තමන්ගේ ආත්මගෞරවය රැකගෙන ජීවත් වෙන්නේ මහ පුදුම ශක්තියකින්.

දැන් දරුවත් එක්ක ඇදට වෙලා ඉද්දි මට මං ගැනම හිතුණා. "මේ ඇය මා වුණා නම්...?" සැමියා නැතුව අඩුම තරමේ එළවළුවක්වත් මිල දී ගන්න බැරි මම, මෙහෙම තනියම අභියෝගයකට මුහුණ දුන්නොත් මට මොනවා වෙයිද? මම ඇය වුනා නම් දරුවාගේ සුරතල් බලමින් මට ඇදට වෙලා ඉන්න පුලුවන්ද?

ජීවිතේ වරදින්න ගත වෙන්නේ සුලු මොහොතයි. සියල්ලන්ගේම වැරදි තියෙනවා. ඇගේ මෙන්ම මගේත්,ඔබේත්.ඒ වැරදි දෙස වැරදි විදියට බලන්න එපා.

ඇය තමාගේත් දරුවාගේත් අනාගතය හැඩ කරන්න වෙහෙසෙන අයුරු දැක ඇයව අගයන්න…එතන තමයි මනුස්සකම ඇත්තේ…

​තාත්තත් නැති වුණු දවසක ඇයට ඉන්නේ ඒ පුංචි දරුවා විතරයි. වැරදි පාරක නොගිහින්, තමන්ගේ දරුවා වෙනුවෙන් තනියම නැගී සිටින ඒ අභිමානවත් අම්මාට අපි හදවතින්ම ශක්තිය දෙමු. ගෑනියෙක්ගේ අසරණකමට හිනාවෙන්න කලින්, ඇය දරන මේ අසීරු උත්සාහයට ගෞරව කරන්න අපි පුරුදු වෙමු…

​ ​ ​ ​ ​ ​
​ ​

ජීවිතය කියන්නේ අපි හිතන තරම් සරල රටාවකට යන කතාවක් නෙමෙයි... ✍️​සමහරු අපේ කතාවට එන්නේ ප්‍රධාන චරිතයක් වෙලා හදවතටම කතා කරන...
30/08/2026

ජීවිතය කියන්නේ අපි හිතන තරම් සරල රටාවකට යන කතාවක් නෙමෙයි... ✍️

​සමහරු අපේ කතාවට එන්නේ ප්‍රධාන චරිතයක් වෙලා හදවතටම කතා කරන්න. ❤️
තවත් සමහරු එන්නේ පසුබිම් චරිතයක් වෙලා නිකම්ම පහුකරගෙන යන්න. 🚶‍♂️
තවත් සමහරු අපේ ජීවිතයේ දුෂ්ටයාගේ චරිතය රඟපානවා... 🎭

​ඒත් ඒ හැම චරිතයක්ම අපේ ජීවිත කතාව සම්පූර්ණ කරන්න අත්‍යවශ්‍යයි.
අපිට හමු වෙන ඒ විවිධ චරිත නිසා අපි සතුටු වෙනවා, දුක් වෙනවා... සමහර චරිත අපේ ජීවිතේ මුළුමනින්ම වෙනස් කරලා දානවා.

​මිනිස්සු එක එක විදියයි.
සමහරුන්ගේ ඇතුළත තියෙන වේදනාවන් පිටත සිනහවෙන් වහගෙන ඉන්නවා. සමහරු කතා නොකරම ගොඩක් දේවල් කියනවා.

ඒ එක එක හැසිරීම් පිටිපස්සේ කාටවත් නොලියවුණු ලොකු කතාවක් තියෙනවා.

​කවුරු හරි ඔබව රිදෙව්වොත්, ඒ මනුස්සයා ගැන කෝප වෙනවාට වඩා ඒ චරිතය දිහා පොඩ්ඩක් නතර වෙලා බලන්න.

මොකද අපිට වගේම ලොකු කතාවක් ඔවුන්ටත් තියෙනවා...
ඒ හැම කෙනෙක්ම කොහේ හරි තැනක තමන්ගේම කතාව ඇතුළේ ලොකු සටනක් කරනවා වෙන්න පුළුවන්.

​ජීවිතයේ රංගනය අවසන් වෙනකම්ම අපිට හමුවෙන හැම මනුස්සයගෙන්ම ඉගෙනගන්න දෙයක් ඉතිරි වෙනවා.

​"කතා කියන්නන් කියන්නේ සමාජයේ කඩදාසි මත නොලියවුණු ඇත්ත අකුරු කරන අයටයි." ✒️✨

​(ඔබේ ජීවිතයේ හමුවුණු එහෙම අමතක නොවන චරිතයක් ඉන්නවා නම් අදහස පහළින් කමෙන්ට් කරන්න!) 👇

​ | | | |

ඔබේ වචනයට පුළුවන් කෙනෙකුගේ ජීවිතය හදන්න😊 හෝ විනාශ කරන්න...😥 පරිස්සමෙන් වචන භාවිත කරන්න.​මිනිස්සුන්ව මරන්න තුවක්කුම ඕනේ න...
30/08/2026

ඔබේ වචනයට පුළුවන් කෙනෙකුගේ ජීවිතය හදන්න😊 හෝ විනාශ කරන්න...😥 පරිස්සමෙන් වචන භාවිත කරන්න.

​මිනිස්සුන්ව මරන්න තුවක්කුම ඕනේ නැහැ...

අනුකම්පාවක් නැති එක වචනයක් හොඳටම ඇති.

​කෙනෙක්ගේ කඩාවැටීම අස්සේ විවේචනය කරන එක ලේසියි.
ඒත් ඒ වෙලාවේ "මම ඉන්නවා, ඔයාට පුළුවන්" කියලා කියන එක වචනයට පුළුවන් ජීවිතයක් බේරගන්න.

​අද ඉඳන්වත් අපේ වචන පරිස්සම් කරගමු. කෙනෙකුට ශක්තියක් වෙන වචනයක් විතරක් කතා කරමු. ❤️

​

තනිව සිටියත් සැමවිටම සත්‍ය උදෙසා කෙලින් කතා කරන්න...​සමාජයට නිතරම වදින්නේ කෙලින් කතා කරන එකාගේ සැර වචනය මිසක්, ඒ වචන අස්...
24/08/2026

තනිව සිටියත් සැමවිටම සත්‍ය උදෙසා කෙලින් කතා කරන්න...

​සමාජයට නිතරම වදින්නේ කෙලින් කතා කරන එකාගේ සැර වචනය මිසක්, ඒ වචන අස්සේ තියෙන අවංකකම නෙවෙයි.

​අසාධාරණයක් දැක්කම නිහඬව ඉන්න බැරුව කේන්ති ගන්න මිනිස්සුන්ට සමාජය දාන ලේබලය "කට හොඳ නැති එකා" කියලයි.

ඒත්, තමන්ගේ වාසිය ගැන විතරක් හිතලා කපටි ලෙස හිනාවෙන, පිටිපස්සෙන් පිහියෙන් අනින "ගුණ යහපත්" නළු නිළියන්ට වඩා ඒ කෙලින් කතා කරන මිනිස්සු දහස් වාරයක් උතුම්.

​පුදුමෙ කියන්නේ, තමන් ගැනවත් නොසිතා අන් අයට උදව් කරන්නේ, අනුන්ගේ දුකකදී ඇස් වලට කඳුළු උනන තරම් සංවේදී වෙන්නේත් ඔය කියන "සැර කටවල්" තියෙන මිනිස්සුමයි. හැබැයි උදව්ව අරන් ඉවර වුණ ගමන් උන්ගේ අඩුපාඩු කියවන්නත්, වචන අල්ලන් බනින්නත් සමාජය හරි බරයි.

​මුහුණට පැණි හලලා පිටිපස්සෙන් කපටිකම් කරන උන්ට වඩා, හිතේ කිසිම වෛරයක් නැතුව කෙලින්ම වරද පෙන්නලා දෙන මනුස්සයෙක් ළඟ ඉන්න එක පින්කමක්.

මොකද, සැර වචනයකින් හිත රිදුණත්, ඒ වගේ හදවතකින් කවදාවත් කාටවත් ලොකු අසාධාරණයක් වෙන්නේ නෑ!

ඔබත් ජීවිතේදී මේ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවද? කට සැර උනත් හිත හොඳ මිනිස්සු ගැන ඔබ මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න."

​​

මගේ පුංචි පැටියට පළමු වෙනි උපන්දිනේට ආදරණීය සුබ පැතුම්!​කතා ලියන්න මොනතරම් අදහස් හිතට ආවත්, අම්මා කෙනෙක් විදිහට නුඹේ මූණ...
22/08/2026

මගේ පුංචි පැටියට පළමු වෙනි උපන්දිනේට ආදරණීය සුබ පැතුම්!

​කතා ලියන්න මොනතරම් අදහස් හිතට ආවත්, අම්මා කෙනෙක් විදිහට නුඹේ මූණ බලද්දී මට තේරෙනවා මේ විශ්වයේ තියෙන ලස්සනම කතාව ඔයා කියලා. මම කොච්චර කතා හැදුවත්, පිටපත් ලිව්වත්, මගේ ජීවිතේ මම ලියපු තාත්විකම, අර්ථවත්ම සහ ලස්සනම කතාව නුඹයි.☺️😘

​පසුගිය අවුරුද්ද පුරාම නුඹේ පුංචි සිනහවෙන්, හුරතලයෙන් මගේ මුළු ලෝකයම අලුත් වුණා.

මම පොත් පිටු අතරේ හෙව්ව හැම ලස්සන අත්දැකීමක්ම නුඹ මට සැබෑ ජීවිතයෙන් විඳින්න දුන්නා.

​නුඹේ ඉදිරි අනාගතය අර්ථවත්, ගුණගරුක, වගේම සාර්ථක එකක් වේවා!

මේ සමාජයට ආදර්ශමත්, යහපත් මනුස්සයෙක් වී ලෝකය ලස්සන කරන්න නුඹට ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

​හැමදාමත් නුඹේ පියවර තබන මඟට සෙවනැල්ලක් වී පසෙකින් හිඳින්නට මම බලාපොරොත්තු වෙනවා.

​සුබම සුබ පළමු වෙනි උපන් දිනයක් වේවා මගේ රත්තරන් පැටියට!🥰❤️

පිටතින් දකින දෙයින් මිනිසුන් මනින්න එපා...​"මමයි නංගිට කිව්වේ සීයට වඳින්න කියලා..." 💔(මගේම පුංචි කාලේ ඇත්තම අත්දැකීමක්)​...
18/08/2026

පිටතින් දකින දෙයින් මිනිසුන් මනින්න එපා...

​"මමයි නංගිට කිව්වේ සීයට
වඳින්න කියලා..." 💔
(මගේම පුංචි කාලේ ඇත්තම අත්දැකීමක්)

​එතකොට මට අවුරුදු 8යි. මගේ නංගිට අවුරුදු 2යි. මම හරිම ලැජ්ජාශීලී, සෙනඟ අතරට යන්න බය චරිතයක්. ඒත් මගේ නංගි හරිම කටකාරයි, ඕනෑම කෙනෙක් එක්ක ඉක්මනින් යාළු වෙනවා.

​දවසක් අපේ ගෙදරට ආපු නෑදෑ සීයා කෙනෙක් ආපසු යන්න පිටත් වුණා. අපි දෙන්නා වත්තේ සෙල්ලම් කරමින් හිටියේ. සීයා යනවා දැකපු මම, නංගිට මෙහෙම කිව්වා:
"නංගි... අන්න සීයා යන්න හදන්නේ. ඉක්මනට ගිහින් සීයට වඳින්න."

​මම කියපු විදිහටම නංගි දුවගෙන ගිහින් සීයට වැඳලා ආශිර්වාද ලබාගත්තා. මම මගේ ලැජ්ජාශීලීකම නිසා ගහකට මුවා වෙලා නංගි ආපසු එනකම් බලාගෙන හිටියා.

​නංගිට ආශිර්වාද කරපු සීයා, යන ගමන් මෙහෙම කියනවා මට ඇහුණා:
"අපේ පොඩි දෝණිටනම් හරිම හොඳ ගතිගුණ තියෙනවා... ඒ වුණාට ලොකු එකීට නම් කිසිම ගුණ යහපත්කමක් පිහිටලා නැහැ."

​ඒ වචන ටික මගේ පුංචි හදවතට කොයිතරම් තදින් වැදුණද කියනවා නම්, මට හයියෙන් කෑගහලා කියන්න හිතුණා "සීයේ... නංගිට ගිහින් වඳින්න කිව්වේ මම! මමයි නංගිට ඒ දේ කියලා දුන්නේ..." කියලා.

​ඒත් මගේ තිබුණු ලැජ්ජාශීලීකම සහ බියගුලුකම නිසා ඒ හැමදේම මම මගේ හිත ඇතුලෙම තද කරගෙන නිහඬ වුණා... ඒ වේදනාව අදටත් මගේ මතකයේ තියෙනවා.

​✨ මේ අත්දැකීමෙන් මම මුළු සමාජයටම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ දේ:

​ළමයින්ගේ අභ්‍යන්තරය නොදැන ලේබල් අලවන්න එපා: දරුවෙක් ලැජ්ජාශීලී වූ පලියට හෝ නිහඬ වූ පලියට ඒ දරුවාගේ ගුණ යහපත්කමක් නැහැ කියලා තීරණය කරන්න එපා.

​ලැජ්ජාශීලී දරුවන් අභ්‍යන්තරයෙන් ඉතා සංවේදීයි: ඔවුන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහලා කතා නොකරන්න පුළුවන්. ඒත් ඔවුන් අන් අයට වඩා ආදරය සහ සංවේදීකම හිත ඇතුලේ තදින්ම තියාගෙන ඉන්නවා.

​වාචික අගය කිරීමට වඩා නිහඬ මඟපෙන්වීම වටිනවා: සමහර අය සමාජය ඉදිරියේ කැපී පෙනෙන්න දේවල් කරද්දී, තවත් අය නිහඬවම අන් අයට යහපත පිණිස මඟපෙන්වනවා.

​ඔබත් පුංචි කාලේ මෙහෙම අසාධාරණ වැරදි වැටහීම්වලට ලක්වෙලා තියෙනවද? ❤️

✨ මෝඩකමේ මඩ වගුර සහ අහංකාර අශ්වයා 🐴​ඈත අතීතයේ එක්තරා සුන්දර රාජධානියක පිහිටි විශාල වනපෙතක හිටියා "මානව" කියලා හිතුවක්කාර...
16/08/2026

✨ මෝඩකමේ මඩ වගුර සහ අහංකාර අශ්වයා 🐴

​ඈත අතීතයේ එක්තරා සුන්දර රාජධානියක පිහිටි විශාල වනපෙතක හිටියා "මානව" කියලා හිතුවක්කාර තරුණ අශ්වයෙක්. 🐎✨

මානවට තිබුණේ මුළු රාජධානියේම වෙන කිසිම අශ්වයෙකුට නොතිබුණු තරමේ දිලිසෙන, රන්වන් පාට කේශර කලාපයක් සහ පුදුමාකාර වේගයක්.

​හැදියාවයි, පෙනුමයි හොඳට තිබුණට මොකද... මානවගේ හිතේ තිබුණේ මහා විශාල අහංකාරකමක්! 😌💭

​"මම තරම් ලස්සන, මම තරම් හයියෙන් දුවන්න පුළුවන් වෙන කවුරුවත් මේ මුළු වනාන්තරයේම නෑ. හැම වෙලේම මම කරන දේ තමයි හරිම!"

​මානව හැමතිස්සේම හිතුවේ අන්න එහෙමයි.

​දවසක් මේ වන රාජධානියේ හිටපු ප්‍රඥාවන්තම "මහලු මුවා" 🦌, වනාන්තරයේ තියෙන "අඳුරු පාළු මාවත" පැත්තට යන්න හදන මානවව දැකලා මෙහෙම කිව්වා.

​"මානව පුතේ, ඔය පාරේ යන්න එපා! 🛑 ඕක කෙළවර වෙන්නේ ඇදලා ගන්නා මඩ වගුරකින්. අපේ පැරැන්නෝ කවුරුවත් ඔය පාරේ යන්නේ නෑ. වෙන පාරකින් යන්න..."

​මානව හිස උස්සලා හිනා වුණා. 😎

"ඔයාලා දැන් වයසට ගිහින් බයේ ඉන්නේ! ඔයාලට බැරි දේවල් මට පුලුවන්…😒 මගේ කකුල්වල තියෙන හයිය ඔයාලා දන්නේ නෑ. මට ඕනෑම තැනකින් දුවලා බේරෙන්න පුළුවන්!"

​මහලු මුවාගේ පළපුරුද්ද සතේකටවත් ගණන් නොගත්ත මානව, තමන්ගේ මතයේම ඉඳගෙන අඳුරු මාවත දිගේ වේගයෙන් දිව්වා. 🏃💨

​වනාන්තරයේ හිටපු පුංචි හාවෝ, කුරුල්ලෝ 🐦🐰
"මානව නවතින්න, ඒක අනතුරුදායකයි!"
කියලා කෑගහද්දී,

"මුන්ට මං තරම් මොළේ නෑනේ"

කියලා හිතෙන් හිනාවෙවී මානව තවත් වේගෙන් ඉස්සරහටම ගියා.

​ඒත්... එකපාරටම සිද්ධ වුණේ නොසිතූ දෙයක්! 😱

මානව ගියපු ​පාර එකපාරටම නැතිවෙලා උගේ පාද පතුලටම ගිලා බහින්න ගත්තා. ඒක සාමාන්‍ය පාරක් නෙමෙයි, පෙනෙන තරමට වඩා ගැඹුරු

"මඩ වගුරක්"! 🚨

​මානව තමන්ගේ මුළු හයියම දාලා ගැලවෙන්න හැදුවත්, එයා දඟලන්න දඟලන්න තවත් යටට ගිලා බැස්සා.
එයාගේ අර ලස්සන රන්වන් කේශර මුළුමනින්ම මඩවලින් වැහිලා ගියා. 🥺
​අන්තිමේදී මානවගේ කරවටක් මඩේ ගිලුනා.

"තමන්ගේ අහංකාරකම සහ අනුන් කියන දේ නොඅසා සිටීම"

නිසා තමන්වම විනාශ වෙන්න යන බව මානවට තේරුණේ එතකොටයි. එයා අසරණව කෑගැසුවා. 😭

​මානවගේ කෑගැසීම මහලු මුවාටත්,මානවට යන්න එපා කියපු පුංචි සත්තුන්ටත් ඇහුනා. 🦌🕊️ උන් එඅතනට දුවගෙන ආවා. හැමෝන එකතු වෙලා වන වැල්වලින් ශක්තිමත් ලණුවක් හදලා, මහා වෙහෙසක් දරලා මානවව අමාරුවෙන් මඩ වගුරෙන් එළියට ගත්තා. 🌾💪

​මඩවලින් නාලා, සිරුරේ බැබළීම නැතිවෙලා, අසරණ වෙලා හිටපු මානව මුළු වනාන්තරයේම සතුන් ඉස්සරහා ලැජ්ජාවෙන් තමන්ගේ හිස පාත් කරගත්තා. 🙇‍♂️

​"මම හිතුවේ මම විතරයි බුද්ධිමත්, අනිත් අයගේ උපදෙස් මට වැඩක් නෑ කියලා. ඒත් මගේ ඒ මෝඩකම නිසා මගේ ලස්සන විතරක් නෙමෙයි, මගේ ජීවිතයත් නැතිවෙන්න ගියා..."

මානව තමන්ගේ වැරැද්ද පිළිඅරන් හැමෝගෙන්ම සමාව ඉල්ලුවා.

​📌 කතාවෙන් අපිට දෙන ආදර්ශය:

​අපේ සමාජයේත් "මම විතරයි හරි, මට වඩා දන්න කෙනෙක් නෑ" කියලා අන් අයගේ උපදෙස්, අත්දැකීම් සතේකටවත් ගණන් ගන්නේ නැති මිනිස්සු ඉන්නවා.

​ඒත් මතක තබා ගන්න...
අන් අයගේ මතයට සවන් නොදෙන අහංකාරකම අන්තිමේදී නතර වෙන්නේ තමන්වම සමාජය ඉස්සරහා මෝඩයෙක් කරලා, තමන්ම හදාගත්තු මඩ වගුරේ ගිල්වලා! 💯​✨

ඔබේ අදහසත් Comment එකකින් කියන් යන්න! ✨

👍 කතාව හොඳයි නම් Page එක Share කරලා එකතු වෙන්න.

​

හැකි තරම් දරුවන්ව පොහොසත් කරන්න... ✨​මිල මුදල්, යාන වාහනවලින් නෙවෙයි...ගුණධර්ම, ආදරය සහ යහපත් සිතුවිලිවලින්! ❤️🌱​දිනෙක ම...
12/08/2026

හැකි තරම් දරුවන්ව පොහොසත් කරන්න... ✨

​මිල මුදල්, යාන වාහනවලින් නෙවෙයි...
ගුණධර්ම, ආදරය සහ යහපත් සිතුවිලිවලින්! ❤️🌱

​දිනෙක මුදල් නැතිවී යන්න පුළුවන්,
ඒත් ඔබ ඔවුන්ගේ හදවතේ පැළ කළ යහපත් සිතුවිලි
මුළු ජීවිත කාලයම ඔවුන්ව ආරක්ෂා කරාවි. 🌸

Address

Online Service/Thalpitiya

Alerts

Be the first to know and let us send you an email when Denu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share