The Nad

The Nad එහෙව් හිතකට මදි....පේර්මයේ තද වැසි...!

* ගියේ President , ඒක තමයි වරම විටෙක ඈ සිනාසෙයි දුහුවිලි විහිදමින් විටෙක ඈ හඬන්නේදරුවන් නිසාමයමටම අරුමයකිඇගේ මේ ගතිගුණ න...
22/05/2026

* ගියේ President , ඒක තමයි වරම

විටෙක ඈ සිනාසෙයි
දුහුවිලි විහිදමින්
විටෙක ඈ හඬන්නේ
දරුවන් නිසාමය
මටම අරුමයකි
ඇගේ මේ ගතිගුණ
නමුදු ඈට ඇත්තේ
නොමියන පේර්මයකි
කැකෑරෙන හදවත් තුල

* මියැදුණද පණ ඇත.සවල් පාරවල් වැදමුල්ලු වලින් ගුටි කෑදන්නන්ගේ ඇස් රතු කරවූ ගුහාගත පැල්ලම.....පර්ශු පිරවු දිය සෙවලි හට කිස...
21/05/2026

* මියැදුණද පණ ඇත.

සවල් පාරවල් වැද
මුල්ලු වලින් ගුටි කෑ
දන්නන්ගේ ඇස් රතු කරවූ
ගුහාගත පැල්ලම.....
පර්ශු පිරවු දිය සෙවලි හට
කිසිත් නොකියාම නැගි සිටි
නිරහංකාර සෝ ගින්න......
සියුම් සීරුම්වලට දම්ව
වැදුණු පිහි තුඩුවලින්
හදවත ගලක් කල
ඇවිදින්නට වෙර දරනා මළකඳ.......
ජීවයක් නැති වූවද
නව මල් වලින් ලෝකය
පුරවන්නට වෙර දරනා
මම වෙන්නෙමි ඒ
මියැදුණ ද පණ ඇති අපරාධය...

2023/12/26

ආදරණීය චුටි කීටිට....,උණුසුමේ අර්ථය කියා දුන් හුරතලින් මා ආරක්ෂා කලකිසි දිනෙක මා තනි නොකලහොදම සොයුරියයි මට නුඹ කාරුණික හ...
20/05/2026

ආදරණීය චුටි කීටිට....,

උණුසුමේ අර්ථය කියා දුන්
හුරතලින් මා ආරක්ෂා කල
කිසි දිනෙක මා තනි නොකල
හොදම සොයුරියයි මට නුඹ
කාරුණික හොර පූසිය

සරත් සමයේ එක් රෑක
මටත් නොකියා යන්නට ගියද
දෙව්ලොවට වි මා දෙස බලන බව
ඔබ මතක් වන විට මට සිකුරුය

* 26/12/2023

* ස්ත්‍රීයඈ වු කල්හි වෙනස වටහා ගත යුතුම අයෙකිකාගේද ?ස්ත්‍රියගේ නොව පුරුෂයාගේයිකුඩා කල ඇය ළමයෙකුත්වෙරදරමින් පියැඹිමට තැත්...
27/01/2026

* ස්ත්‍රීය

ඈ වු කල්හි
වෙනස වටහා ගත යුතුම අයෙකි
කාගේද ?
ස්ත්‍රියගේ නොව
පුරුෂයාගේයි
කුඩා කල ඇය ළමයෙකුත්
වෙරදරමින් පියැඹිමට තැත් කරද්දි තරුණියත්
බැඳ දැමු පසු ගැහැනියත්
වන්නේ ඇයම නොවේද ?
නමුදු මිය ගිය කළ
හඬන්නට ඉතුරු වෙයිද අයකු
ඈ වෙනුවෙන්
ඉතින් වටහා ගත යුතුය ඔබ
පලදන්නට කිරුළු "මවක්" යන්නෙන්
එයම පමණකි ජිවිතේ අමෘතය ඈට

* 2023/06/15

ANSWERකකියන්න හද ඉතුරුදැයිවසන් කරලන ඉස්මස් කොයිබදැයිවැසි වැසු දෙරණක් කොයිබදැයිළපටි දල්ලකට ප්‍රශ්න වෙයි* 2024/10/13
26/01/2026

ANSWER

කකියන්න හද ඉතුරුදැයි
වසන් කරලන ඉස්මස් කොයිබදැයි
වැසි වැසු දෙරණක් කොයිබදැයි
ළපටි දල්ලකට ප්‍රශ්න වෙයි

* 2024/10/13

QUESTION හදවතක්  නොකියාම කකියයිනිහඬ වු වදන් දම්වැල් ගසාලයිඉකිබිඳුම් මහ වැසි ලෙස සලා යයිවිලංගු දැමු ගර්ජන  කිය කියා යයි*2...
26/01/2026

QUESTION

හදවතක් නොකියාම කකියයි
නිහඬ වු වදන් දම්වැල් ගසාලයි
ඉකිබිඳුම් මහ වැසි ලෙස සලා යයි
විලංගු දැමු ගර්ජන කිය කියා යයි

*2024/10/13

වනාන්තරයක සැඟවෙන්නහිතයි මටමලකින් හුස්ම ගෙනගඟකින් සිපුම් ගෙනහදවතේ රිද්මයටනැලවෙන්නතරුත් කවි කියනකොටනිදහසේ පියඹන්නමා සැඟවුණ...
26/01/2026

වනාන්තරයක
සැඟවෙන්න
හිතයි මට
මලකින් හුස්ම ගෙන
ගඟකින් සිපුම් ගෙන
හදවතේ රිද්මයට
නැලවෙන්න
තරුත් කවි කියනකොට
නිදහසේ පියඹන්න
මා සැඟවුණු විටදි
ඔබ නම් සොයන්නට එපා
මා කොයිද වග
අසන්නට එපා වලාකුළ්වලින්
මා කොතැන ගිය වග
ඔවුන් පවසාවි ඔබට
මා යලි නොඑන වග
අවසානයේ
එක් සුදු රෝස මලකට
නොහැකි වේවි
සනසන්නට ඔබේ හිත

* 2024/11/06

කන්නගීගෙන් කෝවලන්ටදමා හැර ගියත් නුඹ මාදොරේ ගැලුවා පේර්මයහිතේ කහටක් තිබුන් නෑ මගේපැමිණි විට ඔබ මා අසලටහිමියනේ රෑ මැදියමේ ...
20/01/2026

කන්නගීගෙන් කෝවලන්ට

දමා හැර ගියත් නුඹ මා
දොරේ ගැලුවා පේර්මය
හිතේ කහටක් තිබුන් නෑ මගේ
පැමිණි විට ඔබ මා අසලට
හිමියනේ රෑ මැදියමේ වුව
සිතුවේ මා නුඹ ගැන
ඒ නිසයි හැකි වුයේ මා හට
දවාලන්නට නගරයක් මුලු
පෙන්වමින් පති අනුහස

* 2023/06/15

යන එන හැමවිටනැගෙන්නේ මතකයට මටඔබ දමා ගිය සුවඳඉතින් මගේ සඳමේ මල් ඔයාට අමතක නොවන මතකයක්නොකියාම ඉතිරි කලාට * 2025/01/28
20/01/2026

යන එන හැමවිට
නැගෙන්නේ මතකයට මට
ඔබ දමා ගිය සුවඳ
ඉතින් මගේ සඳ
මේ මල් ඔයාට
අමතක නොවන මතකයක්
නොකියාම ඉතිරි කලාට

* 2025/01/28

Address

President's College

Website

Alerts

Be the first to know and let us send you an email when The Nad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share