Pruthuvi Art Academy

Pruthuvi Art Academy The Earth for You විශ්වවිද්‍යාල ප්‍රවේශය,
සහ නිදහස් අධ්‍යයන ප්‍රවේශයන් ගණනාවක් වෙනුවෙන් Pruthuvi Art Academy අධ්‍යාපන ව්‍යුහය සකස්වී ඇතිබව සතුටින් දන්වාසිටිමු.

Whats app
071 372 11 07
Voice
077 933 67 98

චිත්‍ර ශිල්පිනියක් වෙන්න හිතන ළමයෙක්ගෙ චිත්‍රයකට vote කරල සහයෝගයක් දෙමුදhttps://www.facebook.com/145604497660598/posts/2...
27/10/2021

චිත්‍ර ශිල්පිනියක් වෙන්න හිතන ළමයෙක්ගෙ චිත්‍රයකට vote කරල සහයෝගයක් දෙමුද

https://www.facebook.com/145604497660598/posts/204413501779697/?app=fbl
☝ ලින්ක් එක
චිත්‍රය - අංක 15
තේමාව- තනිකම
නම- ශශ්ෂ්‍යා පෙරේරා

චිත්‍ර කලාව 2023 G.C.E. Advanced Level🔴 ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝබර් 30 සවස 6.00Online පංතිය සඳහා WhatsApp Group Link මඟ...
23/10/2021

චිත්‍ර කලාව 2023 G.C.E. Advanced Level

🔴 ආරම්භක සම්මන්ත්‍රණය ඔක්තෝබර් 30 සවස 6.00
Online පංතිය සඳහා WhatsApp Group Link මඟින් ලියාපදිංචි විය හැක.
https://chat.whatsapp.com/LivBieLCZEx51p5MjocnCx

සරසවියට පාර කියන ලංකාවේ එකම චිත්‍ර කලා පංතිය.
🔴 සරල ආකර්ෂණීය ඉගෙනුම්, ඉගැන්වීමේ ක්‍රම.
🔴 පාඩම් ඒකක සඳහා නිබන්ධන.
🔴 විභාග ප්‍රශ්න සහ ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කිරීම.

සරසවියට හරි පාර කියන ලංකාවේ එකම චිත්‍ර කලා ඇකඩමිය...අදම ලියාපදිංචි වන්න.
09/10/2021

සරසවියට හරි පාර කියන ලංකාවේ එකම චිත්‍ර කලා ඇකඩමිය...
අදම ලියාපදිංචි වන්න.

ආරම්භක සම්මන්ත්‍රණය 2021ඔක්තෝබර් 30 වන දින ප.ව. 6.00 ටපරිපූර්ණ  චිත්‍ර කලා අධ්‍යාපනයක් සහිතව අනිවාර්ය  සරසවි ප්‍රවේශයක් ...
02/10/2021

ආරම්භක සම්මන්ත්‍රණය 2021ඔක්තෝබර් 30 වන දින ප.ව. 6.00 ට

පරිපූර්ණ චිත්‍ර කලා අධ්‍යාපනයක් සහිතව අනිවාර්ය සරසවි ප්‍රවේශයක් සදහා දැන්ම ලියාපදිංචි වන්න.

THE STARRY NIGHTPasan Samardiwakara වාස්තවික ලෝකය සිතුවම් කිරීමේ දී ඒවාට අනන්‍ය ගුණයන් තියුණු කොට දැක්වීම එසේත් නැත්නම් ...
30/09/2021

THE STARRY NIGHT

Pasan Samardiwakara

වාස්තවික ලෝකය සිතුවම් කිරීමේ දී ඒවාට අනන්‍ය ගුණයන් තියුණු කොට දැක්වීම එසේත් නැත්නම් ඒවායේ බාහිර ප්‍රකෘති ස්වරූපය ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට පරිකල්පනීය ස්වරූපයන් ප්‍රකෘති ස්වරූපයට එකතු කරමින් සිතුවම තුළ භාවයන් කුලුගැන්වීම කලා කරුවෙකු තම සිතුවමට අත්කර දියයුතු ප්‍රධානතම සාධාරණය බව කිව හැකිය- එය ඔහුගේ සිතුවමට වස්තුවිෂය වන ප්‍රපංචයේ ර්‍ණආත්මය සිතුවම්කිරීම” ලෙස වර නැගීමට කැමැත්තෙමි-

වස්තුවිෂයේ ආත්මය සිතුවම් කිරීම කලාකරුවෙකු දීර්ඝ කාලීනව අත්කර ගන්නා ලද අත්දැකීම් සම්භාරයේ ද සතතාභ්‍යාසයේ ද මහඟු ප්‍රතිඵලයකි-
ශිෂ්ටාචාරගත යුගයන්ට පෙර සිට ශිෂ්ටාචාරගත සංකීර්ණ සංස්කෘතික මොහොතකට උරුමකම් කියන මේ ගතවන මොහොත දක්වා දෘශ්‍ය කලාව තුළ වස්තුවිෂයයේ ආත්මය සිතුවම් කිරීම පිළිබඳ වූ කරුණු බොහෝ කලාකරුවන් අතින් ඉටුකෙරෙමින් තිබේ- එහි ඓතිහාසික නාමයක් සනිටුහන් කළ දෘශ්‍ය කලා ප්‍රවණතාවක් ලෙස පශ්චාත් උපස්ථිතිවාදී කලා ප්‍රවණතාව හඳුන්වාදිය හැකි ය- පශ්චාත් උපස්ථිති වාදය 19 වන සියවස අගභාගයේ පමණ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් බිහි වූ නූතනවාදී කලා ප්‍රවණතාවයකි- ර්‍ණසම්භාව්‍ය සිතුවම් කලාව ලෙස ” පරාමිතිගතව තිබූ භෞතික ස්වරූපය වඩාත් ස්වභාවිකව ප්‍රතිනිර්මාණය කිරීමේ සම්ප්‍රදාය හෙවත් ශාස්ත්‍රාලීය සිතුවම් කලාව අභියෝගයට ලක් කළ නූතනවාදී සිතුවම් සම්ප්‍රදායේ සමාරම්භක විප්ලවීය පියවර කලා ඉතිහාසය තුළ සනිටුහන් කළ උපස්ථිති වාදයේ පරිසමාප්තිමය එළැඹුම පශ්චාත් උපස්ථිති වාදය ලෙස සැලකිය හැකිය-

සිතුවමක වර්ණණි හැඩතලණි රේඛාව පමණක් නොව මාධ්‍ය හැසිරවීමේ ශිල්ප ක්‍රම තුළ පවා නව අත්හදා බැලීම් සිදුකරමින් වස්තුවිෂයේ භෞතික ස්වරූපය පරිකල්පනීයත්වය තුළ සාධාරණ වෙනසකට ලක්කිරීමට ප්‍රංශ ජන සමාජය තුළ තම දාර්ශනික ඥානය ද ශ්‍රමය ද කලා භාවිතය තුළ ජීවන භාවිතයක් ලෙස කැප කරමින් සිටි පශ්චාත් උපස්ථිතිවාදී කලා ප්‍රවණතාවේ ප්‍රධාන කලාකරුවන් ලෙස පෝල් සෙසාන් , පෝල් ගොගෑන්, සහ වින්සන්ට් වැන්ගො ප්‍රකටය-

මොවුන් අතරින් ඕලන්ද ප්‍රභවයක් සහිත වින්සන්ට් වැන්ගො වස්තුවිෂයේ ආත්මය සිතුවම් කිරීමේ කාර්ය වඩාත් පරිකල්පනීය ලෙස සහ නිදහස් මතධාරීත්වයකින් තම කලා භාවිතය තුළ ඉටු කළ චිත්‍ර ශිල්පියා ලෙස සඳහන් කළ හැකිය-

නෙදර්ලන්ත ජාතික පාදිලිවරයකුගේ පුතෙකු වු වැන්ගො ප්‍රංශය කේන්ද්‍රකර ගනිමින් යුරෝපය පුරා පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ දෘශ්‍ය කලා ව්‍යාපාරයකට හිමිකම් කී මාමා කෙනෙකුගේ කලාගාරයක සිතුවම් පිටපත් කරන්නෙකු ලෙස කලක් සේවය කළේය- ආදරයේ විරහව නිසා තම වෘතිය අතහැර ක්‍රිස්තියානි ආගමික පූජකවරයෙකු වීමට අධ්‍යාපනය ලැබ එහි අසාර්ථක ප්‍රතිඵලයක් ලෙස බෙල්ජියමේ පතල් කම්කරුවන් අතර ක්‍රිස්තියානි උපදේශකවරයෙකු වශයෙන් කලක් සේවය කොට නැවත මානසික සංහිඳියාව උදෙසාම සිතුවම් කලාවේ නිරත වූ කලාකරුවෙකි- යුරෝපයේ විවිධ ප්‍රදේශවල සංක්‍රමණය වෙමින් සිතුවම් කලාව තුළ තම ජීවිතය සෙවූ මේ මිනිසාගේ ර්‍ණකලා රස්තියාදුව” ම ඔහුගේ කලාවට පරිකල්පනාත්මක සහ දාර්ශනික ආවේශය සැපයීය-

1889 දී වැන්ගො විසින් අඳින ලද ර්‍ණතරුපිරි රැය” නම් සිතුවම පශ්චාත් උපස්ථිතිවාදයේ සමස්ථ දාර්ශනික වපසරිය සංකේන්ද්‍රණය වූ සිතුවමක් ලෙස හඳුනාගත හැකිය- මෙය ක්ෂණික ආවේගාත්මක හැඟීම් වර්ණ තට්ටු ලෙස ඝණ පින්සල් පහරකින් කැන්වසය මත තවරන ලද සිතුවමකි- මෙම සිතුවමේ නාට්‍යමය චලනයක් සහිතව සුළඟින් චලනය වන වලාකුළු සමූහයක්ද දීප්තියෙන් බබළන සඳ පිරිවැරූ තරු සමූහයක් සහිත අහසක් යට අන්ධකාරයේ ගිලුණු කඳුවැටියකින් මායිම් ව මිටියාවතක පිහිටි ගමකි-

සඳ එළිය සහ තරු එළිය අහසේ වලාකුළු මත පතිත වන අතර ඒ ආලෝක පරාවර්ථනයෙන් නගරයේ ඇති ගෙවල් සහ උස් කුළුණක් සහිත දේවස්ථානයක් මද වශයෙන් දැකගත හැකිය- සිතුවමේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් වෙන් කොට දැවැන්ත අහස නිර්මාණයකර ඇති අතර එම අහසේ වලාකුළු චලනය සුළගේ අධික ජවය නිසා පීඩනයට පත්ව කැරකෙන සුළියක් වැනි ය- චිත්‍රයේ වම් පසින් ඉහළට නැගුණු සයිප්‍රස් ගස් අර සුළඟේ ජවයෙන් ම ගිනි දලු සේ ලෙළදෙයි- දේවස්ථානය වටා ඉදි වූ ඇතුළත මන්දාලෝක පහන් දැල්වෙන කුඩා ගැමි නිවෙස් ද කඳු වැටිය ද නිසොල්මන් ය-

තම ජීවිත කාලය පුරාම පතල් කම්කරුවන්ණි ගොවියන් ආදී දරිද්‍රතාවෙන් යුත් මිනිසුන්ගේ දුෂ්කරතා පිළිබඳ කනස්සල්ලෙන් ද ඔවුන් පිළිබඳ වූ අසීමාන්තික ආදරයෙන් ද දිවි ගෙවමින් කාර්මීකරණයේ ප්‍රතිඵල නිසා මානවීය ගුණයන් සංස්කෘතිය තුළ අවලංගු භාවයට පත්වීමේ ඇතැම් අවස්ථා පිළිබඳ පීඩනයෙන් ද කල් ගෙවූ වින්සන්ට් වැන්ගෝ තම ආධ්‍යාත්මීය පීඩනය සියතින් ඇඳුණු සෑම සිතුවමක මෙන් ම තරු පිරි රැය සිතුවම මත තවරන්නේ ඒ පීඩිත චලනයන් ගෙන් යුතු තරු පිරි අහස සහ සයිප්‍රස් ගස් සිතුවම් කිරීමෙනි- සිතුවමේ අහසට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන්කර තිබීමෙන් වැන්ගෝ තුළ වූ මානුෂ සංවේදී පීඩනයට ප්‍රමාණික අගයක් (සාපේක්ෂව) සිතුවම මගින් ලබා දී ඇත-

19 වන සියවසේ යුරෝපය කේන්ද්‍ර කරගනිමින් ඇති වූ කාර්මීකරණයේ සහ ධනේෂ්වරකරණයේ ස්ථිතික භාවය මුලු මහත් මිහිතලය මත ද මානව ශිෂ්ටාචාරය මත ද අචල පැවැත්මකින් යුක්තව පවතින බවට නිසොල්මන් කඳු වැටිය සහ ගම සිතුවමේ ගෙන එන සංඥාවකි- ඒ මහා සංස්කෘතික නිශ්චලතාව තුළ පීඩිත දුප්පත් ජනතාව තම ජීවිතය පවත්වා ගැනීමට දරන දුෂ්කර උත්සාහයන් හා බලාපොරොත්තු සහිත ජීවන අරගලය පිළිබඳ සංඥාවක් ලෙස කුඩා ගැමි නිවෙස් තුළ තැනින් තැන දැල්වෙන මන්දාලෝක පහන් එළි සිතුවමේ කියවීමට ලක් කළ හැකි සියුම් ප්‍රකාශනයකි- එය සමාජ- ආර්ථික පීඩනය උපේක්ෂාවෙන් දරාගත් මිනිසුන්ගේ මන්දස්මිතියක් වැනිය-

මෙම සිතුවම වැන්ගො විසින් අඳින ලද්දේ විශාදයෙන් උපරිම ලෙස පෙළෙමින් සිටින කාලසීමාව තුළ ප්‍රතිකාර ගැනීම සඳහා කලක් නැවතී සිටි ප්‍රංශයේ ශාන්ත පාවුලු ආශ්‍රමයේ සිට ය- එහි පාලකයන් විසින් ඔහු ට චිත්‍රාගාරයක් ලෙස පවත්වාගෙන යාමට සපයා දුන් කාමරයේ ජනේලයෙන් පිටත පෙනෙන රාත්‍රී දර්ශනයක් ලෙස මෙම සිතුවම ඇඳ තිබුණ ද එය සම්පූර්ණ වශයෙන් ම වැන්ගො ගේ සහිනමය පරිකල්පනයේ ප්‍රතිඵලයකි- ආවේගශීලී නිර්මාණකරණයක සම්භාව්‍ය ප්‍රකාශනයකි-

වැන්ගො ගේ පාරිකල්පනික සිහිනය තුළ ප්‍රකෘති ලෝකේ භෞතික දෑ අති රමණීයය- ඒ රමණීයත්වය වේදනාවෙන් ද යුක්තය- උපයුක්ත සිතුවම පින්තාරුවේ දී ඝන වර්ණ තට්ටු වශයෙන් භාවිත කර ඇතිණි කැඩුණු පින්සල් පහර මගින් සිතුවමට අත්කර දී ඇත්තේ රළු වයනයකි- ඒ රළු වයනය සහ කැඩුණු පින්සල් පහරේ රිද්මික හැඩ කැළඹුණුණි වේදනා බර මිනිස් ජිවන අත්දැකීම් වල සංඥාවකි-

වර්ණවල සංකේතමය වටිනාකම මෙන් ම වර්ණවල භාෂාත්මක ප්‍රකාශනය පිළිබඳව තම සිතුවම් ඔස්සේ දීර්ඝකාලීන ගවේෂණවල නිරත වූ වැන්ගෝ නිල් වර්ණයෙන් ශාන්තබව ද කහ වර්ණයෙන් ආදරය ද ප්‍රකාශ කළේ ය- රළු චංචල නිල් අහසින් මිනිසුන් ජීවන අරගලය ශාන්ත ලෙස දරාගැනීමත් දිප්තිමත් කහ පැහැයෙන් බබළන සඳ සහ තරු ඔහු පීඩිත ජනතාව වෙත දක්වන අසීමාන්තික ආදරයත් නිරූපණය වන උත්තම ප්‍රකාශනයක් වැනි ය- අඳුරු කොළ පැහැයෙන් බියකරු ආවේගයන් නිරූපණය කළ හැකි බව විශ්වාස කළ වැන්ගො සිතුවමේ ගිනි දළු මෙන් දක්වා ඇති සයිප්‍රස් ගස් වර්ණ කර ඇත්තේ ඒ අඳුරු කොළ පැහැයෙනි- එය ශාන්ත පාවුළු ප්‍රදේශයේ ගැමියන් ගේ දුක්බර සිතිවිලිවල බියකරු භාවය සංකේතවත් කිරීමකි-

තම ජීවිත කාලය තුළ නූතන සිතුවම් කලාව ඇසුරේ ආදරය ද මනුෂ්‍යත්වය ද ගවේශනය කළ වින්සන්ට් වැන්ගො තිස්හත්වන විය ඉක්මවමින් සිටියදී තමාට ජීවිත කාලය පුරා ජීවිත ධෛර්යයද යැපීම් ද ලබා දුන් තම සොහොයුරා රෝගාතුර වීම පිළිබඳ පණිවිඩය ඇසීමෙන් කම්පනයට පත්ව (විශාදයේ ප්‍රතිඵලයක් ලෙස ) පෙර දිනෙක සිතුවමට නැගූ තිරිඟු යායකට ගොස් රිවෝල්වරයකින් හිසට වෙඩි තබා ගනිමින් සිය දිවි නසා ගත්තේ ය-
එලෙස තම ර්‍ණජීවිතයේ කලා රස්තියාදුව” මානව සහකම්පනය තුළම පුපුරවා අවසන් කළ වැන්ගො ගේ කලා කෘති පිළිබඳව ශාස්ත්‍රීය කතිකාව ඇරඹෙන්නේ ඔහුගේ මරණයට බොහෝ කාලයකට පසුව ය- එතෙක් ඔහු ජීවිත කාලය පුරාවට ෆ්‍රෑන්ක් හාරසීයකට එක් සිතුවමක් පමණක් අළෙවි කළ ආත්ම තෘප්තිය සඳහා පමණක් ම සිතුවම් ඇදි චිත්‍ර ශිල්පියෙකි- 1889-1990 අතර කාලය තුළ ඔහු නැවතී සිටි ශාන්ත පාවුලු ආශ්‍රමය අද වින්සන්ට් වැන්ගෝ අනුස්මරණය සඳහා වූ කලා කෞතුකාගාරයකි-

Register Now !!!
28/09/2021

Register Now !!!

Address

24/80, Golden City, Halgampitiya
Veyangoda
11100

Opening Hours

Saturday 14:00 - 17:30
Sunday 08:00 - 17:30

Telephone

+94779336798

Website

Alerts

Be the first to know and let us send you an email when Pruthuvi Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Pruthuvi Art Academy:

Share

Category