CCcreations

CCcreations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CCcreations, Dance Studio, CCCreations, Rajakadaluwa.

03/03/2025
මේ තියෙන්නෙ අපි  අළුතින්ම හදුන්වා දෙන                            Flower bouquet එක ...ඔයාලගෙ ආදරණීයයන්ගේ ,විවාහ දින යහළු...
03/03/2025

මේ තියෙන්නෙ අපි අළුතින්ම හදුන්වා දෙන
Flower bouquet එක ...
ඔයාලගෙ ආදරණීයයන්ගේ ,විවාහ දින යහළු මනමාලියන් සහ මල් කුමාරියන් සදහා , උපන් දින, විවාහ සංවත්සර , විවිධ සැමරුම් සදහා ඔයාලාට අවශ්‍ය පාටින් ,අවශ්‍ය මල් ප්‍රමාණය දමා සාදා ගත හැක.
මේ ලස්සන මල් පොකුර ඔබේම කරගන්න
දැන්ම අමතන්න.070 2604505
CCcreations

ඇයි තවමත් පරක්කු ?? 🤔🤔ලග ලගම එන ගුරු දිනයට ඔබේ ආදරණීය ගුරු මෑණි පියවරුන්ට ලස්සන මලක් දී මතකයක් වෙන්න ඔබත් කැමති ද ? එහෙන...
02/10/2024

ඇයි තවමත් පරක්කු ?? 🤔🤔
ලග ලගම එන ගුරු දිනයට ඔබේ ආදරණීය ගුරු මෑණි පියවරුන්ට ලස්සන මලක් දී මතකයක් වෙන්න ඔබත් කැමති ද ? එහෙනම් අතේ තියෙන පුංචි ගාණකට ඔබේ ආදරණීය ගුරුවරුන්ට ආදරණීය සුබ පැතුමක් සමග ලස්සන මලක් දෙන්න අදම CC Creations අමතන්න. 070 260 4505

ලගම එන ගුරු දිනයට අපේ පුංචි පැටව් එයාලගෙ ටීචර්ලට තෑග්ගක් දෙන්න ආසාවෙන්  නේද ඉන්නෙ ? ඉතින් අතේ ඇති ගාණට ආදරණීය සුබ පැතුමක...
30/09/2024

ලගම එන ගුරු දිනයට අපේ පුංචි පැටව් එයාලගෙ ටීචර්ලට තෑග්ගක් දෙන්න ආසාවෙන් නේද ඉන්නෙ ? ඉතින් අතේ ඇති ගාණට ආදරණීය සුබ පැතුමක් එක්ක ලස්සනම ලස්සන මලක් ගන්න අදම CC Creations අමතන්න.
070 260 4505 , 077 877 0868

ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද ලබන දිනයට ඔබට අවශ්‍ය ඉටිපන්දම් , ගැහැණු ලමයි සදහා වේල් , හිස මල් පළදනා ( ඔටුන්න ) ,පිරිමි ල...
12/09/2024

ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද ලබන දිනයට ඔබට අවශ්‍ය ඉටිපන්දම් , ගැහැණු ලමයි සදහා වේල් , හිස මල් පළදනා ( ඔටුන්න ) ,පිරිමි ලමුන් සදහා මල් කිනිත්ත , සමරු සහතික , සිහිවටන , බෙන්තිඥ , කොන්ත , විවිධ මිළ ගණන් යටතේ ලබා ගත හැක.
අදම අමතන්න.070 260 4505 , 077 877 0868

04/08/2024
04/08/2024

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 04වන දිනට මංගල්‍යය යෙදෙන ශුද්ධ වූ ජෝන් මාරි වියානි මුනිඳුන් ගැන කතා කරමු.

ජෝන් මේරි වියානිගේ දෙමව්පියෝ ප්‍රංශ ජාතිකයෝ වුහ. ඔවුහු අවංක වුත්, වෙහෙස වී ජීවිකාව ගෙන ගිය භක්තිමත් දේපලක් වුහ. ජෝන් යහපත් කමටද, කිතුනු භක්තියටද හුරු පුරුදු විය. ඔහු වැඩුනේ තම පියා සතු බැටළුවන් බලා ගැනීමෙන් පිරිසුදු වාතාශය ඇති ගැමි පරිසරයකය. මේ නිසා ඔහුට ශාරීරික ශක්තිය ලැබිණි. ඔහු වයස අවුරුදු 13 දී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ප්‍රථම වරට ලබා ගත්තේ පිදුරු මඩුවක පිදුරු බාමින් සිටි අවස්ථාවේදී ආගමික සතුරන්ගේ දෑස් වලට නොගැටෙන ලෙස රහසින්ය.

ඔහු ප්‍රථමික අධ්‍යාපනයක් නොලද හෙයින්, දෙව් සත්හලට ඇතුළු වී අධ්‍යාපනය හදාරන විට නොයෙකුත් දුක්ෂරතවයනට මුහුණ දීමට සිදු විය. ඔහුට තිබුණු එකම යහගුණය නම් ඔවුන්ගේ කඩිසර කම හා හිත හොද ගතියය. ඔහු බැලු බැල්මට අඥානයකු සේ පෙනුනේය. ඔහුගේ මතක තබා ගැනීමේ ශක්තියද ඉතා දුර්වලය. ඔහුගේ දියුණුව ඉතා ප්‍රමාදවුත්, දුෂ්කරවුත් එකකි. විශේෂාකාරයෙන් චරිත හා ගැබුරු ආත්මික ජීවිතය නිසාත්, ඔහුගේ අධ්‍යක්ෂක පියතුමාගේ බලවත් ඉල්ලීම නිසාත් ඔහුට පුජකවරයා දානය කිරීමට තෝරා ගන්නා ලදී. මේ යහපත් පුජකතුමා සදහන් කළ ලෙස එතුමාගේ ශිෂ්‍යයා පුජකවරයට ඉතාමත් සුදුසු බවත්, යහපත් බවත්, තේරුම්ගත් පුජක තුමා පුජක වරයෙන් පසුවද ඔහුට විශේෂයෙන් පාඩම් කියා දීමට භාර ගත්තේය. වර්ෂ 1815 අගෝස්තු මස 13 වන දින ජෝන් වියානා පුජකවරය ලැබිය.

ඉහත කි පොරොන්දුව මත ගරු බැල් පියතුමා, වියානි පියතුමාට දේව ධර්ම ශාස්ත්‍රය ඉගැන්විය. මෙම තරුණ මේරි වියානි තුමා ජනතාව ආකර්ෂණය කර ගැනීමට පටන් ගත්තේය. එතුමාගේ දේශනා ඇසීමට පැමිණි ජනතාවගෙන් දේවස්ථානය පිරි ඉතිරිණි. පාපොච්චාරණය ආසනයෙන් පිටතදී පවා එතුමාගේ අවවාද අනුශාසනා ලැබීමට ගණන් කල නොහැකි ජනතාවක එක් රොක් විය. පාපොච්චාරය කිරීම බලතල නිත්‍යානුකුලව නොලැබුණත් එතුමා පාපොච්චාරණය ඇසීමට සුදානම් විය. නැවතද බැල් පියතුමා මැදිහත් විය. එතුමා අගරදගුරු තුමාට කියා සිටියේ, වියානි පියතුමාට දේව ධර්මය හොදින් දැනීම ඇති බවත්, ඔහු පොත් වලින් දැනීම නොලැබුවත් ඉතා මහත් ගැටළු වලදී පවා දක්ෂ ලෙස ධර්මානුකුලව ඒවා විසදා දෙන බවත්ය.

වසර තුනකට පසු බැල් පියතුමා ස්වර්ගස්ථ විය. ඉන්පසු ජෝන් වියානි පියතුමා ඉතා නුගත්, ආගම දහම ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වූ ” ආස් ” නම් අප්‍රසිද්ධ ග්‍රාමයට යවනු ලැබිය. පසුදින දිව්‍ය පුජාවට සහභාගී වීමට පැමිණියේ මහලු ස්ත්‍රීන් අතලොස්සක් පමණ වූ නිසා එතුමාගේ හද කකියන්නට විය. එතුමා එම ස්ථානයට යැවීමෙන් අනුනායක තුමා කියූ වචන සිහි ගැන්විය. ” එම වසමේ දේව ප්‍රේමය ඉතා ස්වල්පය, ඔබට එය නැවත දල්වන්නට සිදුවෙයි ” යනුයි. ඔහු මේ ජනතාව පශ්චාත්තාපයට පැමිණිවිය යුතුය. එමගින් ඔවුන්ව ශුද්ධවන්තකමට ගෙන ආ යුතුය.

එම මිසමේ ජනතාව බිමත් කමට ඉතා ගිජු වුවන් නිසා ඔවුන්ගේ ආත්මික ජීවිතය හා ශිෂ්ටාචාරය ඉතා පහත් අඩියක බැස තිබිණි. ජෝන් වියානි පියතුමා ඉතාමත් ඉවසීමෙන් දුප්පතුන් හා ලෙඩුන් අතර ක්‍රියා කිරීමට පටන් ගත්තේය. එතුමාගේ රැලේ සිත් හැරීමට දෙවියන් යදිමින්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ පැය ගණන් ගත කළහ. ඔවුන්ගේ පාප සදහා වන්දි ගෙවීමක් වශයෙන් ඔහුගේ ජිවිතයේ ඉතිරි වසර 40 තුල ඔහුගේ ශරීරය කස වලින් තලා දුෂ්කර පශ්චත්තපික ක්‍රියා කළේය. දෛනික ජිවිතයෙන් උදාහරණ දෙමින් එතුමාගේ දේශනා සරල බසින් විය. ඉතාමත් අසරණ ගැහැණු ළමයි සදහා අනාථ නිවාසයක් විවෘත කළේය. එය පසුව පාසලකට පරිවර්තනය වී මුළු ප්‍රංශයම එය අනුමත කළේය.

එතුමාගේ සඵලමත් කාර්යය නම් පාපොච්චාරණය තුලින් ජනතාවට ආත්මික අවවාද දීමය. එතුමාගේ මිනිසුන්ගේ හදවත් කියවීමේ වරම තිබුණු බවද, උච්චාරණය නොකළ පව් ගැන දැනීමක් තිබු බවද, එතුමාගේ යාච්ඤා මගින් ලෙඩුන් සුව කල බවද ජනතාවට දැණින. වසර ස්වල්පයකින් ” ආස් ” නමැති ගම පරිවර්තනයවී, නන් දෙසින් ජනතාව එතුමා කරා ඇදින. පැය 18ක් පමණ එක දිගටම පාපොච්චාරණය ඇසිය. මේ සියල්ල කර එක්වරු ශිලයද රැකිය. අවසානයේ 1859 ජුලි 29 වන දින ”මාගේ අන්තිම දිනය මේ ය” යි කියා ස්වර්ගස්ථ විය.

පුජකවරුන්ගේ ආරක්ෂක ශුද්ධවන්තයා වන ජෝන් මේරි වියානි තුමාගේ මංගල්‍ය අගෝස්තු 04 වැනිදා සිදු කෙරේ.

Coped By Chathurika Wijerathna

04/08/2024

ශුද්ධවූ ජෝන් මේරි වියානි මුනිතුමා

ජෝන් මේරි වියානිගේ දෙමව්පියෝ ප්‍රංශ ජාතිකයෝ වුහ. ඔවුහු අවංක වුත්, වෙහෙස වී ජීවිකාව ගෙන ගිය භක්තිමත් දේපලක් වුහ. ජෝන් යහපත් කමටද, කිතුනු භක්තියටද හුරු පුරුදු විය. ඔහු වැඩුනේ තම පියා සතු බැටළුවන් බලා ගැනීමෙන් පිරිසුදු වාතාශය ඇති ගැමි පරිසරයකය. මේ නිසා ඔහුට ශාරීරික ශක්තිය ලැබිණි. ඔහු වයස අවුරුදු 13 දී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ප්‍රථම වරට ලබා ගත්තේ පිදුරු මඩුවක පිදුරු බාමින් සිටි අවස්ථාවේදී ආගමික සතුරන්ගේ දෑස් වලට නොගැටෙන ලෙස රහසින්ය.
ඔහු ප්‍රථමික අධ්‍යාපනයක් නොලද හෙයින්, දෙව් සත්හලට ඇතුළු වී අධ්‍යාපනය හදාරන විට නොයෙකුත් දුක්ෂරතවයනට මුහුණ දීමට සිදු විය. ඔහුට තිබුණු එකම යහගුණය නම් ඔවුන්ගේ කඩිසර කම හා හිත හොද ගතියය. ඔහු බැලු බැල්මට අඥානයකු සේ පෙනුනේය. ඔහුගේ මතක තබා ගැනීමේ ශක්තියද ඉතා දුර්වලය. ඔහුගේ දියුණුව ඉතා ප්‍රමාදවුත්, දුෂ්කරවුත් එකකි. විශේෂාකාරයෙන් චරිත හා ගැබුරු ආත්මික ජීවිතය නිසාත්, ඔහුගේ අධ්‍යක්ෂක පියතුමාගේ බලවත් ඉල්ලීම නිසාත් ඔහුට පුජකවරයා දානය කිරීමට තෝරා ගන්නා ලදී. මේ යහපත් පුජකතුමා සදහන් කළ ලෙස එතුමාගේ ශිෂ්‍යයා පුජකවරයට ඉතාමත් සුදුසු බවත්, යහපත් බවත්, තේරුම්ගත් පුජක තුමා පුජක වරයෙන් පසුවද ඔහුට විශේෂයෙන් පාඩම් කියා දීමට භාර ගත්තේය. වර්ෂ 1815 අගෝස්තු මස 13 වන දින ජෝන් වියානා පුජකවරය ලැබිය.
ඉහත කි පොරොන්දුව මත ගරු බැල් පියතුමා, වියානි පියතුමාට දේව ධර්ම ශාස්ත්‍රය ඉගැන්විය. මෙම තරුණ මේරි වියානි තුමා ජනතාව ආකර්ෂණය කර ගැනීමට පටන් ගත්තේය. එතුමාගේ දේශනා ඇසීමට පැමිණි ජනතාවගෙන් දේවස්ථානය පිරි ඉතිරිණි. පාපොච්චාරණය ආසනයෙන් පිටතදී පවා එතුමාගේ අවවාද අනුශාසනා ලැබීමට ගණන් කල නොහැකි ජනතාවක එක් රොක් විය. පාපොච්චාරය කිරීම බලතල නිත්‍යානුකුලව නොලැබුණත් එතුමා පාපොච්චාරණය ඇසීමට සුදානම් විය. නැවතද බැල් පියතුමා මැදිහත් විය. එතුමා අගරදගුරු තුමාට කියා සිටියේ, වියානි පියතුමාට දේව ධර්මය හොදින් දැනීම ඇති බවත්, ඔහු පොත් වලින් දැනීම නොලැබුවත් ඉතා මහත් ගැටළු වලදී පවා දක්ෂ ලෙස ධර්මානුකුලව ඒවා විසදා දෙන බවත්ය.
වසර තුනකට පසු බැල් පියතුමා ස්වර්ගස්ථ විය. ඉන්පසු ජෝන් වියානි පියතුමා ඉතා නුගත්, ආගම දහම ගැන කිසිම සැලකිල්ලක් නොදැක්වූ ” ආස් ” නම් අප්‍රසිද්ධ ග්‍රාමයට යවනු ලැබිය. පසුදින දිව්‍ය පුජාවට සහභාගී වීමට පැමිණියේ මහලු ස්ත්‍රීන් අතලොස්සක් පමණ වූ නිසා එතුමාගේ හද කකියන්නට විය. එතුමා එම ස්ථානයට යැවීමෙන් අනුනායක තුමා කියූ වචන සිහි ගැන්විය. ” එම වසමේ දේව ප්‍රේමය ඉතා ස්වල්පය, ඔබට එය නැවත දල්වන්නට සිදුවෙයි ” යනුයි. ඔහු මේ ජනතාව පශ්චාත්තාපයට පැමිණිවිය යුතුය. එමගින් ඔවුන්ව ශුද්ධවන්තකමට ගෙන ආ යුතුය.
එම මිසමේ ජනතාව බිමත් කමට ඉතා ගිජු වුවන් නිසා ඔවුන්ගේ ආත්මික ජීවිතය හා ශිෂ්ටාචාරය ඉතා පහත් අඩියක බැස තිබිණි. ජෝන් වියානි පියතුමා ඉතාමත් ඉවසීමෙන් දුප්පතුන් හා ලෙඩුන් අතර ක්‍රියා කිරීමට පටන් ගත්තේය. එතුමාගේ රැලේ සිත් හැරීමට දෙවියන් යදිමින්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ පැය ගණන් ගත කළහ. ඔවුන්ගේ පාප සදහා වන්දි ගෙවීමක් වශයෙන් ඔහුගේ ජිවිතයේ ඉතිරි වසර 40 තුල ඔහුගේ ශරීරය කස වලින් තලා දුෂ්කර පශ්චත්තපික ක්‍රියා කළේය. දෛනික ජිවිතයෙන් උදාහරණ දෙමින් එතුමාගේ දේශනා සරල බසින් විය. ඉතාමත් අසරණ ගැහැණු ළමයි සදහා අනාථ නිවාසයක් විවෘත කළේය. එය පසුව පාසලකට පරිවර්තනය වී මුළු ප්‍රංශයම එය අනුමත කළේය.
එතුමාගේ සඵලමත් කාර්යය නම් පාපොච්චාරණය තුලින් ජනතාවට ආත්මික අවවාද දීමය. එතුමාගේ මිනිසුන්ගේ හදවත් කියවීමේ වරම තිබුණු බවද, උච්චාරණය නොකළ පව් ගැන දැනීමක් තිබු බවද, එතුමාගේ යාච්ඤා මගින් ලෙඩුන් සුව කල බවද ජනතාවට දැණින. වසර ස්වල්පයකින් ” ආස් ” නමැති ගම පරිවර්තනයවී, නන් දෙසින් ජනතාව එතුමා කරා ඇදින. පැය 18ක් පමණ එක දිගටම පාපොච්චාරණය ඇසිය. මේ සියල්ල කර එක්වරු ශිලයද රැකිය.
අවසානයේ 1859 ජුලි 29 වන දින ” මාගේ අන්තිම දිනය මේ ය” යි කියා ස්වර්ගස්ථ විය.
පුජකවරුන්ගේ ආරක්ෂක ශුද්ධවන්තයා වන ජෝන් මේරි වියානි තුමාගේ මංගල්‍ය අගෝස්තු 04 වැනිදා සිදු කෙරේ.

ශුද්ධවූ ජෝන් මේරි වියානි මුනිතුමෙනි, අප නිසා යාච්ඤා කළ මැනව.

Coped By Chathurika Wijerathna

03/08/2024

අද දින සුදුවර චරිතයෙන් අගෝස්තු 03වන දිනට මංගල්‍යය යෙදෙන අනාඤි හි ශුද්ධ වූ පීටර් මුනිඳුන් ගැන කතා කරමු.

මෙතුමන් උපත ලබන්නේ ඉතාලියේ සලේර්නෝ නගරයේ ය. එතුමන්ගේ උපන් දිනය පිළිබඳව නිශ්චිත සටහනක් නොමැත. බෙනදිකානූ තාපස නිකායට ඇතුළු වූ එතුමන් එවක ඉතා කැපී පෙනුන තාපස ජීවිතයක් ගත කළ බව කියැවේ. 6 වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියතුමන් විසින් එතුමන්ව අනාඤි හි රදගුරුතුමන් ලෙස පත් කරන ලදී.

රදගුරු තුමකු ලෙස තමන් විසූ නගරයේ අධ්‍යාත්මික අභිවෘද්ධිය වෙනුවෙන් මහත් වූ සේවාවක් කළ අතර නව ආසන දෙව් මැදුරක් ද ඉදි කළේය. පළමු කුරුස යුද්ධයේ දී ශුද්ධවූ දේශය බලා යන ගමනේ එතුමන් ද සහභාගී විය. පසුව ii උර්බාන් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් බයිසන්ටයින් අධිරාජ්‍යයේ ශුද්ධාසන නියෝජිතයකු ලෙසින් කොන්ස්තන්තිනෝපලය වෙත යවන ලදී.

ක්‍රිස්තු වර්ෂ 1105 වසරේ දී එතුමන් සගලොව දිනා ගන්නා ලදී.1109 වසරේ ජුනි 04 දින අති උතුම් දෙවන පාස්කල් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් එතුමන්ව ශුද්ධවන්තභාවයට ඔසවන ලදී.

Coped By Chathurika Wijerathna

Address

CCCreations
Rajakadaluwa
61238

Website

Alerts

Be the first to know and let us send you an email when CCcreations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category