30/12/2025
*ව්‍යාපාරිකයක් ආරම්භයට පෙර දැනගත යුතු කරුනු*
🌸 ව්‍යාපාරික වශයෙන් ඉස්සරහටම යනවිට අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුම කරුනක් නම් කේක් තැටි එය ලෙසියෙන් මතකයේ තබා ගත හැකි ආකාරය නම්
අගල් 6 රවුම් කේක් තැටිය = 500g
අගල් 6 සිට කේක් තැටියට අගලක් එක් වනවා සමගම 250g ක් එකතු වන බව මතකයේ තබා ගන්න
අගල් 6 =500g
අගල් 7 = 750g ( 500+250)
අගල් 8 = 1kg (750+ 250)
🌸 අනිවාර්යයෙන්ම මෙසරින් කප් හා හැදි භාවිතා කල යුතු අතර ආදේශයන් මේ සදහා භාවිතා කිරිමට යන්න එපා.
15ml =මේස හැන්ද
7.5 ml= මේස හැදි භාගය
5ml = තේ හැන්ද
2.5ml =තේ හැදි 1/2
1.2ml =තේ හැදි 1/4
250ml = කප් 01
125ml = කප් 1/2
85ml = කප් 1/3
60ml = කප් 1/4
🌸 කේක් බෝඩ් පිලිබද කතා කිරිමේදි කිසිදු විටක කේක් තැටියේ ප්‍රමානය ටම කේක් බෝඩ් එක නම් ගන්න එපා මතක තියා ගන්න ගන්න කේක් බෝඩ් එක කේක් තැටියේ ප්‍රමානය ට වඩා අගලක් වැඩියෙන් තිබ්බාට කමක් නැත මන්ද කේක් එක සකසා අයිසින් කලද එහි අකුරු කේක් එක වටේ යනවිට ඉඩකඩ මදි වෙන්නට පුලුවනි ඒ නිසා ඉඩ තියෙන්න කේක් බෝඩ් එක ගැනිම අප සතු වගකිමකි.
🌸 ව්‍යාපාරික වශයෙන් කේක් කියන දෙය ඔයා ආරම්භය කරනවා නම් අනිවාර්යයෙන් ම මතක තබා ගන්න මුලින්ම ඔයාට කරන්න පුලුවන් මොන වගේ දේවල්ද කියන දේ මොකද අපිට අයිසින් කිරිම ප්‍රශ්න තියම් උපන්දින කේක් කවදාවත් කරන්න යන්න එපා
ඔයාට පුලුවන් ,
කප් කේක්
බටර් කේක්
චොකල්ට් කේක් (මැදින් සැන්විච් කර හෝ නොකර )
පොල් කේක්
රිබන් කේක්
ජා කේක්
ලාවා කේක් මේ වගේ දෙවල් සකසා සුලු ආකාරයෙන් පටන් ගන්න
🌸 මුලින්ම හිතන්න *අනිත් අය කරන නිසා මමත් මේක කලා නම් දියුනු වෙයිනි කියලා නෙවෙයි මම මේ දේ වෙනස් විදියට පටන් අරම් හොද තැනකට මගේ ව්‍යාපාරය ගිනියනවා* කියලා එතෝට ඔයාට ගැටලුවක් වෙන්නේ නෑ
🌸 මුලින්ම ඔයාගේ ව්‍යාපාරයට නමක් තොරාගන්න ඕනි .
ඔයා මුලින්ම බලන්න ඕනිදේවල් තමා ඔයා දාන නම් කෙනෙක්ට පහසුවෙන් කියවන්න පුලුවන් වෙයිද
මගේ නමින් තවත් පිරිසක් ඉන්නවා ද
අනිවාර්යයෙන්ම කියවන්න පුලුවන් පහසු නමක් දැම්මා ම කෙනෙක්ගේ මතකයේ නම රැදෙනවා ඉක්මනින් අමතක වෙන්නේ නෑ
ඔයාගේ නමින් ම තවත් පිරිසක් ඉද්දි කෙනෙක් අතර මං වෙන්න පුලුවන් මොකද ඔයාගේ ගිනුමම සොයාගන්න බැරිව ඉතිම් ඒ නිසා කලින් සොයා බලලා කවුරුත් භාවිතා නොකරන නමක් භාවිතා කරලා ගිනුම සකසා ගන්න එතෝට කෙනෙක්ට ලේසියෙන්ම ඔයාගේ ගිනුම සොයාගන්න පුලුවන්
#බැරිනැහැපුලුවන් #අදඉදලාපටන්ගමු #ජිවිතයගොඩයමු #කේක්වලටආසඅය