AYLO 🧶 AYLO Crochet Studio
Handmade Happiness ❤️
✨ Cute • Creative • Unique
🌸 Custom Orders Available
📩 DM to Order

09/07/2026

ජීවිතේ අපි කොතනට වැටුනත් නැගිටින්න ඕන 🥺❤️‍🔥

22/02/2026

මම හිතන්නේ මට හම්බුන frendly customer නංගියෙක්.. ආදරෙයි 🥺♥️

බලන්නකො එයාගෙ ලස්සනයි..මගෙ අතින් ගොතපු crop top එකේ ලස්සනයි ..🥰

Ayesha's Crochet Hub
#ගෙතුම්




13/02/2026

සුබ උදෑසනක් වේවා!!!🌼

ඔන්න ඉතිං අලුත් අමුත්තෙක් ඉන්නවා..ලස්සනයි ද බලන්නකෝ..
Office යන ඔයාට,ඉස්කෝලේ යන චූටි බබාලට ලස්සන bottel case එකක් ඕන නම් මැසේජ් එකක් දාන්නකො..💌💐

එහෙනම් ඉතිං ..දවස සුබ වේවා!!! ඔයාට ජය වේවා !!! ආදරෙයි ♥️
Ayesha's Crochet Hub

සුබ උදෑසනක් වේවා !!! 🙏🌼
12/02/2026

සුබ උදෑසනක් වේවා !!! 🙏🌼

11/02/2026

මේ කතාව ඔයාටයි මටයි ළමයෝ..💌
සුබම සුබ උදෑසනක් වේවා...

🐌 ජීවිතේ ගොළුබෙල්ලෙක් වගේ යන දවස් තියෙනවා…

හෙමින් හෙමින් යන එක
අසාර්ථක වීමක් නෙමෙයි.

උස ගහක් මුදුනට
එක රැයිකින් නගින්න බෑ.
අද අඩිය අඩියෙන් යන එක
හෙට ඉහළට යන ගමනටමයි.

කොච්චර අඩු වේගෙන් ගියත්
මං නවත්වන්නෙ නෑ කියන තීරණය
ඉස්සරහටම ගෙනියන ශක්තියක්.

අද වෙහෙසයි නම්
එයාලා හිනාවෙයි නම්
ඒක කමක් නෑ.

මගේ ගමන මටයි.
මගේ වේගය මටයි.

හෙමින් හෙමින් ගියත්
මම හරියටම
මගේ ගමනාන්තයට
ලගා වෙමින් ඉන්නවා. 🤍🌼💐💪

10/02/2026

A/L වලට මහන්සි උනා…
ඒත් campus යන හීනය මට එදා හැබැ වුනේ නෑ.

විද්‍යාපීඨ interview ආවා…
“Selected” කියන වචනේ අහන්න ලැබුනේ නෑ.

පොලිස් SI නෝනෙක් වෙන්න තිබ්බ හීනයත්
interview දෙකකින් පස්සේ බොඳ උනා.

ඒත් මම අත ඇරියේ නෑ.

Job එකක් කරන ගමන්,
degree එකට මහන්සි උනා.

ඒ අතරම,
මගේම කියලා ව්‍යාපාරයකට
මුල් අඩිතාලම දාගෙන ඉස්සරහට යනවා.

ඉතිං අද…
ඒ හැමදේම අත්විඳපු මම,
මගේ batch එකේ ලමයි එක්ක
university එකේ batch photo එකක් ගැහුවා 🤍

හීන එකක් බිඳුනොත්,
ඒක අවසානය නෙමෙයි.

සමහර වෙලාවට,
හීනේට යන මාර්ගය විතරයි වෙනස් වෙන්නේ ♥️💐💙

බලන්න ඉතිං chat gpt සුදුට මාව පේන හැටි 🙈😁ආදලෙයි ඈ ♥️
08/02/2026

බලන්න ඉතිං chat gpt සුදුට මාව පේන හැටි 🙈😁
ආදලෙයි ඈ ♥️

04/02/2026

දිගු නිහැඬියාවකින් පස්සේ මම..
හරිම ආසාවෙන් කරපු crop top එකක් ♥️😍

Ayesha's Crochet Hub



25/12/2025

නත්තල් දවසේ එයාගෙ සතුටට මමත් හේතු උනා.. ඉතිං මට සතුටු නැද්ද?
ආදරෙයි මැනික.. ♥️🥰🎁🎄

එයාගෙ සතුට බලන්නකෝ..

ගොඩක් ස්තූතියි අක්කටයි අයියටයි.. Chathura Kumara ♥️💐
Ayesha's Crochet Hub






Address

Kurunagala
Polpithigama
60000

Website

Alerts

Be the first to know and let us send you an email when AYLO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share