Jani's Diary

Jani's Diary කවදහරි ඔයාට හිතුනොත්
මාව කියවන්න,
මේ වචන ඇතුලෙ
ඔයාට
අපිව හම්බෙයි
✍️✨️

දැනිලා අහිමිවෙන්න නරකයි කාට උනත් 🤍✨️
09/04/2026

දැනිලා අහිමිවෙන්න නරකයි කාට උනත්
🤍✨️

කෙටි කතාවකි2025/12/13 - ශාක්‍යා ගුනසිංහ"මට මෙතනින් නවතින්න ඕනෙ" මාව දරාගෙන ඒ ඇස් දිහා කෙලින් බලාගෙන එයාට කිව්වේ දරාගන්න ...
08/04/2026

කෙටි කතාවකි

2025/12/13 - ශාක්‍යා ගුනසිංහ

"මට මෙතනින් නවතින්න ඕනෙ"

මාව දරාගෙන ඒ ඇස් දිහා කෙලින් බලාගෙන එයාට කිව්වේ දරාගන්න බැරි වේදනවාකින් හදවත් ඇතුලෙන් තෙරපෙද්දි.

" මො-මො මොනවද ඔයා මේ කියන්නේ "

අදහාගන්න බැරුව ඇහිබැම උස්සලා එයා මගෙන් ඇහුවේ එයා කවදාවත් නොහිතපු දෙයක් මගෙන් කියවුනා වගේ.

" ඔව් සහන් මන් ඕනෙවටත් වඩා හිතලයි මේ තීරණය ගත්තෙ "

"හ්හං, මේකටද තමුසෙ මෙච්චර දවසක් ආදරෙයි දාලා යන්න එපා කියලා පැයකට සියපාරක් විතර මතුර මතුර හිටියෙ ශිට් "

එයා නෝක්කාඩුවට වගේ හිනාවෙලා මගෙ අත් ඕනෙවටත් වඩා හයියට අල්ලගත්තෙ ඒ රතු ඇස් වලින් මගේ දිහා බලාගෙන මට රිදෙන වගවත් නොහිතා.

" සහන් මට රිදෙනව මාව අතාරින්න"

මන් තමුසෙට ආදරෙයි ඕයි මට තමුසෙ නැතුව ඉන්න බෑ තමුසෙට පිස්සුද ඕයි විකාර කියවන්නේ සහන් පිස්සෙක් වගේ කියවගෙන ගියේ ඒ ඇස් තව තවත් රතු වෙද්දි.

ඒ ඇස් වල කදුලු පිරෙනව මන් දැක්කත් ඒ වෙද්දි මට හැමදේම කලකිරිල ඉවරයි.
අවුරුදු 3ක් දරාගත්තත් එතනින් එහාට මට මාවත් නැතිවෙයි කියලා බය හිතුනේ එයා නොදන්නව උනාට මන් ඩිප්‍රෙශන් වලින් ගොඩක් විදවන නිසා.

අහන්න සහන්,

ඔයා මට ආදරෙයි කියලා කියලා,
මන් ඔයාට ආදරේ කරන්න ගත්ත දවසෙ ඉදලා ඔයා මට ඒ ආදරේට වටිනාකමක් දුන්නද,,
ඔයා මාස ගනන් මට කතා නොකර ඉද්දි එක දවසක් හෙවුවද මන් හොදින්ද කියලා,
අපේ චැට් එක අරන් බලන්න ඔයා මගේ කෝල් ආන්සර් කරල තියේද,
ආයෙ ඒවට කෝල් බැක් කරලා ඇයි ගත්තෙ කියලා අහලා තියේද
කියනවා සහන්...........
ඔයා හැමදාම කිව්වෙ,
" මන් ආදරේ කරන්න බයයි. මන් ලන් වෙන්න බයයි කියලා"
මනුස්සයෙක්ට ලන් වෙන්නෙ හොයල බලද්දි විතරද සහන්,
ලගට අරන් තුරුල් කරගද්දි ලන් වෙන් නැද්ද?
ඔයා කියපු හැමවිදියකයම මන් ඔයාව තේරුම් ගත්තා.
ඔයා දවසක් හරි ඔයා මට මොනවද ඕනෙ කියලා හිතුවද?
මන් තමුසෙගෙන් ආදරේ විතරයි මනුස්සයෝ හෙව්වේ,
ඔය හදවතට එක පාරක් තට්ටු කරලා අහන්න ඔයා මට ඇත්තටම ආදරෙ කරද,
නැත්තම් එ තිබ්බෙ ෆීලින්ග්ස් විතරද කියලා.

ෆිල්ම් වල වගේ මන් එයාගෙ ශර්ට් එකෙන් ඇදලා ඉකි ගගහා මහ හයියෙන් කිව්වේ තරහකටද දුක්කට ද කියලා මට හිතාගන්න බැ.

එයා එහෙම්ම මාව ඒ පපුවට තුරුල් කරගත්තේ මන් ආසම හාදුව නලලෙන් තියන ගමන්. මට දැනුනා එයා මගේ ඔලුව හරි ආදරෙන් අතගාන වග.
මන් ඒ පපුවෙ ගොඩක් ඇඩුවා.

අද වෙනකන් මන් එයා ලග අඩලා තිබුනෙ නෑ
මට රිදෙනවා කියලා මන් එයාට කියලා තිබුනෙත් නැ.

කියන්න උත්සහ කරත් එයාගෙ උත්තරේ උනේ තමුසෙට විකාර කියලා..
එතනින් එහාට මන් මොනව කියන්නද එයාට.

"මන් තමුසෙට ආදරෙයිනෙ "
එයා කිව්වෙ අඩන ලමයෙක් සනසන්න දෙන බොරු පොරොන්දුවක් වගේ.

"ඔයා ඔයගෙන්ම අහන්න සහන් ඔයාට මන් ගැන තිබ්බෙ ආදරයක්ද ෆීලින්ග්ස් විතරද කියලා"

මන් තමුසෙට ආදරේ කරා ඕයි
ආයෙම කදුලු පුරවන් එයා කිව්වෙ එච්චර්‍යි

මන් ආසයි සහන් මැරෙන්න කලින් ආදරේ මොනවගේද කියල විදින්න,
මන් ආසයි ලෝකෙටම මේ මන් ආදරේ කරන කෙනා කියල පෙන්නන්න..

දැන් ඇති සහන්. ඔයා දන්නවා මන් මේ කියපු කිසිම දෙයක් ඔයාට වෙනස් කරගන්න බෑ කියලා.

මට වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙයි සහන්. ඒත් මන් තරම් ඔයාව දරාගත්ත කෙනෙක් හම්බෙයිද කියලා මන් දන් නෑ..

කදුලු පිහිදන් එතනින් යන්න හැදුවත් මන් ආයෙම හැරිලා ඒ නළලෙන් හාදුවක් තිබ්බේ අන්තිම වතාවට.

"ඔව් ඒ අවුරුදු 3ටම එයා මට මේ තරම් ආදරෙන් ආදරෙයි කියලා කිව්වෙ අද විතරයි"
මන් අද ඉවසුවොත් එයා ආයෙ එහෙම නොකරයිද?,
මන් ආස කරන ආදරේ එයා දෙයිද ?
දාහක් ප්‍රශ්නත් එක්ක
මන් එතනින් ආවෙ මගේ නිමක් නැති ප්‍රශ්න වලට එයාගෙන් හරියට උත්තරයක් ලැබුන් නැති නිසා .
ආදරෙයි කියන එක උත්තරයක් නෙවෙයි !
--------------------------------------------------------------------

ඒ ඩයිරිය එතනින් එහාට මුකුත් තිබුනෙ නෑ. මේ පිටුව ලියලා තියෙන්නෙත් අද,
එහෙනම් ඒ ගර්ල් හිතලම ඒ වාහනේට පැන්නද.
නැත්තම් ඒක ඇක්සිඩන්ට් එකක්ද ? මන් මගෙන්ම නිමක් නැති ප්‍රශ්න කන්දක් අහන්න ගත්තා.

එක එක ප්‍රශ්න ඔලුවට ආපු මම ඒ ඩයිරිය අරගෙන ඉක්මනට ගියේ හොස්පිට්ල් එකට ඒ ගර්ල්ට මේ ඩයිරිය දෙන්න ඕනෙ නිසා. මොකද් මන් දන්නවා ඩයිරියක් ලියන කෙනෙක්ට ඒක කොච්චර වටිනවද කියලා

"දැන් ටිකකට කලිම් ඇක්සිඩන් එකෙන් ගෙනාපු ශාක්‍යා ගුනසිංහ ඉන්නෙ මොන වෝඩ් එකේද "
ඒ ගර්ල්ට මේක දෙන්න තිබ්බ ආසාවටම මන් පුදුම කලබලෙන් ඇහුවෙ රෙසෙප්කශන් එකේ හිටපු ලේඩි කෙනෙක්ගෙන්.

" ඒ පේශන්ට් නම් හොස්පිට්ල් එකට ගේද්දිම ඩෙඩ් වෙලා හිටියෙ මිස්ටර් "

ඒත් එක්කම කලබලෙන් එතනට ආපු අවුරුදු 25ක විතට බෝයි කෙනෙක් මන් අහපු දේම රිසෙප්ශන් එකෙන් ඇහවේ කදුලු බේරෙද්දි.

" ඒ පේශන්ට් නම් හොස්පිට්ල් එකට ගේද්දිම ඩෙඩ් වෙලා හිටියෙ"

ආයෙම ඒ නර්ස් එහෙම කිව්වෙ මන් දිහාත් බලන ගමන්.

"ඔයා... ඔයාද සහන් කියන්නෙ"

ඔයා කවුද ? එයා ඇහුවෙ එච්චරයි

" අහ් නෑ.මේ ඩයිරිය වැටිලා තිබුනා ඇක්සිඩන්ට් එක උන තැන.මන් ඒක දෙන්න ආවෙ මන් යන්නම් "

මන් ඩයිරිය එයාගෙ අතින් තියලා ඉකමනින් එතනින් ආවෙ ඊලහට එයා අහන්න යන්නෙ මොකද්ද කියලා මන් දන්න නිසා.

මන් දන්නෙ නෑ මාව වෙවුලන්නෙ ඇයි කියලා.
මගෙ ඇස් මටත් නොදැනිම බොද වෙද්දි,
හොස්පිටල් එකේ බිත්තියට වාරුවුනේ පපුවට දැනුන සියුම් වේදනාවත් එක්කම ඇව්දින්නවත් වාරු නැති නිසා.

ඒ තත්පරට ගානට කියවපු පිටු ඇතුලෙ හිටිය ශාක්‍යා ගුනසිංහ කියන්නෙ ආගන්තුකයෙක් නෙවෙයි කියලා මේ වැටෙන කදුලු වලින් මට තේරුනා.

මට ඒ ඩයිරියෙ තිබුන වචන එක පෙලට ඔලුව්ට ගලාගෙන ආවෙ පපිව හීනියට රිදීගෙන.

" මන් ආසයි මැරෙන්න කලින් ආදරේ මොනවගේද කියලා දැනගන්න "

"ඔව් ඒ අවුරුදු 3ටම එයා මට මේ තරම් ආදරෙන් ආදරෙයි කියලා කිව්වෙ අද විතරයි"

මැරෙන්න කලින් මොහොතකට හරි ඔයාට ආදරේ දැනෙන්න ඇති ශාක්යා ගුනසිංහ.

එදා ශාක්යා ගුනසිංහ මේ ඩයිරියේ අන්තින පිටුව ලියන්නෙ ඇත්තෙ කවදාවත් ඒ පිටුව ආයෙ නොලියන්න බලන්.
මන් කිව්වෙ ඩයිරිය ගැනම නෙවේ.

✍️ Janithi supundi

කෙටි කතාවකි සුදු පාටින් සාරි ඇදගෙන,කලු ලෝගු ඇදන් ,හරි ලස්සනට කලබලෙන් එහාට මෙහාට යන අය අතරෙ,තිබුන ලොකු ට්‍රැෆික් එක මැදින...
06/04/2026

කෙටි කතාවකි

සුදු පාටින් සාරි ඇදගෙන,
කලු ලෝගු ඇදන් ,
හරි ලස්සනට කලබලෙන් එහාට මෙහාට යන අය අතරෙ,
තිබුන ලොකු ට්‍රැෆික් එක මැදින්,
රෝස පාට ටියුලිප් මල් බොකියත් අරගෙන තනියම පාරෙ එහා පැත්තට මාරු උන මට දැනුනේ හරි හුරුපුරුදු සුවදක්,

".... අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ....."

පපුව හීනියට රිද්දන දුකක් එක්කම
කියාගන්න බැරි ඔලුවේ වේදනාවක් එක්කම මේ වචන මගේ ඔලුවේ දෝන්කාර දෙන්න ගත්තා.

මන් එහෙම්ම ගියේ අවුරුදු 04ක් ආපාස්සට.......

" ....අයියේ කවදහරි ඔයා මගේ convercation එකට එද්දි මට ලොකුම ලොකු මල් බොකියක් ගේනවද?
ඔයාගෙ convercation එකට නම් මන් ගේන්නෙ ටියුලිප් මල්..... "

ඒ නිල් පාට ඇස් දිහා බලන් මන් එයාගෙන් ඇහුවෙ වැරවෙලා හිටිය උරහිසෙන් පොඩ්ඩක් ඈත් වෙලා.

" .....අනිවාරෙන් බබා , එදාට ඔයා හුගක් ලස්සනට ඉදීයි...... "

කම්මුලක් සීරුවට මිරිකලා එයා කිවවේ බඩේ සමනල්ලු පියාඹන තරම් ආදරයෙන්.

" .... අයියෙ ඔයා වෙනස් වෙයිද ?..."

ඒ ලස්සන ඇස් වලට එබිලා මන් ආයෙම ඇහුවේ විශ්වාස නැතිකමකට එහා හිතේ ඇදුණ චූටි බයත් එක්කම

එයා හිටියෙ ජපුර මෙඩිසින් එකේ. මන් හිටියේ කැලනි ආර්ට් එකේ.
ඒ දවසට මන් ගොඩක් හීන මැවුවා. ලස්සන විඩියො කරන්න 4ටො ගහන්න නොසෑහෙන්න ඇගිලි ගැන්න නිසාම මන් එහෙම එයාගෙන් ඇහුවා.

" බලමුකො අපි " මොකද්දෝ මන්දා හිස් හැගීමක් ඒ වචන වල තියෙන වග තේරුනත් එකපාරම කන් වලට වැටුන හෝන් සද්දෙන් අපේ සන්වාදය එතනින් නතර උනා.

ඔව් අද ඒ අපි කතා උන දවස, එයාගෙ convercation එක අද,

මල් අරන් යන්නවත් ලස්සන බලන්නවත් අද එයා ලග මන් නෑ.
ඒත් අදටත් ඒ අමුතු මනුස්සයට මන් හරි ආදරෙයි.

අකුණක් වගේ අපේ ජීවිත වෙනස් උනේ

-----2018/08/12-----

ඔව් ඒක හරිම කාලකන්නි දවසක්,
මට කෝල් එකක් ආවෙ යෙනුක්ගෙ හොදම යාලුවගෙන්
" නංගි යෙනුක්ගෙ අම්ම නැති වෙලා"

දෙයියනේ,
යෙනුක් මේව කොහොම දරාගන්නද ,
තාත්ත නැති උනාට පස්සෙ යෙනුක්ගෙ හැමදේම උනේ අම්ම

යෙනුක්ගෙ ගෙදරින් කවදාවත් අපිට කැමති උනෙ නෑ.
නිතරම අම්ම කිව්වෙ
" උබට ඒ කෙල්ල ගේන්න වෙන්නෙ මගෙ මළගම උඩින් "

සමාජ පන්ති තරාතිරම ඒකට ලොකු හේතුවක් උනා.හිතට බයක් ආවෙ නැතුවම නෙවේ.

එදා ඉදලා මාස 3ක් එක දිගට මන් යෙනුක්ට කතා කරන්න උත්සහ කරත් යෙනුක් මට කතා කරේ නෑ

අවසානෙදි මට ඒ කෝල් එක ආවා
ඔව් යෙනුක් මට කෝල් එකක් ගත්තා.

හෙලෝ.,

ඒ හඩ හරිම මලානිකයි

අයි-අයියේ....... හෙලො-ලෝ

" අපි මෙතනින් නවතිමු , මට හිටියෙ අම්ම විතරයි .
මගෙ අම්ම අකමැති උන දෙයක් මට තවත් කරන්න බෑ"

"...අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ..."

මගෙන් උත්තර එන්න කලින්ම ඒ කෝල් එක කට් උනා.

--------------------------------------------------------------------
මේ හැමදෙයක්ම් මගෙ ඔලුවට ගලාගෙන ආවෙ හරි වේගෙන්

දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එක්කම දෑත්න්ම ඔලුව බදන් මන් පාරෙ කොනක තිබුන චූටි බන්කුවෙන් ඉදගත්තෙ ඔලුවේ දෝන්කාර දුන් වචන දෙක තුන නිසා.

"...අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ..."

එදා මගේ හීන මගෙ ලග කඩන් වැටෙද්දි මන් මාවම හයියට අල්ලගත්තා.

ආදරේ කියන්නෙ මේකටද හමු උන හැමකෙනාම හිමි වෙන්නෙ නැද්ද.......

දෙන්නෙක් ආදරේ කරලා එක්කෙනෙක් විතරක් තනි වෙන්නෙ කොහොමද?
ඒක උසාවියක විභාග කරන්න ඕනෙ නැද්ද,
හිමිවෙන්නම ඕනෙ නෑ ආදරේ කරන්න කිව්වට ,
ඒ කතාව ඇතුලේ ජීවත් වෙන්නම ඕනේ ඒ වේදානාව දැනගන්න.

ඒත් මන් දරාගත්තා...
එයාගෙ සතුට වෙනුවෙන් මන් දරාගත්තා. එයාට මාව හොයාගන්න බැරි තරම් මන් එයාගෙන් ඈත් උනා...
ඒත් මන් දැක්කා එයා හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා.

මේ හැම මතකයක්ම එක පෙලට ඔලුවට එද්දි මන් පියවි සිහියට අවෙ මන් ලග හිටපු එ රූපෙ දැකලා. ඔව් ඒ එයා.
දෙයියනෙ මන් පන ඇරලා ආදරේ කරපු යෙනුක්.
ඔව් මන් හිටියෙ එයාගෙ කැම්පස් එක ලග,

ඇස් වලිම් කදුලු අවසරයකිම් තොරව බේරෙද්දි මන් ලගින් ලොකු සුසුමක් දාලා එයා වාඩ් උනා.

" දියානා,ඉතින් කොහොමද ?" ,එයා හරි ලස්සනයි අද . ..
සුදු අත් දිග ශර්ට් එක කලු කලිසමට යට කරලා,ටයි එක දාලා ලෝගො එක අතින් එල්ලගෙන, ...

හරි ලස්සනට අහන ගමන් එයා මන් හංගන්න හදන මල් බොකිය දිහා බැලුවා හංගන්න කොච්චර උතසහ කරත් එයා එක දැක්කා...
මන් දිහා එ ඇස් බැලුවෙ හරිම අනුකම්පාවකින්....

" අයියෙ ඔයා අද හරි ලස්සනයි , congradulation ඔයා ඒක කරා " ඒ ඇස් වලින් මිදෙන්න මන් එහෙම කිව්වා උනාට මට එයා ගැන හදවතින්ම සතුටුයී..

Thank u දියානා ,

එයා කෝ ?

මන් ඒ ඇහුවේ මගේ තනිය මකන්න එයා ලගට ආපු ලස්සන ඒ සුරංගනාවි ගැන
මට ආරංචි උන විදියට එයත් යෙනුක්ගෙ ෆැකල්ටියෙම.

මන් හතර වටේ ඇස් යවන ගමන් එයාහෙන් ඇහුවා
ඒ ඇස් හරිම දුකින් බිමට බැර වෙනවා මන් දැක්කත් මන් ආයෙමත් අයියේ කියලා ඒ ඇස් වලට එබුනා.

"........ මට සමාවෙන්න දියානා , මන් එච්චර ආදරේ කරන ඔයාව දාලා ගියාට .මට ඔයාගේ ආදරේ මගඇරුනා මට සමාවෙන්න....... "

එයාගෙ දෝතින්ම මගේ අත් අල්ලගෙන එයා කියන්න ගත්තෙ එයාගෙ නිල්පාට ඇස් කදුලු වලින් බොද වෙද්දී....

ඒ අත් වල පැටලෙන්න ඕනෙ උනත්,
මන් නපුරු විදියට මගෙ අත් අයින් කර්ගත්තෙ කිසිම දෙයක් නොකියා අත් දෙක තදටම මිටි මොලවගෙන.....

" අයියේ , මේ මල් බොකිය ගත්තෙ ඔයාට. මේක ගන්න . මන් යන්නම් "

හිත් ඇතුල එයාගෙන් අහන්න දාහක් දේවල් තිබුනත් මන් එතනින් ආවෙ බලෙන්ම එයාගෙ අත උඩින් මල් බොකිය තියලා. .
ආයෙත් හැරෙන්නද, මන් ආදරෙයි කියලා කියන්නද ?
අනේ මට ඔයාව ඕනෙ වෙලත් ඇයි මන් මෙහෙම යන්නේ?
දාහක් ප්‍ර්ශ්න හිතේ තියන් මන් එතනින් ආවා...

සමහර නිහඬවීම් තියෙනවා,
කාලයත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් එක්ක ඇති උන දෙවල්.
නිහඬවීම් කියන්නෙම අමනාපකමක් නෙමෙයි....

ඉතින් අපේ ඒ අහඹු හමුවීම The last meeting theory එකට add උනා. ඔව් එදයින් පස්සෙ මන් එයාව කවදාවත් දැක්ක්ව් නෑ.......

ඉතින් ආදරේ එහෙමයි. අගයක් නැති තැන් අගයන දවසක් එනවමයි......
කදුලු සේදිලා යන මායාකාරී වැසි
ඉඩෝරයකදී වුවද,
ජීවිතයට වැටෙනවමයි 🥀

✍️janithi supundi





04/04/2026

" ඉතින් පෙරසේම මා නැති වුවද
නුඹ යන ගමන් මග කහකෝනා මල් ඉහිරේවා
එය මාගෙ අවසන් පැතුමයි "

"8.45"

ඒක පාරශවීය ආදරය වෙනුවෙන්
කවි ගී ලිය වුනාට,
ඒක පාර්ශවීය ආදරය සුන්දරයි කියලා කිව්වට,
ඒ ආදරේ ඇතුලේ හුස්ම ගන්න
අනූලා දන්නවා
පිහි පාරවල් සියයක වේදනාව,

" ඉතින් ආදරය නම් දුරින් හිද,
යන්න යන මග මලින් සරසා,
හිස් දෑත් පිරිමැදීමය " කිව්වට

ආදරයක අයිතිය තමා සන්තක කරගන්න
අනූලා කී දෙනෙක් හීන දකිනවා ඇතිද,

ආදරය ගැන ,
මම දන්නෙ මෙච්චරයි,

කප්පරක් හීන පොදි බැදන්,
මනුස්සයෙක් දෙන ආදරයට,
පෙරලා වටිනාකමක් දෙන්න බැරි නම්,
ඒ ආදරේට පොඩි ඉගියක්වත් දෙන්න එපා.

✍️ janithi supundi

8.45 ✨
Mendis

03/04/2026

දුක සතුට උපරිමයට විදපු
කාත් කවුරුවත් නැතුව අඩාගන්න බැරුව තනි වෙද්දි එකතු වෙලා හිත හදපු...
අපූරු උපන්දින සාද,
උතුරා ගිය සිනහා,
අද තරහ වෙලා
හෙට හිනා උන යාලුකම්,
බැල්කනි ගානෙ තනියම හොරෙන් අඩපු,

" මායාකරී "හොස්ටල් ජීවිතය,

එදා තිබුනු හිතවත්කම් අද නෑ.
අද තියෙන හිතවත්කම් හෙට නෑ
ඉතින් ජීවිතය එහෙමයි.........

එක් කාලපරිච්ඡේදයක ජීවිතය කියා දුන් අපූරු නවාතැන්පල

✍️ janithi supundi

Address

Polonnaruwa
Polonnaruwa

Alerts

Be the first to know and let us send you an email when Jani's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category