06/04/2026
කෙටි කතාවකි
සුදු පාටින් සාරි ඇදගෙන,
කලු ලෝගු ඇදන් ,
හරි ලස්සනට කලබලෙන් එහාට මෙහාට යන අය අතරෙ,
තිබුන ලොකු ට්‍රැෆික් එක මැදින්,
රෝස පාට ටියුලිප් මල් බොකියත් අරගෙන තනියම පාරෙ එහා පැත්තට මාරු උන මට දැනුනේ හරි හුරුපුරුදු සුවදක්,
".... අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ....."
පපුව හීනියට රිද්දන දුකක් එක්කම
කියාගන්න බැරි ඔලුවේ වේදනාවක් එක්කම මේ වචන මගේ ඔලුවේ දෝන්කාර දෙන්න ගත්තා.
මන් එහෙම්ම ගියේ අවුරුදු 04ක් ආපාස්සට.......
" ....අයියේ කවදහරි ඔයා මගේ convercation එකට එද්දි මට ලොකුම ලොකු මල් බොකියක් ගේනවද?
ඔයාගෙ convercation එකට නම් මන් ගේන්නෙ ටියුලිප් මල්..... "
ඒ නිල් පාට ඇස් දිහා බලන් මන් එයාගෙන් ඇහුවෙ වැරවෙලා හිටිය උරහිසෙන් පොඩ්ඩක් ඈත් වෙලා.
" .....අනිවාරෙන් බබා , එදාට ඔයා හුගක් ලස්සනට ඉදීයි...... "
කම්මුලක් සීරුවට මිරිකලා එයා කිවවේ බඩේ සමනල්ලු පියාඹන තරම් ආදරයෙන්.
" .... අයියෙ ඔයා වෙනස් වෙයිද ?..."
ඒ ලස්සන ඇස් වලට එබිලා මන් ආයෙම ඇහුවේ විශ්වාස නැතිකමකට එහා හිතේ ඇදුණ චූටි බයත් එක්කම
එයා හිටියෙ ජපුර මෙඩිසින් එකේ. මන් හිටියේ කැලනි ආර්ට් එකේ.
ඒ දවසට මන් ගොඩක් හීන මැවුවා. ලස්සන විඩියො කරන්න 4ටො ගහන්න නොසෑහෙන්න ඇගිලි ගැන්න නිසාම මන් එහෙම එයාගෙන් ඇහුවා.
" බලමුකො අපි " මොකද්දෝ මන්දා හිස් හැගීමක් ඒ වචන වල තියෙන වග තේරුනත් එකපාරම කන් වලට වැටුන හෝන් සද්දෙන් අපේ සන්වාදය එතනින් නතර උනා.
ඔව් අද ඒ අපි කතා උන දවස, එයාගෙ convercation එක අද,
මල් අරන් යන්නවත් ලස්සන බලන්නවත් අද එයා ලග මන් නෑ.
ඒත් අදටත් ඒ අමුතු මනුස්සයට මන් හරි ආදරෙයි.
අකුණක් වගේ අපේ ජීවිත වෙනස් උනේ
-----2018/08/12-----
ඔව් ඒක හරිම කාලකන්නි දවසක්,
මට කෝල් එකක් ආවෙ යෙනුක්ගෙ හොදම යාලුවගෙන්
" නංගි යෙනුක්ගෙ අම්ම නැති වෙලා"
දෙයියනේ,
යෙනුක් මේව කොහොම දරාගන්නද ,
තාත්ත නැති උනාට පස්සෙ යෙනුක්ගෙ හැමදේම උනේ අම්ම
යෙනුක්ගෙ ගෙදරින් කවදාවත් අපිට කැමති උනෙ නෑ.
නිතරම අම්ම කිව්වෙ
" උබට ඒ කෙල්ල ගේන්න වෙන්නෙ මගෙ මළගම උඩින් "
සමාජ පන්ති තරාතිරම ඒකට ලොකු හේතුවක් උනා.හිතට බයක් ආවෙ නැතුවම නෙවේ.
එදා ඉදලා මාස 3ක් එක දිගට මන් යෙනුක්ට කතා කරන්න උත්සහ කරත් යෙනුක් මට කතා කරේ නෑ
අවසානෙදි මට ඒ කෝල් එක ආවා
ඔව් යෙනුක් මට කෝල් එකක් ගත්තා.
හෙලෝ.,
ඒ හඩ හරිම මලානිකයි
අයි-අයියේ....... හෙලො-ලෝ
" අපි මෙතනින් නවතිමු , මට හිටියෙ අම්ම විතරයි .
මගෙ අම්ම අකමැති උන දෙයක් මට තවත් කරන්න බෑ"
"...අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ..."
මගෙන් උත්තර එන්න කලින්ම ඒ කෝල් එක කට් උනා.
--------------------------------------------------------------------
මේ හැමදෙයක්ම් මගෙ ඔලුවට ගලාගෙන ආවෙ හරි වේගෙන්
දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමක් එක්කම දෑත්න්ම ඔලුව බදන් මන් පාරෙ කොනක තිබුන චූටි බන්කුවෙන් ඉදගත්තෙ ඔලුවේ දෝන්කාර දුන් වචන දෙක තුන නිසා.
"...අපි දෙන්නට එකට මේ ගමන යන්න බෑ ,අපි මෙතනින් නවතිමු ..."
එදා මගේ හීන මගෙ ලග කඩන් වැටෙද්දි මන් මාවම හයියට අල්ලගත්තා.
ආදරේ කියන්නෙ මේකටද හමු උන හැමකෙනාම හිමි වෙන්නෙ නැද්ද.......
දෙන්නෙක් ආදරේ කරලා එක්කෙනෙක් විතරක් තනි වෙන්නෙ කොහොමද?
ඒක උසාවියක විභාග කරන්න ඕනෙ නැද්ද,
හිමිවෙන්නම ඕනෙ නෑ ආදරේ කරන්න කිව්වට ,
ඒ කතාව ඇතුලේ ජීවත් වෙන්නම ඕනේ ඒ වේදානාව දැනගන්න.
ඒත් මන් දරාගත්තා...
එයාගෙ සතුට වෙනුවෙන් මන් දරාගත්තා. එයාට මාව හොයාගන්න බැරි තරම් මන් එයාගෙන් ඈත් උනා...
ඒත් මන් දැක්කා එයා හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා.
මේ හැම මතකයක්ම එක පෙලට ඔලුවට එද්දි මන් පියවි සිහියට අවෙ මන් ලග හිටපු එ රූපෙ දැකලා. ඔව් ඒ එයා.
දෙයියනෙ මන් පන ඇරලා ආදරේ කරපු යෙනුක්.
ඔව් මන් හිටියෙ එයාගෙ කැම්පස් එක ලග,
ඇස් වලිම් කදුලු අවසරයකිම් තොරව බේරෙද්දි මන් ලගින් ලොකු සුසුමක් දාලා එයා වාඩ් උනා.
" දියානා,ඉතින් කොහොමද ?" ,එයා හරි ලස්සනයි අද . ..
සුදු අත් දිග ශර්ට් එක කලු කලිසමට යට කරලා,ටයි එක දාලා ලෝගො එක අතින් එල්ලගෙන, ...
හරි ලස්සනට අහන ගමන් එයා මන් හංගන්න හදන මල් බොකිය දිහා බැලුවා හංගන්න කොච්චර උතසහ කරත් එයා එක දැක්කා...
මන් දිහා එ ඇස් බැලුවෙ හරිම අනුකම්පාවකින්....
" අයියෙ ඔයා අද හරි ලස්සනයි , congradulation ඔයා ඒක කරා " ඒ ඇස් වලින් මිදෙන්න මන් එහෙම කිව්වා උනාට මට එයා ගැන හදවතින්ම සතුටුයී..
Thank u දියානා ,
එයා කෝ ?
මන් ඒ ඇහුවේ මගේ තනිය මකන්න එයා ලගට ආපු ලස්සන ඒ සුරංගනාවි ගැන
මට ආරංචි උන විදියට එයත් යෙනුක්ගෙ ෆැකල්ටියෙම.
මන් හතර වටේ ඇස් යවන ගමන් එයාහෙන් ඇහුවා
ඒ ඇස් හරිම දුකින් බිමට බැර වෙනවා මන් දැක්කත් මන් ආයෙමත් අයියේ කියලා ඒ ඇස් වලට එබුනා.
"........ මට සමාවෙන්න දියානා , මන් එච්චර ආදරේ කරන ඔයාව දාලා ගියාට .මට ඔයාගේ ආදරේ මගඇරුනා මට සමාවෙන්න....... "
එයාගෙ දෝතින්ම මගේ අත් අල්ලගෙන එයා කියන්න ගත්තෙ එයාගෙ නිල්පාට ඇස් කදුලු වලින් බොද වෙද්දී....
ඒ අත් වල පැටලෙන්න ඕනෙ උනත්,
මන් නපුරු විදියට මගෙ අත් අයින් කර්ගත්තෙ කිසිම දෙයක් නොකියා අත් දෙක තදටම මිටි මොලවගෙන.....
" අයියේ , මේ මල් බොකිය ගත්තෙ ඔයාට. මේක ගන්න . මන් යන්නම් "
හිත් ඇතුල එයාගෙන් අහන්න දාහක් දේවල් තිබුනත් මන් එතනින් ආවෙ බලෙන්ම එයාගෙ අත උඩින් මල් බොකිය තියලා. .
ආයෙත් හැරෙන්නද, මන් ආදරෙයි කියලා කියන්නද ?
අනේ මට ඔයාව ඕනෙ වෙලත් ඇයි මන් මෙහෙම යන්නේ?
දාහක් ප්‍ර්ශ්න හිතේ තියන් මන් එතනින් ආවා...
සමහර නිහඬවීම් තියෙනවා,
කාලයත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් එක්ක ඇති උන දෙවල්.
නිහඬවීම් කියන්නෙම අමනාපකමක් නෙමෙයි....
ඉතින් අපේ ඒ අහඹු හමුවීම The last meeting theory එකට add උනා. ඔව් එදයින් පස්සෙ මන් එයාව කවදාවත් දැක්ක්ව් නෑ.......
ඉතින් ආදරේ එහෙමයි. අගයක් නැති තැන් අගයන දවසක් එනවමයි......
කදුලු සේදිලා යන මායාකාරී වැසි
ඉඩෝරයකදී වුවද,
ජීවිතයට වැටෙනවමයි 🥀
✍️janithi supundi