03/07/2026
ගමක සරල බවත්, දෑසේ රැඳුණු හීනත් පොදි බැඳගෙන මම කොළඹට ආවේ අලුත් ලෝකයක් දකින්න. ඉස්සර මගේ පින්තූරවල තිබුණේ ගමේ කෙත්යායවල්, මල් පාරවල්... ඒත් අද මම වෙනස්.
මේ නගරයේ කාර්යබහුලත්වය මැද, පොත් පත් අතරින් මම මාවම හොයාගන්න උත්සාහ කරනවා. තවමත් හිතේ කොනක ඒ ගමේ සුවඳ තිබුණත්, අද මම පියවර තබන්නේ හීනවලට සමීපව අලුත් ලෝකයක.
මේ ගමනේදී මට එක දෙයක් විශේෂයෙන්ම කියන්න ඕන. මම අද ඉන්න මේ තැනට එනකම්, මගේ ගමේ සරල ජීවිතයට ආදරය කරමින් මාව දිරිමත් කළ මගේ ආදරණීය යාළුවෝ, ඔයාලා හැමෝම මට ගොඩක් වටිනවා. මම වෙනස් වුණා කියලා හිතන්න එපා, මම එදා වගේම තමයි තාමත්. එදා මගේ ඒ සරල ගමන් මඟට ආදරය කරලා මාත් එක්ක හිටිය වගේම, මගේ මේ අලුත් ජීවන ගමනෙදිත් ඔයාලා මගේ පැත්තෙන් ඉඳියි කියලා මම හිතනවා. ඒ ආදරය සහ ශක්තිය මට තවමත් ගොඩක් වටිනවා.
වෙනස්වීම කියන්නේ අතහැරීමක් නෙවෙයි, තමන්ගේම ගමනක් පටන් ගැනීමක් කියලා අද මට තේරෙනවා. මේ මගේ අලුත් ආරම්භය... ඔයාලා හැමෝමත් මාත් එක්කම ඉන්න. ❤️✨